▄¤°බුදු¤°▄2_

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
▄¤ඔබන්න පෙර කලාපය▄¤ ලොක විනාසය-ලොව ආරමිභය හා අවසානය බොදු ඇසින්

බදු දහම යනු සර්වකාලින ධර්මයකි. අන් සැම දෙයක්ම කලින් කලට වෙනස් වුවත් බුදු දහම වෙනස් වන්නේ නැත. එබැවින් එය අකාලික ධර්මයක් යැයි කියනු ලබයි. මෙ කාලයේ බොහෝ දෙනෙක් 2012 දෙසැමිබර් 21 වන දින ලොක විනාශයක් සිදුවන බවට කථා බහ කරන්නට පටන්ගෙන තිබෙයි. මෙ සදහා සාක්ෂි වශයෙන් මොවුන් පාදක කරගන්නේ දැනට වසර 4000 කට පමණ පෙර උසස් ශිෂ්ඨාචාරයක්ව පැවති මායා ශිෂ්ඨාචාරයේ මායාවරැන් විසින් භාවිතා කරණ ලද දිනදර්ශනයයි. මෙම දින දර්ශනය 2012/12/21 වන දිනයෙන් අවසන් වන නිසා එදිනට කුමක් හෝ විශේෂ සිදුවිමක් සිදුවිය හැකි බවට බොහෝ දෙනා සැක කරණවා. ඒත් එක්කම ලොක විනාශය අලලා නිපදවන චිත්‍රපට ගණනාවක්ද මෙ කාල වකවානුව තුල නිකුත්විම මෙ සමිබන්ධයෙන් මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමු විමට හේතුවක් වෙලා තියෙනවා, කෙසේ වුවත් මා‍ මෙතැන් සිට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි පෙලෙන් කරැණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ලොකයේ උපත හා ලොකයත් වෙනත් ලොකයන් පිළිබදවත් බුදුදහම විස්තර කරල තියෙන්නේ මොනවගේද? බුදු දහම විස්තර කරල තියෙන කරැණු මොනවාද කියන එකයි. ඒවා නුතන විද්‍යාව එක්ක මොනතරමි දුරට ගැලපියා යනවද කියන කරැණුයි. ඊට ප්‍රථම මා වෙත ලැබුණු ඊ ලිපියක 2012 ලොක විනාශය සමිබන්ධයෙන් සදහන්ව තිබුණු කරැණු මම පහතින් දක්වන්නමි,

1.jpg


2.jpg


3.jpg

4.jpg

5.jpg

6.jpg

7.jpg


එහෙනමි ආයෙ බුදු දහම දෙසට හැරෙමු. මෙ ලොකයේ උපතත් මෙ ලොකයේ විනාශ විමත් ගැන කියන්න කලින් මෙ ලොකේ කියන්නේ මොකද්ද කියල බලන එක වටිනවා.

ඇත්තට ලොකය කියන්නේ මොකද්ද? එක එක අය මෙකට එක එක උත්තර දෙවි. කෙනෙක් කියයි ලොකේ කියන්නේ අපි මෙ ජිවත් වෙලා ඉන්න ග්‍රහ ලොකයට කියල‍. තව කෙනෙක් කියයි ලොකේ කියන්නේ මෙ ගස්වැල් සත්තු මිනිස්සු ගෙවල් දොරවල් කියන මෙ හැම දේම එකට ගත්තහම ලොකයයි කියල. මෙවත් හරි තමයි දැන් බලමු බුදු දහමෙ ලොකේ කියන්නේ මොකක් කියලද දක්වලා තියෙන්නේ කියල? එක්තරා අවස්ථාවක තැනැත්තෙක් ඇවිල්ල බදු රජානන්වහන්සේගෙන් අහනවා "ස්වාමිනි භාග්‍යවතානන් වහන්ස මිනිස්සු ලොකය ලොකය යැයි කියල කියනවා, ඇත්තටම මොකද්ද මෙ ලොකය කියල කියන්නේ" කියල එතකොට බුදුරජානන් වහන්සේ ඒකට දෙන උත්තරය තමයි මෙ බබයක් විතර විශාල ශරිරයට තමයි ලොකය කියල කියන්නේ, මෙ ලොකයේ ඇතිවිමත් නැතිවිමත් එහියි කියල. මෙක ලෙකු ගැඹුරක් තියෙන දේශනයක් ඒ ගැන මෙතන සදහන් කරනවාට වඩා මට වුවමනා කරන්නේ සරල හැදින්විමක් කරන්න. ඒක නිසා ලොකය කියන දෙයට සරලව දෙන්න පුළුවන් උත්තරේ තමයි, අපි පණ තියෙනවා යැයි කියන සත්ත්වයන්ගෙන් හා පණ නැතැයි කියන ගස් ගල් පර්වත ආදියත්, ධාතු හා ගුණ වශයෙන් ඇති දේවල් සියල්ල ලෝකය කියායි.

එහෙනමි මෙ ලොකය කියන දේ හැදිල තියෙන්නේ මොනා වලින්ද?
මෙකට එකම උත්තරය එක එක අයට තේරැමි යන විදියට 04 විදියකින් දෙන්න පුළුවන්. පළවෙනි උත්තරය තමයි
01)නාම රැප කියන එක.

02)පංචස්කන්ධය (රෑප, වෙදනා, සංඥා, සංස්කාර, විඥාන)


03)ද්වදශාආයතන (චක්ෂුප්‍රාසාදය,රෑප , සෝතප්‍රාසාදය, ශබිධය, ඝාන ප්‍රාසාදය, ඝන්ධය, ජිවිහා ප්‍රාසාදය, රස, කායප්‍රාසාදය, ස්පර්ශය, මනායතනය, ධර්ම) මෙහි දක්වා ඇති චක්ෂුප්‍රාසාදය අදියට ඇස/චක්කායතනය, කණ/සෝතායතනය, නාසය/ඝන්ධායතනය, දිව/ජිවිහායතනය, ශරිරය/පොටිඨබිබායතනය, සිත/මනායතනය වශයෙන්ද සමහර තැන් වල දක්වා ඇත. චක්ෂුප්‍රාසාදය /ඇස/චක්කායතනය මෙ කුමන වදන විවිධ ස්ථානයන්හි යෙදි තිබුනද මෙ සියල්ල එකමය.

04)අනිත් ක්‍රමය අටලොස් ධාතුන්ය. (ඇස,රෑප,චක්කු විඥානය/කණ,ශබිධය,සෝත විඥානය/නාසය,ඝන්ධය,ගාණ විඥානය/දිව,රසය,ජිවිහා විඥානය/ කය,ස්පර්ශය,කාය විඥානය/ සිත, ආරමිමන,මනෝ විඥානය)
අවසන් ආකාරය වඩා විස්තරාත්මක ආකාරයයි. මෙ පිළිබදව විස්තරයක් සපයනවා නමි, මෙ සියල්ල පසකින් තබා එයම ලිවිමට සිදුවන බැවින් ඒ පිළිබදව පසුව සලකා බලමු. කෙසේ වුවත් ලොකය යනුවෙන් හදුන්වන්නේ මෙ නාම රැපයන්ගේ එකතුවටයි.
 
Last edited:

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ලො‍කයේ උපත කෙසේ සිදුවිද?
ලොකයේ උපත කෙසේ සිදුවිද යන්න සමිබන්ධයෙන් අනාදිමත් කාලයක සිට මිනිසා ප්‍රශ්ණකරන්ට වු දෙයකි. මෙ පිළිබදව කල්පනා කල සමහරැන්
පුටු, මෙස, නිවාස ආදිය ඉබෙ පහල වන දෙවල් නොව මිනිසුන් විසින් සාදනු ලබන දේවල්ය. එපරිද්දෙන්ම මෙ ලොකයත් කවරකු හෝ මවන ලද්දක් බව සිතන්නට විය. ලොකයක් මැවිමට තරමි බලගතු අයෙකු මෙ පෘතුවිය මත්තේ සොයාගත නොහැකි වු නිසා එබදු තැනැත්තකු ආකාශයේ හො ඇති ලෙස සිතන්නට විය. ඔහු ඊශ්වර හෝ දෙවියන්වහන්සේ හෝ ලෙස හදුන්වනු ලැබිය. එය එසේ වුවත් ඒ මැවුමිකරැ මැවිවේ කවුද යන්න පිළිබදව ඔවුන් කල්පනා නොකලෝය.මෙ ලොව එක් අයෙකුට පමණක් එලෙස මැවිමි කිරිමට විශේෂ බලයක් ලැබි අන් අයට එසේ නොලැබි යාමට හේතුව කුමක්දැයි කල්පනා කල බැලිය යුත්තකි.එබැවින් මැවිම බුදු සමය විසින් බැහැර කරණු ලැබුවකි.
1l.jpg

එම නිසා බුදු දහම මැවුමිවාදය ප්‍රතික්ෂෙප කරණු ලබයි. යමක් ඇත්නමි එහි ආරමිභයක්ද තිබිය යුතුයැයි යන න්‍යාය සැමටම අදාල වන්නේ නැත. මෙ අප වාසය කරන සැම තැනකම අවකාශයක් ඇත. අපි චලනය වන්නේත් අන්වස්තු පිහිටා ඇත්තේත්, අපි ඔබමොබ යන්නේත්, මෙ අවකාශය තුලය. එමනිසා අවකාශය කියා දෙයක්සත්‍ය ලෙසම ඇත. එසේ වුවත් කවුරැ හරි ඔබලගන් ඇසුවහොත් මෙ අවකාශයේ ආරමිභය කොතනද කියා එයට පිළිතුරැ දිමට හැකියාවක්ද නැත. නමුත් අවකාශ යන දෙය ඇති දෙයකි.මෙ ලොව පැවතිම පිළිබද යථා අවබොධයක් යමි තරමකට හෝ ලැබිමට නමි හේතුඵල දහම (පටිඡ්ච සමුපාදය) උගත යුතුයි මවන්නෙක් හෝ ඇතිකරන්නෙක් නොමැතිව මෙ ස්කන්ධ පරමිපරාවන් නොසිදි පවතින ආකාරය බුදුදහමෙ උගන්වා ඇත්තේ එහිය.

බුදුරජානන් වහන්සේගෙන් වරක් ලොව හෙවත් සසරේ පටන් ගැන්ම පිළිබදව ප්‍රශ්ණ කල විට බුදුපියාණන් වහන්සේ කියා සිටියේ
"අනමතග්ගොයං භික්කවෙ සංසාරෝ පුබිබා කොටින පඤ්ඤායති" යනුවෙනි. එහි තේරැම වන්නේ මහණෙනි සංසාරය නොපෙනෙන කොනක් ඇතියෙකි. එහි පෙර කොන නොපෙන් යන්න වෙ. මෙහි පෙර කොන නොපෙනේ යනුවෙන් බුදුපියානන් වහන්සේ දේශනා කර ඇත්තේ
උන්වහන්සේට එහි ආරමිභය නොපෙනෙන නිසා නොව
. මෙය අනමතග්ග සංයුක්තයේ දි වදාරා ඇත.


ඒ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය. දැන් සලකා බැලිය යුත්තේ ලොකය විනාශ වන්නේ කෙසේද යන්නය.
ලෝක විනාශය සිදුවන හැටි
මිට පෙර ලිපියේ කියන ලද්දේ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය දැන් සලකා බැලිය යුත්තේ ලොකයේ අවසානය කෙසේ නමි සිදුවෙද යන්න පිළිබදවයි. ලොකයේ අවසානය පිළිබදව නුතන විද්‍යා මත විවිධාකාරය, පෘතුවිය හා ගැටෙන විශාල උල්කාවක් නිසා, පෘතුවි වායුඝොලය දුහුවිල්ලෙන් වැසි ගොස්, සත්වයන්ට හුස්ම ගැනිමට නොහැකි විමෙන් හා ආහාර නිශ්පාදනය කරගත නොහැකිවිමෙන් ලොව අවසානය සිදුවෙ යැයි යන්න එක් අදහසකි. ලොව ආසන්න්තම නශ්ඨ විම වශයෙන් සලකනු ලබන ඩයිනෝසරයන්ගේ නශ්ඨ විම සිදුවුයේ මෙ ආකාරයෙන් යැයි සදහන් වෙයි. එසේත් නැතිනමි පෘතුවියේ ආභ්‍යාන්තරික වශයෙන් ඇතිවිය හැකි යමි ආකාරයක විපර්යාසයක් නිසා හෝ යමි සෘතු විපර්‍යාසයක් නිසා මෙ ලොව විනාස වි යා හැක. බොහොමයක් චිත්‍රපට වලට පාදක කර ගනු ලබනුයේ මෙබදු තේමාවන්ය. ඒසේත් නැත්නමි මුලු සත්ත්ව සන්හතියම මෙලොවින් අතුගාදැමිය හැකි ආකාරයේ පරමානු ආයුධයන් නිසාද මෙබදු විනාශයක් සිදුවිය හැක. එය මිනිසා විසින්ම ඇතිකරගත හැකි ලොක විනාසයකි.
2.jpg
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
බුදු දහමෙ ලොක විනාසය ගැන කියල තියෙන්නේ මොනවාද?
ඒක ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් දැනගෙන ඉන්න ඔන. බුදු දහමෙ ලොකයේ වයස ගැන කියන්නේ අවුරැදු වලින් නෙමෙයි. මොකද ලොකයක් නැසෙන්න ගතවෙන කාලය ඉතාමත් විශාල කාලක් නිසා. මෙ කාලය බුදු දහමෙ දක්වලා තියෙන්නේ කල්ප විලින්, අපේ පෘතුවියේ පැරණි බව, අනමතග්ග සංයුක්තයේ එන සුත්‍ර දේශනා වල දක්වලා තියෙනවා. දිනක් බමුණෙක් බුදුරජානන් වහන්සේ හමුවිමට පැමිණ "පින්වත් ගෞතමයානන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කෙතෙක් ද?" යැයි අසන ලදි. එහිදි තථාගතයානන් වහන්සේ පිළිතුරැ දුන්නේ 'බ්‍රාහ්මණය, ඉක්මගිය කල්ප ඉතා බොහෝය. ඒවා මෙපමණ සිය ගණනක්ය, දහස් ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණ කිරිමට පුළුවන් කමක් නෑ" එසේනමි ස්වාමිනි උපමාවකින් වදාල මැනවයි බමුණා පැවසිය. "බ්‍රාහ්මණය, මෙ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැවටන තැන දක්වා ඇත්තාවු සියලුම වැලිකැට ප්‍රමාණ කල නොහැකිවා වාගේ අතිතයේ ගතවු කල්ප ගණනත් ප්‍රමාණ කල නොහැකි බව තථාගතයානන් වහන්සේ වදාල සේක.
පෘතුවියේ වයස ගැන විද්‍යාත්මක මත කියවන්න
3.jpg

කල්පයක් යන්න කොපමණ කාලයක්ද යන්නත් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කර ඇත. දිනක් එක්තරා භික්ෂුන්වහන්සේ නමක් බුදුන්වහන්සේ වෙත ගොස්, කල්පය කෙතෙක් දිග වන්නේදැයි අසන ලදි. එවිට තථාගතයානන් වහන්සේ විසින් කියා සිටියේ "මහණ කල්පය යන්න, මෙතෙක් වසර ගණනක් දිගය, එය වර්ශ සිය ගණනක්ය, දහස්ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණ කරන්න බැහැ" කියාය. එවිට ඒ භික්ෂුව එසේ නමි ස්වාමිනි එය උපමාවකින් වදාලන සේක්වා යැයි කියා සිටි විට, "මහණ දිග පළල යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒක ඝන කළුගලක් සිය වසරකට වරක් කසි සළුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවි යන්නේය. නමුත් කල්පය ගෙවි නොයන්නේය." කියා කල්පයක් යනු කොපමණ ප්‍රමාණයක්ද යන්න වදාලා ඇත. මෙය සදහන් වන්නේද අනමතග්ග සංයුක්තයේය.

මෙ උපමා මගින් කපක් යන්න කොපමණ විශාල කාලයක්ද යන්න පැහැදිලිව. එසේ නමි කලින් දක්වන ලද උපමාවට අනුව ලොකය යන්න කෙතරමි පැරණිද යන්න තේරැමි ගැණිමට හැකිය.

ලොක විනාශය ප්‍රශ්නයක් වන්නේ, ලොකයේ මිනිසුන් ජිවත් වන නිසාය. නැතහොත් ලොක කෙතරමි විනාශ වුවද අපට ගැටළුවක් නැත.
කල්පය යන්නත් කොටස් තුනකි.
01)අන්තංකල්පය
02)අසන්ඛ්‍ය කල්පය
03)මහා කල්පය
ලෝකය විනාශ වෙන ආකාරය
යනු ඒවාය. මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහි ගොස් පරම ආයුෂ කාලය අවුරැ 10 ක් වන කාලයක් පැමිණේ. ඒ කාලයේදි රෝග වලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවිමෙන් හෝ මහා මිනිස් විනාශයක් වෙ. මින් ඉතා ටික දෙනුකු පමණක් ඉතිරි වෙ. ඉන් පසු මිනිසුන් සුචරිතයේ හැසිරිම නිසා පරමිපරාවෙන් පරාවට ඔවුන්ගේ ආයුෂ වැඩෙ. ඒ වැඩිම වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩෙ. ඉන් අනතුරැව දුසිරිතට නැඹුරැවිම නිසා නැවතත් මිනිසුන්ගේ ආයුෂය පිරිහේ එය වසර 10 දක්වාම පිරිහුන විට මහා මිනිස් සංහාරයක් නැවත සිදුවෙ.

මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන්ගෙන අසඛ්‍යය දක්වා වැඩි නැවතත් දශ වර්ශය තෙක් පිරිහිම සදහා ගතවන කාලය අන්තං කල්පයක් යනුවෙන් හදුන්වනු ලබයි.
අසංඛ්‍ය කල්පය කොටස් 04 කි
01)සංවර්ථය
02)සංවර්ථස්ථායි
03)විවර්ථය
04)විවර්ථ ස්ථායි

බුදු දහමෙ දක්වා ඇති ආකාරයට මෙ ලොව ගින්නෙන් හෝ දියෙන් හෝ සුලගින් විනාශ විම සිදුවෙ. මෙසේ සිදුවන්නේ ඉතා දීර්ඝ කාලයකින්ය. මෙසේ විනාශ වන විට මෙ ලොවත් 31 ක්වු ලොකයන්ගෙන් සමහර බ්‍රහ්ම ලොක හැර සෙසු ලොකත් විනාශව යන බව බුදු දහමෙ දක්වා ඇත.
ලෝකය විනාශවියන විට, පිළිවලින් සත්වරක් ගින්නෙන් ලොකය නැසේන අතර. අටවන වාරයේ ජලයෙන් ලෝකය විනාශ වෙ. මෙලෙස විනාශ වන ලොකය 64 වන වාරයේදි සුලගින් විනාශ වෙ. ගින්නෙන් ලොකය විනාශ වන විට ආභස්සර බ්‍රහ්ම ලොවට යටින් වු සියලු ලෝක විනාශ වෙ. ජලයෙන් ලොව විනාශ වන විට සුභකිණ්හයෙන් යට සියලු ලෝකත්, වාතයෙන් ලොකය විනාශ වන විට වෙහප්ඵල ලොවින් යට සියලු ලෝකත් විනාශ වි යන බව දක්වා ඇත.
මෙ ආකාරයට ලොකය වරක් විනාශ වි යාමටත් විශාල කලක් ගතවෙ. මෙලෙස ලෝක විනාශය සිදුවෙමින් පවත්නා කාලය සංවර්ථ කල්පය නමින් හදුන්වනු ලබයි. මෙලෙස ලොකය විනාශ වු පසු එසේ විනාශවිමට ගතවු කාලය තරමි කාලයක් හිස්ව පවතියි. මෙම කාලය හදුන්වන්නේ සංවර්ථස්ථායි කල්පය යනුවෙනි. ඉන්පසු ලොකය නැවත ක්‍රම ක්‍රමයෙන් සැදිමට පටන් ගනියි. මෙලෙස ලොව සැදි සමිපුර්ණ විමට ගතවන කාලය විවර්ථ කල්පය නමිවෙ. මෙසේ ලොව නිර්මාණය වි නැවත විනාශවිම දක්වා කාලය විවර්ථ ස්ථායි කල්පය යනුවෙන් හදුන්වයි.

මෙසේ වන අසංඛ්‍ය කල්ප 04 මහා කල්පයක් යනුවන් හදුවනු ලබයි. අපේ බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතාවන් පිරැසේක. ඒ කියන්නේ මහා කල්ප ලක්ෂයක් කියන එකයි.
මෙ අසංඛ්‍ය කල්පයක ප්‍රමාණය මුලින්ම සදහන් කල අන්තං කල්ප 20 ක් බව සදහන්. ඒ අනුව මහා කල්පයක් කියන්නේ අන්තං කල්ප 80 ක්. මෙ විදියට තේරැමි ගන්න පුලුවන් දේ වෙන්නේ මහා කල්පයක් තුල මිනිසුන්ගේ ආයුෂ 10 වර්ෂයෙන් පටන්ගෙන අසංඛ්‍යය දක්වා වැඩිවි නැවත 10 වර්ශය දක්වා අඩුවිමි හෙවත් ලොකය අර්ධ වශයෙන් නැසි යැමි 80 ක් සිදුවනබවයි. පුර්ණ වශයෙන් නැසි යාමි 01 ක් සිදුවන බවයි.

ඉන්පසුව බුදු දහමෙ විස්තර කර ඇති පරිදි මෙ විනාශ වු ලොකයේ නැවත ජිවය ඇති වන්නේ කොහොමද කියල බලමු.
▄¤ඔබන්න පෙර කලාපය▄¤ එය මතු සම්බන්දි eලග කොටස පසුව ...
 
Last edited:

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වටිනා ත්‍රෙඩයක්, පොඩ්ඩක් දිගයි.. පස්සෙ කියවලම ආපහු කමෙන්ට් කරන්නම් :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    සාදූ... සාදූ... සාදූ...
    ඔබට මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධවීම පිණිස මේ කුසල ධර්මයන් උපකාරී වේවා...
    සාදූ... සාදූ... සාදූ...
    තෙරුවන් සරණයි....