හණමිටි අදහස් වල විද්‍යාත්මක සත්තය

33000W

Member
හණමිටි අදහස් වල විද්‍යාත්මක සත්තය

මේකයි වැඩේ. මේක සිතුවිලි-පුංචි කතන්දර කියල blog එකකින් අරගත්ත එකක් ඒක මුලින්ම කියල ඉන්න එපැයි. නැත්නම් හරි නෑනෝ. ලියපු කෙනාට කරන අසාදාරනයක්නෝ.

ඉස්සර කාලේ මළ ගෙදරක ගියාම කියනවා කිල්ලට අහුවෙලා කියලා.:shocked::shocked::shocked: සමහර දෙනෙක් ඒකට පිළිතුරු දෙන්නේ මිත්‍යා මතයක් ලෙසටයි.:baffled: නමුත් ඇතැම් දේවල් වල විද්‍යාත්මක පදනමක් තියෙනවා නේද?:yes::yes: අපි ගොඩක් දේවල් වල විද්‍යාත්මක පසුබිම ගැන හිතන්නේ නැහැ. :no::no:එහෙමත් නැත්නම් දන්නේ නැහැ.:no:


මළ ගෙදරක ගියාම කිල්ලට අහුවෙලා කියන කතාවේදි අපි හිතමුකෝ තුවාලයක් තිබුනා කියලා.:oo::oo: ගෙදර ආවහම මේ තුවාලය වැඩි වෙනවා.:shocked: පැරණි අය කියන්නේ කිසියම් යක්ෂ බලවේගයක් නිසා මෙහෙම වුනා කියලා. ඇත්තටම අපි දන්නවානේ මැරුණ කෙනෙකුගේ ශරීරයෙන් විෂබීජ විශාල ප්‍රමාණයක් පිට වෙනවා කියලා. ඒවා අපේ පියවි ඇසට පේන්නේ නැහැ. ඉතින් තුවාලයක් තිබුනම ඒක වැඩි වෙන එක අරුම පුදුම කාරණාවක් නෙමෙයි නේද?:confused::confused::confused:

ඉස්සර කාලේ පොල් තෙල් පහනක් මළ මිනිය ලග පත්තු කලේ මේ කාරණාව නිසයි. දැන්නම් ඒක පැෂන් එකක් වෙලානේ.:rolleyes::rolleyes::rolleyes: ඒ නිසා බොහෝ තැන් වල විදුලි බුබුළු වලින් මිනිය වටේ ආලෝක කරනවා.:yes: පැපොල, සරම්ප වගේ ලෙඩ රෝග අදත් අප හදුන්වන්නේ දෙවියන්ගේ ලෙඩ වශයෙනුයි.:yes::yes: ඒ අනුව නොයෙකුත් කෙම් ක්‍රම භාවිතා කරනවා. ගෙදරට ඇතුළුවන තැන උළුවස්සේ කොහොඹ කොල එල්ලනවා. ආහාර දීමේදී මිරිස්, කහ, ඇඹුල් වලින් තොර සිසිල් වෑංජන වර්ගත්, කිරිබත් වැනි දේත් දෙනවා. ඒවා දෙන්නේ දෙවියන්ගේ ආහාර වර්ග කියලයි.:D:D මේ කෑම අතුරින් පලතුරු බොහෝ විට ගුණ දායක වෙනවා. ඒ වගේම කිරිබත් වැනි කිරෙන් පිසූ ආහාරත් ඉතා ගුණයි. මේ නිසා අසනීපය සුව වෙනවා.:yes: මෙහි විද්‍යාත්මක පදනම වන්නේ අසනීපයට හරියන කෑම බීම ඇගට වැටීම නිසා ලෙඩා සුව වීමයි.;);)

මීට අමතරව අපි ලෙඩාව වෙන් කොට තබනවා. ඒ මගින් රෝගය පැතිරීම වගේම රෝගියාගේ රෝගී තත්වය උත්සන්න වීමත් වලකිනවා. ඉස්සර කාලේ මෙහෙම දෙවියන්ගේ ලෙඩ හැදුන අය ඉන්න කාමරයේ පොල් තෙල් පහනක් දැල්වීම කරනවා. එමගින් ඔවුන් අදහස් කරන්නේ දෙවියන්ට පහන් පත්තු කරන බවයි. නමුත් එහි විද්‍යාත්මක පදනම නම් අදුර නැසීම වගේම විෂබීජ නැති කිරීමයි.:confused::confused::confused:

මේ රෝගීන්ට ආහාර දීමේදී කුඩා වට්ටියක් මත අතුරන ලද කෙසෙල් කොළ පාවිච්චි කරන ලද්දේ දෙවියන්ට දෙන පූජාවක් ලෙස ආහාර දීම සදහායි.:D:D:D නමුත් එයින් සිදුවුනේ පිරිසිදුකම ආරක්ෂා වීම වගේම කෙසෙල් කොළය නිසා ආහාරයට සිසිලසක් එක්වීමයි.;);)

ඇතැම් තුවාල, වන පිළිකා ඉදිමුම්, වැනි රෝගවලට ප්‍රතිකාර කරන අතරම මැතිරීම, වෙනත් කෙම් ක්‍රමත් කරනවා.:yes::yes: මේවා අදත් දක්නට ලැබෙනවා.:eek: මේ රෝගයන්ට මැතිරීම සදහා දෙහි අත්තක් භාවිතා කරනවා. එමගින් තුවාලය හෝ ඉදිමුන ස්ථානය ස්පර්ෂ වන අන්දමින් මැතිරීම කරනු ලබනවා. එවිට විෂබීජ නැතිවීමේ ස්වභාවයක් ඇති වෙනවා. ඇතැම් රෝග වලට ගෙයි අඹ අතු එල්ලනු ලබනවා. මෙමගින් වාතය පිරිසිදු වෙනවා. ගසක අතු වල ඇති විෂබීජ නැතිවීමේ ශක්තිය නිසා තමයි මෙවැනි දේ කරනු ලබන්නේ.:shocked::shocked::shocked:
තව ටිකක් දුරට විද්‍යාත්මකව පැහැදිලි කලොත් මල මිනියකින් විශාල ප්‍රමාණයකින් බීටා විකිරණ (ඉලෙක්ටෝන) පිට වෙනවා. ඒ විකිරණ තුවාල වල වැටුනම තුවාලයේ ඉන්න විශබීජ ඒ බීටා විකිරණවල (ඉලෙක්ටෝන) උදවුවෙන් ඔක්සිකරණය වෙනවා. එතකොට තුවාලය වණ වෙනවා. තුවාලය වැඩි වෙනවා.:shocked::shocked::shocked:

තුවාල වලට දාන සමහර බේත් වලින් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක. කොන්ඩිස් (දම් පාට බෙහෙත්) වලිනුත් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක.:yes::yes::yes:


පහන්ක් පත්තු කලාම වෙන්නේ අර බීටා විකිරණ විනාශ වෙලා යන එක !!!

අපේ පැරැන්නන් කොච්චර නම් බුද්ධිමත් ද.:yes::yes: ඒ කාලේ ඉලෙක්ටෝන සංකල්පය රටෙත් නෑ. ඒ උනාට මේ දේවල් දැනගෙන උන්නා. ඒ අතින් අපි ශේෂ්ඨ ජාතියක් කියන එක තවත් පැහැදිලි වෙනවා !!!
:yes::yes::yes::yes:

ඉස්සර කාලේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල මළ මිනියක් තිබී භූමදානය පිණිස ගෙන ගියාට පස්සේ එමහ මිනිය තිබුන තැනට කහ දියර ඉසිනවා. (එය අමුකහ තැලීමෙන් සාදාගත් වතුරක්) නැත්නම් ගොම දියර ඉසිනවා. මේ මගින් ගැමියා බලාපොරොත්තු වන්නේ කිලි නැසීමයි.:frown::frown: විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් මෙමගින් සිදුවන්නේ විෂ බීජ නැති වීමයි. මේ සිරිත අදටත් අප අතර පවතිනවා. අනෙක් අතට මළ ගෙදරක දොරවල් ජනෙල් වසා තබන්නේ නැහැ. පැරැන්නන් කියන්නේ මැරුණු කෙනා දොරවල් වසා තැබුවොත් ඇවිත් කරදර කරන බවයි.:yes::yes: නමුත් දොර ජනෙල් ඇර තැබීමෙන් ගෙතුල එකතු වන විෂබීජ ඉවත් වී යනවා.

බුලත් විට කන අය බුලත් කොළය කෑමට පෙර අග කඩා දමන්නේ නයි විස ඇතැයි කියමින්. නමුත් විද්‍යාත්මකව බැලුවොත් පෙනී යන්නේ බුලතේ නටුව අග කොටස කඩනුයේ බුලත නියපොත්තෙන් කැඩීමේදී විෂ ඇතුලත්වී යැයි සිතා එම විෂ නැතිවීමටයි. අග කොටස කඩ නුයේ බුලත් කොලයේ එකතු වන දූවිලි හා නෙත් ද්‍රව්‍ය වැඩි වශයෙන් කොළය අග රැදෙන බැවිනි.:baffled::baffled::baffled:

ඉස්සර කාලේ මිනිසුන් කැලෑ මාර්ගවල යනවිට කොළ අත්තක් එල්ලා යාමට පුරුදු වී ඇත. ඊට හේතුව පුරාණයේ කැලෑ මාර්ගවල යන විට නැවත ආපසු එන්නට මග හොයා ගන්නට නොහැකි වේදැයි සැකයෙනුයි.:D:D නමුත් අද එය දේව ඇදහිල්ලක් ලෙස පිළිගනුයේ කැලෑ පෙදෙස් වල ඇවිද්ද මිනිසුන් තුල බිය පහ කිරීමේ ක්‍රමයක් ලෙසයි.:yes::yes::yes:

අපේ ගෙවල් ඉදිරිපිට තැඹිලි ගස් ඇත්නම් හොද නැතැයි කියමනක් අප අතර තියෙනවා. මෙහි භූත ඇදහීම් වලදී කියන්නේ බූතයන්ගේ ආකර්ෂණය තැඹිලි ගසක් ගෙයි ඉදිරිපිට තිබීමෙන් වැඩි වන බවත් එමගින් ගෙදර අයට හිරිහැර පැමිනෙන බවත්ය.:baffled::baffled: නමුත් මෙහි විද්‍යාත්මක පැත්ත නම් තැඹිලි ඇට්ටි වල ඇති ආම්ලික ගතිය නිසා වැසි කාලවලදී ගොරවන විදුලි කොටන විට කාන්දම් බලයක මෙන් විදුලිය ඇදී ඒමෙන් ගෙදර අයට විපත් සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීමයි.:shocked::shocked::shocked:

මේ වගේ තවත් නොයෙකුත් මත අප අතර බහුලව පවතිනවා.:yes::yes::yes: ඒවා නිකම්ම මිත්‍යා මත ලෙස ගෙන අහකට දැමිය හැකි දේවල් නොවෙයි.:no::no::no: ඒවායේ යම් කිසි පිළිගැනීමට හැකි විද්‍යාත්මක පදනමක් ඇති බවට සාක්ෂි ඕනෑතරම් සොයා ගැනීමට හැකියි.:D:D

දැන් මගේ වචන. 33000W
කට්ටියටම වැදගත් වෙන්න ඇති කියල හිතනව. මොනව උනත් මේවගේ විද්‍යාත්මක මෙන්ම යම් නොපෙනෙන දේකුත් ඇති කියලත් මම පෞද්ගලිකව විස්වාස කරනව.
මම මීට කලිනුත් thread වගයක් දැම්ම. කැමති කට්ටිය බැලුවට තරහක් නෑ.:D:D:D
http://www.elakiri.com/forum/showthread.php?t=1309554
(ලොකු ලොක්කන්ගෙ ගෙවල්.)

http://www.elakiri.com/forum/showthread.php?t=1309886
(කොරියාවේ බුදුදහමට සිදු වී ඇති විනාසය)

http://www.elakiri.com/forum/showthread.php?t=1309470
(ටිකක් වැදගත් thread එකක්. ජීවිතයක් බේර ගන්න.පුළුවන් කට්ටිය බලන්න.)

http://www.elakiri.com/forum/showthread.php?t=1309777
(බෝතලයේ ඇතුල් පැත්ත.වහ බොන්න කැමති නැති කට්ටිය බලන්න.)

http://www.elakiri.com/forum/showthread.php?t=1309722
(බුදුදහමට අනුව ස්ත්‍රියක් වෙන්න ඕන මෙහෙමයි)

http://www.elakiri.com/forum/showthread.php?t=1309063
(අන්තර්ජාලයට ඇබ්බැහි වූ තරුණයන්ට)


http://www.elakiri.com/forum/showthread.php?t=1308926
(ලෝකයේ විසකුරුම සත්වයන් 11)

http://www.elakiri.com/forum/showthread.php?t=1308023
(දුප්පත් කමේ සහ පොහොසත් කමේ වෙනස)

 
Last edited:

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    Code:
    [SIZE=4][COLOR=#222222][FONT=Arial]ඒ විකිරණ තුවාල  වල වැටුනම තුවාලයේ ඉන්න විශබීජ ඒ බීටා විකිරණවල (ඉලෙක්ටෝන) උදවුවෙන්  ඔක්සිකරණය වෙනවා. එතකොට තුවාලය වණ වෙනවා. තුවාලය වැඩි වෙනවා.:shocked::shocked::shocked:[/FONT][/COLOR]
    
    [COLOR=#222222][FONT=Arial]තුවාල වලට දාන සමහර බේත් වලින් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක. කොන්ඩිස් (දම් පාට බෙහෙත්) වලිනුත් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක.:yes::yes::yes:[/FONT][/COLOR]
    
    [COLOR=#222222][FONT=Arial]පහන්ක් පත්තු කලාම වෙන්නේ අර බීටා විකිරණ විනාශ වෙලා යන එක !!![/FONT][/COLOR][/SIZE]

    මේ ටිකේ සම්බන්දයක් නෑ වගේ නේද විශබීජ ඔක්සික්සිකරනය කරනවා කියන්නේ උන්ව මරනව කියන එක ඒකෙන් තුවාල වණ වෙන්නේ නෑ.... මෙහෙම බෑලුවොත් හොද වෙන එකයි වෙන්නේ.......
    අනික් ටිකනම් එල......:cool:
     

    33000W

    Member
    Code:
    [SIZE=4][COLOR=#222222][FONT=Arial]ඒ විකිරණ තුවාල  වල වැටුනම තුවාලයේ ඉන්න විශබීජ ඒ බීටා විකිරණවල (ඉලෙක්ටෝන) උදවුවෙන්  ඔක්සිකරණය වෙනවා. එතකොට තුවාලය වණ වෙනවා. තුවාලය වැඩි වෙනවා.:shocked::shocked::shocked:[/FONT][/COLOR]
    
    [COLOR=#222222][FONT=Arial]තුවාල වලට දාන සමහර බේත් වලින් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක. කොන්ඩිස් (දම් පාට බෙහෙත්) වලිනුත් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක.:yes::yes::yes:[/FONT][/COLOR]
    
    [COLOR=#222222][FONT=Arial]පහන්ක් පත්තු කලාම වෙන්නේ අර බීටා විකිරණ විනාශ වෙලා යන එක !!![/FONT][/COLOR][/SIZE]
    මේ ටිකේ සම්බන්දයක් නෑ වගේ නේද විශබීජ ඔක්සික්සිකරනය කරනවා කියන්නේ උන්ව මරනව කියන එක ඒකෙන් තුවාල වණ වෙන්නේ නෑ.... මෙහෙම බෑලුවොත් හොද වෙන එකයි වෙන්නේ.......
    අනික් ටිකනම් එල......:cool:

    :baffled::baffled::baffled::baffled::baffled: එකත් එහෙමද? කමක් නෑ. ඒ ටික ඒ blog එකේ දල තිබුන comment එකක්. වැදගත් කියල හිතල එතනට දන්න හිතුවෙ. මගේ edit වල අවුලක්,:rolleyes::rolleyes::rolleyes:
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    dan kale inna widyathmaka pons lata therenne na e kalae minssu wenath wachanwalin adhas akrapu deyi dan ewun widyawen sioyagaththa dewaluyi ekayi kiyala
    samahrawelwata ape parana dewal eeta wada superior kiyala

    ithin mokek hari scientist kenek ahriyata hoyala nathnam ithin mehe e wade karana eka modaya.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    අද නවීන විද්‍යාව පමණක් ඉගෙනගත්, ලාංකිකවීම ලැජ්ජාවට කාරණයක් කියා සිතන බොහොමයක් දෙනා පැරණි ලාංකික වෙදහෙදකම්, ඉංජිනේරුමය ක්‍රියාවලියන් අවඥාවට ලක් කරනවා. නමුත් ආදී ලාංකිකයන් ඒවා සොයා ගත්තේ හෝ දැනගෙන සිටියේ වසර දහස් ගණනක සිටයි.
    සැර බෙහෙත් බීලා, අතපය වල ඇතිවෙන කැසීම් (දද ) හොඳ කරන්න එපා, ඕක පපුවට (හතියට) එනවා කියන එක අපේ රටේ පැරැන්නෝ දැන සිටියේ කවදා සිටද කියලා නොදන්නා තරම් පැරණි කියමනක්. නමුත් ඉංග්‍රීසි වෙදකමේ ECZEMA සහ ASTHMA එකිනෙකට සම්බන්ධයි කියලා සොයා ගත්තේ මීට වසර 10කට පමණ පෙරයි.
    SKIN GLUE , එහෙම නැතිනම් WOUND SUPER GLUE ඉංග්‍රීසි වෙදකමේ ඉතාම නවීන සොයාගැනීමක්. නොසෙල්වෙන ස්ථානයක ( ඔලුවේ,නළලේ වැනි) හමේ කැපුමකට ඉතාම සාර්ථක ප්‍රතිකාරයක්. කවුරු හරි ඔලුව පැලුනාම දුම්මලයි, පොල්තෙලුයි දැම්මොත් ආපෝ, ගමේ බයියෙක් කියයි .

    කුඩා ගෙයක් හදනකොට මුදුන් යට ලීය යටට උළුවස්සක් දැමීම ගෙදර අයිතිකාරයාට අසුභයි කියලා බාස් කිව්වාම ඕවා ආදී කාලේ මනස්ගාත . වහලේ බර දරාසිටින Centre of gravity උළුවස්සක මැදට තිබිය යුතු නැහැ කියලා architect කිව්වම යර්ස්, ඔෆ්කෝස් කියන උදවිය පැරණි සිංහල බාස්ට හිනා වෙනවා
    තව ගොඩක් තියනවා . පස්සේ ලියන්නම් දැන් මට පාත්ති වලට වතුර දාන්න ඕනෑ
     
    • Like
    Reactions: silent one

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    අද නවීන විද්‍යාව පමණක් ඉගෙනගත්, ලාංකිකවීම ලැජ්ජාවට කාරණයක් කියා සිතන බොහොමයක් දෙනා පැරණි ලාංකික වෙදහෙදකම්, ඉංජිනේරුමය ක්‍රියාවලියන් අවඥාවට ලක් කරනවා. නමුත් ආදී ලාංකිකයන් ඒවා සොයා ගත්තේ හෝ දැනගෙන සිටියේ වසර දහස් ගණනක සිටයි.
    සැර බෙහෙත් බීලා, අතපය වල ඇතිවෙන කැසීම් (දද ) හොඳ කරන්න එපා, ඕක පපුවට (හතියට) එනවා කියන එක අපේ රටේ පැරැන්නෝ දැන සිටියේ කවදා සිටද කියලා නොදන්නා තරම් පැරණි කියමනක්. නමුත් ඉංග්‍රීසි වෙදකමේ ECZEMA සහ ASTHMA එකිනෙකට සම්බන්ධයි කියලා සොයා ගත්තේ මීට වසර 10කට පමණ පෙරයි.
    SKIN GLUE , එහෙම නැතිනම් WOUND SUPER GLUE ඉංග්‍රීසි වෙදකමේ ඉතාම නවීන සොයාගැනීමක්. නොසෙල්වෙන ස්ථානයක ( ඔලුවේ,නළලේ වැනි) හමේ කැපුමකට ඉතාම සාර්ථක ප්‍රතිකාරයක්. කවුරු හරි ඔලුව පැලුනාම දුම්මලයි, පොල්තෙලුයි දැම්මොත් ආපෝ, ගමේ බයියෙක් කියයි .

    කුඩා ගෙයක් හදනකොට මුදුන් යට ලීය යටට උළුවස්සක් දැමීම ගෙදර අයිතිකාරයාට අසුභයි කියලා බාස් කිව්වාම ඕවා ආදී කාලේ මනස්ගාත . වහලේ බර දරාසිටින Centre of gravity උළුවස්සක මැදට තිබිය යුතු නැහැ කියලා architect කිව්වම යර්ස්, ඔෆ්කෝස් කියන උදවිය පැරණි සිංහල බාස්ට හිනා වෙනවා
    තව ගොඩක් තියනවා . පස්සේ ලියන්නම් දැන් මට පාත්ති වලට වතුර දාන්න ඕනෑ


    meke innwa sciencetisla kiyana de serama aththa kiyala hismudunin piliganna mati mol booru patawu tikak
    unta penna share karanna
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    තව දේවල් දෙකතුනක් මතක් .උනා .
    අපේ ආච්චිලා මයියොක්කා තම්බන කොට නෑඹිලිය ඇරලා තම්බන්නේ Cyanogenic Glycoside වලින් Hydrogen Cyanide හැදෙන බව සුද්දෝ කියා දීලාද?
    ඉස්සර ලංකාවේ Chiropractor ලා වත් Physiotherapist ලා වත් Masseur ලා වත් හිටියේ නැහැ. නමුත් හොඳ කැඩුම් බිඳුම් වෙදෙක් ඔය කියන තුන් දෙනාටම වඩා හොඳට, රත් වෙච්ච බෙහෙත් තෙල් ටිකක් ගාලා, අතගාලා, තවලා, ඇදලා, මිරිකලා ලෙඩ සනීප කළා .
    Steam inhalation වලට Diffuser එකක් පාවිච්චි කරන එක කොච්චර හයි ෆයි ද? අපේ ගොඩයෝ කොත්තමල්ලි මුට්ටියේ නෑඹිලිය ඇරලා සරම ඔලුවේ ඉඳන් දාගෙන හුමාලය/ දුම් අල්ලනවා.
    හවසට වැඩ ඉවරවෙලා යනකොට කම්මල් කාරයාගේ දඬු අඬුව තද (clamp ) කරලා තිබ්බොත් රෑට අතපය හිර වෙනවාලු. ඒ නිසා දඬු අඬුව ඇරලා (open) තියන්න ඕනැලු . එහෙම නැතිව spindle එකේ හෝ nut එකේ පොට (thread ) ඇදෙන නිසා කියලා කිව්වානම් ගෝලයා කවදාවත් ඕක අහන්නේ නැහැ .
    තවත් ඒවා මතක් උනොත් ලියන්නම්.