[අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [03] [ශ්‍රී ලංකාව]
පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.
මෙහෙමත් දරුවෝ...
කම්බියෙන් හෙළිවූ මවකගේ ඝාතනය
යාපනයේ කයිට්ස් පොලිසිය ළඟ සිට කිලෝමීටර් පහක් පමණ ගිය තැන කාලිකෝවිල් වීදිය හමුවනු ඇත.
“අම්මා දවස් තුනක් තිස්සේ ආ ගිය අතක් නැතිව හිටියේ. අපි හැම තැනම හෙව්වා අද අපි බලද්දි එයා පල්ලෙහා පාළු ළිඳට වැටිලා හිටියා සර්...”
පොලිසිය සිවරාසාගේ ප්‍රකාශය ලියා ගත්තේය. ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කාලි කෝවිල් වීදියට ගිඩර. මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය පරිදි ළිඳේ සිටි වයෝවෘද්ධ මවගේ මළසිරුර ගොඩගැනීම සිදුකළේ ඉන් අනතුරුවය.
ගොඩගත් මවගේ සිරුරේ දෙඅත් කම්බියකින් ගැට ගසා තිබිණ. එම කම්බියේ කෙළවර ඇගේ ගෙලට සිරකොට එහි කෙළවරක බ්ලොක් ගලක් ගැට ගසා තිබුණේය. පොලිස් ස්ථානාධිපතිවරයාට මේ පිළිබඳව තිබුණේ සැකයකි. ඇය මියයන්නට ඇත්තේ ළිඳට වැටීමෙන් නොව කිසිවකු විසින් ළිඳට දැමීමෙන් බව සැක පහළ වූයේය. සිරුර ළිඳ පතුළේ සැඟවීමට සිරුරට ගලක් ගැට ගසන්නට ඇතැයිද ස්ථානාධිපතිවරයා විශ්වාස කළේය.
“මේක මිනීමැරුමක් බව අපිට තේරුම් ගියා. අපි මළසිරුර යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරිතුමාට යොමුකළා. සිද්ධිය දවස් හතරකට විතර කලියෙන් වූ බවත් මෙය ගෙල සිර කිරීමෙන් සිදුකළ මරණයක් බවත් පසුව අනාවරණය වුණා...”
පොලිස් ස්ථානාධිපතිවරයා ‘මාංචුවට’ කීවේය.
මියගිය කාන්තාව රාසම්මා නැමැති අසූ පස් හැවිරිදි වයෝවෘද්ධ දෙදරු මවකි. පුතා සිවරාසාය. දියණිය කනකේෂ්වරීය. දරුවන් දෙදෙනාම ජීවත් වනුයේ ඊට යාබද නිවෙස්වලය.
දියණියට දරුවන් අට දෙනෙකි. ඇගේ සැමියා කම්හල් වැඩ කරමින් මුදල් උපයන්නේය. පුතා ද විවාහකයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙකි. ඔහුද කම්හල් වැඩ කරමින් දිවි ගෙවන්නෙකි. කලක් තිස්සේම වයෝවෘද්ධ මවට සැලකුවේ දියණිය විසිනි. උදේට හා දවාලට මවට කෑම ලබාදෙන්නේ ද ඇය විසිනි. දවාලට දෙන ආහාරය ඉතිරි කරගෙන රාත්‍රියටද ගැනීම වයෝවෘද්ධ මව පුරුද්දක් කරගෙන තිබිණි.
“දරුවෝ නිසා අම්මා නිතරම ආරවුල් ඇතිකර ගන්නවා. කන්න දෙන්නේ නැහැ. කියලා රණ්ඩුකර ගන්නවා. කෑම පිඟාන පොළොවේ ගහනවා. ඔය වගේ ප්‍රශ්න මේ ගෙදර නිතරම තිබිලා තියනවා.”
‘අපි ඒ අයගෙන් ප්‍රශ්න කළාම අපිට ඔය වගේ සිද්ධීන් දැනගන්න ලැබුණා.’
ස්ථානාධිපතිවරයා කියයි.
පොලිසිය ඉන් අනතුරුව සෙව්වේ මරා දමන ලද ඇයට තරහකරුවන් සිට ඇත්දැයි බවය. එහෙත් එවන් වෛරයෙන් පෙළෙන්නෙකු ගැන කිසිදු තොරතුරක් නොවීය. ගමේ අය ද දරුවන් ගැන සැකයක් ඇති කරගෙන සිටියේ නැත. මේ නිසා ඇයගේ ඝාතකයන් සෙවීම පොලිසියට මහත් ප්‍රශ්නයක් ගෙන දුන්නේය.
මරා දමන ලද වයෝවෘද්ධ කාන්තාවගේ සිරුර තිබූ ළිඳ ඇත්තේ සිවරාසාගේ නිවෙසට මීටර් පනහක් පමණ නුදුරිනි. ඒ ප්‍රදේශය පාළු ස්වභාවයක් උසුලයි. ඒ නිසා කවුරුත් ඒ දෙසට යෑම ඒම නොකරති. අතහැර දමා තිබූ එම ළිඳේ වතුර පවා පල් වී ඇත.
පොලිසිය මේ සියල්ල නිරීක්ෂණය කළේය. වයෝවෘද්ධ කාන්තාවගේ දෙනෙත් පෙනීම පවා දුර්වල තත්ත්වයක පැවැති අතර ඇයගේ ක්‍රියාකලාපය දරුවන්ට හා ඒ අවට ඇගේ ඥාතින්ටද හිරිහැරයක් බවට අනාවරණය වූ බැවින් ඇයගේ ඝාතනය ඥාතින් විසින් සැලසුම් සහගත ලෙස ක්‍රමානුකූලව සිදුකරන්නක් බවට පොලිසියට සැක පහළ වී තිබිණි.
පොලිසිය තවදුරටත් කරුණු සෙවීමේදී ඇගේ නිවසෙහි නතර වී සිටි තවත් පුද්ගලයකු ගැන කරුණු අනාවරණය විය. සෝමසුන්දරම් නමැති ඔහු වඩු වැඩ කරමින් ජීවත් වුවෙකි. මියගිය ඇය මොහුටද නිතර නිතර බැන වැදීම් කර ඇති බව පොලිසි සොයා ගත්තේය.
එදා ද වයෝවෘද්ධ ඇය සෝමසුන්දරම් හට බැන වැදී ඇතැයි පොලිසියට තොරතුරු ලැබිණ. සියලු තොරතුරු අනාවරණය කරගත් නිලධාරීන් ඉන්පසු කළේ ඔවුන්ගේ නිවෙස් හා ඒ අවට සෝදිසි කිරීමය.
‘මියගිය අයගේ දෙඅත් ගෙල ගැට ගසා තිබුණු කම්බිය ගැන අපිට සැකයක් ආවා. ඒ කම්බි ලයිට් ලයින්වල කම්බි. ඒත් ඒ පැත්තේ ලයිට් කණු විතරයි ලයින් එක තිබුණේ නැහැ. පස්සේ තවදුරටත් හොයලා බලද්දී පොලිසියට පැමිණිල්ල දාන්න ආව පුතාගේ ගෙදර තියෙන ළිඳ වට කරලා තියෙන තල් කොල එකට එක් කරන්න බැඳලා තිබුණේ මේ වගේම කම්බියකින්. තවදුරටත් පරීක්ෂා කරද්දී ඒකේ තැනකින් කොටසක් කඩාගෙන තියෙන බවක් පෙනුණා. ගේ ඇතුළේ ඒ වගේම තවත් කෑල්ලක් තිබුණා. අපිට තේරුණා ඇගේ ඝාතනයට පුතාගේ සම්බන්ධයක් ඇති බව.”
අපි පුතාගෙන් දිගටම ප්‍රශ්න කළා. මුලින් මුලින් නැහැ කිව්වේ. තදින් ප්‍රශ්න කරද්දී අම්මගේ ඝාතනය ගැන කරුණු හෙළිවුණා.”
අවසානයේ අනාවරණය වූයේ ඇගේ නිවසේ පදිංචි සෝමසුන්දරම්ට ඇය දිගින් දිගටම බැන වැදීම නිසා ඇගේ ගෙල මිරිකා ඇය ඝාතනය කර ඇති බවකි. ඉන්පසුව සැකකරු පුතු සිවරාසාට කතා කොට ඇගේ අත්දෙක ගැට ගසා බිම දිගේ ඇදගෙන ගොස් ගලක් ගැට ගසා ළිඳට දමා ඇති බවකි. මේ සම්බන්ධයෙන් උදව් වූ සැකකාර සිවරාසාගේ දියණියක් හා විවාහ වන්නට සිටි බෑනා කෙනෙකු ද මුලතිව් ප්‍රදේශයේ සිටියදී අල්ලා ගැනීමට පොලිසියට හැකිවිණි.
“බැනුම් අහන්නයි... සලකන්නයි දෙකක් කරන්න බැහැ. මේක හරිම කරදරයක්.
අපි ඉවරයක් කරලා දාමු...”
සැකකරු ඇය ඝාතනය කරන්නට කලියෙන් ප්‍රකාශ කර ඇති අතර මරා දමන ලද ඇය එදින සෝමසුන්දරම් නැමැති සැකකරුට තදින් බැන වැදීම නිසා ඝාතනය ඉක්මන් වී ඇතැයිද පොලිසිය අනාවරණය කර ගත්තේය.
“අම්මා අත්දෙක ගැට ගහලා කට වහලා පාළු ළිඳට ඇදගෙන ගියා. ඉන්පස්සේ තුන්දෙනාම එකතුවෙලා කම්බියේ ගලක් ගැට ගහලා බෙල්ල හිරකරලා ළිඳට දැම්මා...”
සැකකාර පුතා පොලිසිය හමුවේදී පවසා ඇත.
සැකකාර පුතා කලක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ලෙස ක්‍රියාකළ අයකු බවද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය. සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි ආයුධ “රෙපයාර්” කිරීමේ නිරත වූවකු බවත් කම්මල්කරුවෙකු ලෙස සිය සංවිධානයට සේවය කර ඇති බවත් අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් සියල්ල රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
අල්ලාගත් තිදෙනාම මියගිය මවගේ ඥාතින්ය. ඇගේ පුතාත් බෑණනුවන් ඒ අතරවූහ.
යාපනය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙවිල් පත්මදේව මහතාගේ අධීක්ෂණය මත කයිට්ස් මූලස්ථාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක පාලිත ලියනආරච්චි සහ බී. ඒ. ලලිත් සැරයන් අනුරසිරි (23318) හා කොස්තාපල්වරුන් වූ අලහකෝන් (27497) නඩරාජා (41040) හා පේ‍්‍රමසේකර (11224) යන නිලධාරිහූ පරීක්ෂණ පැවැත්වූහ.

[FONT="]නිමි.[/FONT]
[FONT="]තවත් කතාවකින් හමුවෙමු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] .................................................. ......................................[/FONT]
[FONT="] ...::: පෙර ලියූ ලිපි එකතුව :::...[/FONT]
[FONT="].................................................. ......................................[/FONT]
[FONT="] [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [01] [විදෙස්][/FONT]
[FONT="] මරන්න එපා අපි යාඥා කරමු[/FONT]
[FONT="] http://www.elakiri.com/forum/showthread.php?t=1440278[/FONT]

[FONT="][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [02] [ශ්‍රී ලංකාව][/FONT]
[FONT="] මුලු පවුලම නැතිකරන්න මට ඕන වුණා[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1440303[/FONT]

.................................................. .................................................. .............................
උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
පොලිස් පරීක්ෂණ ඇසුරින් සකස්කර ඇත
කීර්ති මෙන්ඩිස්
[email protected]
2012-06-07
.................................................. .................................................. .......................

Last edited: