ගෝඨාගේ වෙළෙඳ නගර බංකොලොත්.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකරන ලද ව්‍යාපාරික ආයතන 5ක් ඉතා බරපතල පාඩු ලබන බව හෙළි වේ.
ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ඩ් සංකීර්ණය පසුගිය වසරේ ජූලි අගෝස්තු සැපුතැම්බර් යන මාස තුනේදී රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂ හැත්තෑ තුන්දහස් හාරසිය හැට පහක් (රු. 13,673,465) පාඩු ලබා ඇත. මේ සඳහා වැය කර තිබෙන මුළු වියදම රුපියල් මිලියන 490කි.
රේස්කෝස් උද්‍යානයේ ඉදිකළ වෙළෙඳ සංකීර්ණයෙන් රුපියල් විසිතුන් ලක්ෂ තුන්දහස් හයසිය එකොලක (රු. 2,303,611) අලාභයක් 2014 ජූලි සිට සැප්තැම්බර් දක්වා මාස තුන තුළ ලබා ඇත. ඒ සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන 660ක්ය.
පිටකොටුව පෞද්ගලික බස්නැවතුම්පොළ ආසන්නයේ ඉදිකර තිබෙන "ෆ්ලෝටීන් මාකර්ටින්" නම් දියමත පාවෙන වෙළෙඳ සංකීර්ණය සැප්තැම්බර් මාසයේදී රුපියල් අටලක්ෂ තුන්දහස් අටසිය විසිපක (රු. 803,825) අලාභයක් සිදුව ඇත. මේ සඳහා වැයකරන ලද මුදල රුපියල් මිලියන134ක්ය.
කොළඹ හෙට්ටිවීදියේ රණ් ආභරණ වෙළෙඳසැල් ආශ්‍රිතව නිර්මානය කළ ගොල්ඩ් සෙන්ටර් වෙළෙඳ සංකීර්ණයෙන් සැප්තැම්බර් මාසයේදී රුපියල් විසිලක්ෂ අසූ තුන්දහස් දෙසිය හැට හතරක (රු. 2,083,264) අලාභ විඳ ඇත. මේ සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන242ක්ය.
පැරණි ඕලන්ද රෝහල කේන්ද්‍රගතකරගෙන ඉදි කර ඇති වෙළෙඳ සංකීර්ණයෙන් පමණක් පසුගිය වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා රුපියල් අනූදෙලක්ෂයකට (රු. 9,200,000) මදක් වැඩි ලාබයක් ලබා තිබේ. එහෙත් ජූලිමාසයේ එහි ලාබය රුපියල් තිස්දෙලක්ෂ විසිදහසේ සිට සැප්තැම්බර් වන විට රුපියල් විසිනවලක්ෂ විසි හත්දහස (රු. 3,220,000 - රු. 2,927,000) දක්වා ක්‍රමිකව අඩු වී ඇත. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 202ක්ය. - See more at: http://www.infosrilankanews.com/2015/02/gotabaya.html#sthash.aMVRIett.dpuf

මම නම් මෛත්‍රීට වැඩි කැමැත්තක් නෑ දැන්, මුස්ලිම් උලමාවරුන්ටත් අන්න ඉඩමක් දුන්නේ.