චිනෙත්_එක්ක_එකතුවෙලා_කරන_සංවර්ධනය!

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
චිනෙත්_එක්ක_එකතුවෙලා_කරන_සංවර්ධනය!


Silk Road Economic Belt



මේවා සිංහලෙන් කියන්න බෑ.. හපෝ කිවුවොත් ඉවරයි කියපු එකා.
චීන project වලට සපෝර්ට් කරන දේශපාලකයන්ට කොටි ගණන් වලින් සලකලා තියෙන්නේ කිවුවොත් ඉවරයි කියපු එකා.

කොහොමද චින දේශපාලකයන්ගේ අනාගත දැක්ම? රට ගැන හිතන විදිහ? කොර වෙනවා නේ?

අපේ?

එක දැක්මයි තියෙන්නේ.

1. "මේ ආපු chance එකෙක් උපරිමේටම කන්නේ කොහොමද?"
2. "තව පාරක් කන්න එන්න නං ගහන්න ඕන plan එක මොකද්ද?"

මේවා දන්න අය ඉන්නවා. බම්ප් එකක් දාගෙන යන්න අනිත් අයට දැන ගන්න.
 

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මෙහෙම කතාවක් අහන්න හම්බුනා..

චිනේ, ස්වභාවික සම්පත් වලින් බහුල, හෝ geological වශයෙන් වැදගත් කමක් තියන දුප්පත් හෝ corrupted රටවල් වල projects කරනවා.
කරන්නේ, ඒ ඒ රටවල ඉන්න දේශපාලනේ ඉන්න හොරු ටික අල්ලගෙන.
ඉන්පස්සේ රටේ සම්පත් චීනෙට අදිනවා.

මෙතන මේ වෙලා තියෙන්නේත් ඒක. මේ city එක හදලා තියෙන්නේ Angolan මිනිස්සුන්ට නෙවේ ලු... තව කාලෙකින් රටේ ස්වභාවික සම්පත් වලට විදින්න එන චීන්නුන්ට පදිංචියට ලු...

නිකන් අහන්න ලැබිච්ච කතාවක් කිවුවේ.. විස්තර වශයෙන් කියන්න නොදනී.. දන්න කෙනෙක් වැඩි විස්තරයක් දාන්න.. :) :)


 
Last edited:

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
37923956_219494858710593_3760535641956286464_n.jpg


චීන මකර කටට රටවල් බිලිවෙන අයුරු : ඇන්ගෝලාවේ මිනිසුන් නැති හොල්මන් නගර

හම්බන්තොට වරාය,මත්තල ගුවන්තොටුපල වැනි අධික පොළියට ණය ගනිමින් ගසාකෑමේ අභිමතාර්ථය පෙරදැරිකරගෙන ඉදිකල ව්‍යාපෘති ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවේ.එම ව්‍යාපෘති සඳහා ඩොලර් කෝටි ගනනින් ඇස්මේන්තු කලද,එම රටවල දේශපාලන නායකත්වය සමග ගිවිසගන්නා එකඟතාවයන් තුලින් අති විශාල ධනස්කන්ධයක් කොමිස් වශයෙන් අත් පත් කර ගනී. එයට නොමසුරු සහයක් චීන ජාවාරම්කාර මුල්‍ය සමාගම් ලබාදේ. ඔවුන් එලෙස කෝටි ගනනින් අතමිට දිගහරිමින් දේශපාලන නායකයන් වෙනුවෙන් වියදම් කරනු ලබන්නේ එකී රටවල අනාගතේ දියත් කිරීමට සැලසුම් කරන කූඨ වැඩසටහනක ආරම්භයලෙසය. ඇංගෝලාව ඇතුළු අප්‍රිකානු කලාපයේ බොහෝ රටවලද,ශ්‍රී ලංකාවේද තවත් බොහෝ ලතින් ඇමරිකානු රටවල මෙවැනි නිශ්සාර ව්‍යාපෘති සුලභව දැකිය හැක. එමෙන්ම ක්ෂණිකව ප්‍රකෝටිපතියන් බවට පත්වු දේශපාළුවන්ද ඊටත් වඩා සුලභව දැකිය හැක.

මෙවැනිම කූඨ වැඩසටහන් ඇන්ගෝලාවට තුල ක්‍රියාත්මක කිරිමට චින මුල්‍ය සමාගම් 2008 වසරේදී එරටට පැමිණයේය. දීර්ග සිවිල් යුද්ධයකින් ශ්‍රී ලංකාව මෙන්ම බැටකෑ රටක්ලෙස ඇන්ගෝලාවද හැඳින්විය හැක. නූතන අධිරාජ්‍යවාදී උපාය උපක්‍රම මැනවින් හසුරුවන චීන පාලනය,අර්බූධයට ලක්වූ රටවලට අතදීම මුවවෙන් එකී රටවලට පැමිණ මුදලට ගිජු ජනපතිවරු අගමැතිවරු ඇතුළු ඉහල දේශපාලන ධාරාව පළමුවෙන් දිනා ගනී. එතැන් සිට ඉල්ලන ප්‍රමාණයටද වඩා ණය ලබාදෙමින් එම ගණුදෙනු වලට පරිබාහිරව දේශපාළුවන් පිනවීම පිණිස ඩොලර් කෝටි ගනනක සතෝෂම් ලබදේ.මෙහි ඇති අවාසනාවන්ත තත්වය වන්නේ අධික පොළියට ලබා ගන්නා ණය මෙන්ම දේශපාළුවන්ට ලබදෙන සියළු කොමිස් මුදල්ද එකතු කර ඇත්තේ මූලික ණය මුදලට බැවින් සියල්ල ගෙවීමට බල දැන් කර ඇත්තේ රටවැසියන්ට වීමය

37885565_219495012043911_4278713490484494336_n.jpg


චිනය ඇගෝලාවට පිවසෙමින් නිවාස ලක්ශ 10 ක වයාපෘතියක් 2008 දී ආරම්භ ලේය. මෙම නිවාස වල අමතර ඒවාට පිවිසීමට අලුත්මාර්ග,පාසල්.අධිවේගීමාර්ග ,රෝහල්,ක්‍රිඩාපිටි ඉදි ලේය. අක්කර 13000 ක් පුරා විසිරුන මෙම නව නගරය 2012 වන විට ඉදිකීර්ම් අවසන් වුවත් කිසිදු නිවසක් මිළදී ගැනීමට ඇංගෝලාව වැනි දරිද්‍රතාවයෙ පතුලටම කිඳී ඇති මිනිසුන්ට හැකියාවක් නැත.Ghost City නොහොත් හොල්මන් නගරය ලෙස මේ වන විට Kilamba නමින් හඳුන්වන එම නගරයේ එකදු මිනිසෙකු හෝ එහි පදිංචිවී නැත. එකී නිවාස මිලදී ගැනීමට ක්‍රය ශක්තියක් නැති වීමට හෙතුව වන්නේ අධික මිලක් වූ ඇමරිකානු ඩොලර් ලක්ශ 2 ටත් වඩා එක් නිවසක මිල තීන්දු වී ඇති නිසාය. දිනකට ඩොලර් 2 කට අඩුවෙන් ආදායම් ලබන ජනතාවක් සිටින රටම මිනිසුන්ට ඩොලර් ලක්ෂ දෙකක නිවසක් මිලදී ගත හැකිද යන්න මේ ගනු දෙනු සිදුකල දෙපාර්ශවය නොදැන සිටියාද ? මෙම දැවැන්ත නිවාස ව්‍යාපෘතිය සඳහා එරට රජය ඩොලර් බිලියන 3,5 ක් චේන මුල්‍ය සමාගම් වලින් මේ වන විට ලබාගෙන ඇත. ඇන්ගෝලව වැනි තුන්වන ලෝකයේ අන්ත දිළිඳු රටක මෙවැනි නිවාස සංකීර්ණ ඉදිකිරීම පිටුපස ඇත්තේ වෙනස්ම පුර්ව දේශපාලන සිතියමකි. ඩොලර් බිලියන 3.5 ණය මුදලක එරට දේශපාලන නායකත්වය විසින් ලබාගත්තද, මේවන විට වසර 10 ක් ගෙවී ඇත්ත කිසිදු ලාභයක්වත් හෝ ආදායමක් ඔවුන්ට ලැබී නැත . සිදූවූ එකම දෙය වුයේ ණය පියවාගැමට නොහැකිව දවසින් දවස රටේ ණය බර වැඩීමයි. එම ණය බර වැඩිවීමත් සමග චීන රජය ඇන්ගෝලාවෙන් ඉල්ලා සිටියේ ඉඩම් හා රටේ අභ්‍යන්තරයේ මෙතෙක් කැනීම් නොකළ ප්‍රදේශ වල ස්වභාවික සම්පත් පිරික්සීමේ බලයයි. මේ වන විට අන්ගොලාවේ දේශපාලන නායකයින්ට එරට සියලු මුල්‍ය ආයතන වල බැංකු, රක්ෂණ, තෙල් සමාගම් වල හිමිකාරිත්වය ඇත. මේ සියලු වත්කම් පිටුපස ඇත්තේ චීන ජාවාරම්කාර මුල්‍ය සමාගම්ය. චීනය මෙම දැවැන්ත නිවාස ව්‍යාපෘතිය ආරම්භ කලේ යම් දිනක අප්‍රිකානු කලාපයේ ආරම්භවන චීන ව්‍යාපෘති සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත චීන ශ්‍රමිකයින්ගේ නවාතැන් පහසුකම් වෙනුවෙන් විය හැක. චීනුන් ලබාදුන් ණය වලට හිලව්ව ලෙස තම රටේ භූමියත් , ඔවුන් විසින්ම ණය බර ගෙවූ නිවාස ව්‍යාපෘතියත් චීනයට යම් දිනක අත්වනු ඇත. මෙම ව්‍යාපෘති පමණක් නොව තවත් චීන සමාගම් සමග ඇතිකරගත් නොයෙකුත් නිස්ශාර ව්‍යාපෘති හරහා එරට Jose Eduardo dos Santos අද වන විට එරට අංක එකේ ප්‍රකෝටිපතියා බවට පත්ව ඇත. මෙයටම සමගාමී සිදුවීමක් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී සිදු විය. අප දැන් චීනුන්ට වරායක් දී, එහි ණය ගෙවන සාඩම්බර පුරවැසියන් බවට මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් මෛත්‍රී පාලනයන් පත් කර ඇත.

මෙලෙස රටරටවල් අධික ණය උගුලක සිර කර තමන්ගේ අභිමතයන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරනු ලබන්නේ එම රටවල නායකයන් හරහාය. චීනය විසින් දිගින් දිගටම සිදුකරනගෙන යන මෙම ප්‍රෝඩාකාරී ව්‍යාපෘති හරහා රටවල් බිලිගැනීමට ශ්‍රී ලංකාවද හසු වී හමාරය. මෙම තොරතුරු යම් අයෙකු හෙළිදරව් කළහොත් මහින්ද චින්තනයට අනුව ඔවුන් ශ්‍රී ලංකාවේදී අංක එකේ දේශද්‍රෝහීන් වන්නේය.අප රටද චීනුන්ගේ මකර කටට ක්‍රම ක්‍රමයෙන් ඇතුල් වෙමින් සිටි. එයට මේ රටේ උගතුන් යැයි ටයි පටි පැළඳ මාධ්‍ය වලට එන පිරිස් විසින්ද, රට දැය සමය ආරක්ෂා කරන කරනවා යයි කියන ගණයින්නාන්සේලා ගෙන්ද , රැවටුණු රටවැසියන් ගෙන්ද නොමසුරු සහයක් ලැබෙමින් සිටි.


37905765_219494918710587_2774325509146804224_n.jpg



37935695_219495088710570_1434422770812321792_n.jpg


SOURCE: https://www.facebook.com/permalink.php?story_fbid=219495132043899&id=100019502404721
 

QD006

Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    danna dewal kiyanna

    debt trap
    mentally attack

    lankaawata oya dekama karaa thaamath karanawa
    wahallunta oowa therum karanna amaarui.

    ape moda sinhalaya karanne unge lanu kaala apita attack karana eka
     
    Last edited:

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    • Like
    Reactions: shenic_v2.0.0

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය post එක මමත් දැක්ක උන්ගේ plan බලපන්කො උන්ට දැක්මක් තියෙනවා, පුළුවන් නම් හොයාගෙන බලාපල්ලා The Coming War On China (2016) ෆිල්ම් එකක් තියෙනවා
    එකේ තියෙනවා හැමදේම නියමෙට
    චීන්නු කියන්නේ නියම මොළ අපේ රටේ වගේ ගොන්නු දේශපාලනය කරන්නේ නැ අපේ රටේ වගේ වහල්ලු ත් නැ
    අපිට රටක් හැටියට නැගිටින්න පුළුවන් ලංකාව හරි පාලනයක් ගෙනෙල්ල හරි පාරේ අරන් ගියොත් මේක සිංග වලට වඩා දියුණු කරන්න පුළුවන්, චීන්නුන්ට කරදරයක් වෙන්න පුළුවන් අපිට ඇහෙම හයියක් තියෙන රටක් එහෙම මිනිස්සු ඉන්න රටක්
    මේ පිංගුත්තරයෝ ටික යවාගන්න නෙ බැරි මරටේ තිබ්බ ප්‍රශ්නේ යුධ්ධේ නෙමේ මේ කාලකන්ණි පින්ගුත්ත්රයෝ හොරු ටික
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය post එක මමත් දැක්ක උන්ගේ plan බලපන්කො උන්ට දැක්මක් තියෙනවා, පුළුවන් නම් හොයාගෙන බලාපල්ලා The Coming War On China (2016) ෆිල්ම් එකක් තියෙනවා
    එකේ තියෙනවා හැමදේම නියමෙට
    චීන්නු කියන්නේ නියම මොළ අපේ රටේ වගේ ගොන්නු දේශපාලනය කරන්නේ නැ අපේ රටේ වගේ වහල්ලු ත් නැ
    අපිට රටක් හැටියට නැගිටින්න පුළුවන් ලංකාව හරි පාලනයක් ගෙනෙල්ල හරි පාරේ අරන් ගියොත් මේක සිංග වලට වඩා දියුණු කරන්න පුළුවන්, චීන්නුන්ට කරදරයක් වෙන්න පුළුවන් අපිට ඇහෙම හයියක් තියෙන රටක් එහෙම මිනිස්සු ඉන්න රටක්
    මේ පිංගුත්තරයෝ ටික යවාගන්න නෙ බැරි මරටේ තිබ්බ ප්‍රශ්නේ යුධ්ධේ නෙමේ මේ කාලකන්ණි පින්ගුත්ත්රයෝ හොරු ටික

    කියලා වැඩක් නෑ බන්.. සුපිරි ගේම් එකක් මුන් දෙන්නේ....
    අපේ රට වල පල්ලට යනවා බන්.. දුකයි.. එත් කරන්න දෙයක් නෑ.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මේ පිංගුත්තරයෝ ටික යවාගන්න නෙ බැරි මරටේ තිබ්බ ප්‍රශ්නේ යුධ්ධේ නෙමේ මේ කාලකන්ණි පින්ගුත්ත්රයෝ හොරු ටික

    :yes::yes: