පිබිදෙන සෞදි අරාබිය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පිබිදෙන සෞදි අරාබිය !

    පහුගිය නොවැම්බර් මාසයේදී හදිසියේම සෞදි ඇමතිවරු,
    ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි කුමාරවරු පවා ඇතුළු 500 ක් විතර
    හිරභාරයට ගන්නවා.

    මිනිස්සු පැනලා යන එක නවත්තන්න සෞදියේ සියලුම privet jets
    ගුවන්ගත වෙන එක තහනම් කරනවා. හොඳම වැඩේ කියන්නේ
    මෙයාලව ගිහිල්ලා දාපු හිර ගෙදර තමයි මේ :D

    0y4vemo7m77ug306g.jpg

    හිරගෙදරක් කියල කිව්වට.....මේක හිරගෙදරක්ම නෙවෙයි. අධි
    සුපෝභබෝගී හෝටලයක්
    (Ritz-Carlton). සෞදියේ වෙන්නේ මෙහෙම
    වැඩ තමයි
    “ඒක වෙනමම ආතල් එකක් ”

    ඉතිං මේ හිරකාරයොන්ට තියෙන්නෙ එක විසඳුමයි.
    ඒ තමයි.. තමන් රජයට වංචා කරපු සල්ලි වලින් කොටසක් ආපසු
    ගෙවීම. ගොඩක් අය සල්ලි ගෙව්වා. මේ විදිහට සෞදි රජය recover
    කරපු ආදායම ඇ.ඩො
    බිලියන 107 විතර වෙනවා.

    2m83z5e6quxlm6j6g.jpg


    මේ “ගේම්” එක පිටිපස්සේ හිටියේ... සෞදිය කවදාවත් නොදැකපු
    තාලේ ප්‍රභල තරුණ නායකයෙක්. ඒ තමයි Mohammad bin Salman
    කුමරු.

    අනික් සෞදි කුමාරවරු වගේ නෙවෙයි. Salman කුමාරයා උපාධිය
    ගන්නේ සෞදියේම තියෙන University එකක. මෙයා තමයි පන්තියේ
    දෙවැනියා ;)

    jp2w1bnk11c2ssw6g.jpg

    ඔව් ඔව් මටත් මතක් උනේ මේ සිද්ධියම තමයි :D

    ඉතිං මේ විදිහට හොයාගත්තු සල්ලිත් ආධාර කරගෙන Salman
    කුමරු සුවිශාල නගරයක් සැලසුම් කරනවා . ඒ තමයි NEOM Project
    එක.
    29rxylwxxxt3ycg6g.jpg



    මේ NEOM project එකට, Siemens සමාගමේ හිටපු CEO වගේම.
    ලෝ සුපතල Richard Branson පවා එකතු වෙනවා.

    අපි දන්නවා සෞදිය කියන්නේ අතීතයේ හිරවුණු, උගතුන් වියතුන්
    වෙනුවට අල්- කුර්ආනය වමාරන අය පඬිවරුන් විදිහට සළකන
    “මෝඩ” රටක්.

    ඉතිං තමන්ගේ රටම ගොඩ ගන්න බැරි නං .... අඩුම තරමේ රටින්
    කොටසක හරි නවීන නගරයක් හදන්න Salman කුමරු පියවර
    ගන්නවා.

    ඔන්න ඔතනට තමයි NEOM project එක සම්බන්ධ වෙන්නේ. මේ
    NEOM නගරය කියන්නේ සෞදියේ නීතිවලින් නිදහස් කලාපයක් !

    Project එකේ ආයෝජයකන්ට Salman ඉතාම වැදගත් දෙයක්
    කියනවා.
    ඒ තමයි.....

    අපි නැවතත් අතීතයේදී වගේ සියලුම ආගම් වලට නිදහස්, අවට ලෝකයට විවෘත රටක් වෙනවා

    සෞදි කුමාරයෙක් මේ තරම් විවෘතව කතා කරනවා මීට කලින් අහල තියෙනවද? :D

    ඇත්තටම මුල් කාලයේදී ඉස්ලාමීය රාජ්‍යයේ
    (Caliphate හි) වර්ථමානයට වඩා අන්‍ය ආගම් වලට සෑහෙන නිදහසක් තිබුණා.

    Umar කියන නායකයා
    (Caliph)ගේ කාලයේ මුස්ලිම් නොවන අය අතර
    පවා ආධාර බෙදලා දුන්නා. එයා ක්‍රිස්තිනානුවන් ගෙන් යටත්
    කරගත්තු ජෙරුසලම නගරයේ අන්‍යාගමිකයන්ට දුන්න නිදහස
    ගැන එහෙම හොයාගෙන කියවන්න වටිනවා.

    2e90u0uyacoz3l36g.jpg



    මේ කියන NEOM project එක එසේ මෙසේ ව්‍යාපෘතියක් නං නෙවෙයි.

    මේකේ විශාලත්වය මුළු ලංකාවෙන්ම භාගයකට ආසන්නයි.

    හැබැයි මේක ආරම්භයක් විතරයි.

    මුළු සෞදි කතරම දෙදරා යන

    සැබෑ වෙනසක් ” හිටං ඇති කරන්න Salman කුමාරයා ලොකු

    සැළසුම් කිහිපයක් ම තිබුණා.



    NEOM project එකේ YouTube trailer එකේම පිරිමින් සමඟ කරට කර

    වැඩ කරන ගැහැණුන් දකින්න ලැබෙනවා.



    hcmefdhr9iwdj2a6g.jpg





    ඇත්තටම ගැහණුන් “නින්ජා ” විදිහට අන්ඳන කළාව ලෝකයට

    හඳුන්වා දුන්නේ ඉස්ලාමිකයන් නෙවෙයි. යුදෙව්වන්.


    ඒත් පසු කාලීන යුදෙව්වන්ට මොලේ පෑදෙනවා. එයාලා තමන්ගේම

    රටක් පිහිටුවද්දී පූජ්‍ය පක්ෂ වලට රටේ පාලනයට ඒ තරම් හොස්ස

    දාන්න දෙන්නෙ නෑ.

    ඒ වගේම ගැහැණුන්ට නිසි තැන ලැබෙනවා.


    මේ වගේ ආගමින් මිදුනු වටපිටාවක යුදෙව් රාජ්‍ය... ඊශ්‍රායලය සියලුම

    අරාබි රටවල් අභිබවා සීඝ්‍ර දියුණුවක් ලබනවා.


    සෞදියේ කාර් එළවන ගෑනුන්ට වඩා ඊශ්‍රායලයේ ප්‍රහාරක ජෙට්

    යානා නියමුවරියන් පවා ඉන්න කාලයක් උදාවෙනවා.



    jgtl85yf3mw9p5m6g.jpg



     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතිං තමන්ගේ රට ගොඩ දාන්න නං ... රටේ ජනගහනයෙන්
    භාගයක් ගෝනි රෙදි වලින් පොරවලා ගෙදරට කොටු කරලා
    හරියන්නේ නෑ කියලා Salman කුමරු තේරුම් ගන්නවා.

    1c830t88vq7ag1l6g.jpg

    ලෙබනන් ජාතික Hiba Tawaji ගේ ප්‍රසංගය

    මෙයාගේ අනුදැනුම යටතේ සවුදියේ ප්‍රථම කාන්තා සංගීත
    සංදර්ශනය පවත්වනවා.
    කාන්තාවන්ට රිය පදවන්න මේ වසරේ
    (2018)ජූනි මාසයේ අවසර ලැබෙනවා.
    කාන්තාවකට ව්‍යාපාරයක් හිමි කරගන්න, ක්‍රීඩාවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා .


    ප්‍රථම වතාවට
    සෞදි කොටස් වෙලඳපලේ මුල් පුටුවට කාන්තාවක්
    (Sarah Al- Suhaimi)පත් වෙනවා. සවුදියේ වැඩ කරන කාන්තාවන්
    ප්‍රමාණය වැඩි කිරීමත් මෙයාගේ අරමුණක් වෙනවා.

    මේ හැම දෙයකටම මඟ පාදපු Mohammad bin Salman කුමරු මේ
    දක්වා විවාහ කරගත්තේ
    එකම එක කාන්තාවක් පමණයි.

    u6552hjr93c5jb56g.jpg


    මෙයා යටතේ ප්‍රථම සවුදි Comic-Con, Monster truck rally පවා
    පවත්වනවා.
    1970 ඉඳන් වහලා තිබුණු චිත්‍රපටශාලා ආපහු විවෘත වෙනවා.

    ඒවායේ අනිත් සංස්කෘතීන්ට අයිති චිත්‍රපට පවා දර්ශනය වෙනවා.

    දැන්... ලිං මැඩියෝ වගේ හිටපු අරාබි ජාතිකයොන්ට මැජික් වගේ
    අනිත් රටවල් ගැන අදහසක් ලැබෙන්න ගන්නවා.

    මීට අවුරුදු 3 කට කලින් සෞදියේ මේ වගේ දේවල් වෙයි හිතන්නවත් පුළුවන් තත්වයක් තිබුනේ නෑ :)

    හැමදාම තෙල් අපනයනයෙන් සෞදියට ගොඩ යන්න බෑ. ලෝකයේ
    ඊලඟට නැඹුරුව
    (Trend එක) තියෙන්නේ හිරු එළියේ, සුලඟේ (ඒඩ්ස්
    නං නෙවෙයි ඔන්න)
    , ජලයේ වගේ Renewable energy මතයි.

    ඒ නිසාම NEOM නගරයත් බල ගැන්වෙන්නේ මේ කියන Renewable
    energy වලින්. ප්‍රවාහනය වෙන්නේ Hyperloop වැනි ඉලෙක්ට්‍රිකල්
    වාහන වලින්
    බිහි කරන්න බලාපොරොත්තු වෙන්නේ සැබෑ උගතුන්

    සෞදිය කියන්නේ දැඩි ආගමික රාජ්‍යක්. ඒ කාලේ ලංකාවේ දළදා
    වහන්සේගේ භාරකාරයා රටේ පාලකයා විදිහට පිළිගත්තා වගේ...
    සෞදියෙත් පූජක පක්ෂයේ අනුමැතියෙන් තමයි පාලකයා පත්
    වෙන්නේ

    hcv1xfilji670tl6g.jpg


    ඒ වෙනුවට පූ‍ජ්‍ය පක්ෂයට දැඩි ඉස්ලාමීය නීති ක්‍රියාත්මක
    කරවන්න නිදහස ලැබෙනවා නමුත් Bin Salman කුමරු ටිකෙන්
    ටික ආගමික යදම් වලින් රට ගොඩ දානවා. පූජක පක්ෂයට
    තියෙන බලය අඩු කරනවා.


    or7mwckc837s44k6g.jpg


    සෞදියේ ආගමික පොලිසියක් (Mutaween)තියෙනවා. 2002 මාර්තු 11
    වෙනිදා පූජනීය මක්කම නගරයේ කාන්තා ඉස්කෝලයක ගින්නක්
    හට ගන්නවා.

    ගින්නෙන් බේරිලා ගැහැණු ළමයින් එළියට දුවගෙන එද්දී මේ
    ආගමික පොලීසිය කරන්නේ..... ඒ ළමයින්ව නැවතත් බිල්ඩිම ඇතුලට දාලා දොර වහන එක

    හේතුව ????

    එලියට බහින්න සුදුසු ඉස්ලාමීය ඇඳුමෙන් ගැහැණු ලමයි ඇඟ
    වහගෙන නොතිබීම !
    සහ ඒ අයව එක්කන් යන්න පිරිමියෙක් නොසිටීම.
    ඕං ඔහොම තමයි මෙයාලගේ මොළ වැඩ කරන්නේ 😠

    මේ නිසා ඉතාම අවාසනාවන්ත විදිහට පුංචි ගැහැණු ලමයි 15
    දෙනෙක් පිච්චිලා මැරෙනවා !

    nkbmha8zoge7fzn6g.jpg



    ඉතිං මේ ජාතියේ මිනිස්සුත් එක්ක රටක අනාගතයක් හිතන්නවත්
    බැහැ.

    නමුත් Salman කුමරු බය නැතුව මේ පොලීසියේ කොඳු නාරටිය
    බිඳලා දානවා.
    මෙයාලට දැන් සෞදිය ඇතුලේ අත් අඩංගුවට ගන්න වත් බලයක් නෑ.

    හැබැයි ආගමික මිනිස්සුත් එක්ක සැබෑ වෙනසක් කරන එක ලේසි
    නැහැ. තාමත් ලංකාවේ කාන්තාවන්ට ජය ශ්‍රී මහා බෝධීන්ගේ
    භූමියේදි තහංචි.
    නැකැත් ජෝතීශ්‍ය වල නොවැදගත් කම බුදුරජාණන් වහන්සේ
    මොන තරම් පෙන්නලා දුන්නත්

    d9ocfs5ckefaop86g.jpg


    නැකැත් නොකරපු මුල් ගලක්, මුදුන් ලීයක් තියෙන සිංහල
    ගෙදරකින් අබ ඇටයක් ගේන්න කිව්වනං

    වැඩේ ලේසි වෙන්නේ නැහැ

    දෙන්නා කොච්චර කැමති වුණත් කේන්දර දෙක කැමති නැත්නං
    කසාදේත් හබක් !

    මේවා වෙනස් කරන්න කවුරු හරු උත්සහ කළොත් ඊලඟ ඡන්දෙන්
    එයා ගෙදර තමයි !
    ඒ... ලංකාවේ බෞද්ධ මිනිස්සු

    එහෙනං ඉස්ලාමීය රටේ Bin Salman කුමාරයාට තියෙන
    අභියෝගය ගැන හිතාගන්න පුළුවන් නේද? ඒ නිසාම Salman
    කුමරු සාර්ථක ලෙස තමන්ගේ අදහස් සමාජගත කරන්න ආගම
    කියන පොලිටිකල් ටූල් එක පාවිච්චි කරනවා.


    8l68dva4uoy4g206g.jpg


    ඉස්ලාමීය ඉතිහාසයෙන් තමන්ගේ මතය තහවුරු කරනවා.
    හැබැයි පුතෝ.... හොඳ අලුත් අදහස් තිබුණට මදී.
    ඒ අදහස් රටේ මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් වෙන්නේ සැබෑ
    දක්ෂයෙක්ට විතරයි.

    1958 දී ඉස්ලාමීය පූජකවරු,
    “ඊජිප්තුවේ සියලූම ගැහැණුන් ට
    හිජාබය අනිවාර්ය කරන්න ඕනේ ”
    කියනකොට එරටේ ජනාධිපති
    Gamal Abdel Nasser සමච්චලේට හිනාවෙන වීඩි‍යො එක හොයං
    බලන්න.
    නමුත් එයාටවත් ඊජිප්තුව ගොඩ ගන්න බැරි උනා.

    Bin Salmaan කියන්නේ බුද්ධිමත් දක්ෂ නායකයෙක්මත් නෙවෙයි.
    මෙයා සෞදිය නැවතත් තෙල් මාකට් එකේ බලවතෙක් කරන්න
    ගහපු ප්ලෑන් එක පත්තු වුනා. යෙමනයේ මෙයා පටන් ගත්තු යුද්ධය
    කොටි වලිගයක් උනා.
    ඒවා ගැන විස්තර මෙතන කියන්න ඉඩක් නැහැ
    ඒ වගේම ආගමික උන්මාදයෙන් උඩුදුවලා ගඳගහන රටක් එක
    රැයකින් ගොඩ ගන්න එකත් ලේසි නෑ .

    ig1ltu97db7xr7w6g.jpg



    ඇත්තටම රටක් සාර්ථකව ඉස්ලාමයෙන් ගලවගන්න සමත් වුණේ තුර්කියේ Mustafa Kemal Atatürk විතරයි. එයා නම් සුපිරි ඝනයේ
    හමුදා නායකයෙක්, උගතෙක් බුද්ධිමතෙක්. ඒ ගැන අපි
    අපි නොදන්න තුර්කිය න් කතා කළා
    තාමත් සෞදියේ වාර්ෂික ණය ප්‍රමාණය වසරකට ඇ.ඩො 50 බැඟින්
    වැඩි වෙනවා පූජක පක්ෂයත් Salman කුමරු එක්ක තරහයි. ප්‍රශ්න
    ගොඩයි.

    ඒත් මේ සියල්ල මැද කුමාරයා බලය රැකගත්තොත් නං, අපේ රටේ
    මුස්ලිම්වරු අත්විඳින නිදසහම අන්‍යාගමිකයන්ටත් තියෙන, ලස්සන
    ඉස්ලාමීය රාජ්‍යක් බවට සෞදිය පත් වේවී.

    ඒක දකින්න අපිත් පණ පිටින් ඉඳිවී :D

    මේකේ සමහර තැන් වල අකුරු/ පින්තූර වල alignments ඇද වෙලා. ඒක හදන්න බෑ මොකක් හරි හේතුවක් නිසා. සොරි වෙන්න ඕනේ
    Thread එකකට වඩා facebook එකේ note එකක් දාන එක හරි ලේසියි අප්පා :(


    මං ලියපු අනෙකුත් ලිපි


    අපි නොදන්න තුර්කිය

    අසිරිමත් ඊශ්‍රායලය !

    Supergun වල කතන්දරේ !




     
    Last edited:

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    For sure if Salman could keep his crown; Saudi will be a well civilized country in ten years while Sri Lankan Muslims going to barbarian life
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    For sure if Salman could keep his crown; Saudi will be a well civilized country in ten years while Sri Lankan Muslims going to barbarian life

    we all are going to barbarian life. we aren't doing any better than them :( breeding like pigs :sorry: :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මෙයා තාම කොල්ල නෙ. එක දිගට බලේ ඉන්න බාධාවකුත් නෑ. මූ අවුරුදු අසුවක් විතර වෙනකන් බලේ හිටියොත් නං ලොකු වෙනසක් වෙයි :yes:
     
    • Like
    Reactions: djnick