යුද අපරාධ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පනවන ලෙසත් මෙරටට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයකු මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබේ.

    ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට සාක්ෂි ඇති බවත් එම යුද අපරාධ කළ අය ඉහළ ධුර වලට පත්කර ඇති බවත් ඔහු පවසා ඇත.

    දෙමළ ජනතාවට මියගිය අය සැමරීමට වත්මන් රජය ඉඩ දී නැතැයි ද පැමිණිලි කරන ඔහු ජිනීවා යෝජනා ඉටු කිරීමට රජය ක්‍රියා කර නැතැයිද දැනුම් දී තිබේ.

    වත්මන් ශ්‍රී ලංකා රජයද යුද හමුදාව යුද අපරාධ සිදුකර නැතැයි යන පිළිවෙත අනුව කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.