|~ ඇමරිකන් හරක් ~|

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|



9288_corporate_bison_1.jpg




වෙනදා වගේම ටික කාලෙකට පස්සේ Fire Eye තවත් සතෙක් ගැන විස්තර අරගෙන Thread එකක් අරන් ආවා...
මගේ කලින් සත්තු ගැන Thread දැක්කේ නැද්ද...???
එහෙනම් පහල තියන Links වලින් බලන්නකෝ...

|~ කිඹුල්ලූ ~|

|~ කැස්බෑවෝ ~|

|~ කැස්බෑ විශේෂ ~|

|~ ලංකාවේ ජාතික සමනලයා ~|

|~ බස්සන් ~|

|~ හිපපොටේමස් ~|

|~ සමනලයින් ~|



එහෙනම් අද බලමු ලංකාවේ අපි අතරනම් වැඩිය කතා වෙන්නේ නැති බයිසන් ගවයා ගැන...
බයිසන් කිව්වහම මතක් වෙන්නේ විශාල නපුරු සතෙක්වනේ...
ටිකක් විතර ප්‍රචන්ඩකාරී සතෙක් තමයි බයිසන්...
බයිසන් සතුන් කිව්වහම අපි හිතන්නේ ඇමෙරිකාවේ ජීවත්වන සතෙක් නේ...
ඒ උනාට බයිසන් කියන සතා ඉන්නේ ඇමරිකාවේ විතරක් නෙමේ...
යුරෝපයේ සහ මධ්‍යම ඉන්දියාවෙත් බයිසන් ගව විශේෂයන් දෙකක් ජීවත් වෙනවා...
(ඉන්දියාවේ එකාටනම් බයිසන් කියනවටත් ණයයි...)
:P :P :P :P :P


උතුරු ඇමරිකාවේ වාසය කරන ඇමරිකානු බයිසන් උතුරු ඇමරිකාවේ වාසය කරන විශාලම සහ ප්‍රචණ්ඩම සත්වයයි...
ප්‍රාග් ඓතිහාසික යුගයේදී යුරෝපියානු රටවල ජීවත් වූ බෝවයින් නමැති හරකා බයිසන් ගවයන්ගේ මුල් පුරුක ලෙස සැලකේ...
පසුව එම සතුන් උතුරු ඇමරිකාවටද සංක්‍රමණය වී ඇත...
:yes::yes::yes::yes::yes:


බයිසන් කුළු හරකුන් රංචු විශාල වශයෙන් ජීවත්වීමට කැමත්තක් දැක්වුවද මහළු බයිසන් ගවයන් ජීවත්වන්නේ තනි තනිවමය...
වැඩුනු බයුසන් දෙනුන් වසරේ වැඩි කලක් තම පැටවුන් සමඟ කල ගෙවයි...
මහළු බයිසන් ගවයන් එම වයසේ රංචු වශයෙන් ජීවත් වන අවස්ථාද ඇත...
බයිසන් කූළු හරක් අනතුරක් හෝ වෙනසක් දැනුන විට අනෙක් සතුන්ට එය නාසයෙන් පිඹිමින් හෝ තප්පුලා දන්වයි...
අනතුරකදී ඉවර බවක් නොමැතිව නායකයා පසුපස දිවීමේ පුරුද්දක් මෙම සතුන්ට ඇත...
:lol: :lol: :lol: :lol: :lol:






  • ශරීර ස්වභාවය
bison-front-110323-02.jpg



කුළු හරක් ගණයට අයත් වන මෙම බයිසන් හරකාගේ කර මත මොල්ලියක් ඇත...
ගැහැණු පිරිමි දෙපිරිසටම පිහිටන අං ශරිරයෙන් පිටතට කෙටි හා තියුණු ලෙස පිහිටා ඇත...
:oo: :oo: :oo: :oo: :oo:


හොඳින් වැඩුන ඇමරිකානු බයිසන් ගවයෙක් අඩි 6.5ක් පමණ උස්වන අතර දිග අඩි 9 සිට 12 දක්වා ප්‍රමාණ වලින් සිටී...
මොවුන්ගේ බර 1800Kg සිට 2400Kg දක්වා වූ ප්‍රමාණ වලින් සිටී...
මෙම ප්‍රමාණ ගැහැණු පිරිමි දෙපිරිසටම පොදු වේ...
:nerd: :nerd: :nerd: :nerd: :nerd:


මෙම සතුන්ගේ හිස, බෙල්ල, ඉදිරි ගාත් ඇතුළු ශරීරයේ ඉදිරි කොටස ඝණ ලෝමවලින් පිරී ඇත...
කුඩා කල මෙම රෝම රතු-දූඹුරු පැහැවන අතර වැඩුන් සතෙකු වනවිට ක්‍රමයෙන් රෝම පැහැය තද කළු බවට පරිවර්ථනය වේ...
වැඩුන බයිසන් ගවයෙකුගේ මෙම රෝමයක් 30cm පමණ දිගු වේ...
:) :) :) :) :)






  • ප්‍රජනනය
68_bison_couple.jpg



බයිසන් කුළු හරකුන්ගේ සංසර්ග කාලය ජූලි සහ අගෝස්තු මාස දෙක වේ...
එම කාලයේදී පිරිමි සතුන් ඉතා උස් හඩින් තප්පුලනු ලැබේ...
ඒ තමන්ට අවශ්‍ය ගැහැණු සත්වයා වෙත පැමිණෙන වෙනත් පිරිමි සතුන් බියකර පලවා හැරීමටයි...
:growl: :growl: :growl: :growl: :growl:


මෙම කාලයේදී පිරිමි සතුන් දවසේ වැඩි කාලයක් තම සහකාරිය වෙනුවෙන් වැය කරන අතර ආහර ගැනීම සඳහා කාලය වැය කරන්නේ අල්ප වශයෙනි...
එම නිසා අගෝස්තු මස අවසාන වනවිට බයිසන් පිරිමි සතෙකුගේ බර 90Kg පමණ දක්වා අඩු වේ...
:rofl: :rofl: :rofl: :rofl: :rofl:






  • නව පරපුර
1014542.large.jpg



ගැහැණු බයිසන් සත්වයකුගේ ගැබ් කාලය මාස 9ක් පමණ වන අතර වරකට බිහි කරන්නේ එක පැටවෙකු පමණි...
උපදින විට කහ-රතු පැහැක් සහිත ශරීරයකින්ද දුඹුරු පැහැති හිසකින් යුතු වේ...
දින කිහිපයකින් තම රැල සමඟ එකට ගමන් කිරීමේ හැකියාවක් ලබාගන්න මෙම පැටියා තම මවට නැවත පැටියෙකු ලැබෙන තුරු මව සමඟ ජීවත් වේ...
:D :D :D :D :D





19 ශතවර්ෂයේ මිලියන 60 පමණ බයිසන් ගවයන් ප්‍රමාණයක් මෙක්සිකෝවේ සිට කැනඩාව දක්වා මෙන්ම මිසිසිපි ගංඟාවේ උතුරු ප්‍රදේශයේද ජීවිත්වී ඇති අතර එම ප්‍රමාණය අද වනවිට දහස් ගණනක් දක්වා අඩු වී ඇත...
:( :( :( :( :(






  • ඇමරිකානු බයිසන් (විද්‍යාත්මක නාමය : Bison bison)
51B6A2A4-1560-95DA-4355986FC1B2D130.jpg



බයිසන් කිව්ව ගමන් මතක් වන්නේ මෙම සත්වයාවයි....
උතුරු ඇමරිකාවට මෙම සත්වයා අභිමානයක් එක්කරන බවයි ඔවුන් පවසන්නේ...
:cool: :cool: :cool: :cool: :cool:






  • යුරෝපීය බයිසන් (විද්‍යාත්මක නාමය : Bison bonasus)
3618536-993597-european-bison.jpg



සෑම අතකින්ම ඇමරිකානු බයිසන් ගවයාට බොහෝ සෙයින් සමානකම් දක්වන යුරෝපීය බයිසන් ගවයා ඇමරිකානු බයිසන් ගවයාට වඩා උසින් වැඩිමුත් බරින් අඩුය...
:) :) :) :) :)






  • ඉන්දියානු බයිසන් (විද්‍යාත්මක නාමය : Bos gaurus)
db7e743e223f5b19fede46140820_grande.jpg



මධ්‍යම ඉන්දියාවේ තෘණ බිමවල වාසය කරන ඉන්දියානු බයිසන් සතුන් තර්ජණයට ලක් වූ සත්ව කොටසකි...
මෙම සතුන් ඉන්දියාවේ යටත් විජිත සමයේ සිට ක්‍රීඩාවක් වශයෙන් හා සම් ලබාගැනීමට දඩයම් කිරීම නිසා ගහනය 1000 දක්වා පහත වැටින...
පසු කාලීනව දියත් වූ සංරක්ෂණ වැඩසටහනක් හේතුවෙන් මෙම සත්ව ගහණය මේ වනවිට 30,000 දක්වා ඉහල නංවා ගැනීමට හැකියාවක් ලැබී ඇත...
:yes: :yes: :yes: :yes: :yes:


ඉන්දියානු බයිසන් ගවයන්ගේ ගොම ඉන්ධනයක් ලෙසද එරට වැසියන් භාවිතා කරයි...
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:





ආහාර සදහාත් , අස්ථි, සම් හා ලෝම මඟින් විසිතුරු භාණඩ නිපදවීමට මෙන්ම විනෝදය සඳහාද මෙම සතුන් දඩයම් කිරීම සඳහාද මෙම සතුන් දඩයම් කිරීම නිසා බයිසන් ගවයන්ගේ පැවැත්ම තර්ජණයට ලක් වී ඇත...
:( :( :( :( :(


ස්වභාවදර්මයේ අපූර්වතම නිර්මාණයක් වන බයිසන් කුළු හරකා රැකගගැනීම මිනිසාගේ වගකීමක් වී ඇත...
:) :) :) :) :)


American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png
American-Bison-icon.png



picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
උපතින් මං මේ කිසිවක් නොදන්නා අතර පෞද්ගලික අත්දැකීම් හා පොත-පත කියවා ලබාගත් දැනුමෙන් මෙම ලිපිය සැකසුවෙමි.

මෙය මීට කලින් එළකිරියේ පළවී තිබේනේදයි දන්නේද නැත.
මෙය මා උපුටාගත්තක් නොවේ.
මෙහි සඳහන් තොරතුරු වෙනත් තැන්වල සඳහන් වී ඇත්දැයි දන්නේද නැත.
නැවතත් කියන පරිදි මෙය උපුටාගත්තක් නම් නොවේ.
ඡායාරූප පමණක් Google වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
ඔබ සමඟ මෙම තොරතුරු බෙදා ගැනීම සඳහා පමණක් මෙය පළ කෙරුවෙමි.
උපුටාගන්නවා නම් මා ගැන සඳහන් නොකලත් උපුටාගත් ස්ථානය ලෙස එළකිරිය දැක්වීමට කාරුණික වන්න.

මෙම Thread එක ඔබට වැදගත් වේවී යයි සිතමි.
ස්තූතියි...!!!

:D :D :D :D :D

picture.php

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි අපේ එළකිරි සාමාජිකයන් මේ සත්වයා ගැන බොහොමයක් කරුණු වලින් දැනුවත් කළාට.
     
    • Like
    Reactions: Fire Eye

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    nice thread..:yes:
    Age of Empirors eke mun hitiya, thuwakku miten 2k denakota mu bima. :cool:
     
    Last edited:
    • Like
    Reactions: Fire Eye

    33000W

    Member
    පට්ට මචන්, pm එකට thanks . මමත් මේ බල බල හිටියෙ උබ thread එකක් දානකම්. පරණ ටිකත් ආයිත් බලන්න ඕන. දැන් නම් කියවන්න time එකක් සෙට් වෙන්නෙ නැහැ. bookmark දාගත්ත. හෙමීට බලන්නම්. ++++


    (ඇමරිකන් කාරයොන්ට වඩා ඔය හරක්ටත් මොලේ තියනව:P )