ග්‍රීක දේව කතා-Hades,Hercules, Theseus and Pirithous
කලින් ත්‍රෙඩ් වලට ලින්ක් ටික පහළින් තියනවා.
ග්‍රීක දේව කතා-Part 1 (Creation and Cronus)
ග්‍රීක දේව කතා-Part 2 (War between Olympians and Titans)
ග්‍රීක දේව කතා-Part 3 (Creation of humans)
ග්‍රීක දේව කතා-Part 4 (Pandora)
ග්‍රීක දේව කතා-Hades and Persephone
අන්තිමට දාපු ත්‍රෙඩ් එකේදි කිවුවා Persephone, Hades, Theseus සහ Hercules සම්බන්ධ වෙන කතාවක් කියන්නම් කියලා.එතනදි තව එක්කෙනෙක් miss වෙලා තියනවා (සොරි හොදේ
).ඒ තමයි Pirithous.
අනිත් අය ගැන ඉස්සල්ලා ත්‍රෙඩ් වලින් කතා කරපු නිසා අළුතින් කතාවට එකතු වුන Hercules, Theseus සහ Pirithous ගැන පොඩි හැදින්වීමකින් කතාව පටන් ගමු. (එක එක දෙවිවරු ගැන සම්පූර්ණ විස්තර තියන ත්‍රෙඩ් පේලියක් ලියන්න හිතාගෙන ඉන්නේ.ඒවයේ දි මේ අය ගැන detailed description එකක් දෙන්නම්
Heracles (ග්‍රීක)/ Hercules (රෝම) කියන්නේ Zeus දෙවියන්ගේ සහ මනුෂ්‍ය කාන්තාවක් වෙන Alcmene ගේ පුතා. Hercules ව demigod කෙනෙක් විදියට හදුන්වනවා. ග්‍රීක දේව කතා වල ඉන්න බලවත්ම චරිතයක් වෙන Hercules ගේ වීර ක්‍රියා විශාල ප්‍රමාණයක් ගැන පොත් වල සදහන් වෙනවා.
Theseus ව හදුන්වන්නේ ඇතන්ස් වල ඉන්න සුපිරි වීරයෙක් විදියට.ඇතන්ස් වල රජු වුන Aegeus සහ Aethra ගේ පුතෙක් වෙන Theseus චරිත ලක්ෂණ වලින් Hercules ට ගොඩක් සමානයි ලු.සමහර පොත් වල හැටියට Theseus කියන්නේ ඉස්සර කාලේ ග්‍රීසියේ ඇත්තටම හිටිය, demigodලට සමාන හැකියාවක් ජවයක් තියෙන වීරයෙක් කියලයි ගණන් ගන්නේ. Hercules වගේම Theseusගෙත් වීර කතා ගොඩක් ග්‍රීක සාහිත්‍යයේ තියනවා.
Theseus and Minotaur
(Hercules සහ Theseus ගැන විස්තර වෙන වෙනම ත්‍රෙඩ් වල කතා කරමු.ඒවා ඔක්කොම මේකට දැම්මොත් දිග වැඩි වෙනවා.
)
Pirithous කියන්නේ Zeus සහ Dia ගේ පුතෙක්. ඔහු තමයි lapithsලගේ රජතුමා. Theseus සහ Pirithous කියන මේ යාලුවෝ දෙන්න එකතු වෙලා වීර ක්‍රියා ගොඩක් කළා කියලයි කියන්නේ.එකක් තමයි lapiths සහ centaurs ලා අතර වුන ප්‍රසිද්ධ සටනෙදී centaurs ලව පරාජය කරන එක. Pirithous සහ Hippodameia ගේ විවාහ උත්සවයට භාග මිනිසෙක් සහ භාග අශ්වයෙක් වෙන centaurs ලා ටත් ආරාධනා ලැබෙනවා.උත්සවයේදි හොදට සප්පායම් වෙන centaurs ල මනමාළිය වුන Hippodameia වත් තව lapith කාන්තාවන්වත් පැහැරගෙන යන්න හදනවා. ඒ හේතුව නිසා lapiths සහ centaurs ලා අතර ලොකු ගැටුමක් ඇති වෙනවා.Pirithous ගේ හොදම යාළුවා වුන Theaseus, lapiths ලා එක්ක එකතු වෙලා සටන් කරලා, centaurs ලාව පරාජය කළා ලු.මේ සටන ග්‍රීක චිත්‍රශිල්පියන් ගේ ප්‍රියතම චිත්‍රයක් විදියට සැළකෙන්නේ.Olympus නුවර තියන Zeus දෙවොලෙත් Parthenonවලත් ඔය සටන චිත්‍රයට නගලා තියනවා ලු.පහළ තියෙන්නේ ඒ සටන.
Pirithous ගේ මනමාළියට කෙටි ආයු කාලයක් ලු තිබුනේ. ඒ නිසා Theseus සහ Pirithous දෙන්නා තවත් වැඩකට අතගහනවා.එයාලා දෙන්නට දෙන්න පොරොන්දු වෙනවා Zeus දෙවියන්ගේ දූවරුන් ව විවාහ කරගන්න එකිනෙකාට උදව් වෙනවා කියලා.
Theseus කැමති වෙන්නෙ Helen ට. Helen කියන්නේ Zeus සහ Leda ගේ දුවක්. (Zeus දෙවියෝ හංස වේශයෙන් හිටපු Leda එක්ක එකතු වුන නිසා
Helen උපන්නේ බිත්තරේකින් කියලයි කියන්නේ
) Helen ට Helen of Troy කියලා පස්සේ කාලේ කිවුවත් මේ කියන කාලේදි එයා Helen of Sparta විදියට හැදින්වුනේ.Helen of Troy වෙන්නේ එයාව ආයෙ පැහැරගත්තට පස්සේ
. කාන්තා සුන්දරත්වයේ සංකේතය විදියට Helen ව හදුන්වනවා.ඇය ඒ තරමට ලස්සනයි.ට්‍රෝජන් වල කුමාරයෙක් වුන Paris, Helen ව බලහත්කාරයෙන් පැහැරගෙන යාම සුප්‍රසිද්ධ ට්‍රෝජන් යුද්ධය ආරම්භ වෙන්න හේතු වුනා ලු.
Paris, Helen ව පැහැරගෙන යාම
කොහොමහරි ඔන්න Theseus සහ Pirithous එකතු වෙලා Helen ව පැහැරගෙන එනවා.එහෙම ගෙනෙද්දි Helen ගේ වයස අවුරුදු දොළහක් දහතුනක් විතර කියලා කියන්නේ. තාම විවාහ කරගන්න වයස මදි නිසා Helen ව වැඩිවියට පත් වෙන කම් Theseus ඇයව රදවලා තියාගන්නවා.
ඔය තියෙන්නෙ Theseus, Helenව බලෙන් උස්සගෙන එන අවස්ථාව
Theseus Helen ව තෝරගනිද්දි Pirithous තෝරාගන්නේ Hades ගේ බිරිද විදියට පාතාලයේ රැජින වුන Persephoneව (Pirithous ගේ කරුමේ තමා
).Persephone Hades එක්ක ඉන්නේ අසතුටින් කියලා Pirithous දන්නවා.Helen ව පැහැරගෙන එන්න කරපු උදව්වට ප්‍රති උපකාරයක් විදියට Theseus ත් එනවා Pirithous එක්ක පාතාලයට යන්න. Helen ව Theseus ගේ අම්මා වෙන Aethra ට බාරදීලා මේ යාළුවෝ දෙන්න පිටත් වෙනවා. 
Persephone ව පැහැරගන්න පාතාල ලෝකයට යන යාළුවෝ දෙන්නට වුන දේ ගැන පොඩි පොඩි වෙනස්කම් තියන කතා තියනවා.
එක කතාවක විදියට, Pirithous ගේ අදහස් කල්තියා දැනගන්න Hades, මේ යාළුවෝ දෙන්නට කෑමට ආරාධනා කරනවා.පුටුවල් ඉදගත්තු Theseus සහ Pirithous ට ආයේ ඒවායෙන් නැගිටින්න බැරි වෙනවා.සමහරු කියනවා සර්පයෝ ඇවිත් ඒ දෙන්නව පුටුවල බැදලා තිබුනා කියලත්.තව අය කියනවා ඒ පුටුවල ඉදගත්තම තමන් ආවේ මොකටද කියලා විතරක් නෙවෙයි තමන් කවුද කියන එකත් Theseus සහ Pirithous ට අමතක වෙන බලයක් ඒ පුටුවල තිබුනා කියලා. මේ දෙන්නා “chairs of forgetfulness ” කියලා හදුන්වන මේ පුටු වලටම වෙලා සෑහෙන කාලයක් හිටියාලු.
තවත් අය කියනවා පාතාල ලෝකයට ඇතුළු වෙලා ගිමන්හරින්න කියලා ළග තිබුන ගලක වාඩි වුනාම දෙන්නව ඒකේ ඇලුනා කියලත්
.කොහොමහරි Theseus සහ Pirithous දෙන්න සෑහෙන කාලෙකට Hades ගේ හිරකාරයෝ වෙනවා.
ඔය අතරේ මනුෂ්‍යයෙක් ගේ තියන දුර්වල කම් ගොඩක් තිබුන Hercules මහා පාපයක් කරනවා.ඒ තමන්ගේ දරුවන්ව මරලා දාන එක.ඒ කරපු පාපය සමා කරගන්න නම් අවුරුදු 12ක් ඇතුළත බොහොම අමාරු කාර්යයන් 12ක් නිම කරන්න ඕනේ.ඒවා හැදින්වෙන්නෙ “The Twelve Labors of Hercules” කියලා.ඒකෙන් එක කාර්යයක් තමා පාතාල ලෝකයේ දොරටුව මුර කරන Cerberus කියන භයානක ඔළු තුනේ බල්ලව හොරකම් කරගෙන එන එක. (කාටවත්ම කරන්න බැරි ඔය වැඩෙත් Hercules සාර්ථකව කළා ලු )
Hercules and Cerberus
Cerberus ව ගේන්න පාතාලයට යන Hercules දකිනවා සදාකාලිකව Hades ළග හිර වෙලා ඉන්න Theseus සහ Prithous දෙන්නව.(සමහරු කියනවා Hercules ගියේ ඒ දෙන්නව බේරගන්නම යි කියලත්) Hercules බොහොම ශක්තිය යොදලා Theseus ව නිදහස් කරගත්තත්, Pirithous ව නිදහස් කරගන්න බැරි වෙනවා.Pirithous ව වැර දාලා අදිද්දී ඒ බලයට මහපොළව දෙදරුම් කෑවා ලු. ඒත් තමන්ගේ බිරිද ව පැහැරගෙන යන්න ආව Pirithous ට නිදහස් වෙන්න Hades ඉඩ දුන්නේ නෑ.
අර කලින් කිවුව වගේ කතා වල තියන වෙනස්කම් නිසා Theseus නිදහස් වෙන හැටි තියෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියට.Theseus ව Hercules නිදහස් කරගත්තම මතකය නැවත ආවා කියල තියනවා.පුටුවක නෙවෙයි ගලක වාඩි වුනා කියන version එකේ හැටියට Hercules, Theseus ව ඇදලා ගනිද්දි Theseus ගේ පශ්චාත් භාගය (තට්ටම් දෙක ) ගලේ ඇළිලා තියෙද්දි Theseus ගේ ඇග හරිය නිදහස් වෙලා ආවා කියලත් කියනවා

.ඒ හින්දා Theseus ට “with hinder parts rubbed smooth” කියන තේරුම තියන hypolispos කියන නම පටබැදුනා කියලත් කියනවා.
කොහොමහරි කෑලි අඩුවෙන් හරි නිදහස් වුන Theseus ආයේ ඇතන්ස් වලට ගිහින් බලද්දි Helen ගේ නිවුන් සහෝදරයෝ වුන Dioscuri, Helen වයි, Theseus ගේ මව වුන Aethra වයි Physadeia (Pirithous ගේ සහෝදරිය) වයි Sparta වලට අරගෙන ගිහින්.
Theseus ට ආපහු එන්න පුළුවන් වුනත් පාතාලයේ රජු වුන Hades ගේ බිරිදව ලබාගන්න සැලසුම කරපු වරදේ බරපතලකම නිසා Pirithous අර පුටුවේ එහෙමත් නැත්නම් ගලේ සදාකාලිකවම හිරවුනා.
ඊළග ත්‍රෙඩ් එකෙන් බලමු දෝංකාරය සහ කියන Narcissus මල ඇති වුන හැටි කොහොමද ග්‍රීක කතා වල සදහන් වෙන්නේ කියලා.
Narcissus මල
කලින් ත්‍රෙඩ් වලට ලින්ක් ටික පහළින් තියනවා.
ග්‍රීක දේව කතා-Part 1 (Creation and Cronus)
ග්‍රීක දේව කතා-Part 2 (War between Olympians and Titans)
ග්‍රීක දේව කතා-Part 3 (Creation of humans)
ග්‍රීක දේව කතා-Part 4 (Pandora)
ග්‍රීක දේව කතා-Hades and Persephone
අන්තිමට දාපු ත්‍රෙඩ් එකේදි කිවුවා Persephone, Hades, Theseus සහ Hercules සම්බන්ධ වෙන කතාවක් කියන්නම් කියලා.එතනදි තව එක්කෙනෙක් miss වෙලා තියනවා (සොරි හොදේ
).ඒ තමයි Pirithous.අනිත් අය ගැන ඉස්සල්ලා ත්‍රෙඩ් වලින් කතා කරපු නිසා අළුතින් කතාවට එකතු වුන Hercules, Theseus සහ Pirithous ගැන පොඩි හැදින්වීමකින් කතාව පටන් ගමු. (එක එක දෙවිවරු ගැන සම්පූර්ණ විස්තර තියන ත්‍රෙඩ් පේලියක් ලියන්න හිතාගෙන ඉන්නේ.ඒවයේ දි මේ අය ගැන detailed description එකක් දෙන්නම්

Heracles (ග්‍රීක)/ Hercules (රෝම) කියන්නේ Zeus දෙවියන්ගේ සහ මනුෂ්‍ය කාන්තාවක් වෙන Alcmene ගේ පුතා. Hercules ව demigod කෙනෙක් විදියට හදුන්වනවා. ග්‍රීක දේව කතා වල ඉන්න බලවත්ම චරිතයක් වෙන Hercules ගේ වීර ක්‍රියා විශාල ප්‍රමාණයක් ගැන පොත් වල සදහන් වෙනවා.
Theseus ව හදුන්වන්නේ ඇතන්ස් වල ඉන්න සුපිරි වීරයෙක් විදියට.ඇතන්ස් වල රජු වුන Aegeus සහ Aethra ගේ පුතෙක් වෙන Theseus චරිත ලක්ෂණ වලින් Hercules ට ගොඩක් සමානයි ලු.සමහර පොත් වල හැටියට Theseus කියන්නේ ඉස්සර කාලේ ග්‍රීසියේ ඇත්තටම හිටිය, demigodලට සමාන හැකියාවක් ජවයක් තියෙන වීරයෙක් කියලයි ගණන් ගන්නේ. Hercules වගේම Theseusගෙත් වීර කතා ගොඩක් ග්‍රීක සාහිත්‍යයේ තියනවා.
Theseus and Minotaur
(Hercules සහ Theseus ගැන විස්තර වෙන වෙනම ත්‍රෙඩ් වල කතා කරමු.ඒවා ඔක්කොම මේකට දැම්මොත් දිග වැඩි වෙනවා.
)Pirithous කියන්නේ Zeus සහ Dia ගේ පුතෙක්. ඔහු තමයි lapithsලගේ රජතුමා. Theseus සහ Pirithous කියන මේ යාලුවෝ දෙන්න එකතු වෙලා වීර ක්‍රියා ගොඩක් කළා කියලයි කියන්නේ.එකක් තමයි lapiths සහ centaurs ලා අතර වුන ප්‍රසිද්ධ සටනෙදී centaurs ලව පරාජය කරන එක. Pirithous සහ Hippodameia ගේ විවාහ උත්සවයට භාග මිනිසෙක් සහ භාග අශ්වයෙක් වෙන centaurs ලා ටත් ආරාධනා ලැබෙනවා.උත්සවයේදි හොදට සප්පායම් වෙන centaurs ල මනමාළිය වුන Hippodameia වත් තව lapith කාන්තාවන්වත් පැහැරගෙන යන්න හදනවා. ඒ හේතුව නිසා lapiths සහ centaurs ලා අතර ලොකු ගැටුමක් ඇති වෙනවා.Pirithous ගේ හොදම යාළුවා වුන Theaseus, lapiths ලා එක්ක එකතු වෙලා සටන් කරලා, centaurs ලාව පරාජය කළා ලු.මේ සටන ග්‍රීක චිත්‍රශිල්පියන් ගේ ප්‍රියතම චිත්‍රයක් විදියට සැළකෙන්නේ.Olympus නුවර තියන Zeus දෙවොලෙත් Parthenonවලත් ඔය සටන චිත්‍රයට නගලා තියනවා ලු.පහළ තියෙන්නේ ඒ සටන.
Pirithous ගේ මනමාළියට කෙටි ආයු කාලයක් ලු තිබුනේ. ඒ නිසා Theseus සහ Pirithous දෙන්නා තවත් වැඩකට අතගහනවා.එයාලා දෙන්නට දෙන්න පොරොන්දු වෙනවා Zeus දෙවියන්ගේ දූවරුන් ව විවාහ කරගන්න එකිනෙකාට උදව් වෙනවා කියලා.
Theseus කැමති වෙන්නෙ Helen ට. Helen කියන්නේ Zeus සහ Leda ගේ දුවක්. (Zeus දෙවියෝ හංස වේශයෙන් හිටපු Leda එක්ක එකතු වුන නිසා
Helen උපන්නේ බිත්තරේකින් කියලයි කියන්නේ
) Helen ට Helen of Troy කියලා පස්සේ කාලේ කිවුවත් මේ කියන කාලේදි එයා Helen of Sparta විදියට හැදින්වුනේ.Helen of Troy වෙන්නේ එයාව ආයෙ පැහැරගත්තට පස්සේ
. කාන්තා සුන්දරත්වයේ සංකේතය විදියට Helen ව හදුන්වනවා.ඇය ඒ තරමට ලස්සනයි.ට්‍රෝජන් වල කුමාරයෙක් වුන Paris, Helen ව බලහත්කාරයෙන් පැහැරගෙන යාම සුප්‍රසිද්ධ ට්‍රෝජන් යුද්ධය ආරම්භ වෙන්න හේතු වුනා ලු.Paris, Helen ව පැහැරගෙන යාම
කොහොමහරි ඔන්න Theseus සහ Pirithous එකතු වෙලා Helen ව පැහැරගෙන එනවා.එහෙම ගෙනෙද්දි Helen ගේ වයස අවුරුදු දොළහක් දහතුනක් විතර කියලා කියන්නේ. තාම විවාහ කරගන්න වයස මදි නිසා Helen ව වැඩිවියට පත් වෙන කම් Theseus ඇයව රදවලා තියාගන්නවා.
ඔය තියෙන්නෙ Theseus, Helenව බලෙන් උස්සගෙන එන අවස්ථාව

Theseus Helen ව තෝරගනිද්දි Pirithous තෝරාගන්නේ Hades ගේ බිරිද විදියට පාතාලයේ රැජින වුන Persephoneව (Pirithous ගේ කරුමේ තමා

).Persephone Hades එක්ක ඉන්නේ අසතුටින් කියලා Pirithous දන්නවා.Helen ව පැහැරගෙන එන්න කරපු උදව්වට ප්‍රති උපකාරයක් විදියට Theseus ත් එනවා Pirithous එක්ක පාතාලයට යන්න. Helen ව Theseus ගේ අම්මා වෙන Aethra ට බාරදීලා මේ යාළුවෝ දෙන්න පිටත් වෙනවා. 
Persephone ව පැහැරගන්න පාතාල ලෝකයට යන යාළුවෝ දෙන්නට වුන දේ ගැන පොඩි පොඩි වෙනස්කම් තියන කතා තියනවා.
එක කතාවක විදියට, Pirithous ගේ අදහස් කල්තියා දැනගන්න Hades, මේ යාළුවෝ දෙන්නට කෑමට ආරාධනා කරනවා.පුටුවල් ඉදගත්තු Theseus සහ Pirithous ට ආයේ ඒවායෙන් නැගිටින්න බැරි වෙනවා.සමහරු කියනවා සර්පයෝ ඇවිත් ඒ දෙන්නව පුටුවල බැදලා තිබුනා කියලත්.තව අය කියනවා ඒ පුටුවල ඉදගත්තම තමන් ආවේ මොකටද කියලා විතරක් නෙවෙයි තමන් කවුද කියන එකත් Theseus සහ Pirithous ට අමතක වෙන බලයක් ඒ පුටුවල තිබුනා කියලා. මේ දෙන්නා “chairs of forgetfulness ” කියලා හදුන්වන මේ පුටු වලටම වෙලා සෑහෙන කාලයක් හිටියාලු.
තවත් අය කියනවා පාතාල ලෝකයට ඇතුළු වෙලා ගිමන්හරින්න කියලා ළග තිබුන ගලක වාඩි වුනාම දෙන්නව ඒකේ ඇලුනා කියලත්
.කොහොමහරි Theseus සහ Pirithous දෙන්න සෑහෙන කාලෙකට Hades ගේ හිරකාරයෝ වෙනවා.ඔය අතරේ මනුෂ්‍යයෙක් ගේ තියන දුර්වල කම් ගොඩක් තිබුන Hercules මහා පාපයක් කරනවා.ඒ තමන්ගේ දරුවන්ව මරලා දාන එක.ඒ කරපු පාපය සමා කරගන්න නම් අවුරුදු 12ක් ඇතුළත බොහොම අමාරු කාර්යයන් 12ක් නිම කරන්න ඕනේ.ඒවා හැදින්වෙන්නෙ “The Twelve Labors of Hercules” කියලා.ඒකෙන් එක කාර්යයක් තමා පාතාල ලෝකයේ දොරටුව මුර කරන Cerberus කියන භයානක ඔළු තුනේ බල්ලව හොරකම් කරගෙන එන එක. (කාටවත්ම කරන්න බැරි ඔය වැඩෙත් Hercules සාර්ථකව කළා ලු )
Hercules and Cerberus
Cerberus ව ගේන්න පාතාලයට යන Hercules දකිනවා සදාකාලිකව Hades ළග හිර වෙලා ඉන්න Theseus සහ Prithous දෙන්නව.(සමහරු කියනවා Hercules ගියේ ඒ දෙන්නව බේරගන්නම යි කියලත්) Hercules බොහොම ශක්තිය යොදලා Theseus ව නිදහස් කරගත්තත්, Pirithous ව නිදහස් කරගන්න බැරි වෙනවා.Pirithous ව වැර දාලා අදිද්දී ඒ බලයට මහපොළව දෙදරුම් කෑවා ලු. ඒත් තමන්ගේ බිරිද ව පැහැරගෙන යන්න ආව Pirithous ට නිදහස් වෙන්න Hades ඉඩ දුන්නේ නෑ.
අර කලින් කිවුව වගේ කතා වල තියන වෙනස්කම් නිසා Theseus නිදහස් වෙන හැටි තියෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියට.Theseus ව Hercules නිදහස් කරගත්තම මතකය නැවත ආවා කියල තියනවා.පුටුවක නෙවෙයි ගලක වාඩි වුනා කියන version එකේ හැටියට Hercules, Theseus ව ඇදලා ගනිද්දි Theseus ගේ පශ්චාත් භාගය (තට්ටම් දෙක ) ගලේ ඇළිලා තියෙද්දි Theseus ගේ ඇග හරිය නිදහස් වෙලා ආවා කියලත් කියනවා

.ඒ හින්දා Theseus ට “with hinder parts rubbed smooth” කියන තේරුම තියන hypolispos කියන නම පටබැදුනා කියලත් කියනවා. කොහොමහරි කෑලි අඩුවෙන් හරි නිදහස් වුන Theseus ආයේ ඇතන්ස් වලට ගිහින් බලද්දි Helen ගේ නිවුන් සහෝදරයෝ වුන Dioscuri, Helen වයි, Theseus ගේ මව වුන Aethra වයි Physadeia (Pirithous ගේ සහෝදරිය) වයි Sparta වලට අරගෙන ගිහින්.
Theseus ට ආපහු එන්න පුළුවන් වුනත් පාතාලයේ රජු වුන Hades ගේ බිරිදව ලබාගන්න සැලසුම කරපු වරදේ බරපතලකම නිසා Pirithous අර පුටුවේ එහෙමත් නැත්නම් ගලේ සදාකාලිකවම හිරවුනා.
ඊළග ත්‍රෙඩ් එකෙන් බලමු දෝංකාරය සහ කියන Narcissus මල ඇති වුන හැටි කොහොමද ග්‍රීක කතා වල සදහන් වෙන්නේ කියලා.
Narcissus මල
Last edited:
ikmanata hooda ganin machan
(adath uba PM karanna kalin mama thread eka hoya gaththa) 