කුරුසයුද්ධයේ සටන්කරුවෝ - ෆ්‍රෙඩ්රික් බාබ
කුරුසයුද්ධයේ සටන්කරුවෝ - ෆ්‍රෙඩ්රික් බාබරෝසා
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට. කුරුස යුධ ඉතිහාසයේ වැඩිය ඇස නොගැටුණු, බොහෝ දෙනෙක් අසා නැති කරුණු ගැන කලින් ත්‍රෙඩ් දෙකකින් මම කරුණු ගෙනාවා.
ඒ ටුටොනික් නයිට්වරු සහ ෂියා නිකායික ඇසසින් කුලී ඝාතකයින් ගැන.
http://www.elakiri.com/forum/showthread.php?t=1887676
http://www.elakiri.com/forum/showthread.php?t=1899757
අද මම මේ නූලෙන් සාකච්ඡා කරන්නේ යුරෝපිය ඉතිහාසයේ මෙන්ම කුරුස යුධ වලදීත් නම කියවෙන ප්‍රබලම චරිතයක් ගැන.
ඒ ෆ්‍රෙඩ්රික් බාබරෝසා හෙවත් Frederick I, Holy Roman Emperor ගැනයි.
Operation Barbarossa
අපි මතකය මෑත ඉතිහාසයට ගෙන ගියොත් ඔබ සමහරු අහල ඇති දෙවන ලෝක සංග්‍රාමයේදී සතුරු හමුදා ( නාසි, ජපන් සහ රෝම මිත්‍රත්වය )
විසින් 1941 ජුනි මසදී රුසියාව ආක්‍රමණය කරපු යුධ මෙහෙයුම හඳුන්වපු ඛේත නාමය තමයි Operation Barbarossa - බාබරෝසා මෙහෙයුම කියන්නේ.
https://en.wikipedia.org/wiki/Operation_Barbarossa
ලෝක යුධ ඉතිහාසයක එක මෙහෙයුමකට සම්බන්ධ වුනු විශාලම සංඛ්‍යාත්මක පෙරමුණ තමයි මේ බාබරෝසා මෙහෙයුම.
නමුත් අවසානයේ ජර්මනිය පරාජය වෙනවා.
හිට්ලර් විසින් මෙහෙයුම '' බාබරෝසා '' වශයෙන් නම් කරන්නත් හේතුව වුනේ මම උඩ කියල තියෙන ෆ්‍රෙඩ්රික් බාබරෝසා.
මොකද 19, 20 වෙනි සියවසේ ෆ්‍රෙඩ්රික් බාබරෝසා කියන චරිතය ජර්මනිය පුරා උන්මාදයක් ලෙස මිනිස්සු වැළඳ ගත්තා.
කවුද මේ ෆ්‍රෙඩ්රික් බාබරෝසා ?
A golden bust of Frederick I at Cappenberg, Catholic Parish Church.
ෆ්‍රෙඩ්රික් බාබරෝසා සහ ශු. රෝම අධිරාජ්‍යය
ක්‍රි:පු 27 දී ආරම්භ වුනු රෝම අධිරාජ්‍යය පසු කාලීනව Western Roman Empire සහ Eastern Roman Empire හෙවත් Byzantine Empire ලෙස දෙකඩ විනි.
ක්‍රි:ව 476 දී Western Roman Empire බිඳ වැටීමෙන් පසු මධ්‍යම, උතුරු සහ බටහිර යුරෝපා රාජ්‍යයන් වෙනමම රාජ්‍යත්වයක් කරා එළඹිණි.
ක්‍රි:ව 700 - 800 පමණ කාලය වන විට බොහෝ ඉතාලි රාජ්‍යයන් බයිසැන්ටියන් පාලනයෙන් මිදුණි.පසුව රෝමයේ වතිකානයේ පාප් තුමාගේ පුර්ණ
අනුදැනුම සහ මගපෙන්වීම යටතේ ශු. රෝම අධිරාජ්‍යය බිහි කෙරුණි.
ක්‍රි:ව 800 දෙසැම්බර් වලදී එවකට පාප් වරයා වුනු 3 වන ලියෝ පාප් වහන්සේ විසින් ( Pope Leo III ) ප්‍රංශ සහ ලොම්බාර්ඩි රාජ්‍යයන් වල රජු වුනු
Charlemagne or Charles the Great ( 1 වන චාර්ල්ස් ) රජු ශු රෝම අධිරාජ්‍යයේ පාලකයා වශයෙන් පත්කරන ලදී.
එතැන් පටන් ක්‍රි:ව 1806 දී ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා විසින් යුරෝපය ආක්‍රමණය කරන තෙක් ශු. රෝම අධිරාජ්‍යය පැවතිනි.
Holy roman empire ( 962 - 1806 AD )
ෆ්‍රෙඩ්රික් බාබරෝසා යනු මේ ශු. රෝම අධිරාජ්‍යයේ බිහිවුණු ශ්‍රේෂ්ඨ පාලකයෙකි.
ක්‍රි:ව 1122 දී උපත ලැබූ ෆ්‍රෙඩ්රික් 1147 දී Swabia හි ඩියුක්වරයා ලෙසත් 1152 දී ජර්මනිය සහ බර්ගන්ඩියේ රජු ලෙසත්, 1155 දී ඉතාලිය සහ ශු. රෝම අධිරාජ්‍යයේම පාලකයා ලෙසත් පත් විය.
Barbarossa බාබරෝසා යනු ඉතාලි බසින් '' රතු රැවුල '' යනුයි. ඒ ඔහුගේ කැපී පෙනුණු දීප්තිමත් රතු රැවුල නිසයි.
බාබරෝසා යමු මධ්‍යකාලීන යුරෝපයේ බිහිවුණු ශ්‍රේෂ්ඨ පාලකයෙක් ලෙස සැලකේ.
ඔහුගේ ගුණාංග, පරිපාලනය, බාහිර පෙනුම එමෙන්ම ඔහු විසින් සිදුකල රෝම නීතියේ නව සංශෝධන ආදිය නිසා ඔහු වඩාත් ශ්‍රේෂ්ඨ ජනප්‍රිය පාලකයෙකු ලෙස අදටත් සලකයි
13th-century stained glass image of Frederick I, Strasbourg Cathedral
Wax seal of Frederick I
කුරුස යුද්ධය සහ බාබරෝසා
මැදපෙරදිග ශුද්ධවූ දේශයේදී සිදුවුණු කුරුස යුද්ධ ගණන 9 කි.
ක්‍රි:ව 1187 දී Battle of Hattin සටනින් පසු ජෙරුසලමේ පාලනය '' සලාදීන් '' විසින් සියතට ගන්නා ලදී.
මේ පරාජයත් සමගින් යුරෝපය නැවතත් එකම පෙරමුනක්ව සන්ධාන ගතවී සලාදීන්ගේ ඉස්ලාම් කලීෆාතයට එරෙහිව 3 වන කුරුස යුද්ධය ප්‍රකාශයට පත් කරන ලදී.
එතෙක් පසමිතුරන්ව සිටි එංගලන්තය සහ ප්‍රංශය ද ෆ්‍රෙඩ්රික් බාබරෝසා ගේ ශු. රෝම අධිරාජ්‍යය ද පෙරමුණු 3 ඔස්සේ ජෙරුසලම ගලවා ගැනීමට සේනාවන් මෙහෙය වීය.
මෙහිදී පළමුවෙන්ම සේනා මෙහෙය වුයේ බාබරෝසා ය.
ඉතිහාසයේ සඳහන් වෙන පරිදි දැවැන්ත හමුදාවක් බාබරෝසාගේ නායකත්වය යටතේ ජෙරුසලම බලා පිටත් විය.ඒ 1189 දීය.
ඉතිහාස මුලාශ්‍ර වල ඒ හමුදාවන්ගේ ගණන විවිධ අගයන්ගෙන් දැක්වේ.
15 000 හමුදාවක්, ලක්ෂයක හමුදාවක් මෙන්ම සමකාලින ඉතිහාස රචකයන්ට අනුව ලක්ෂ 6 හමුදාවක් ලෙසත් දැක්වේ.
එම වසරේ සරත් සමය වන විට බාබරෝසා ඇතුළු හමුදාවන් නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසැන්ටියන් හි කොන්ස්තන්තිනෝපලයට ඇතුළු විය.
නමුත් ඒ වෙද්දී කොන්ස්තන්තිනෝපලය සහ සලාදීන් අතර රහස් ගිවිසුමක් තිබු බවක් ඔහු දැන සිටියේ නැත.
බයිසැන්ටියන් අධිරාජ්‍යයා වුනු Isaac II Angelos සහ සලාදීන් අතර රහස් ගිවිසුමට අනුව
බාබරෝසාගේ හමුදාවන්ගේ පෙරමුණු වල ඉදිරි ගමන ඇතුළු සියලුම තොරතුරු සලාදීන්ට ලබා දිය යුතු වුනු අතර ඊට හිලව් ලෙස බයිසැන්ටියම ඉස්ලාම් ආක්‍රමණයන්ගෙන් නිදහස් කෙරිණි.
බාබරෝසාගේ හමුදාවන් ගැන ඔත්තු මගින් තුර්කි සෙල්ජුක් වරු දැන ගැනීම නිසා අනපේක්ෂිත ලෙස සුළු ආසියාවේදී ( තුර්කි ඇනටෝලියාව ) බාබරෝසා හට සෙල්ජුක් වරු සමගින් සටන් කිහිපයකම යෙදෙන්නට සිදුවිණි.
ඇනටෝලියාවේදී තුර්කි සුල්තාන් වරයා විසින් බාබරෝසාට එරෙහිව ප්‍රහාර කිහිපයක්ම එල්ල කරන්නට විය.
Battle of Philomelion, Battle of Iconium සටන් වලදී බාබරෝසා ඇතුළු ශු රෝම හමුදාවෝ විශිෂ්ඨ ජයග්‍රහණයන් ලැබීය.
ඔවුන් 10 000 අධික තුර්කි සෙල්ජුක් හමුදාවන් සමුල ඝාතනය කරලීය.
Barbarossa's victory at Iconium
මේ අතර බාබරෝසාගේ අනවරත හමුදාවන්ට මුහුණ දීම සඳහා '' සලාදීන් '' හට තම හමුදා ඉදිරියට එවන්නට සිදුවිය.
වසර කිහිපයකට පෙර Battle of Hattin සටනින් පසු ජෙරුසලමේ පාලනය සියතට ගත් සලාදීන් හට විරුද්ධව ජෙරුසලමේ රජු Guy of Lusignan විසින් Acre නගරය නැවත අත් පත් කරගැනීම වෙනුවෙන් යුද්ධයක් ආරම්භ කර තිබු වාතාවරණයක් උඩයි,
සලාදීන් තම හමුදා බාබරෝසාට එරෙහිව ඉදිරියට එවන්නේ.
( මේ සටන හඳුන්වන්නේ Siege of Acre 1189–1191 ලෙස Kingdom of Heaven 2005 චිත්‍රපටය නිර්මාණය කරන්නේ ඔය සිදුවීම් අළලා )
නමුත් කිසිම විටෙක බාබරෝසා හට සලාදීන් ගේ හමුදාවන් මුණගැහෙන්නේ නැහැ.
මන්ද අවාසනාවන්ත ලෙස 1190 ජුනි මස 10 වෙනිදා තුර්කියේ Silifke බලකොටුව අසලින් ගලා යන Göksu නදියේ ඔහු අසු පිටින් වැටි ගිලී මිය යනවා.
ඔහුගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූ බව පිළිගත්තත් සමහර වාර්තාවන් වල සඳහන් වෙන්නේ ඔහු හෘදයාබාධයක් නිසා අසු පිටින් වැටි ගිලුණු බවයි.
Silifke බලකොටුව අසලින් ගලා යන Göksu නදිය
Silifke හි නිර්මාණය කොට ඇති ෆ්‍රෙඩ්රික් බාබරෝසා ගේ ස්මාරකය.
මේ අවාසනාවන්ත සිද්ධිය නිසා බාබරෝසාගේ හමුදාවන් මහත් වික්ෂිප්තබාවයට පත් වෙනවා.
කෙසේ වෙතත් බාබරෝසාගේ හදිසි මරණය නිසා හමුදාවෙන් කොටසක් නැවත සිය රට බලා යන අතර ඔහුගේ එක පුත්‍රයෙකු විසින් ඉතිරි කොටස Acre දක්වා මෙහෙයවනු ලබනවා.
නමුත් බාබරෝසාගේ අරමුණ වුනු ජෙරුසලම දක්වා යාමට හැකි නොවන අතර ඔවුන් තුර්කි සුල්තාන් රාජ්‍යය අල්ලා ගෙන එහි බලය තහවුරු කරනවා.
ඉන් පසු 3 කුරුස යුද්ධය ජෙරුසලම දක්වා මෙහෙයවන්නේ එංගලන්තයේ රිචර්ඩ් රජු සහ ප්‍රංශයේ පිලිප් රජු විසිනි.
3 කුරුස යුද්ධයේදී සැබෑ ලෙසම රිචර්ඩ් ඇතුළු කුරුස හමුදාවන්ට ශුද්ධවූ දේශයට ඇතුළුවීමට අවශ්‍ය ඉඩකඩ සලසා දුන්නේ බාබරෝසා ගේ හමුදාවන් විසින් සෙල්ජුක් හමුදාවන් පැරදවීම නිසාය.
නොඑසේ නම් ඒ යුද්ධය ඊට වඩා සංකීර්ණ වීමට ඉඩ තිබිණි. එමෙන්ම බාබරෝසා අවාසනාවන්ත මරණයට ගොදුරු නොවිණි නම් 3 කුරුස යුද්ධයේ ප්‍රථිපල ඊට වඩා වෙනස් වීමටත් ඉඩ තිබිණි.
3 වන කුරුස යුද්ධය ජෙරුසලම මුදා ගැනීමට කුරුස හමුදාවන්ට නොහැකි වුනත් රිචර්ඩ් රජු ( Richard the Lionheart ) සහ සලාදීන් අතර ජාෆා ගිවිසුම
( Treaty of Jaffa ) මගින් අවසන් විය.
එංගලන්තයේ රිචර්ඩ් සහ ප්‍රංශයේ පිලිප් රජවරු විසින් ජෙරුසලම දක්වා සේනා මෙහෙයවීය.
ගැඹුරු නින්දකට වැටුණු බාබරෝසා.
සත්‍යය සහ ජනප්‍රවාද මිත්‍යාවන් අතර විටෙක පැහැදිලි රේඛාවකින් බෙදුණු වෙන් වීමක් දැකිය නොහැකිය.යමෙක් සත්‍යය ලෙස පිළිගන්නා දෑ අයෙක් මිත්‍යාවක් සේ බැහැර කරයි.
හරියට එය අපේ රාවණාගේ ජනප්‍රවාදය මෙනි.
ජර්මනියේ ඒ චරිතයට පන පොවන්නේ ෆ්‍රෙඩ්රික් බාබරෝසාය.
අදටත් යම් යම් ජර්මානු ජන විශ්වාසයන්ට අනුව බාබරෝසා කිසිදා මිය නොගිය ගැඹුරු නින්දක සිටින අසාහය පාලකයාය.
විශ්වාසයන්ට අනුව මධ්‍යම ජර්මනියේ Thuringia පළාතේ Kyffhäuser කඳුවැටියේ ගල් ගුහා අතර ඔහු ගැඹුරු නින්දක දී සිටියි. ඔහුගේ දීප්තිමත් රතු රැවුල අදටත් වැවේ.
තවත් මතවාදයන්ට අනුව බැවේරියාවේ Untersberg කඳු මුදුන් වල ගුහා අතරේ ඔහු සැතපී සිටියි.
ජනප්‍රවාදයට අනුව බයිබලයේ සඳහන් වෙන යක්ෂයා '' අන්ත ක්‍රිස්තු - Antichrist '' ලෙසින් නැවත පොලවට පැමිණීමෙන් පසු මිනිස් වර්ගයාගේ ගැලවීම පිණිස
බාබරෝසා නැවත නින්දෙන් නැගිටියි.
මේ ආකාර විවිධ මිත්‍යා සහ විශ්වාසයන් රැසක් බාබරෝසා වටා ගෙතී ඇත.
Kyffhäuser කඳුවැටිය
Barbarossa Monument at Kyffhäuser
Untersberg කඳු මුදුන්
බාබරෝසාගේ අවදිවීම - 19th-century painting by Hermann. Wislicenus
අදටත් ජර්මනියේ කි දෙනෙක් බාබරෝසා නැවත නැගිටියි කියල විශ්වාස කරනවද දන්නේ නැහැ නේ.....
තොරතුරු සහ ඡායාරුප විකිපීඩියා ඇතුළු අන්තර්ජාලයෙනි.
සටහන මා විසිනි.