ඉඩමක් / නිවසක් මිලදී ගමුද? තිබෙන ඉඩමට / නිවසට

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඉඩමක් / නිවසක් මිලදී ගමුද? තිබෙන ඉඩමට / නිවසට

    කලින් ලියපු මේ ත්‍රේඩ් එකටම කොටසක් එකතුකරලා ලියන්න හිතුවා. .

    Loan එකක් දාල ඉඩමක් ගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1673544


    මුලින්ම අපි බලමු නිවාස නයක් ගන්න විදිය ගැන. . ඉඩමක් මිලදී ගන්න, නිවසක් තිබෙන ඉඩමක් මිලදී ගන්න, තිබෙන ඉඩමට නිවසක් සාදාගන්න යන ආකාර 3න් මෙම නය ලබාගත හැකියි. .


    පලමු කරුනු දෙක වන මිලදී ගැනීමේදී අවශ්ය ලියකියවිලි මොනවාද?


    ඉඩමට අනුමත බිම්කට්ටි සැලැස්මක්,
    නිවසක් තිබේනම් නිවසට අනුමත සැලැස්මක්,
    වීථිරේකා සහතිකය,
    හිමිකම් - නොපැවවරීමේ සහතිකය,
    වසර 30ක පත්තිරු,
    විකුනන්නාගේ නමට වරිපනම් බදු,



    ඔය ලියකියවිලි ඇත්නම් ඔබට බැංකුවකින් නය මුදලක් අයදුම්කල හැකියි. . මුලින්ම ඔබට අවශ්ය නයමුදල ගෙවීමේ හැකියාවක් ඔබ සතු යැයි ඔබ පෙන්විය යුතුයි. . උදාහරනයකට ඔබ මාසිකව ගෙවිය යුතු මුදල 50000ක් නම් ඔබට 90000ක ආදායමක් තිබිය යුතුයි ඒ බව සාක්ශි සහිතව පෙන්විය යුතුයි. . ඔබගේ මාසික වියදමත් නය වාරිකයත් ගෙවිමට හැකියාව ඇත්නම් පමනක් නය සදහා අයදුම් කල යුතුයි. . එසේ හැකියාවක් නොමැතිව වයාජ කරුනු පෙන්වීමෙන්, එසේ පෙන්වා ලබාගැනීමෙන් ඔබමයි අමාරුවේ වැටෙන්නේ. . එය හොදින් මතකතබා ගන්න. . වාරික 3ක් ගෙවීම පැහැර හැර ඇත්නම් ඔබ මිලදීගත් ඉඩම, නිවස සහිත ඉඩම ප්‍රසිද්ද වෙන්දේසියේ විකිනීමේ හැකියාව බැංකු සතුයි. .


    බොහොවිට ඉඩමේ / නිවස සහිත ඉඩමේ වටිනාකමින් 60% - 70% අතර ප්‍රමානයක් නය වශයෙන් ලබාගත හැකියි. . එයත් මේ ආකාරයෙනුයි සිදුවන්නේ. . ඔබ මිලදීගන්නා ඉඩමේ පර්චස් එකක් ඔබ මිලදීගන්නේ ලක්ශ 10ක මුදලකට යයි සිතමු පර්චස් 6 නම් මිලදීගන්නා මුදල ලක්ශ 60ක්. . දැන් ඔබට ලක්ශ 60න් 60% - 70% ලබාගත හැකිද? මෙහෙමයි, අපි කුමන මිලකට මිලදීගත්තත් බැංකුව අනුමත තක්සේරුකරුවෙකුගෙන් තක්සේරු වාර්තාවක් ලබාගත යුතුයි. . බොහොවිට ඔබ මිලදීගන්නා මුදලට වඩා තක්සේරුව අඩුවනවා මිස වැඩිවන්නේ නැත. . ඔබ ලක්ශ 10ට මිලදීගන්නා පර්චස් එක සදහා තක්සේරුකරු ලක්ශ 8ක් තක්සේරු කරයිනම් පර්චස් 6ට තක්සේරුව ලක්ශ 48යි. . එවැනි ගැටලු වලට මුහුනදිය යුතුවේ. . ලක්ශ 60 ඉඩමට ලක්ශ 48 තක්සේරුවු නිසා එවිට ඔබ අමතර ලක්ශ 12ක් ඔබසතුව තබාගත යුතුවේ. . ලක්ශ 60ට මිලදීගන්නා ඉඩමට ලක්ශ 60ක්ම තක්සේරුව ලැබුනේ යයි සිතමු, එවිට තක්සේරු මුදලින් 60% බැන්කුව නය වශයෙන් ලබාදේ නම් ලක්ශ 36ක මුදලක් ඔබට ලබාගත හැක. .


    දැන් ඔබ නිවසක් සහිත ඉඩමක් මිලදීගන්නවා යයි සිතමු. . ඉඩම පර්චස් 6යි පර්චස් එකක් ලක්ශ 6යි එවිට ඉඩමට ලක්ශ 60. . නිවසට හෝ ගොඩනැගිල්ලට වටිනාකම ලක්ශ 40ක්. . මුලු මුදල ලක්ශ 100ක්. . දැන් නිවසට හෝ ගොඩනැගිල්ලට අනුමත සැලැස්මක් නැත්නම් කුමක් සිදුවේද? අනුමත සැලැස්මක් නැති කිසිවක් බැංකු තක්සේරුකරු තක්සේරු කරන්නේ නැත. . එනිසා නිවසට හෝ ගොඩනැගිල්ලට කිසිදු මුදලක් නය වශයෙන් ලබාගත නොහැක. .


    හරි දැන් ඔබ අවශ්ය සුදුසුකම් සපුරාගෙන, අමතර මුදල් තබාගෙන නිවාස නය ඉල්ලුම් කරයි. . දැන් නිවාස නය අනුමතවු පසු ඔබ ඔබේ නමට ඉඩම, ඉඩම සහිත නිවස සින්නක්කර ලියාගත යුතුවේ. . ඔබ මිලදීගන්නා මුදලටම හෝ අවමය බැංකු තක්සේරු මුදලට සින්නක්කර ඔප්පුවක් ලියාගතයුතුවේ. . රජයේ ගාස්තු 4% ලබාදියයුතුවේ, ලෝයර්ට 1% ලබාදියයුතුවේ. . එකතුව 5% ඔබ ඔප්පු ලියන අවස්තාවේදී අම්තරව තබාගත යුතුවේ. . ඔබ ඉඩම මිලදීගන්නේ 60 නම් ඔප්පු ගාස්තු 5% නම් ඔබ ගෙවිය යුතු මුදල 300000ක් වේ. .
    බැංකු තක්සේරු ගාස්තු, බැංකු ලියකිවිලි ගාස්තු, උකස් ගාස්තු ගෙවීමට මෙයට අමතරව ලක්ශයක පමන මුදලක් වැයවේ. .
    නිවාස නය දීර්ග කාලයකට ලබාගත හැක. .



    ඔබ සතු ඉඩමේ නිවසක් තනන්නේ නම් එයද ඔය ආකාරයෙන්ම වේ. . නිවසට සැලැස්මක් අනුමත කර තක්සේරු වාර්තාවක් කොටස් වශයෙන් ලබාගත යුතුවේ. . දැන් නිවසට ලක්ශ 40ක් යනවනම් අත්තිවාරමට මෙච්චරක්, කනු වලට මෙච්චරක්, බිත්ති බදින්න මෙච්චරක් වගේ ඔය ආකාරයෙන් කොටස් වශයෙන් තක්සේරුව ලබාදියයුතුවේ. . එවිට නය මුදල කොටස් වශයෙන් ඔබට ලබාදෙනු ලබයි. . ඔබට මුලින්ම අත්තිවාරම සදහා මුදල් ලබාදෙනු ඇත. . ඔබ අත්තිවාරම ඉදිකර පෙන්වූ පසු කනු සදහා මුදල් ලබාදේ. . ඔය ආකාරයෙන් කොටස් වශයෙන් ලබාදේ. .




    ඔබ සතු ඉඩමට නයක් ලබාගන්නේ නම් ඉහත නිවාස නය සදහා සදහන් කල ලියකියවිලිම, සුදුසුකම්ම අවශ්ය වේ. . නය පුද්ගලික නයක් හෝ වායාපාරික නයක් වශයෙන් ලබාගත හැක. . බැංකු තක්සේරු මුදලින් 60% - 70% මුදලක් නය වශයෙන් ලැබෙනු ඇත. . නය ගෙවිමේ කාලය උපරිමය වසර 8ක් වනු ඇත. . වාර්ශික නය පොලි ප්‍රතිශතය නිවාස නය පොලී ප්‍රතිශතයට වඩා 2% පමන වැඩිවනු ඇත. .


    මා මෙහි සදහන් කලේ බැංකු සදහා අවශ්ය ලියකියවිලි සහ සුදුසුකම්ය. . ලීසින් ආයතන සදහා අවශ්ය ලියකියවිලි සහ සුදුසුකම් වෙනස්විය හැක. . පර්චස් 6ට අඩු ඉඩම් සදහාද නය දෙන ලීසින් ආයතන ඇත. . ලීසින් ආයතනවල පොලිය වැඩි. . ඔවුන්ගෙන් නය ලබාගැනීම ලේසි උවත් ඔවුන් සමග ගනුදෙනු කිරීම බැංකු මෙන් ලේසි නොවෙනු ඇත. . වරිකයක් ගෙවීමට නොහැකි වුවත් දඩ වශයෙන් ලොකු පොලියක් අයකරයි. . බැංකුවකින් නයක් ලබාගැනීමට නොහැකිනම් පමනක් ලීසින් ආයතන වෙත යන්න. . පුද්ගලිකව මවිසින් ලීසින් ආයතන සමග සිදුකල ගනුදෙනු නිසා, ගනුදෙනු කිරීමේදි මවිසින් බොහෝ අපහසුතවයන්ට පත්වු නිසා, ලැබු අත්දැකීම් බොහොමයක් සුබදායක නොවු නිසා ඔබ නය ගැනීමට ලීසින් කම්පැනියක් කරා යාම මවිසින් කිසිසේත්ම අනුමත නොකරමි.