1970 සමගි පෙරමුණ ප්රගතිශීලී ආණ්ඩුව

Magadhanandha Kanthabahu

Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    https://www.elakiri.com/threads/පළමු-මහ-මැතිවරණය.1938920/

    https://www.elakiri.com/threads/පණස්-හයේ-පෙරළිය.1938923/


    1970 දී බිහිවූ සමගි පෙරමුණ ආණ්ඩුව සමන්විත වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කොට ගත් ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක් වීමෙනුයි. සමගි පෙරමුණ ආණ්ඩුවට ආසන 168 න් 116 ක්, එනම් 2/3 ක්, දිනා ගත හැකි වුණා. ඒ අනුව සමගි පෙරමුණ ආණ්ඩුවට 48.93% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයට ආසන 17 ක්ද, පෙඩරල් පක්ෂයට ආසන 13 ක්ද ලැබුණේ පිළිවෙළින් 37.91% හා 4.92% ඡන්ද ප්‍රතිශත ලබමිනුයි.



    1970 ආණ්ඩුව මෙරට කර්මාන්ත යුගය ආරම්භ කළේ වානේ කර්මාන්තය, ලෝහ කර්මාන්තය, රෙදිපිළි කර්මාන්තය, කඩදාසි කර්මාන්තය, ලුහුභාණ්ඩ කර්මාන්තය, පේෂ කර්මාන්තය, දේශිය කිරි කර්මාන්තය පමණක් නොව පෞද්ගලික අංශය යටතේ මෙරට මෝටර් රථ ස්කූටර් ට්‍රැක්ටර් නිෂ්පාදනයද ආරම්භ කරමින්. එසේම බැංකු ජනසතුව, තෙල් ජනසතුව, ඉඩම් ජනසතුව, වානේ, ටයර්, පිටි කර්මාන්තශාලා ආරම්භය, නව ජනරජ ව්‍යවස්‌ථාවක්‌ ඇරැඹීම, සෙනට්‌ සභාව අහෝසි කිරීම, උත්තරීතර අධිකරණය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය බවට පත් කිරීම මෙන්ම වගා සංග්‍රාමය ආරම්භ වූයේ ද මේ යුගයේදීයි. මෙරට නිපදවිය හැකි සෑම වගාවක්ම නිෂ්පාදනයක්ම මෙරට නිපදවීම සඳහා යම් දුෂ්කර ‍එහෙත් අතිශයින් ම පලදායි ප්‍රතිපත්ති ආරම්භ කළ නමුත් ලෝක ආර්ථික අර්බුදය සහ වෙනත් ආර්ථික බලපෑමෙන් එහි යම් දුෂ්කරතා සහ සංකීර්ණතා ඇති වන්නට වුණා.



    නාමික නිදහසින් පසු ජනරජ ව්‍යවස්ථාව ගෙන එමින් බ්‍රිතාන්‍ය කිරීටයෙන් සැබෑ නිදහසක් රටට අත්පත් කොට දුන්නේද 70 බිහිවූ සමගි පෙරමුණු ආණ්ඩුවයි. එසේම ඒ දක්වා පැවැති සියලුම ආණ්ඩු අතරින් සාපේක්ෂව වඩාත් ජනහිතකාමී, ඉදිරිගාමී වැඩකොටසක් ඉටු කළේද එකී ආණ්ඩුවයි. මීට හේතුව සමගි පෙරමුණ යටතේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ තීරණාත්මක වැඩ මැදිහත්වීමක් කළ බවට අර්ථ ගන්වන්නට හැකි නමුදු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමා බණ්ඩාරනායකගෙන් ලද අනුග්‍රහය නොසලකා හරින්නට බැහැ.



    සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් 1970 සමඟි පෙරමුණු ආණ්‌ඩුවේ සිටි ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ ලෙස්‌ලි ගුණවර්ධන සමග ඇතිවූ දේශපාලන ගැටුම් අවසානයේ ඔවුන් දැරූ ඇමැති පදවිවලින් ඉවත් කිරීමට බණ්‌ඩාරනායක මැතිනිය පියවර ගත්තා. ඒ අනුව සමසමාජ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වුණා. එම ආණ්‌ඩුවේ අනෙක්‌ හවුල්කාර පක්‍ෂය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයද 1977 ජනවාරි මාසයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වූ අතර ඉන් ටික දිනකට පසු සමඟි පෙරමුණු ආණ්‌ඩුවේ ප්‍රගතිශීලී මන්ත්‍රීන් ලෙස ප්‍රසිද්ධව සිටි නන්ද එල්ලාවල, ඒ. එම්. ජිනදාස, ටෙනිසන් එදිරිසූරිය සහ ගාමිණි ආරියතිලකද, කර්මාන්ත ඇමැතිව සිටි ටී. බී. සුබසිංහද ආණ්‌ඩුවෙන් ඉවත්ව ගියා. මේ සියලු දෙනාම ආණ්‌ඩුවෙන් ඉවත්වී විපක්‍ෂයට ගියේ පෞද්ගලික වරප්‍රසාද වරදාන තනතුරු බලාපොරොත්තුවෙන් නොවේ.
     
    • Like
    Reactions: randy6667