කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථා
කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථාන (ට්‍රිප් යන්න) ගැන දැනගන්න අදහසක් ආවා... බොහෝ වෙලාවට වන්ඩේ ට්‍රිපක් යන්න පුලුවන් විදිහෙ ස්ථාන.
උදේ ගිහින් හවස එන්න. මොකද දවස් දෙක තුනේ ට්‍රිප් එකක් යනව කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරිම වැඩක්... ඉතින් අපිට තියෙන වෙලාවත් එක්ක එක දවසින් කොහෙ හරි ගිහින් එන්න පුලුවන්නන් ඒක ලොකු දෙයක්..
උඹල දන්න කියන තැන් පොඩ්ඩක් මේකේ දාන්න බලන්න දුරත් එක්කම...
ගොඩක් වෙලාවට ගොඩක් අයට ලොකු උදව්වක් වෙයි මේ විස්තර ටික....
දැනට මම දන්න ටිකක් කියන්නන්..
-------------------------------------------------------------------------------------
සීතාවක උද්භිද උද්‍යානය - කලුඅග්ගල
කොළඹ ඉදන් කි.මී. 48 යි.
මේක හරියට පේරාදෙණිය පාර්ක් එක වගේ.. නිදහසේ දවස ගත කරන්න මරු...
මෙන්න ගූගල් මැප් එක

බැද්දගාන තෙත්බිම් උද්‍යානය
කොළඹ ඉදන් කි.මී. 11 යි.
නිදහසේ ඇවිදල සොබාව සෞන්දර්ය විදල එන්න පුලුවන් කොළඹ අවටම තියෙන තැනක්..
මේක ගැන මම පොටෝ එක්කම ත්‍රෙඩ් එකකුත් දාලා ඇති.
කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද්‍යානය
http://www.elakiri.com/forum/showthread.php?t=1760399

රාජගිරිය Eco Friendly Bird Park
කොළඹ ඉදන් කි.මී. 10 යි.
මේක රාජගිරියෙන් කළපලුවාව පාරෙ ටික දුරක් යද්දි හමුවෙන තැනක්. හැබැයි මේක පුද්ගලික තැනක්.. ජී.එල් පියසේන කියන ව්‍යාපාරිකයාට අයිති තැනක්. එයා විනෝදාංශයක් විදිහට කරන දෙයක් තමයි කුරුල්ලො, සත්තු ඇති කිරීම.. ඉතින් ඒ වෙනුවෙන් ටිකක් ලොකු වත්තක වෙනම හදල තියෙනවා කුරුලු කූඩු එහෙම, ගාඩ්න් එකත් මරුවට ලස්සනට හදල තියෙනවා..ලස්සන බලන්න වටින තැන් තියෙනවා.. පොටෝෂූට් වලට එහෙමත් ගන්න පුලුවන්.. ගිහින් කුරුල්ලො / සත්තු බලල එන්න කිසිම ගාස්තුවක් ගන්නෙ නැහැ. හැබැයි වෙඩින් එකක් හරි මොකක් හරි ඉවෙන්ට් එකක් හරි තියෙන දවසට අපිට බලන්න අවසර දෙන්නෙ නැහැ..
මේක ගැනත් මම පොටෝ එක්කම ත්‍රෙඩ් එකකුත් දාලා ඇති
http://www.elakiri.com/forum/showthread.php?t=1157975

වෝටර් වර්ල්ඩ් - කැලණිය
කොළඹ ඉදන් කි.මී. 14 යි.
විසිතුරු මසුන් දැක බලාගන්න පුලුවන් තැනක්.. කුරුල්ලොත් ඉන්නවා..බෝට්ටු පදින්නත් පුලුවන්..

මානෙල්වත්ත විහාරය (ජපන් පන්සල) බියගම
කොළඹ ඉදන් කි.මී. 15 යි.
වෝටර් වර්ල්ඩ් එක තියෙන පාරෙම ටික දුරක් යද්දි මේ පන්සල සෙට් වෙනවා...
(කි.මී. 1 ක් විතර දුරින්)
ජපන් ආකෘතියට හදපු ලොකු පන්සලක්.. බලන්න දේවල් තියෙනවා..

ගුරුගේ නේචර් පාර්ක් - ජාඇල
කොළඹ ඉදන් කි.මී. 19 යි.
විවිධ ආකෘති රාශියක් සහිත විනෝද උයනක්.. දවසක් ගත කරන්න මරු ප්ලේස් එකක්..
සරදියෙල්, ජුරාසික් පාර්ක්, මිහින්තලේ, පුංචි සිරීපාදෙ, වැදි ගම්මානෙ, වගේ ගොඩක් වටින තැන් රාශියක ආකෘති හදල තියෙනවා ලස්සනට.. ගෙවන ගානට පට්ට වාසියි..
පොඩි ළමයි එක්ක ගිහින් විනෝදය දැනුම ආස්වාදය ලබන්න සුදුසු තැනක්..
මේකෙ පොටෝස් එක්ක වෙනම ත්‍රෙඩ් එකක් දාන්නන් අද හෙට...

කිතුල්ගල
හිතේ හැටියට නාලා, කාලා, ඕනිනන් හොදවයින් රා ටිකක් එහෙම බීලා, ජල ක්‍රීඩා කරල එන්න පුලුවන් තැනක් තමයි කිතුල්ගල.. ලංකාවේ වෝටර් රාෆ්ටින් වලට ප්‍රසිද්ධම තැනක් තමයි කිතුල්ගල
කොළඹ ඉදන් කි.මී. 94 යි.

දැනට මට මතකෙට ආවෙ මේ ටික තමයි..
උඹලත් දන්න, කොළඹ ඉදන් උදේ ගිහින් දවස ගතකරල හවස එන්න පුලුවන් සුන්දර ස්ථාන ටික මේකෙ කොටාගෙන යමු..
හැමෝටම ජය වේවා...

Last edited: