<(-'.'-)> අගහරු විද්‍යා පර්යේෂණාගාරය <(-'.'-)>

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    <(-'.'-)> අගහරු විද්‍යා පර්යේෂණාගාරය <(-'.'-)>

    අගහරු විද්‍යා පර්යේෂණාගාරය Mars Science Laboratory


    හායි එළකිරි මචන්ලා මචීලා ............සුවදුක් කෙසේද ....:rofl:
    ඔන්න ඉතින් ටික දවසකට පස්සේ එළකිරි එකට අලුත් නුලක් දාන්න පොඩි අදහසක් ආව.
    නම දැක්කහම පොඩි idea එකක් ආව නේද .
    Mars Science Laboratory අගහරු විද්‍යා පර්යේෂණාගාරය මේක තමයි නාසා ආයතනය NASA) මගින් මේ වසර අවසානයේ පටන් ගන්න නියමිත පර්යේෂණ මෙහෙයුමේ නම
    2008 වසරේ සිට මේකට ලෝකෙ රටවල් ගණනාවක ඉන්න දක්ෂ විද්වතුන් රැසක් වෙහෙසුනා.
    Curiosity (කුතුහලය):rofl: නම් රෝවරය තව නොබෝ දිනකින් ගුවන් ගත වෙන්න සුදානම්.

    PIA14164_modest.jpg


    මේ පර්යේෂණ චාරිකාවේ මුලික අරමුණ රතු ග්‍රහයා ජීවීන් වාසය සදහා සුදුසුද යන්න සොයා බැලීමයි
    මීට පෙර යවනු ලැබූ යන රෝවරයන් දෙදෙනාටම වඩා මෙය විශාල කාර්යන් ප්‍රමාණයන් කරන්න පුළුවන් කෙනෙක්
    Nov 25 සිට Dec 1 8දක්වා ගුවන්ගත කිරීම සදහා අවකාශය (Launch Window)එක තියනව. කාලගුණ තත්ත්ව අනුව එදින උදෑසන එනම් 7:21 a.m. PST
    (10:21 a.m. EST )එය සිදු කරන්න සැලසුම් කරලා තියෙන්නෙ
    දැනට ලොව බිහිකළ අති දියුණු තාක්ෂණික උපකරණ රැසක් රැගෙන යනව
    පෘතුවියෙන් නික්මිලා දින 668 ගමනේ යෙදිල අගහරු වෙත ලගාවෙනවා
    මෙම රෝවරයට සාමාන්‍යයෙන් පැයට මීටර 30 ක දුරක් ගමන් කල හැකියි
    පෘතුවි දින 687 වැනි දීර්ඝ කාලයක් අගහරු මත සිට මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය බලය මෙය සතු වෙනව
    එනම් අගහරු මත ගොඩබාන ස්ථානයේ සිට වපසරියක ගමන් කිරීමටත් එයින් ඔබ්බට තවත් ගමන් කර පස් හා පාෂාණ සාම්පල
    එක් කර ගැනීමට නියමිතයි
    පහතින් දිස් වෙන්නේ රෝවරයයි.

    PIA09201_modest.jpg


    PIA14304_Grotzinger1-br2.jpg


    මෙතනට තමයි ගොඩ බාන්නෙ පසුගිය ජුලි 22 වෙනිදා තමයි නාසා ආයතනය මෙය ප්‍රකාශයට පත් කලේ

    PIA14305_Grotzinger4-br2.jpg



    මේ තියෙන්නෙ මෙයාගේ අත. මේකට රෝවරයේ ඉදල ඉදිරියට 2.3mයොමු කල හැකියි .
    ටයිටේනියම් වලින් හදල තියන මේකට කැමරාවක් බුරුසුවක් සහ එක් වෙනව මේකේ බර කිලෝ 33.

    msl20100916_D2010_0831_T020-full.jpg


    මේ තියෙන්නෙ වැදගත්ම කොටසක්
    සුදුපාට පෙට්ටියක් වගේ කොටසට කියන්නේChemistry and Camera (ChemCam) කියල එමගින් නිකුත් කරන ලේසර් කදම්බයක් 7m දුර තිබෙන වස්තුවක්
    මතට පතිත වෙලා එමගින් ඇතිවෙන විහිදෙන ආලෝක ධාරා ටෙලස්කෝපයක් මගින් නිරීක්ෂණය කර දත්ත ලබා ගැනීම කරනු ලබනව
    මෙහි තිබෙන ප්‍රධාන කැමරාව සැලසුම් කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි James Cameron. දන්නවනේ කවුද කියල ;)

    msl20100907_D2010_0305_T130-full.jpg


    අගහරුවල අපේ රටේ වගේ හොද පාරවල් නැහැ.:rofl:
    එක නිසා රළු මගක ගමන් කරන්න මේවට පුළුවන් වන්න ඕනි

    msl20100913_D2010_0910_D6107-full.jpg


    මේක තමයි නාසා ආයතන හදපු විශාලම තාප ආවරණය
    අගහරු වායු ගෝලයේ ගැටී පතිත වීම දක්වා දර්ශන මෙහි අති කැමරාවක් මගින් පටිගත කරනු ලබනව

    msl20110513_PIA14128_MSL_Heatshield_w_MEDLI-br2.jpg


    මේ තියෙන්නෙ Sample Analysis at Mars (SAM) කියල හදුන්වන එනම් අගහරු සාම්පල පරීක්ෂා කිරීමේ කොටසයි

    msl20110118_PIA13791_Lifting_SAM-br2.jpg


    පහතින් විස්තර වෙන්නේ එහි කොටස්

    msl20110118_PIA13790_SAM_schematic-br2.jpg


    හදිස්සියේ වැස්සක් එහෙම එනවද කියල බලන්න තමයි මේක ඕන වෙන්නේ
    වායුගෝලීය ජාල වාෂ්ප ප්‍රමාණය උෂ්ණත්වය පසේ උණුසුම ......සුළගේ වේගය
    ඇතුළු දත්තයන් කාණ්ඩ 10 වැඩි ප්‍රමාණයක් මෙමගින් ලබා ගන්නව

    msl20101130_PIA13646-br2.jpg



    සරලව කිව්වොත් මේක X-ray උපකරණයක් .:P
    මේක හදන්න කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය මුලික වෙලා තියනව

    msl20110218a-br2.jpg



    වර්ණ රුප ලබාගන්න පුළුවන් මෙම කැමරාව රෝවරයේ අතෙහි සවි වෙනව

    msl20101116_PIA13581_MAHLI-br2.jpg


    මේතියෙන්නේ මම කලින් සදහන් කල ප්‍රදාන කැමරාවට පහතින් තිබෙන තවත් කැමරා

    20100719_MARDI-MSL-camera-br2.jpg


    mastcam34-br2.jpg


    මේවට හුලං ගහන්න ඕනෙත් නැහැ ..........

    wheels_isometric.jpg


    මේ බලන්නේ අඩුම හානි සහිතව කොහොමද ගොඩ බාන්නෙ කියල
    ED10-0106-123-br2.jpg


    මේ තියෙන්නෙ අගහරු වායුගෝලයට ඇතුළු වීමෙන් පසු සිදුවන ක්‍රියාදාමයයි
    20100719_EDL-chart-2010-br2.jpg


    හිටගෙන ඉන්න එක්කෙනා අනුව හිතාගන්න පුළුවන් නේද පැරෂුට් එක ප්‍රමාණය
    PIA10205_modest.jpg



    ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්න හදන්නෙ තව දින 93 වගේ කාලයක් තියෙන්නෙ මේක උඩුගුවනට යන්න
    මේක මේ සියලු උපකරණ සමගම පෘථිවි වාසී සියලු මිනිසුන්ගේ බලාපොරොත්තු පොදි බැද ගෙන තමයි මේක යන්නෙ
    තොරතුරු ලබාගැනීමේදී Wikipedia /NASA උපකාරී උනා:yes:


    ඔය ගොල්ලන්ගේ අදහසුත් එකතු කරන්න අමතක කරන්න එපා
    [email protected]
    ලිපියේ සියලු හිමිකම් මට එපා
    ගත්තේ මෙතනින් කියල දාන්න ඒ අති ;)
    -----------------------------------------------------------------
    මගේ පරණ නුල්

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    Hungak watina post ekak....
    machang oke infrared camera eke technology eka Professor Sarath Gunapala ge neda?