Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

    අද ඔන්න අරගන අවා මේ කාලෙට ඕනම කරන දෙයක් හැම තැනම කියනේ විදුලි බිලි අඩුකරන්න කියලනේ හරි අපි එහෙනමන අඩුකරමු මෙන්න මේ ටිකනම් මිලට ගන්න වෙනවා

    1.Solar Panel 25W RS 5000 (Used)
    2.UPS Battery 12V7A RS 1700
    3.67LED CFL X 4 RS 2000
    4.Battery charge enclose RS 450
    5.charge & Other RS 500
    6. Wires 25MX30 RS 750
    Total =10400

    මිල නම් ටිකක් යනවා තමා ඒ උනාට මෙහෙම වාසියක් තියනවා අපේ ගෙදර හැමදාම විදුලි බිල ඒකක 115 ත් 120 අතර වෙනවා මේක හින්දා මම දැන් ඒකක 100 :rofl::rofl:වඩා අඩු කරගන ඉන්නවා.දනවානේ ඒකක 100 වඩා වැඩි වුනහම බිල හැදෙන හැටි. විදුලිය නැති වෙලාවට මේක මාර විදියට මටනම් වටිනවා
    මෙතැනට ගිහින් බිල හදලා බලන්නකෝ Bill Calculator
    මේ LED 67 බල්බ් 4 ක් දාල පැය 6 ක් 7 විතර මේ බල්බ් පත්තු කර ගන්න පුළුවන් බල්බ් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පත්තු වෙන වෙලාව අඩු වෙනවා.එක හින්දා ඕන තැනට පමනක් ලොකු බල්බ් දාන්න.මෙන්න මේ විදියට තමා වැඩේ පටන්න ගන්න තියෙනේ

    1.jpg


    On/Off Switch ඒක ප්‍රධාන Switch ඒක ලෙස ක්‍රියා කරනවා.Out Put 1 Out Put 2 Switch 2 ක අපිට ඕනෙනම් Out Put On/Off කරගත හැකිය.White LED ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ පත්තු වෙනවා.රතු පාට LED එක Solar Panel එකට ආලෝක ලැබුනු විට පත්තු වෙනවා.

    2.jpg


    මේ තියෙනේ මම ගත්තු TATA 25W solar panels ඒක වහලේ උඩ තියේදී ගත්තු ෆොටෝ එකක් පේනවානේ උළු හිටන්.

    3.jpg


    මේක හදලා තියෙනේ ඉන්දියාවේ අපේ රටේ මොනවද හදනේ කියලා මට හිතුනා මට දුක හිතුනා අපේ රට ගැන 25W 17V 1.7A මේකට ආලෝකය වැටුනහම 18.5V එනවා 1A සිට 1.4A ගන්න පුළුවන් දැන් කරන්න තියෙනේ මේකේ Out ඒක battery charging circuit එකකට දීලා battery charge කර ගන්න විතරයි.

    Schematic.gif

    මේක තමා මම යොදා ගත්තු Circuit ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ LED ඒක පත්තු වෙනවා. LM350 6'' වත් දිග Heat Sink එකක් දාන්න ඒක අදිකව රත් වෙනවා නැත්නම් LM 350 ඒක පිචෙනවා.
    Circuit ඒක ගැන මෙතැනින් වැඩි විස්තර බලා ගන්න Circuit

    4.jpg


    Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා. Heat Sink ඒක මේ ගානේ එකක් වත් අඩුම තරමේ දාන්න ඕනා.
    5.jpg


    මම Battery එකට යොදා ගතේ 12V 7A UPS Battery ඒකක්.
    6.jpg


    මේකේ Out Put 1 & 2 දෙක තමා + වලින් පෙන්නලා තියෙනේ අනික් ඒක -
    7.jpg


    මේ Diode එකෙන් කරනේ + පමනක් ඇතුලට ගන්න ඒක හා +- මාරු වී ඇතිවිය හැකි හානි අවම කිරීම.මෙහි ඇති Resister ඒක 2k වන අතර ඉදිරි පස රතු LED එකෙන් Solar Panel එකට ආලෝක ලැබුනු විට LED ඒක ආලෝකමත් වේ.
    10.jpg

    Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා.
    11.jpg


    සම්පුර්ණ කරනලද Unite ඒක.
    8.jpg


    Battery එකට 2.5A Fuse එකක් යොදා ආරක්ෂාව වැඩිකරලා තියෙන්නේ.
    9.jpg

    12.jpg


    මේ Battery charge enclose ඔය පේන අනම් මනම් කෑලි බැලි ඒක ඔකොම ගත්තේ 1st Cross Street එකෙන්.

    13.jpg

    මේ තියනේ මම හදපු 12V LED CFL බල්බ් වර්ග LED 67,LED 100, LED 108
    බල්බ් හදපු විදිය බලාගන්න ඕනේ නම් මෙතැනින් ගන්න
    LED 67
    LED 108

    14.jpg

    DC විදුලිය වැඩි දුර ගෙනියන්න බැහැ වොල්ටිය තාවය අඩු වෙනවා එකහින්ද පුලුවන්න තරන්න අඩුදුරට වයර් යොදා ගන්න.වයර් ගැනීමේදී Auto & electrical වයර් මිලට ගන්න.




    මගේ පෙර ලිපි


    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

    3.sealed type බටරි අලුත් වැඩිය කරමු

    4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

    5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

    6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

    7.කොටු 8 Rep 1000 posts 1750

    8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

    9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]

    10.LED CFL 12V 108 LED

    11.USB ගැජෙට් තව එකක් හැදුවෝ

    Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා[/QUOTE]
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,359
    5,475
    113
    machan ela wedak, ma ethulu godak ayata electronic denuma ne oya wage ekak hada ganna, eka nisa oya wage hadala lankawe wikunanna puluwan, mokada solar heater okkoma 50,000 n eha ewath ganna eke oka 15,000 ta wage dunnoth kattiya ganiy.

    thoga ganna kota thawa cost eka adu karaganna puluwan, plastic box ekak wage piliwelata heduwa nam elakiri wage wikinei.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    machan ela wedak, ma ethulu godak ayata electronic denuma ne oya wage ekak hada ganna, eka nisa oya wage hadala lankawe wikunanna puluwan, mokada solar heater okkoma 50,000 n eha ewath ganna eke oka 15,000 ta wage dunnoth kattiya ganiy.

    thoga ganna kota thawa cost eka adu karaganna puluwan, plastic box ekak wage piliwelata heduwa nam elakiri wage wikinei.


    Yes Machan