Let's Identify Airplanes apart - ගුවන් යානා වෙන්කර හඳුනාගමු
අද කියල දෙන්න යන්නේ අපි කොහොමද ප්ලෙන් එකක් දැක්ක ගමන් එක මොන ජාතියේ එකක්ද කියල හොයාගන්න ක්‍රම ටිකක්.
කට්ටියටම තේරෙන්නත් එක්ක මම මුලින්ම පොඩි පැහදිලි කිරීමක් කරන්නම්..
ලෝකයේ වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගන්න ගුවන් යානා (commercial airliners) නිශ්පාදනය කරන ආයතන දෙකක් තියනවා. ගොඩක් අය දන්නවානෙ.. එකක් තමයි "බෝයින්" සමාගම. අනික් එක තමයි "එයාර් බස්" සමාගම. මේ දෙකෙන්ම හදන ප්ලෙන් එකකට එකක් වෙනස්, එ කියන්නේ එයාබස් එකේ හැදුවත් එක එක මොඩල්ස් තියනවා.. එකකට එකක් වෙනස්.
අපිට ඉතින් මෙහෙදි දකින්න ලැබෙන ගොඩක් ප්ලේන් ඉතින් වැඩිපුරම ඔය ජාති දෙකේ එව්වා තමා. අපි බලමු කොහොමද මේවා හොයා ගන්නේ කියලා..
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. ගොඩක් වෙලාවට ප්ලේන් ස්පොටින් කරන අය ප්ලෙන් අඳුරගන්න පාවිච්චි කරන්නේ ප්ලෙන් එකේ මෙන්න මේ කොටස්.

Boeing 747
මේක තමයි ඉතින් බෝයින් වලින් ගහපු ලොකුම වගේම කාලයක් ලෝකයේ ලොකුම පැසෙන්ජර් ප්ලෙන් එක වෙලා තිබුනේ.
මේක හඳුනාගන්න හරිම පහසුයි මේකේ තියන තට්ටු දෙක නිසා (ඩොඋබ්ලෙ ඩෙcක්ස්) හැබැයි උඩ තට්ටුව පොඩ්යි සහ ඉදිරි කොටසේ විතරයි. එ වගේම එන්ජින්ස් 4ක් තියනවා.මේ වගේ හැඩයක් තියන එකම ප්ලෙන් එක නිසා මේක ඉතින් ගොඩක් අයට හොයාගන්න ලේසියි.
Boeing 767
මෙන්න මෙතන ඉඳන් තමයි අමාරු හරිය.
බෝයින් 767 සහ 777 යන මොඩ්ල්ස් දෙක ගොඩක් වෙලාවට හරිම අමරුයි අඳුරගන්න. (ඔව් ඔව් 777 කියන්නෙ නැතිවෙන මොඩ්ල් එක තමයී. 747 එක තරම් ලොකු නැති තට්ටු එකක් සහ එන්ජින්ස් දෙකක් තියන ප්ලෙන් එකක් තමයි මේක.
ගොඩක් වෙලාවට ඉතින් මේක සහ බෝයින් 777 එක වෙන් කරගන්න වෙන්නේ රෝද වලින්. 767 එකේ එක පැත්තක රෝද 4ක් තියනවා. 777 එකේ තියෙන්නේ එක පැත්තක රෝද 6ක් බැගින්.
Boeing 777
පහුගිය කාලේ ගොඩාක් ප්‍රසිද්ද උන ටයිප් එක තමයි මේක. කලින් කිව්වා වගේ මේකයි 767 එකෙයි පෙනුම එක වගේ. මේක 767 එකෙන් වෙන් කරල හඳුනගන්න ලේසි වෙන්නේ මේකෙ තියන ලොකු එන්ජින් 2 සහ වින්ග්ලට්ස් නැති නිසා.
හැබැයි මෙකෙත් තව මොඩෙල්ස් තියනවා 777-200 සහ 777-300 කියලා. එවා අඳුරගන්න වෙන්නේ ප්ලෙන් එකේ දිග පලල සහ පැතිවල තියන දොරවල් ගණන අනුව.
777-200
777-300
මතකනේ මැලේසියන් එයාලයින්ස් එකේ නැති උන සහ විනාශ උන ප්ලෙන් දෙකම මේ ජාතියේ.
Boeing 787
787-Dreamliner
බෝයින් වල ගහපු ලස්සන ප්ලෙන් එකක්. මේක අඳුරගන්න හරිම ලෙසියි මේකේ තටුවල හැඩය සහ එන්ජින් නිසා. එන්ජින් එකේ පිටිපස්සේ "සිග් සැග්" හැඩය.
එයාර්බස් 320 එකක් තරම් සයිස් උනාට වින්ග්ලට්ස් නැති නිසා සහ ඊට වඩා ලස්සන නිසා මේක හරිම ලේසියෙන් අඳුරගන්න පුලුවන්.
හරි අපි දැන් එයාර්බස් වලට හැරෙමු
A320 Family
එයාර්බස් පවුලේ පොඩිම උන් තමයිA318/A319/A320/A321 කියන්නේ.
මේ ඔක්කොම ටිකක් එක වගේ. අනික් එයාර්බස් එවට වඩා වෙනස් වෙන්නේ සයිස් එකෙන්. (small size)
මතක තියාගන්න එයාර්බස් හැම ප්ලේන් එකකම වින්ග්ලට්ස් තියනවා. ඒකෙන් ගොඩක් වෙලාවට මොකද්ද කියල හොයාගන්න පුලුවන්.
A330 Family
අපි කාටත් ප්ලෙන් එකක් කිව්වාම ඔලුවට එන්නේ, අන්න ඒ වගෙ තමයි මෙ ප්ලේන් එක. හරිම සිම්පල් විදියට තියන නියම ප්ලේන් පෙනුමක් තියෙන්නේ.
එන්ජින්ස් දෙකයි, වින්ග්ටිප්ස් තියනවා, දැනට තියන අනික් එන්ජින් දෙකේ ප්ලේන් වලට වඩා මෙකේ වින්ග්ලට්ස් වෙනස්. ඒ නිසා ලෙසියෙන් අඳුරගන්න පුලුවන්.
Airbus A340
මේකනම් අඳුරගන්න හරිම ලේසියි තනි තට්ටුවක් සහ එන්ජින් 4ක් තියන නිසා. අනික් එන්ජින්ස් 4ක් තියන ප්ලේන්ස් තියෙන්නෙ B747 සහ එයාර්බස් A380. ඒ දෙකටම වඩා මේක කෙට්ටු නිසා පැහැදිලිව හොයාගන්න පුලුවන්.
Airbus A380
දැනට ලෝකයේ තියන ලොකුම මගී ගුවන් යානය, අඳුරගන්න බැරි උන් ඉන්නව කියලා හිතාගන්න අමරුයි.
තට්ටු දෙකයි, එන්ජින්ස් 4යි, තල්මහෙක්ගේ පෙනුම තියෙන්නේ.. හෙනම ලොකුයි..
අන්තිමට ඉතින් අහසට ආපු අලුත්ම එයාර්බස් සාමජිකයා
Airbus A350
මේකට අනික් කිසිම ප්ලේන් එකකට නැති පෙනුමක් තියෙන්නේ.
ලස්සන වින්ග්ලට්ස් තියනවා (ශාර්ක්ලට්ස්) මේ ගැන කලින් ත්‍රෙඩ් එකක් දැම්මා.
New Aircraft - Airbus A350XWB - අළුත් ප්ලේන්
_________________________________________________________________________________
My Previous Threads:
WiFi in an Aircraft - ප්ලේන් එකේදී ඉන්ටර්නෙට් යමු
Mid-Air Collision Avoidance - ප්ලේන් එකක් හප්පගනෙනේ නැතුව බේරගමු.
Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1
Air Crash- Part2 - ගුවන් අනතුරු - දෙවන කොටස
ගුවන්~සැප - AirTravel was Luxurious in 1940's

- බඳේ විශාලත්වය සහ හැඩය.
- තටුවල අග තියන වින්ග්ලට්ස්.
- ලෑන්ඩින් ගියර්ස් වල තියන රෝද ගණන.
- බඳේ තියන දොරවල් ගණන.
- සහ එන්ජින් එකේ ටයිප් එක.
- රොල්ස් රොයිස් සමාගමෙන් හදන එන්ජින්ස් (RR)
- ජෙනෙරල් ඉලෙක්ට්‍රික්ස් සමාගමෙන් හදන එන්ජින්ස් (GE)

හරි ඔන්න එහෙනම් අපි ගියා.
අලුත් දෙයක් ඉගෙනගත්තා කියල හිතනවා.
ප.ලි: මේ මම දැම්මේ තියන එකම ක්‍රමය නෙමෙයි, ඔයාලා දන්න දේවල් බෙදාගන්න. ප්‍රශ්න අහන්න.