වාහන වල indicators ගැන

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    vwdashboard.jpg

    ඔන්න අද කියන්න යන්නේ අපේ වාහනේ තියෙන dashboard එකේ පත්තුවෙන එක එක මගුල් indicator lights ගැන.ගොඩක් යට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා තම ලියන්න ගත්තේ.

    ඔය light අපි හැමෝම දැකල තියෙනවනේ.හැම වහනෙමත් තියනවා.ඒ කිව්වේ කසිකබල් බයික් එකේ ඉදන් අද තියෙන දඩම වාහනේටත් මේ indicator lights තියෙනවා.ඕවගෙන් ඉතින් අපි දන්නේ ප්‍රදානම ටික විතරනේ.අනික් එකක් පත්තු උනොත් ඉතින් හිතටත් අවුල්.ගිහිල්ල garage එකකට දාන එක හරි දන්නා එකෙක් හොයන යන එක හරි තම කරන්නේ.එත් එහෙම නොකර එකේ තේරුම හරියටම දන්නවනම් සමහර දේවල් අපිටම නිරාකරණය කරගන්න පුළුවන්.නැත්තන් අපි ගිහින් මොන පොඩි දේට garage එකට දැම්මත් උන් ඉතින් බලන්න ගැන කඩාගන්නනේ....:angry::angry:


    ඉතින් ඔය light ගොඩක් වෙලාවට තියෙන්නේ රතු,කොළ/නිල්,කහ/තැඹිලි වගේ පාට වලින් තමා.ඔය පාට දාල තියෙන්නේ නිකන් ආතල් එකට නෙවේ.එකෙනුත් යාමක් කියවෙනවා .

    රතු - මොකක් හරි ප්‍රදාන දෙයක් කෙල වෙලා,අනිවා පුළුවන් තරඟ ඉක්මනට බලපන්.වාහනේ saftey එකට ලොකුවට බලපාන දෙයක් හරියට වැඩ කරන්නේ නැ.ඔන්න එතකොට තම රතු පාට indicator light එකක් පත්තු වෙන්නේ.


    කහ/තැඹිලි - මේකක් පත්තු වෙනවා කියන්නේ මොකක් හරි sensor එකක් හරියට වැඩ කරන්නේ නැ/මොකක් හරි දෙයක් service කරන්න / change කරන්න ඕනේ/repair කරන්න ඕනේ.අන්න එතකොට තම මේ පාට එකක් පත්තු වෙනේ .


    නිල්/කොළ - එලටම වැඩ.මේ පාට එකක් පත්තු උනාට බය වෙන්න දෙයක් නැ .ඒ කියන්නේ ඒ පද්දතිය හොදට වැඩ කරනවා කියන එකයි

    :angry:ඉස්සෙල්ලම කියන්නම්කො සිරාවටම භයානක indicators ටික ගැන.මේ සෙට් එක serious :angry:.

    brake failure එකක්/brake fluid අවුලක්එ/හෙමත් නැත්තන් handbrake එක ඇදලා

    brake_trouble_indicator.gif
    brake_trouble_indicator_canada.gif


    engine එකේ coolant temperature එක වැඩියි/engine එකේ coolant temperature එක අඩුයි.(මේකනම් මෙහෙදී වෙන්නේ නැ )

    temperature_indicator.gif
    temperature_indicator_cold.gif


    පලවෙනි එකෙන් කියන්නේ engine oil pressure එක මදියි/දෙවෙනි එකෙන් කියන්නේ engine oil මදියි (low )කියල

    oil_trouble_indicator.gif
    low_oil_level_symbol.gif


    පලවෙනි එකෙන් කියන්නේ කොච්චර oil අඩු උනත් indicate වෙන්නේ නැ කියල.sensor එකේ අවුලක්/දෙවෙනි එකෙන් කියන්නේ oil low කියල

    oil_level_SenSor.gif
    oil_level_mimimum.gif


    පලවෙනි එක එන්නේ charging system එකේ අවුලක් ආවම.ඒ කියන්නේ එක්කෝ battery එක කෙල වෙලා.එහෙම නැත්තන් alternator එක අවුල්.battery එක charge වෙන්නේ නෑ../දෙවෙනි එක එන්නේ hybrid වල.එකියන්නේ hybrid battery එක service කරන්න කියල

    charge_system_trouble_indicator.gif
    hybrid_battery_trouble_indicator.gif


    මේ set එකනම් normal indicators.භයානක නෑ එච්චර

    seatbelt දාපන් යකෝ

    seat_belt_reminder_symbol.gif


    ඔන්න දොරක්/hood එක/boot එක බාගෙට වැහිලා or ඇරිලා

    door_ajar_warning_indicator.gif
    Open-hood-indicator.gif
    trunk_ajar.gif


    Fuel low

    Low_fuel.gif


    Windshield Washer Fluid Low Indicator/අර windscreen එකට වතුර විදින එකේ වතුර අඩුයි

    low_windshield_washer_fluid.gif


    Low tire pressure/tire එකේ නියමිත inflation එකෙන් 25%කඅට වඩා අඩු උනාම මේක පත්තු වෙනවා .හුලන් ගහගනින් කියා

    tire_pressure_monitor2.gif


    මේකටනම් එහෙම හේතු එකක් කියල නැ.ඒ හින්ද garage එකකට දාල engine එක check කරගන්න වෙන්ව

    check_engine_light.gif
    check_engine_light_5.gif


    Engine Start Fault indicator - මේක එන්නේ engine එකේ start වෙන electronic system එක හෝ ඊට අදාල දෙයක් කෙල උනාම.මේක පත්තු වෙනකොට engine එක on එකේනම් off කරන්න එපා.මොකද ආයේ engine එක on කරගන්න පුළුවන් වෙන ප්‍රවණතාව අඩුයි

    Engine-start-system.gif
    Engine-start-system2.gif


    Service කරන්න කාලේ හරි

    service_light.gif
    lift_service_indicator.gif


    light Indicators



    head light එකට කෙල වෙලා/ head එක හරියට වැඩ කරන්නේ නැ

    headlamp_out_indicator.gif
    headlight_malfunction.gif


    Head Lamp is on

    high_beam_indicator.gif


    Automatic Head beam .Head එක auto on /off වෙන්න දාල තියෙන්නේ

    auto_headlamp_dimmer_indicator.gif


    headlamp ;leveling indicator/ ඔය කදු වල/පල්ලම් වල යද්දී head එක ගානට පාරට adjust වෙනවා.අලුත් ඒවගේ විතරයි මේවානම් තියෙන්නේ


    headlight_levelling.gif


    Daytime Running lights are on. (DRL)

    daytime_running_lights.gif


    Fog Lamp indicator/ Rear Fog lamp indicator

    fog_lamp_indicator_symbol.gif
    rear_fog_lamp_indicator_symbol.gif


    කෙල වීමට ආසන්න indicators


    Master Warning Light - මේක පත්තු වෙනවනම් තව මොකක් හරි indicator එකක් අනිවා පත්තු වෙනවා ඇති.පොඩි එකක් නෙවෙයි.භයානක එකක් .

    master_warning_light.gif


    Electronic Shift Malfunction - ඕක පත්තු උන ගමන් වැටෙයි parking brakes ගහන්න කියල.ගහල repair කරගන්න .

    electric_shift_malfunction.gif


    Drivetrain, Shift or Powertrain Trouble Symbol - Auto gear system එකේ අවුලක්.පුළුවන් ඉක්මනට හදාගන්න

    drivetrain_trouble_indicator.gif


    Transmission එක heat වෙලා.වාහනේ ඉක්මනට නවත්තල ටික වෙලාවක් cool වෙන්න දෙන්න.නැත්තන් transmission එක වැඩ කරන්නේ නැතුව යයි

    transmission_temperature_warning.gif


    Power Steering Trouble - මේක පත්තු වෙච්ච ගමන් ඉක්මනට වාහනේ නවත්තල engine එක off කරලා ආයේ on කරලා බලන්න .එතකොට හරිගියොත් අවුලක් නැ .off කරලා on කරාම power steering එක reset වෙනවා.එත් එහෙම හරි නැත්තන් garage තම

    steering_trouble_indicator.gif


    Catalytic Converter Warning

    Catalytic_converter_overheat_symbol.gif


    Driver Assist Systems Symbols and Indicators

    Cruise control indicator .දන්නවා ඇතිනේ මේක තියන උන්.


    adaptive_cruise_control_indicator_symbol.gif


    Cruise control warning.මේක එන්නනම් radar එක හරි cameras හරි block උනාම.cruise control එකට පාවිච්චි කරන ඒවා


    SCC_warning_indicator.gif
    SCC_radar_warning_indicator.gif


    Distance Warning Indicator - ඉස්සරහ තියෙන වාහනේ ලග වැඩියි.එහෙම නැත්තන් අපි වෙන වහනයක් හෝ යම් කිසි බදකයක් දෙසට ඕනෙවට වඩා වේගෙන් ලං වෙඅන්ව
    distance_warning_indicator.gif


    Plug-in Hybrid/ Hybrid Indicators

    hybrid battery warning.එක්කෝ batteryට කෙල වෙලා.නැත්තන් service කරන්න කාලේ හරි

    hybrid_battery_trouble_indicator.gif
    high_voltage_system_fault.gif


    EV System Warning

    ev_system_indicator.gif


    Low Battery Warning

    Low_Power.gif


    Hybrid Ready Indicator

    ready_indicator.gif


    EV Mode Indicator- EV mode on

    EV_MODE_indicator_symbol.gif



    Indicators in Diesel Powered Vehicles


    Glow Plug Indicator- ඩිසල් engine on වෙන්නනම් heat එක ඕනේ.ඒ කියන්නේ යම් මට්ටමකට engine එක රත් වෙන්න ඕනේ.ඉතින් engine එක සිතල වෙලාවට glow plug වලින් තම engine එක රත් කරන්නේ .හොදට engine එක glow plug වලින් රත් වෙනකල් ඕක පත්තු වෙයි

    glow_plug_symbol_indicator.gif


    Diesel Particulate Filter Warning Symbol Indicator

    Diesel_Particulate_Filter_symbol_2.gif


    Water in fuel System Indicator - ඩිසල් engine වල separator එකක් එනවනේ ඩිසල් වල වතුර තියෙනවනම් අයින් කරන්න.ඉතින් ඕව කාලෙන් කාලෙට service කරන්න ඕනේ.ඕක පත්තු වෙන්නේ කරන්න කලේ හරි කියල

    water_in_fuel_indicator.gif
    water_trap_indicator.gif


    මේක පත්තු වෙන්නේ දැන් ඩිසල් ගහගත්තේ නම් ඒ ගහපු ඩිසල් කෙල වෙච්ච ඒවා.ඒ කියන්නේ contaminated.පුළුවන් ඉක්මනට වාහනේ engine එක off කරන්න.නැත්තන් ෆfuel injection system එකට බඩුම තමා

    water_in_fuel_indicator_2.gif




    ඔවා තම ඉතින් වැඩිපුරම වගේ use වෙන indicators.මේවට අමතරව තව ඕනේ තරම් ඇති.ඒවත් පුලුවන්නම් දාන්න මෙතන දන්නේ නැත්තන්.මන් හොයල හරි කියන්නම්.නැත්තන් මේකේ දන්නා එකෙක් හරි කියයි නේ.හෙන ගේමක් දීල මේවා type කරේ.ඒ හින්ද පුලුවන්නම් :love:bump:love: දාගෙන යන්න.ගොඩක් උන්ට මේක පෙන්න.ගොඩක් උන් දන්නේ නැති දෙයක් දැනගනියි.නැත්තන් මේක හෙන ගේමක් දීල type කරපු එකත් අපරාදේ.දෙයක් ඉගෙනගත්තයයි සිතමි​

    ස්තුති






    :Ddrone ගැන - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here
    :nerd:වාහනයක් ගන්නද යන්නේ? Click Here
    :frown: sony phone ගැන - Click Here
    :dull:ඩෙංගු තියන උන්ට - Click Here
    :rolleyes:AMERICA'S GOT TALENT - Click Here

     
    Last edited:

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    Car eka start karanna key eka dammama othana thiyana godak ewa paththu wenawa ban. Engine eka on kalama serama niwila yanawa. Eka nor da?