පරිගණක ජාලකරණය පාඩම 4

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පරිගණක ජාලකරණය පාඩම 4


    පරිගණක ජාලකරණය පාඩම 1

    පරිගණක ජාලකරණය පාඩම 2

    පරිගණක ජාලකරණය පාඩම 3



    අපි පරිගණක ජාලකරණය පසුගිය පාඩමේදී සාකච්ඡා කලේ OSI Layers ඇසුරින් පරිගණකයකින් ජාලය තුල පිහිටි තවත් පරිගණකයකට දත්ත යැවීමට සූදානම් කරන ආකාරයත්, එම දත්ත අනෙක් පරිගනකයට යැවෙන ආකාරයත් පිලිබදවයි. මේ OSI Layers ගැන මතක තියාගන්න පහසු වෙන පොඩි ඉංගිරිසි වැකියක් ඔයාලට දෙන්න හිතුවා. ඒක පහුගිය ලිපියෙන් දෙන්න අමතක වුනානේ මට. "All People Seem To Need Data Processing" තමයි වැකිය. බලන්න රෑපය දිහා කොතරම් ලස්සනට ගැලපිලා තියෙනවද කියලා ඒක OSI Layers සමගින්.

    4.jpg

    පරිගණක ජාලකරණය පාඩම් මාලාව යටතේ අද කතා කරන්න යන්නේ TCP/IP(Transmission Control Protocol / Internet Protocol) යනු කුමක්ද හා එම සංකල්පයේ භාවිතය පිලිබදවයි. TCP/IP යනු අන්තර්ජාලයේදී සන්නිවේදනය සදහා භාවිතා කෙරෙන මූලික භාෂාවයි. එලෙසින්ම මෙය සන්නිවේදනයේ මූලික ආකෘතියක් ලෙසින් ජාලයකදීත් භාවිතයට ගැනෙනවා. මෙම පාඩමේදී TCP/IP මිශ්‍රණයක්, ජාලයක් තුලදී දත්ත යැවීමේදී හා ලබාගැනීමේදී ක්රියා කරන එයටම ආවේණිකවූ specific role එක පිලිබදව කතාබහකරමු. OSI කියන model එකට ලේයර හතක් තියෙන බවට අපි පහුගිය ලිපියේදී කතා කලා මතක ඇති. එහෙම නැත්නම් ඒ ලිපිය මෙතනින් ගිහින් කියවලම එන එක වැදගත්වේවි අපහසුවකින් තොරව පාඩම කරගෙන යාමට. ඉතින් මේ OSI කියන model එකට තියෙන ලේයර හතෙන් හයක්ම මේ TCP/IP යනුවෙන් හදුන්වන සන්නිවේදනයේ නිර්මිතයත් සමග කෙලින්ම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ OSI එකේ layers 7ක් තියෙන නමුත් TCP/IP එකේ තියෙන්නෙ layers 4යි. සමහර තැනක මේ TCP/I‍P layers ගණන 5ක් ලෙසත් සදහන් වෙනවා දකින්න පුලුවන්. එයට හේතුව වන්නේ Network Access layer එක කොටස් දෙකකට බෙදා දැක්වීමයි. (physical හා data link) එවිට TCP/IP 4 layer හෝ 5 layer නිර්මිතයක් ලෙස ව්‍යවහාරයට එනවා. මතක තබා ගතයුතු කරැණ තමයි අවශ්‍ය නම් තමන්ගේ ජාලයේ වෙනසක් කිරීමට අවශ්‍ය අයෙකුට තමන්ගෙ අවශ්‍යතාවයේ හැටියට මෙම Layers සංඛ්‍යාව අඩු වැඩි කිරීම වුවත් කරගැනීමට පුලුවනි. මේ පිලිබදව වැඩිමනත් තොරතුරැ අවශ්‍යනම් මෙතැනින් සිංහල විකිපීඩියාවලට ගිහින් බලන්නත් පුලුවනි. ඉතින් දැන් බලමු අපි ඉහතින් සදහන් කල ඒ ලේයර් හතර මොනවද කියලා.

    1 Application
    2 Transport
    3 Internet
    4 Link

    මෙම TCP/IP layers 4 OSI Layers ඇසුරින් විකාශනය වන ආකාරය මෙම රෑපසටහනින් දැක්වේ.

    2.jpg

    මෙය තේරැම් ගැනීම පහසු කරගැනීම සදහා අපි OSI Layers හා TCP/IP Model අතර ඇති සමානකම් හා අසමානකම් මොනවාද යන්න දැන් බලමු.


    මෙම දෙවර්ගයේම භාවිතාවන්නේ එකම ආකාරයේ layered architecture එකකි.
    OSI Layers හා TCP/IP Model layers වලින් කෙරෙන performe එකත් එක සමානයි.ෙ
    OSI model එකේ layers 7ක් ඇති අතර, TCP/IP නිර්මිතයේ තිබෙන්නේ layers 4ක් පමණයි.
    OSI model එකක් ගත් විට නිශ්චිත වශයෙන්ම මේ යැයි නම් කල services සහ protocols යනාදිය ගැබිවී ඇත. නමුත් TCP/IP නිර්මිතයේදී එය එසේ නොවේ.

    අපි දැන් බලමු දත්ත පැකට්ටුවක් පරිගණක දෙකක් අතර ගමන් කරන්නේ කෙසේද කියා. එයට පහත රෑප සටහන උපයෝගීකරගන්න.

    3.jpg

    OSI model එකක් ගත් විට දත්ත පැකට් එකක් මොන මට්ටමේ ඇති layer එකක සිට යැව්වත් එය ගමන් කරන්නේ යට ඇති stages වලටයි. අවසානයේදී physical layer එක හරහා communication media එකට එනම් දත්ත ගෙනයන මාධ්‍යට ලගාවෙයි.මෙසේ Communication media එක හරහා ගමන් කල යුතු දුර ගමන් කර අවසන් වූ කල්හි නැවතත් පෙර පරිදිම physical layer එකේ සිට උඩට ඇති stages වලට ලගාවී අවසනදී දත්ත පැකටය එක එවන ලද layer එකට සමාන layer එකට ගොස් දත්තය අනෙක් පරිගණකයෙන් පෙන්වනු ලබනවා. මෙය ඉතා ක්ෂණිකව සිදුවන ක්රියාවලියක් වන අතර තනි ලේයර් දෙකක් අතර දත්ත හුවමාරැවනවා වැනි අදහසක් ලබා දෙයි. නමුත් මෙම process වන ක්රියාවලිය ලේයර් ගණනාවකින් යුක්තව සිදුවන සංකීර්ණ එකකි. ඒවගේම Layer එ‍කෙන් Layer එකට ඩේටා දැකිය හැකි ආකාරයත් විවිධ වූ ස්වරෑප ගන්නවා. මම ඒ ගැන කලින් ලිපියේදී විස්තර කලා මතක ඇති. උදාහරණයක් විදිහට දත්ත පැකටයක් බවට පත්වන ආකාරය දකින්න පුලුවන් Network layer එකේදීයි.
     

    shanroxz

    Junior member
  • Sep 1, 2011
    39
    1
    8
    hugak watinawa thread eka.....mama A/L ICT karanawa....eka nisa godak important....saho digatama wede karagena yanna......:)
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    ගොඩක් වැදගත් මචං... දිගටම කරගෙන පලයන්.. rep දෙන්න බෑලූ.. :(