ඡන්දේ නොදුන්නට කමක් නෑ ! මේක ඉවර වෙනකන් අහප
#s3gt_translate_tooltip_mini { display: none !important; }[/COLOR]
ඡන්දේ නොදුන්නට කමක් නෑ ! අඩුම තරමේ මේක ඉවර වෙනකන් අහපන් !
ඊයේ රෑ අනුර දිසානායක ආපු සිරස සටන බැලුවා. අවංකවම මගෙ ඔලුවට ආවෙ එක ප්‍රශ්නයයි.
"මූට ඡන්දෙ නොදෙන උන් ඇයි මූට ඡන්දෙ නොදෙන්නෙ?"
අනුර හැර වෙන කාටහරි ඡන්දෙ දෙන අයගෙන් සිරාවට දැනගන්න අහන්නෙ. ඇයි මෙහෙම මනුස්සයෙක් ඉද්දි අර ගඳ ගහන කුණු කෑලි දෙකට ඡන්දෙ ගහන්නෙ? සිරාවටම අනුරට නොදෙන්න හේතු දැනගන්න කැමතියි. මොකද මට නම් හිතාගන්න අමාරුයි මේ ඔප්ෂන් එක ඉග්නෝ කරල අරුන් දෙන්නට කතිරෙ ගහන සීන් එක.
හැම කෙනාම අනුරගේ අඩුපාඩු තමාට අනුව එක එක ඒවා දකිනවා ඇති. ඒ ගැන විවාදයක් නෑ. ඒත් මට තියෙන ප්‍රශ්නෙ, අනිත් උන් දෙන්නගේ ඇස් පනා පිට පේන්න තියෙන අඩුපාඩු ලොරි ගනන් තියෙද්දි, කොහොමද ඒවා ඉග්නෝ කරලා අනුරගේ ඊට සාපේක්ෂව සෑහෙන පොඩි දෙයකට සම්පූර්ණයෙන් ඌව ඩිස්‍රිගාඩ් කරන්නෙ කියල.
මට තේරෙන විදියට මේක මේ වගේ සීන් එකක්,
පන්තියක ළමයින් ඔක්කොගෙම පාස් ෆේල් මාක් එක ලකුණු 25 කරලා, එක ළමයෙක්ගෙ විතරක් පාස් ෆේල් මාක් එක ලකුණු 85 කරනවා. එහෙම කරලා ඒ ළමයා ලකුණු 80ක් ගත්තාම "හූ හූ උඹ ෆේල් උඹ මෙලෝ රහක් නෑ" කියල ඌව පැත්තකට දාලා ලකුණු 35ක් අරන් "පාස් වුන" වෙන ළමයෙක්ව පන්තියේ දක්ශතම සිසුවා විදියට තෝරනවා.
මේක නොතේරෙන, මේක නොපෙනෙන කෙනෙක් ඉන්න විදියක් නෑ. හැමෝම අනුරව පාස් ෆේල් කරන්නෙ ඉතාම ඉහළ ලකුණු මට්ටමකින්. එක සුළු වැරැද්දකින් ඌ ෆේල් එකපාරම. අනේ ඒකට අනෙක් පජාතයො දෙන්නා මනින මිම්ම හරිම ලිහිල්, වරදට සමාව, නොදැක්කා සේ සිටීම, සැකයේ වාසිය (මාරම ලොකු වාසියක් ඒක) වගේ දේවල් ඔක්කොම සීමා විරහිතව උන් දෙන්නට.
මම ආයෙම කියන්නෙ. ලංකාවෙ එකෙක් කාටවත් ඡන්දෙ නොදී කළකිරීම නිසා ගෙදරට වෙලා ඉන්නව නම් ඒක තේරුම් ගන්න පුළුවන්. ඡන්දෙ කටුගාලා එනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන්. අනුර කියන විකල්පය නැතුව තිබ්බා නම්, අකමැත්තෙන් හරි අරුන් දෙන්නාගෙන් එකෙක්ට කතිරෙ ගහන එක තේරුම් ගන්න පුළුවන්.
ඒත් අනුර ඉද්දි, අරුන් දෙන්නාට ඡන්දෙ ගහන එක තේරුම් ගන්න බෑ.
එහෙම සාධාරණ හේතුවක් තියෙනව නම් කියපන්. දැනගන්න ඉතාම කැමතියි.
.
.
.
ප/ලි -
1) ඊයේ සටන ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ. වෙලාවක් තියෙනවා නම් බලන්න. පාඩු නෑ.
2) මගේ ප්‍රොෆයිල් එක හදපු දවසෙ ඉඳන්, මේ අවුරුදු හතටම කිසිම දේශපාලකයෙක් ප්‍රමෝට් කරන විදියේ පෝස්ට් එකක් දාලා නෑ. එකම එකක්වත්. මේ පළවෙනි එක. මේක නොකියා ඉන්න බැරි නිසාම කියන්න තීරණය කරපු කතාවක්..
Jamis Banda
ඉස්සුවේ බුකියෙන් !
[COLOR=inherit !important]ඊයේ රෑ අනුර දිසානායක ආපු සිරස සටන බැලුවා. අවංකවම මගෙ ඔලුවට ආවෙ එක ප්‍රශ්නයයි.

Last edited: