You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
~.:සුලබව අසන ප්‍රශ්න:.~+
සුලබව අසන ප්‍රශ්න
පුරුෂ ප්‍රජනක පද්ධතිය
ප්‍රශ්නය: වෘෂණයේ ඉදිමීම් ඇති වන්නේඇයි?
පිළිතුර වෘෂණයේ ඉදිමීම විවිධාකාර වූ හේතූන් නිසා ඇතිවෙන්නට පුළුවන්. නමුත් මෙවැන්නක් ඇති වූ සැනින් ඔබ මනසින් රෝගී වන තරමටම මේ ගැටළුව අවුල් කර ගත යුතු නැත.
- වෘෂණ වටා, වෘෂණ කෝෂ තුළ තරල එක් රැස් වීම
- හර්නියා
- බරවා රෝගය
මෙවැනි තත්ත්වයන් ඇති වු විට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
මෙම රෝග තත්ත්වයන්ද අනෙක් රෝග මෙන්ම වැඩි දියුණු වන්නට ඉඩ හැරිය යුතු නැති ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් සහනය ලගා කර ගත යුතු රෝගයක් බැවින් වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර පැතීම අත්‍යවශ්‍යය බව අමතක නොකරන්න.
ප්‍රශ්නය: ස්වප්න මෝචනය යනු කුමක් ද?
පිළිතුර ක්‍රියාකාරී ලිංගික ඇදුරකින් තොරව පිරිමියෙකු නින්දේ පසුවන විට ඹහුට නොදැනී ශුක්‍රාණු මෝචනය වීම මෙනමින් හැදින්වේ. ඇතැම් තරුණයන් මෙය කිසියම් ගුප්ත බලවේගයක් නිසා, ශාරීරික දුර්වලතාවයක් රෝගයක් සේ සැලකුවත් මෙම සිදුවීම මුළුමුනින්ම සාමාන්‍යය, රෝගයක් හෝ රෝග ලක්ෂණයක් වත් නොවන තත්ත්වයක්. එයින් සිරුරේ ශක්තිය හීන වීම, සිරුර සිහින් වීම, පපුව වල ගැසීම, වැඩීම බාල වීම හෝ සිරුරේ බර අඩු වීම යන මේ කිසිදු තත්ත්වයකට යාන්තමින් හෝ සබදතාවයක් නැති දෙයක්. මෙසේ ධාතු පහ වීම අනාගතයේ දරු ඵල අහිමි වීමට හෝ ලිංගේන්ද්‍රය කුඩා වීමට බලපාන්නේ යැයි හෝ වෙනත් ආකාරයේ හානියක් සිරුරට ඇතිවන්නේ යැයි සිතීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඹබ මේ පිලිබදව දැන සිටිය යුත්තේ එක් දෙයක් පමණයි. ස්වප්න මෝචනය රෝගයක් හෝ රෝගයක ලක්ෂණයක් නොවන බවයි.
ප්‍රශ්නය: පෙර සම පිටුපසට කිරීමට නොහැකි නම් ඒ සදහා කුමක් කළ යුතු ද?
පිළිතුර මෙවැනි ගැටළුවක් ඇතැයි දැන ගත් විට බිය නොවන්න. ලැජ්ජාවට පත් නොවන්න. ඔබේ තත්ත්වය සගවාගෙන නොසිට වෛද්‍යවරවෙකු හමු වී වහාම උපදෙස් පතන්න. මෙම තත්ත්වය කුඩා ශල්‍ය කර්මයකින් නිවැරදි කිරීමට හැකි එකකි. එහිදී පෙර සම ඉවත් කිරීම නැතහොත් චර්ම ඡේදනය සිදු කර සාමාන්‍යය තත්ත්වයට පත් කරයි.
ප්‍රශ්නය: ශිෂ්ණයේ ප්‍රාණවත් වීම සම්බන්ධ ගැටලු ඇතිවන්නේ ඇයි?
පිළිතුර මෙවැනි තත්ත්වයකට බොහෝ විට හේතුවන්නේ මානසික ගැටලුය. නමුත් ඇතැම් විට දියවැඩියාව, අධික මත්පැන් භාවිතය, හා දුම්පානය මෙයට ඝෘජු සම්බන්ධතාවයක් දක්වයි. දිගු කලක් තුළ යමෙක් යම් යම් ඖෂධ භාවිතා කරන්නේ නම් එයද මෙම තත්ත්වයට හේතුවක් සේ සැලකිය හැකිය.
ප්‍රශ්නය: මුස්ලිම් පුරුෂයන් අතර සිදුවන චර
ප්‍රශ්නය: මුස්ලිම් පුරුෂයන් අතර සිදුවන චර්ම ඡේදනයේ විද්‍යාත්මක පසුබිමක් තිබේ ද?
පිළිතුර මුස්ලිම් වරුන් අතර මේ කාර්‍යය බහුලව භාවිතා වන අනිවාර්‍යය ආගමික චාරිත්‍රයකි. මෙහිදී සිදුකරනු ලබන්නේ ශිෂ්ණයේ පෙරසම කුඩා ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමය. මෙහිදී පුරුෂ ලිංගයේ පෙරසම ඉවත් කිරීමේ හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිසුදුකම සනීපාරක්ෂාව වඩාත් වැඩි දියුණු වන බව පෙනෙන්නට ඇති වඩා හොද සාක්ෂියකි.
ප්‍රශ්නය: ක්ෂණික ශුක්‍ර මෝචනය යනු කුමක් ද?
පිළිතුර මේ ගැටලුවටත් බොහෝ විට මුල් වන්නේ මානසික ගැටලු නමුත් ඇතැම් විට කායික හේතූන්ද මීට ඇතුලත්. දෙදෙනෙකු අතර ඇති වන ලිංගික සංසර්ගයේ දී ඔබ හෝ ඔබේ අනෙක් පාර්ශවය බලාපොරොත්තු වන වේලාවට පෙර ඇති වන ශුක්‍ර මෝචනය සාමාන්‍යයෙන් ක්ෂණික ශුක්‍ර මෝචනය ලෙස අර්ථ දක්වන්නට පුළුවන්. කෙසේ නමුත් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වලින් බොහෝ අවස්ථා වලදී මෙය පහසුවෙන් මග හරවා ගත හැකි ගැටලුවකි.
ප්‍රශ්නය: ස්වයං වින්දනය කිරීම අහිතකර ද?
ප්‍රශ්නය: ස්වයං වින්දනය කිරීම අහිතකර ද?
පිළිතුර ස්වයං වින්දනය ලස අරුත් ගැන්වෙන්නේ සහකරුවෙකු හෝ සහකාරියක හවුල් කර නොගෙන තමා විසින්ම සිදු කර ගන්නා වූ ලිංගික උත්තේජනය හරහා ලබන ලිංගික තෘප්තියයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින්ම සිදු කරනු ලබන ස්වභාවික ක්‍රියාවලියකි. මෙයින් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් (දරුඵල අහිමි වීම හෝ සිරුර සිහින් වීම, ලිංගික ශක්තිය නැතිවී යාම වැනි) ඇති නොවෙයි.
ප්‍රශ්නය: මෙමගින් ශරීරයේ බර අඩුවීමත්, දුරš
ප්‍රශ්නය සමහර තරුණයන්ට හොදින් රැවුල නොවැ
ප්‍රශ්නය සමහර තරුණයන්ට හොදින් රැවුල නොවැවෙන්නේ ඇයි?
පිළිතුර ද්විතියික ලිංගික ලක්ෂණ පහල වන නව යොවුන් වියේදී ද්විතියික ලිංගික ලක්ෂණ වලින් එකක් ලෙස රැවුල වැවීමට පටන් ගනී. රැවුල වැවීමේ වේගය ඝනකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර රැවුල වැවීම ගැන උවමනාවට වඩා කලබලයට පත් වීම අවශ්‍ය දෙයක් නොවේ.
ප්‍රශ්නය: යෝනි මාර්ගයෙන් ස්‍රාවයන් පිටවී
ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය
ප්‍රශ්නය: යෝනි මාර්ගයෙන් ස්‍රාවයන් පිටවීම සෑම විටම රෝගයක ලක්ෂණයක් ද?
පිළිතුර නැත. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය තුළ දී හෝර්මෝන වල වෙනස්කම් මතු වෙන නිසා ඒ අනුව ඇති වන ස්වාභාවික යෝනි ශ්‍රාවයක් පවතියි. එය රෝගී තත්ත්වයක් නොවේ. ගදක් සුවදක්, හෝ පාටක් නොමැති, යෝනි මගෙහි කැසීමක් නැතිව ඇතිවන මේ ස්‍රාවය ප්‍රමාණය ආර්තව චක්‍රය අනුව වෙනස් වෙයි. කෙසේ වෙතත් රෝගී තත්ත්වයක් නොවේ. මෙහිදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව ඉතා වැදගත්ය. යෝනි ස්‍රාවය සිරුරේ බර අඩුවීමට කිසිම විටෙක හේතු නොවේ.
එසේ වුවද යම් අවස්ථාවක යෝනි ස්‍රාවයන් දුගද හමන සුළු යම් වර්ණයකින් යුක්ත හෝ රුධිරය මිශ්‍ර බවක් පෙනෙන්නට ඇත්නම් එය වහාම වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි.
ප්‍රශ්නය: ගැබ් ගෙල පිළිකා කලින් හදුනා ගත හ#
ප්‍රශ්නය: ගැබ් ගෙල පිළිකා කලින් හදුනා ගත හැකි ද?
පිළිතුර ඔව්. පැප් පරික්ෂණය (ගැබ් ගෙල තැවරුම් පරීක්ෂණය) මගින් ගැබ් ගෙලේ සෛල පිළිකාවක් බවට හැරීම ආරම්භ වන විටම ඒ බව හදුනාගත හැකිය. එසේ හදුනාගත හොත් එය පිළිකාවක් බවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය පූර්ව කටයුතු කඩිනම් කරවීමට අවශ්‍යය සුදානම් වීමට ඔබේ වෛද්‍යවරයාට පහසු වෙයි.
ප්‍රශ්නය: ඔසප්වීම් දෙකක් අතරතුරේ දී ඇතිවන
ප්‍රශ්නය: වැඩිවිය පත්වීම (පළමු ඔසප්වීම) සාමාන්‍ය වයසට වඩා පසුව හෝ කලින් සිදුවීමට හේතුව කුමක් ද?
පිළිතුර මෙය බොහෝවිට තීරණය වනනේ ජාන මගිනුයි. සාමාන්‍යයෙන් මල්වර වීම නැතහොත් වැඩිවිය පත් වීම සදහා ශරීරයේ ඇති ලිංගික හෝර්මෝන ද ක්‍රියාකාරි වීම බලපායි. ඇතැම් දැරියන්ගේ මෙම හෝර්මෝන නිපදවීම ප්‍රමාද වුවහොත් වැඩිවිය පත් වීම ද ප්‍රමාද වේ. වයස අවුරුදු 11-13 අතර කාලයේද සාමාන්‍යයෙන් දැරියන්ගේ වැඩිවිය පත් වීම සිදු වුණත් එය වයස අවුරුදු 17ට වඩා ප්‍රමාද නම් එය වෛද්‍යවරයෙකු හමු වී විසදා ගත යුතු ගැටලුවක් බව සලකන්න.
ප්‍රශ්නය කුඩා ප්‍රමාණයේ පියයුරු වර්ධනය ක
ප්‍රශ්නය කුඩා ප්‍රමාණයේ පියයුරු වර්ධනය කරගැනීමට ක්‍රමයක් තිබේ ද?
පිළිතුර පියයුරුවල ප්‍රමාණය තිරණය වන්නේ ගැහැණු දරුවෙකු උපදින විටමය. ඇතැමෙක් පියයුරු විශාලවීමත් ඇතැමෙකුගේ කුඩා වීමත් තීරණය වී ඇත්තේ ඒ අනුවය. මේ නිසා කුඩා පියයුරු විශාල කිරීමට සමත් කිසිදු ක්‍රීම් වර්ගයක් ආලේපයක් නිපදවා නැත. එවැන්නක් නිපදවීමටද හැකියාවක් නොපවතී. අවශ්‍ය නම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරුවල ප්‍රමාණය වෙනස් කරගත හැක. කෙසේ නමුත් විවාහ ජිවිතයට හෝ මව්කිරි දීම සම්බන්ධයෙන් පියයුරු වල ප්‍රමාණය බලපෑමක් ඇති නොකරන බව සත්‍යයකි.
ප්‍රශ්නය වැඩිවිය පැමිණීමෙන් පසු ඊලග ඔස්ප
ප්‍රශ්නය අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවීම&
ප්‍රශ්නය අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවීමට හේතුව කුමක් ද?
පිළිතුර ඔස්ප් අක්‍රමවත් වන්නේ ශරීරයේ හෝර්මෝන වෙනස්වීම් නිසාය. මෙය තරුණ කාලයේ බොහෝ දෙනෙකුට පොදු තත්ත්වයකි.
- මානසික ආතතිය
- දිගු කාලීනව පවතින රෝගාබාධ
- කාලගුණික වෙනස්වීම්
- හොර්මෝන මට්ටමේ වෙනස්කම් (ලිංගික හෝර්මෝන, තයිරොයිඩ් හොර්මෝන)
- සිරුරේ බරෙහි සිදුවන ක්ෂණික වෙනස්වීම් (බර අඩුවීම හෝ වැඩිවීම)
ප්‍රශ්නය ඔසප්වීම් ඇති වු පළමු දිනයේ දී ස්Ş
ප්‍රශ්නය ඔසප්වීම් ඇති වු පළමු දිනයේ දී ස්නානය කිරීම උචිත ද
පිළිතුර මේ දිනවල ස්නානය අහිතකර බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත. එහෙයින් ස්නානය කිරීම සුදුසුය. ඔසප් රුධිරය ඉහට ගැසීම, මේ නිසා ඔසප් පිට වීම නතර වීම වැනි මතවල විද්‍යාත්මක සත්‍යයක් නැත. මේ දිනවල ද තම සනීපාරක්ෂාව පිළිබද වඩාත් සැලකිලිමත්වීම ඉතා වැදගත්ය.
ප්‍රශ්නය ඔසප්වීම ඇති දිනවල දී ලිංගික සම්බ