CCTV ගෙදරදී 3 - CCTV Do it your self Part 3

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    CCTV ගෙදරදීම 3 (Networking the DVR)

    ඔන්න සහෝදරවරුනි පමා වෙලා වුනත් කියපු විදියටම CCTV ගෙදරදීම හයි කරමු 3 නෙට්වර්කින් පාර්ට් එකත් අරගෙන ආවා නමුත් බොහොම හිතේ අමාරුවෙන් මම කියන්නේ මම මේකේ දාපු ත්‍රෙඩ් මගේ බ්ලොග් එකට දාන්නත් කලින් බොහොම නින්දිත විදියට කොපි කරලා ගෙඩිය පිටින්ම සමහර ෆේස්බුක් පේජ් වල සහ බ්ලොග් වල දාල තිබ්බා බොහම ආමාරුවෙන් ෆේස් බුක් එකේ තිබ්බ එව්වනම් කියලා අයින් කර ගත්තා කොහම වුනත් මම තීරණය කරා මේ CCTV පොස්ට් වලින් පස්සේ ආපහු කිසම දෙයක් එළකිරි එකේ දාන්නේ නැ කියලා කවුරු හරි දාන පොස්ට් එකක් බම්ප් කරන් ඉන්න සැපයි ඇගේ ලේ ටික පිච්චේනේ නැහැ,

    නෙට්වකින් පාර්ට් එක එක පාර ලියලා ඉවර කරන්න හැදුවත් පොස්ට් එක හුගක් දික් වුනා ඒක හින්දා පොස්ට් දෙකකට තමා ලියන්නේ, ප්‍රශ්න තියනවනම් ත්‍රෙඩ් ඒකෙන අහන්න අපි FAQ ත්‍රෙඩ් එකක් කරමු අන්තිමට, පුංචි පුංචි අඩු පාඩු තිබ්බට සමාව දෙන්න ලියන්න වෙලාව හදාගන්නේ බොහම අමාරුවෙන් මේකේ මුල් පොස්ට් දෙක මෙතනින් බලලා එන්න


    CCTV ගෙදරදීම හයි කරමු 1

    CCTV ගෙදරදීම හයි කරමු 2

    ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අපි සෙට් කර ගත්ත කැමරා සිස්ටම් එක නෙට්වර්ක් කොරන්නයි යන්නේ ඒ කිව්වේ අපි අටව ගත්ත කැමරා ටික මේ ලෝකේ ඕනිම තැනක ඉදලා බලන්න පුළුවන් විදියට හදා ගන්නයි යන්නේ මේක අමාරුයි වගේ පෙනුනට නෙට්වරක් පිලිබඳ සාමාන්‍ය දැනුමක් තියනවනම් ඇස් වහගෙන කජු කනවා වගේ කරන්න පුළුවන් වැඩක්. නෙට්වර්ක් ගැන මෙලෝ දැනුමක් නැති වුනත් වුවමනාව සහ ධෛර්යය තියනවනම් එච්චර අමාරු නැහැ. මුලින්ම DVR එකට හම්බ වෙච්ච් මැනුවල් එක හොදින් කියවන්න විශේෂයෙන් නෙට්වර්ක් පාර්ට් එක. වැඩේ කරන්න කලින් මුලික කන්ෆිග් ටික සකසා ගන්න පරිගනකකුත් අවශ්‍ය වෙනවා.

    ඉතින් නෙට්වර්ක් ගැන දන්නේ නැති අය IP ඇඩ්රස් එකක් කියන්නේ මොකද්ද ADSL මොඩම් එකක් කියන්නේ මොකද්ද, රවුටර් එකකින් වෙන්නේ මොකද්ද, CAT5 කේබල් එකක් කියන්නේ මොකද්ද කියලා අන්තර්ජාලේ පොඩි සර්ච් පාරක් දාලා අවොත් හොදයි. සිංහලෙන් ලියවුනු ලිපි ඕනි තරම් තියනවා නෙට්වර්කින්ග් ගැන.

    හරි දැන් වැඩේට බහිමු

    මේ වෙනකොට මගේ පහුගිය පොස්ට් වල තිබ්බ විදියට සවි කර ගත්ත සිස්ටම් එක අප් ඇන්ඩ් රනින් තියෙන්න ඕනි. නෙට්වර්ක් කරන ක්‍රම දෙක තුනක්ම තියනවා

    • රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)
    • ADSL මොඩම් එක කෙලින්ම DVR එකට සවි කිරීම
    • 3G ඩොන්ගලය මාර්ගයෙන් කනෙක්ට් කිරීම.
    මම පුළුවන් විදියට දන්න හැම එකම මෙතන සටහන් කරන්නම්.

    රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)

    ගොඩක් ස්ථාන වල ADSL මොඩම් එකත් එක්කම රවුටර් එක තියනවා ඒ කිව්වේ දෙකම එක Device විදියට තියෙන්නේ මේකටනේ අපි අපේ පරිගණක එහෙමත් සම්බන්ද කරන්නේ මේ රුප සටහන බලන්නකෝ

    adsl-diagram.gif


    ඔතන RJ45 ගහන්න තියන පොර්ට් එකට තමයි අපි DVR එක ගහන්න ඕනි ඉතින් රවුටර් එක තියන තැන ඉදල DVR එක ගාවට අදින්න කැට්5 කේබල් එකක් ගන්න. (තියන දුර මැනගෙන ගිහින් කොම්පුටර් පාර්ට්ස් තියන කඩේකින් ඉල්ලන්න ඕනිම දුරකට එයාලා කේබල් එක හදලා දෙනවා මතක තියා ගන්න මේ කේබල් එක උපරිම මිටර් 90 ක් විතර තමා දුර අදින්න පුළුවන් ඊට වඩා ගියොත් ඩේටා ඩ්‍රොප් වෙනවා ). දැන් රවුටර් එකට ගහපු කේබල් එක DVR එකේ සවි කරන විදිය පල ලෙහා රුපසටහනින් බලන්න

    308799207_685.jpg


    ඔන්න ඔය පින්තුරේ NET කියලා ගහලා තියන පොර්ට් එකට තමා කේබල් එක ගහන්න ඕනි, දැන් වැඩේ හරිද ? හි හි නැ නැ තව පොඩ්ඩක් තියනවා දැන් තියෙන්නේ අපිට කොන්ෆිග් ටික හදා ගන්න මම ස්කිර්න් ෂොට්ස් ටිකක් දාන්නම් එත් සමහර DVR වල පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් එත් හොයා ගන්න ලේසි. දැන් DVR ලග පුටුවක් එහෙම දාගෙන හරි බැරි ගැහිලා වාඩි වෙන්න ඊට පස්සේ DVR එකට ගහලා තියන මවුස් එක රයිට් කිලික් කරාම DVR එකේ මෙනු එක දිග ඇරෙනවා එකෙන් Main Menu කියන ඔප්ෂන් එක තෝරන්න එහෙම නැත්නම් DVR තියනවා Menu කියලා බට්න් එකක් එක ඔබන්න එතකොට මේ වගේ ස්කිර්න් එකක් එනවා

    dvr1.png



    ඕකෙන් ADVANCED බට්න් එක උඩ ක්ලික් කරලා එකෙන් නෙට්වර්ක් කියන එක තෝරන්න එත කොට පල්ලෙහා ස්කිර්න් එක එනවා

    dvr2.PNG


    ඔතන TCP/IP කියන මෙනු එකේ STATIC කියන එක සෙලෙක්ට් කරන්ඩ
    මීඩියා පොර්ට් එක සහ වෙබ් පොර්ට් තියන විදියටම තියන්න පුළුවන් ඔයාලගේ නෙට්වර්ක් එකේ ඒ පොර්ට් දෙක වෙන Device එක කින් යුස්‌ කරන්නේ නැත්නම්
    IP එකට දැනට නෙට්වර්ක් එකේ පාවිච්චි කරන් නැති ඇඩ්රස් එකක් දෙන්න.
    Subnet Mask & Gateway එක නෙට්වර්ක් එකේ පාවිචිචි කරන විදියටම දෙන්න ( මේ නෙට්වර්ක් එකේ තියන කොම්පුටර් එකක command prompt එකේ ipconfig කියලා ගැහුවාම එන විස්තර ටික )

    හරි දැනට මෙතන වැඩ ටික ඉවරයි අපි දාපු පොර්ට් ටිකයි IP එකයි කොහේ හරි ලියාගන්න දැන් නෙට්වර්ක් එකට ගහලා තියන කොම්පුටර් එකකින් රවුටර් එකට ලොග් වෙන්න,

    රවුටර් එකට ලොග් වෙන්නේ කොහමද ? අපේ ඉන්ටෙර්නෙට් බ්‍රව්සර් ඇඩ්රස් බාර් එකට රවුටර් එකේ IP ඇඩ්රස් එක ගැහුවාම රවුටර් එකට යන්න පුළුවන් මෙතන තියනවා පුංචි ගයිඩ් එකක් එකෙන් බලාගන්න පුළුවන් රවුටර් එකට ලොග් වෙන විදිය , බහුලව බාවිතා වෙන ZTE රවුටර් එකේ ස්ක්‍රීන් ෂොට් ටික මම දාන්නම් අනිත් එව්වත් පොඩ්ඩයි වෙනස් වෙන්නේ මෙන්න මේ සයිට් එකේ තියනවා හැම රවුටර් එකක්ම කොන්ෆිග් කරන්න ගයිඩ් , ඔය විදියටම අපි DVR එකට දීපු IP එකට ගියාම කොම්පුටර් එකේ ඉදගෙනම DVR එක access කරන්නත් පුළුවන්.

    හරි යුසර් නේම් පාස්වර්ඩ් දීලා ලොග් වුනාම එන වින්ඩොව් එකෙන් advanced tab කියන එකට යන්න

    ZXV10-W300v33.jpg


    ඊට පස්සේ ඔතන තියන virtual server කියන තැන ක්ලික් කරන්න

    ZXV10-W300v34.jpg


    ඔන්න ඔතනට මේ එන්ට්‍රි දෙක දාලා සේව් කරන්න

    dvr4.png


    dvr3.png


    හරි දැන් අපි සැහෙන දුරට වැඩ ඉවරයි දැන් අපි ටෙස්ට් කරලා බලමු දැන් ඉන්ටෙර්නෙට් කනෙක්ට් වෙලා ඔයාලගේ public IP එක (මේ සයිට් එකට ගියාම ඔයාගේ public IP එක බලාගන්න පුළුවන්) ඉන්ටෙර්නෙට් ඇඩ්රස් බාර් එකේ ටයිප් කරන්ඩ අපි දාපු වෙබ් පොර්ට් එකත එක්ක
    මෙන්න මෙහෙම
    ex 203.94.71.230:80

    එතකොට දෙයියනේ කියලා DVR සම්බන්ධ වෙලා පුංචි add-on එකක් install වෙන්න අහනවා

    dvr+4.png


    ඕකත් ඔකේ කරාට පස්සේ DVR එකේ ෆීඩ් එක ඒ කිව්වේ කැමරා වලට අවුට්පුට් එක පෙන්න ගන්නවා, ඔන්‍න‍ ඕක තමා මුලිකම දේවල් ටික පොස්ට් එක හුගක් දිග හන්දා මෙතනින් නවත්තනවා, ඊලග පොස්ට් ඒකෙන කතා කරමු මේ දේවල් ටික

    1. DVR පාස්වර්ඩ් එකක් දාගන්න හැටි
    2. IP එක චේන්ජ් වෙනකොට මොකද කරන්නේ
    3. මොබයිල් ඒකෙන බලන්නේ කොහමද

    වේලාව කලාව මැනේජ් කරන් බොහම අමාරුවෙන් ලිව්වේ වැරදි අඩු පාඩුත් ඇති සිස්ටම් එක හයි කරද්දී නෙට්වර්ක් කරද්දී එන ප්‍රශ්න අන්තිමට කතාකරමු රැදිලා ඉන්න
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ස්තුතියි සහෝ..!
    කලින් තෙරේඩ් දෙකම බැලුවා.. මෙක කොයි වේලේ දායිද? නැත්නම් වැඩේ අල්ලලා දාලා ද
    දන්නෑ කියලා හිතුවේ

    ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනින් දාන්න..

    ජය වේවා
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹ මේ thread එක දානකම් බලාගෙන හිටියේ. ගොඩාක් මහන්සිවෙලා දාන thread කතෘ ගැන සදහන් නොකර අනිත් සයිට් වල දාන එකනම් කැත වැඩක් තමයි.
    :D:D:D:D:D:D:D
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ස්තුතියි සහෝ..!
    කලින් තෙරේඩ් දෙකම බැලුවා.. මෙක කොයි වේලේ දායිද? නැත්නම් වැඩේ අල්ලලා දාලා ද
    දන්නෑ කියලා හිතුවේ

    ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනින් දාන්න..

    ජය වේවා

    අත් අරින්නේ නැ ලොක්කා