“ බාධක ඇත්තේ මනසේය “

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    “ බාධක ඇත්තේ මනසේය “

    “ බාධක ඇත්තේ මනසේය “

    ඔන්න මම කලින් කියපු විදිහට දෙවෙනි කතාව දාන්නයි යන්නේ.

    මම කලින් දාපු “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” thread එක බැලුවේ නැත්නම් ඔන්න link එක පහත තියනවා.

    http://www.elakiri.com/forum/showthread.php?p=25195992#post25195992

    අපිට ජීවිතයේ බොහෝ දේවල් කරන්න යද්දී විවිධාකාර බාධක වලට මුහුණ දෙන්න වෙනවා. සමහර ඒවා ඇත්තම වුනත් වැඩිපුරම ඇත්තේ අපි හිතෙන් මවාගත් බාධකයි.

    අර සුනිල් ශාන්තයන්ගේ සින්දුවක තියන්නේ බාධාවලටම බාධා ගෙනදී පෙරටම යමු ලංකා කියලා. අපිට බාධා වෙසින් එන දේවල් ඇත්තටම ගත්තොත් බාධක නෙමෙයි කියල හොඳින් බැලුවොත් පේනවා.

    අපිට බාධකයක් සේ පෙනෙන දේවලට යට වෙන්නේ නැතුව ඔය කියන බාධක අපිට යටකරගන්නේ කොහොමද කියන එක මේ පුංචි කතාවෙන් කියනවා.

    ටොම් රෙලොක්ස් කියන්නේ අතීතයේ ඇමරිකාවේ හිටපු දක්ෂ සර්කස් පුහුණු කරුවෙක්. බොහෝ දක්ෂ ජිම්නාස්ටික් ශූරයන් , සර්කස් ශිල්පීන් ඔහුගේ ගෝලයෝ.

    එක දවසක් අලුත් සිසුවෙක් ඔහුගෙන් සර්කස් ඉගෙනගැනීමට පැමිණියා. එදා දවසේ පුහුණුවීම් සඳහා තෝරාගෙන තිබුනේ උසක සිට ගුවනේ පැද්දෙන ලනු දෙකකින් ගැට ගැසූ යකඩ පොල්ලකට උඩින් පැන වෙනත් එවැනිම පැද්දෙන යකඩ පොල්ලක් මත සිටගැනීමයි.

    බැලූ බැල්මට ඉතා අසීරු වැඩක් වගේ පෙනුනත් අවදානම නොසලකා ඔහුගේ පළපුරුදු ගෝලයෝ සාර්ථකව එම කාර්යය නිම කරන හැටි නවක ගෝලයා හොඳින් බලාගෙන හිටියා.

    ඔන්න දැන් ඔහුගේ වාරය ආවා. “හොඳයි , දැන් උස ස්ථානයේ සිට ඔබේ ඇඟ පැද්දෙන යකඩ පොල්ල උඩින් පන්නන්න “ පුහුණුකරු කිව්වා.

    ගෝලයා හොඳින් පැද්දෙන යෂ්ටිය දිහා බැලුවා. තොල කට ලෙව කෑවා. අමාරුවෙන් කෙල ගිල්ලා. අත් මිටමෙලවුනා.ඔහුගේ ඇඟ ගලක් වගේ දරදඬුවුනා. වේගයෙන් හුස්ම ගන්න පටන් ගත්තා.

    “ මට බැහැ, මට බැහැ.. එය මට කරන්න බැහැ. මම ඇදගෙන වැටේවි. “ ඔහු රතුවුණ දෑසින් යුතුව කෑ ගහන්නට පටන් ගත්තා.

    ගුරුවරයා සන්සුන් ගමනින් ඔහු ලඟට ගියා.

    කෙනෙකුට ජීවිතයේ ඉගෙනගන්න පුළුවන් ඉතාම වටිනා උපදේශයක් දුන්නා.

    “ පුතා ඔබට එය කරන්න පුළුවන්. ඔබේ ඇඟ යෂ්ටිය උඩින් පන්නන්න පෙර ඔබේ සිත යෂ්ටිය උඩින් පන්නන්න . ඔබටත් නොතේරීම ඔබේ ඇඟ ඉබේම යෂ්ටිය උඩින් ගමන් කරාවි”

    ඉතා තදින් ධාරණය කරගත් උපදෙස අනුව ටික වෙලාවක් පැද්දෙන යකඩ පොල්ල දෙස බලා සිටි ගෝලයා ඉතා මනරම් අයුරින් තම ශරීරය ගුවනේ පැද්දෙන යෂ්ටිය උඩින් සුමටව පැන්නුවා.

    මතක තියාගන්න . බාධක සැබවින්ම ඇත්තේ මනසේය. ඔහුගේ සිත යෂ්ටිය හෙවත් බාධකය උඩින් පන්නන්නට ඔහුට හැකිවුණ වහාම බාධකයද ඉබේම අහෝසි වී ගියා.

    මේ පොතේ කතුවරයා වන සර් වින්සන් නෝමන් පීල්ම තම අත්දැකීමක් මෙහෙම කියනවා.

    දිනක් මම අපේ රටේ ගොල්ෆ් ශූරයෙක් වන මයිකල් ස්ටීව් සමග ගොල්ෆ් පිත්තක් අතැතිව ඇවිදගෙන ගියා. අපි දෙන්නා හොඳ මිතුරන්. එළිමහන් ප්‍රදේශයක සිට මා ගැසූ පිති පහරෙන් ගොල්ෆ් පන්දුව විසිවී ගොස් වැටුනේ උසට තණකොළ වැවුණු තැනකටයි. තණකොළ පඳුරේ සිරවූ බෝලය දැක මට ඉබේම කෙඳිරි ගැවුනා. “ ඉවරයි .. දැන් කොහොමද මම මෙතනින් එහාට ගොල්ෆ් බෝලය ඉලක්කයට යවන්නේ.”

    මයිකල් මං දිහා බලලා උපහාසාත්මක හිනාවකින් මට මෙහෙම කිව්වා. “ ඔබ අනුන්ට බාධක මඩින හැටි දේශනා කලාට ඒ දේවල් ඔබ පිළිපදින්නේ නැතුව වගේ නේද?”

    ඔහුගේ සියුම් උපහාසය තේරුම් ගත් බවට මද සිනහවක් පෑ මම මෙහෙම කිව්වා. ” එක ඇත්ත තමයි. ඒත් මේ සිද්ධියේදී නම් මට මොනවත් කරන්න ඉතුරු වෙලා නැහැ වගේ පේන්නේ”

    ඉන් පසු මයිකල් නිහඬවම අද්භූත දෙයක් කළා.

    ඔහු නැමී පඳුරෙන් තණකොළ ගහක් කඩා ගත්තා. එය මට දී මෙහෙම කිව්වා. “ඔය තණකොළ ගහ හපල බලන්න”

    තණකොළය හපල බලපු මම මෙහෙම කිව්වා. “ ඇත්තටම එය මෘදුයි.”

    එතකොට ඔහු කියනවා. “ ඔව් ඔය බෝලය වටේ තියන තණකොළ මෘදුයි. ලපටියි. ඔබේ අතේ තියන ගොල්ෆ් පිත්ත හරියට විසි කැත්තකට සමානයි. ඔබ ඔය පිත්තෙන් ගහන කොට මෘදු තණකොළ කපාගෙන පන්දුව ඔබේ ඉලක්කයට යාවි. මතක තියාගන්න . බාධක ඇත්තේ මනසේය

    ඔහුගේ උපදෙස තදින් හිතට ගත් මම එල්ලය බලා වැරෙන් පන්දුවට පහරක් එල්ල කළා. එතෙක් මගේ ජීවිතයේ වඩාත්ම සාර්ථක හා තෘප්තිමත්ම ගොල්ෆ් පහර සනිටුහන් කරමින් පන්දුව උඩින් ඉගිලී ගොස් ඈත පිහිටි ඉලක්කය වූ ගොල්ෆ් වලට වැටුනා.

    මතක තියාගන්න බාධක ඇත්තේ මනසේය.

    ගැටලුවට වඩා ගැටලුව දෙස බලන කෝණයයි වැදගත් .

    ගැටලුවට යටනොවී හරි පැත්තෙන් ධනාත්මක ලෙස ගැටලුවට උඩින් ඒ දෙස බලන්න පුලුවන්නම් ගැටලුව හිතන තරම් විශාල නොවන බවත් එයට විසඳුමක් ඇති බවත් අපිට පේන්න පටන් ගන්නවා. ගැටලුව කුඩා කොටස් වලට කඩා විශ්ලේෂණය කරන්න පුළුවන් නම් වැඩේ තවත් ලේසියි. අනික ලෝකයේ විසඳුමක් නැති ගැටළුවක් පවතින්නේ නැහැ.

    සෑම ගැටළුවකටම අඩුම ගණනේ එක විසඳුමක් හෝ විසඳුම් කීපයක් අනිවාර්යයෙන්ම තියනවා.වෙන්න ඕනේ ඒ විසඳුම හොයාගන්න තරම් අපි දක්ෂ වීමයි.


    ජීවිතයේ සමහර අමාරු අවස්ථාවලදී මේ විදිහට හිතල ගොඩ දාගත්තු තැන් එමටයි. උඹලටත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතල තමයි දැම්මේ.


    ඔන්න මචංලා කියපු විදිහට දෙවෙනි කතාවත් දැම්මා. තව කතා තියනවා. පස්සේ දාන්නම්.



     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    jnwXbb1.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    "බාධක ඇත්තේ මනසේය" කියන ටොපික් එකෙන්ම chapter එකක් තියෙනවා rich dad poor dad පොතේ :)
     
    • Like
    Reactions: aneasarayana