අපි නොදන්න උතුරු කොරියාව !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි නොදන්න උතුරු කොරියාව !

    උතුරු කොරියවෙ Kim Jong-un කියනකොට සමහරුන්ට Spellbinder
    Season 02 එකේ මෙයාව මතක් වෙනවත් ඇති.

    attachment.php


    කුකුල් කොටුවක් භාර නරියෙක්, කෙසෙල් ෆැක්ටරියක වඳුරෙක්...විධායක බලතල තියෙන ග්‍රාමසේවක කෙනෙක් වගේ:confused:

    ඒ එක්කම තවත් කෙනෙක් මතක් වෙනව ඇති.:love:
    attachment.php


    නමුත් මේ කියන්න යන කතාවට මෙයා අදාල වෙන්නේ නෑ:D

    හරි දැන් බහිමු මාතෘකාවට !
    මේ ඉන්නේ උතුරු කොරියාවේ දැනට ඉන්න ලොක්කා

    attachment.php


    මේ රටේ මිනිස්සුන්ට හරියට කෑමක් වත් ලැබෙන්නේ නැතිකොට
    මෙයා ඩොලර් මිලියන ගණනින් වියදම් කරගෙන කාර්.....🤔 නෙවෙයි
    න්‍යෂ්ථික මිසයිල අත්හදා බලනවා.
    බැලූ බැල්මට මේක හරි විකාර වැඩක් විදිහට පේනවා ඇති . ඒත්....මෙයාගේ පෙනුම කොහොම උනත්, අපිට හිතෙන තරම්ම-ම...
    බටහිර මාධ්‍ය වලින් කියන තරම්ම-ම මෙයාට පිස්සු නැතිවෙන්න හොඳ
    හේතු තියෙනවා. :)
    ගොඩක් ප්‍රශ්න වලදී වගේම මේකෙදිත් කණ්ඩායම් දෙකකට බෙදාගත්තොත් තේරුම් ගන්න පහසුයි. අපි මේක සමාජවාදී, ධනවාදී
    කියලා ගමු. මේ ඉන්නේ ඔය දෙපිලේ ඉන්න ක්‍රීඩකයෝ

    attachment.php


    සමාජවාදය පිළිගත්තු උතුරු කොරියාව රුසියාව යටතේ එක
    පැත්තක. ධනවාදය පිළිගත්තු දකුණු කොරියාවයි ජපානයයි,
    ඇමරිකාව යටතේ අනික් පැත්තේ.
    ඒ කාලේ සමාජවාදී රටක් විදිහට උතුරු කොරියාව හිටියේ සොවියට්
    රුසියාවේ ආරක්ෂාව යටතේ. ඒත් 1991 දී සොවියට් දේශය බිඳවැටුනා.
    දැන් මේගොල්ලන්ව බේරගන්න කවුරුත් නෑ.
    ඔය අතරේ ඇමරිකාව 2003 ඉරාකය සමතලා කළා. ලිබියාවේ ගඩාෆි
    තමන් පටන් අරගෙන තිබුණු න්‍යෂ්ථික ව්‍යාපෘති නවත්තලා
    ඇමරිකාවත් එක්ක සාකච්ඡා කළත් වැඩේ හරි ගියේ නෑ... අන්තිමේදී
    ඇමරිකානු බුද්ධි අංශයේ (CIA) වැඩ වලින් ගඩාෆි මැරුම් කෑවා.
    attachment.php


    මේ හැම දෙයක් ම උතුරු කොරියාවේ හිටපු නායකයෝ බලාගෙන
    හිටියා. රුසියානු හිතවාදී රටක් විදිහට තමන්ටත් ඇමරිකාවේ ලුණු
    ඇඹුල් හම්බෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා මෙයාලා තේරුම්
    ගත්තා.
    Nuclear Science වලින් රුසියානු විද්‍යාඥයෝ මේ ලෝකේ කාටවත්
    දෙවෙනි වෙන්නෙ නෑ. ඒත් සෝවියට් රුසියාවේ වැටීමත් එක්ක මේ
    ගොඩ දෙනෙක්ට රස්සා නැති උනා. ඒත් මෙයාලට ඉරානය, උතුරු
    කොරියාව වගේ න්‍යෂ්ථික බලය හඹා යන රටවල් වලින් ඉතා ඉහල
    ඉල්ලුමක් ආවා.
    ඇමරිකානු තර්ජනයෙන් බේරෙන්න දත කමින් හිටපු උතුරු
    කොරියාවේ නායකයෝ... රුසියානු දැනුමත් එක්ක තමන්ගේම කියලා
    න්‍යෂ්ථික ව්‍යාපෘතියක් ලහි ලහියේ පටන් ගත්තා.

    attachment.php


    අසිරිමත් ඉරානය ලිපියේ පැහැදිලි කරලා කිව්වා වගේ ඕනෑම රටක්
    න්‍යෂ්ථික අවි හදන්නේ තමන්ගේම ආරක්ෂාවට මිසක් කාටවත්
    ගහන්න බලාගෙන-ම නෙවෙයි.
    ඉතිං න්‍යෂ්ථික බෝම්බයක් හදාගත්තා කියමුකෝ ? හදිසියකදී වත්
    න්‍යෂ්ථික ප්‍රහාරයක් එල්ල කරන්න උනොත් කොහොමද කරන්නේ ?
    අතේ තැපැල් කරන්න බෑ නේ ?
    එක්කො ඇමරිකාව හිරෝශිමාවට කළා වගේ ප්ලේන් එකකින් ගිහින්
    අතාරින්න ඕනේ. නමුත් ඒ වැඩේ උතුරු කොරියාවට කරන්න බැහැ.
    මොකද මෙයා ලඟින්ම ඉන්න ඇමරිකාවේ යාළුවො දෙන්නා.... දකුණු
    කොරියාවටත්, ජපානයටත්, දියුණු ගුවන්යානා නාශක අවි(Anti-
    Aircraft guns) තියෙනවා.
    ප්ලේන් එක මැස්සෙක් වගේ බිම වට්ටලා දාවී

    ඉතුරු එකම ක්‍රමය තමයි මිසයිල !
    දැන් මේ ලිපිය සිහියෙන් හොඳින් කියවෙන කෙනෙක්ට හිතේවි

    “ ඇයි එතකොට ඇමරිකානු පිලේ රටවලට මිසයිල නාශක අවි නැද්ද? ” කියන එක.
    තියෙනවා. ඒත් මේ ගොඩක් මිසයිල නාශක අවි මීට කලින් අත්හදා
    බලල නෑ. ඇයි ?... තාම මේ වෙනකං කිසිම රටක් න්‍යෂ්ථික මිසයිලයක්
    තවත් රටකට එල්ල කරලා නැති නිසා.
    අනික මේ කිසිම අවියකට 100% මිසයිල නවත්තන්න බැහැ..... එක
    න්‍යෂ්ථික මිසයිලයක් මහ හැරුනත් හිතාගන්න බැරි විනාශයක් දකුණු
    කොරියාවට, ජපානෙට වෙන්න පුළුවන්
    ඒ විතරක්ද? උතුරු කොරියාව න්‍යෂ්ථික බෝම්බයක් නැති හිස් මිසයිල
    (Decoy Missiles) අතරේ න්‍යෂ්ථික බෝම්බය ඇති මිසයිල කිහිපයක්
    එව්වොත්?..........
    කපෝතියි !
    මිසයිල රැසකින් න්‍යෂ්ථිකව සන්නද්ධ මිසයිල තෝරා බේරාගෙන
    නිශ්ක්‍රීය කරන්න පුළුවන් පද්ධතියක් තාම කවුරුත් හදලා නෑ

    ඒ නිසා මිසයිල නාශක අවි, ඒ තරම් ප්‍රයෝජනවත් වෙන්නෙ නෑ.
    ඉතිං කොහොම හරි උඩ යාගන්න පුළුවං මිසයිලයක් හැදුවා වගේ
    නෙවෙයි.....ඒකෙ accuracy එක දියුණු කරගන්න, සෑහෙන්න
    අත්හදාබැලීම් කරන්න වෙනවා. News වල අහවල් රට "න්‍යෂ්ථික
    මිසයිලයක් අත්හදා බලයි" කියලා කියන්නේ ඕක තමයි.


    attachment.php


    ඒකෙදි වෙන්නේ න්‍යෂ්ථික බෝම්බයක් නැතුව හිස් මිසයිලයක් launch
    කරලා..ඒක තමන්ගේ ඉලක්කයට හරියට යනවද කියලා බලන එක :)

    දැනටමත් ඇමරිකානු පිලේ ..දකුණු කොරියාවට, ජපානයට ගහන්න
    පුළුවන් range එකේ accurate මිසයිල මෙයාලට තියෙනවා (Nodong, SCUD).

    attachment.php


    නමුත් ඇමරිකාව වගේ දුර රටවල් වලට ගහන්න නං Intercontinental
    ballistic missile (ICBM) කියන ඉතාම ලොකු range එකක මිසයිල ඕනෙ
    වෙනවා. ICBM කියන්නෙ ටිකක් සංකීර්ණ තාක්ෂණය හා ගණිත
    කර්ම පාදක වෙන භාණ්ඩයක්.

    attachment.php


    උතුරු කොරියාව අවුරුදු 10 ක් තිස්සේ තමයි accurate ICBM එකක්
    හදන්න උත්සහ කරන්නේ.
    දැනට නං දකුණු කොරියාවත්, ජපානයත් ඉන්නේ ඇමරිකාවේ
    ආරක්ෂාව යටතේ.
    ඉතිං මේ ප්‍රශ්නය විසඳෙන විදිහ......ප්‍රධාන අතු දෙකකට බෙදෙනවා....

    1) කවදාහරි උතුරු කොරියාව, ඇමරිකාවේ ප්‍රධාන නගර වලට ගහගන්න
    පුළුවන් තරමේ accurate ICBM එකක් හදාගත්තොත් ! ...

    ඇත්තටම දැනටමත් “ඇමරිකාවේ ඇලස්කා වලට ගහගන්න පුළුවන්
    මිසයිලයක් තියෙනවා” කියලා උතුරු කොරියාව මේ ඊයෙ පෙරේදා
    නිවේදනය කළා (HWASANG 14).
    නමුත් නිව්යෝක් වගේ ප්‍රධාන නගර වලට ගහන්න බැහැ.
    එහෙම හදාගත්තොත්, එදාට ඇමරිකාව...උතුරු, දකුණු කොරියා සහ
    ජපානයේ වලි මැද්දට පනින්න ටිකක් අදි මදි කරන්න ඉඩ තියෙනවා

    මොකද එහෙම උනොත් උතුරු කොරියාවෙන් තමන්ට Nuclear attack
    එකක් එන්න පුළුවන් නිසා.

    attachment.php



    ඒ කියන්නේ දකුණු කොරියාවටත්, ජපානයටත්.. ඇමරිකාව තමන්ව
    බේරගනී කියලා හිතන්න බෑ.

    එතකොට මොකද වෙන්නේ ?

    මේ දෙන්නත් තමන්ගේම න්‍යෂ්ථික අවි නිපදවන්න පටන් ගනීවී. දකුණු
    කොරියාව, ජපානය කියන්නේ විද්‍යාඥයොන්ගෙන් උගතුන්ගෙන්
    පිරිලා ඉතිරිලා යන රටක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ ?

    මෙයාලට න්‍යෂ්ථික අවියක් හදන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
    එතකොට මොකද වෙන්නේ ?

    එතකොට වෙන්නේ, හොස්ස ලඟින් මැස්ස ගියත් අනික් රටවලුත් එක
    පිම්මේ න්‍යෂ්ථික අවි දියුණු කරන්න පටන් ගන්න එක (nuclear proliferation)

    මුළු ලෝකයම හතු පිපෙන්න වගේ න්‍යෂ්ථික බෝම්බ වලින් පිරිලා
    ඉතිරිලා යාවී !දැනටමත් රටවල් 9 කට න්‍යෂ්ථික අවි තියෙනවා.

    attachment.php


    ඉතිං මේ නිසා තමයි ඇමරිකාව එක පිට එක උතුරු කොරියාවට
    ආර්ථික සම්බාධක දාන්නේ.

    2) ඇමරිකාව දැන්ම-ම මුලින්ම Nuclear strike එකකින් උතුරු කොරියාව
    ඉවරයක් කළොත් !


    ඇමරිකාව, රුසියාව වගේ රටවලට වැඩිදියුණූ කරපු accurate ICBM
    මිසයිල දහස් ගණනින් දැනටමත් තියෙනවා.
    ඒ නිසා ඇමරිකාවට...උතුරු කොරියාව ඕනෙ වෙලාවක ලෝක
    සිතියමෙන් මකලා දාන්න පුළුවන්. මොකද උතුරු කොරියාවට Second
    Strike Capability එකක් වත් නැති නිසා (SSC කියන්නෙ මොකක්ද කියලාඅසිරිමත්
    ඉරානයලිපියේ කියලා ඇති)

    ඇමරිකාව එහෙම ගැහුවොත්.....මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි.
    ඇමරිකානු මිත්‍ර දකුණු කොරියාවත්, ජපානයත් ගොඩ.

    ඒ කියන්නේ උතුරු කොරියාව පැත්තෙන් බැලුවොත් එයාලා ඉන්නේ
    මොන වෙලේද කියන්න බැරි time බෝම්බයක් උඩ !

    ඒ නිසා තමයි ඇමරිකාව මොන සම්බාධක දැම්මත්... තමන්ගේ
    මිනිස්සුන්ට හරියට කන්න නැති උනත් උතුරු කොරියවට ලහි ලහියේ
    accurate ICBM එකක් හදන්න කාලය, මුදල් වැය කරන්න වෙලා
    තියෙන්නේ.

    ඉතිං ඒක නිසා මේ දෙපිලේ කාටවත් නිකං බලං ඉන්න නං වෙලාවක්
    නැ !
    Kim Jong-un ලා හොඳ මිනිස්සු නෙවෙයි. ඒකෙ කිසි විවාදයක් නැහැ. ඒ
    අයගේ නරක ගැන දැනගන්න ඕනෙ නං කරන්න තියෙන්නේ
    පත්තරයක්, CNN, NEWS බලන එක විතරයි.

    ඒත්

    ඔය කියන මාධ්‍ය වලින් මවා පාන විධිහට න්‍යෂ්ථික බලය ලැබුණු
    ගමන් උ. කොරියාව ඇමරිකාවට බෝම්බයක් අතාරීවී ..... බෝම්බයේ
    detonator එක තියෙන්නේ Kim කියන පිස්සෙක්, විකාර කාරයෙක් ගෙ අතේ ද ?

    කියන එක තව පාරක් හිතන්න පෙළඹුනා නම්. මේ ලිපිය සාර්ථකයි
    කියලා කියන්න පුළුවන් :D


    PS: rep නෙවෙයි වටිනවනං thread එක Rate කරන්න
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒකත් ඇත්ත තමා නොකා හරි ජීවත් වෙන්නත් රටක් තියෙන්න එපැයි :yes: හැබැයි ඔය පරණ තරහ අමතක කරලා දකුණු කොරියාව එක්ක සාමෙන් හිටියනං ඕව ඕනේ වෙන්නෙ නෑ නෙ.

    හොඳ ත්‍රෙඩ් එකක් :love:+10
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එක හුස්මට කියවන්න පුළුවන්.
    හැමදාමත් වගේ පට්ටම විස්තරයක්.
    නිතර ලියපන්කො මචෝ!
    rep නම් බැලූ. :(
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Honda lipiyak! :yes:

    ඒකත් ඇත්ත තමා නොකා හරි ජීවත් වෙන්නත් රටක් තියෙන්න එපැයි :yes: හැබැයි ඔය පරණ තරහ අමතක කරලා දකුණු කොරියාව එක්ක සාමෙන් හිටියනං ඕව ඕනේ වෙන්නෙ නෑ නෙ.

    හොඳ ත්‍රෙඩ් එකක් :love:+10

    Shape wenne baha, shape unoth americawa assata ringala Kim wa marala north korea walath amarikawata kade yana nayakayek path karai.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමරිකාවෙ සුද්දෙක්ම කියල තියෙනව දැකපු කතාවක්. ඇමරිකන් කාරයන්ට ඉරානෙට උතුරු කොරියාවට වෛර කරනවට වඩා හේතු ඉරාන් උකොරියානු ජාතිකයන්ට ඇමරිකාවට වෛර කරන්න තියෙනව :yes: පිස්ස වගේ හිටියට මුගෙ මිසයිල සාර්ථක වුනා නං හරි :yes: කොහොමත් ලෝකෙ ජනගහනෙත් දැන් ඕනෙවට වඩා වැඩියි :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Honda lipiyak! :yes:



    Shape wenne baha, shape unoth americawa assata ringala Kim wa marala north korea walath amarikawata kade yana nayakayek path karai.
    ඔව් ෂේප් වෙනව කියල මම අදහස් කරේ ඇමරිකාවට රෙදි නැතුව කඩේ නොගියත් සාමාන්‍ය රටක් විදිහට නිකන් හිනා මුණ දාගෙන හිටියනං ඉවරයි නෙ. අනික බලන්නකෝ දකුණු කොරියාව අද ඉන්න තැන. ඇමරිකාවට කඩේ ගියා කියල උන්ට හරිගිහින් මිසක් වැරදිල නෑ නෙ. :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ෂේප් වෙනව කියල මම අදහස් කරේ ඇමරිකාවට රෙදි නැතුව කඩේ නොගියත් සාමාන්‍ය රටක් විදිහට නිකන් හිනා මුණ දාගෙන හිටියනං ඉවරයි නෙ. අනික බලන්නකෝ දකුණු කොරියාව අද ඉන්න තැන. ඇමරිකාවට කඩේ ගියා කියල උන්ට හරිගිහින් මිසක් වැරදිල නෑ නෙ. :yes:

    හයිටියත් ඇමරිකාවට කඩේ යනවද කොහෙද බං. කඩේ නෙමේ උන් කෙලින්ම අයිතිත් ඇමරිකාවටද කොහෙද :sorry:ඒත් උන්ට මොනාද හරි ගිහිං තියෙන්නෙ :sorry: උන්ට කඩේ ගියා කියල බදු සහන වගේ පොඩි පොඩි දේවල් ටිකක් දෙයි වැඩි හරිය තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ අතේ අපිට ඇමරිකාවට නෙමේ පිටසක්වල ජීවීන්ට කඩේ ගියත් මේ රට ගොඩගන්න බෑ :no:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් ෂේප් වෙනව කියල මම අදහස් කරේ ඇමරිකාවට රෙදි නැතුව කඩේ නොගියත් සාමාන්‍ය රටක් විදිහට නිකන් හිනා මුණ දාගෙන හිටියනං ඉවරයි නෙ. අනික බලන්නකෝ දකුණු කොරියාව අද ඉන්න තැන. ඇමරිකාවට කඩේ ගියා කියල උන්ට හරිගිහින් මිසක් වැරදිල නෑ නෙ. :yes:

    "ලිබියාවේ ගඩාෆි
    තමන් පටන් අරගෙන තිබුණු න්‍යෂ්ථික ව්‍යාපෘති නවත්තලා
    ඇමරිකාවත් එක්ක සාකච්ඡා කළත් වැඩේ හරි ගියේ නෑ... අන්තිමේදී
    ඇමරිකානු බුද්ධි අංශයේ (CIA) වැඩ වලින් ගඩාෆි මැරුම් කෑවා."
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හයිටියත් ඇමරිකාවට කඩේ යනවද කොහෙද බං. කඩේ නෙමේ උන් කෙලින්ම අයිතිත් ඇමරිකාවටද කොහෙද :sorry:ඒත් උන්ට මොනාද හරි ගිහිං තියෙන්නෙ :sorry: උන්ට කඩේ ගියා කියල බදු සහන වගේ පොඩි පොඩි දේවල් ටිකක් දෙයි වැඩි හරිය තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ අතේ අපිට ඇමරිකාවට නෙමේ පිටසක්වල ජීවීන්ට කඩේ ගියත් මේ රට ගොඩගන්න බෑ :no:
    මම කියන්නේ කඩේ ගියා කියල දියුණු වෙනව කියල නෙවේ වෝකරයෝ, දියුණු වෙන එක උන්ගේ අතේ තියෙන්නෙ. ඒත් න්‍යෂ්ටික අවි හදාගෙන ඔච්චර තඩි හමුදාවක් තියාගෙන සම්බාධක තොගේකට මූන දීගෙන කොයි වෙලේ යුද්දයක් පටන්ගනිද කියල බයේ ගැහි ගැහි ඉන්න ඕනේ නෑ නෙ උන්ට.

    නිකන් නැති කරදර ඇඟට දාගෙන කියල මට නං හිතෙන්නේ.