මොලොටෝව්

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
අද මොලොටෝව් කොක්ටේල් ගැන කියන්නම්.හොරට පෙරන අරක්කු කසිප්පු වගේම, මොලොටෝව් කොක්ටේල් නිපදවීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය, පාවිච්චිය, මුළු ලෝකයේම තහනම්. හොර අරක්කු, කසිප්පු, බීලා අකාලයේ ලෙඩවීම, මරණය ඉක්මන්වීම, වගේම මොලොටෝව් කොක්ටේල් වලින් සිදුවන්නේ පිළිස්සීම සහ එම පිළිස්සීම බරපතලනම් මියයාම තමයි. මේ පහලින් තියෙන්නේ මොලොටෝව් කොක්ටේල් බෝතල් තුනක්.

1554g8x.jpg


දැක්කම ආ. . . ආ. . . ආ. . . ආසයිනේ? හැබැයි හොඳට බලන්න, මේ කොක්ටේල් බෝතල් වලට ලේන්සුවක් වගේ රෙදි කෑල්ලක් හයි කරලා තියනවා. අන්න එතන තමයි අනෙක් කොක්ටේල් සහ මොලොටෝව් කොක්ටේල් අතර වෙනස තියෙන්නේ. මොකද මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරන්නනම් ඔය රෙදි කෑල්ලට ගිනි තියන්න ඕනේ. මොනවා? ඔව්, ආයෙ කතාදෙකක් නැහැ ගිනි තියන්න ඕනේ. ඉතින් එතකොට රෙදි කෑල්ල ඇවිලිලා බෝතලේ පුපුරයිනේ? ඔව් පුපුරනවා තමයි. ඉතින් කවුද පුපුරනකම් බෝතලේ අතේ තියාගෙන ඉන්නේ? අතේ තියාගන්නැත්නම් මොකද කරන්නේ? කරන්නේ අවශ්‍ය තැනට ඒ බෝතලයෙන් දමලා ගහන එකයි. එතකොට මොකද වෙන්නේ? වෙනදේ පහල පින්තූර වලින් බලන්න.

90ayzc.jpg


මුලින්ම අපි දැක්කනේ මොලොටෝව් කොක්ටේල් සූදානම් කිරීම.
කොක්ටේල් එක පිරිනැමීමට පෙර අල්ලා ගන්නේ මෙහෙමයි.

3444kyx.jpg

පිරිනමන ලද කොක්ටේල් එක, එය පිළිගන්න පුද්ගලයා හෝ ස්ථානය වෙත ගුවනින් යන්නේ මෙහෙමයි.
2njbsas.jpg


ගුවනින් පැමිණි කොක්ටේල් එක, එයින් බලාපොරොත්තුවූ අවසාන ප්‍රතිපලය ගෙන දෙන්නේ මෙහෙමයි.
90ayzc.jpg


මම කිව්වේ, මේ බෝම්බයට, එය නිපදවපු ජාතිය විසින් මුලින්ම යොදපු නම. ඔබ කවදා හෝ අහලා තිබුනද ‘මොලොටෝව් කොක්ටේල්’ (Molotov Cocktail) කියන නම. ඒ නම හැදුනේ මෙහෙමයි. 1930 දශකයේ අග භාගයේදී සෝවියට් රුසියාව සහ ෆින්ලන්තය අතර දේශ සීමා අරගල ඇතිවුනා. ෆින්ලන්තය ලොකු හමුදාවක් හෝ හොඳ ආයුධ ශක්තියක් තිබුන රටක් නෙවෙයි ඒ කාලේ. ඇත්තටම ඒ සටනින් ෆින්ලන්තයේ සමහර කොටස් අහිමි වුනා. සෝවියට් හමුදාව වහා ගිනි ඇවිලෙනසුළු ගිනි බෝම්බ වලින් ෆින්ලන්තයට පහර දුන්නා. නමුත් ලෝකයට කිව්වේ ෆින්ලන්තයේ ජනතාවට ගුවනින් කෑම පෙට්ටි දමන බවයි. ඒ කාලයේ සෝවියට් රුසියාවේ විදේශ ඇමති තමයි ‘ව්‍යචේස්ලාව් මොලොටෝව්’. (Vyacheslav Molotov) ෆින්ලන්ත හමුදාව සෝවියට් ගිනි බෝම්බ හැඳින්වූවේ ‘මොලොටෝව් ගේ කෑම පෙට්ටි’ කියලයි. ඒ අතර සෝවියට් යුද ටැංකි ෆින්ලන්තය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මේ ටැංකි ඉදිරියට ඒම වැලක්වීමට ෆින්ලන්තය තමන්ගේම ගිනි බෝම්බයක් හැදුවා. ‘මොලොටෝව්ගේ කෑම කන ගමන් උඹලම බීපල්ලා’ කියලා සෝවියට් යුද ටැංකිවලට මේ ගිනි බෝම්බ දැම්මා. එයින් යුද ටැංකි ආක්‍රමණය නැවතුනා. ඒ බෝම්බ වලට ෆින්ලන්තය කිව්වේ ‘මොලොටෝව් කොක්ටේල් කියලා. දැන් හරිද? මෙච්චර දුර ඔබව ගෙනාවේ ඔන්න ඔය දැනුම ලබා දෙන්නයි. හැබැයි පෙට්‍රල් බෝම්බ කාර්යක්ෂමව හදන හැටි, ආරක්ෂිතව ගහන හැටි, ඔබ හිතාගෙන ඉන්නවට වඩා සංකීර්ණයි. නමුත් ඒ ගැන මම කියන්නේ නැහැ.

dcsgi1.jpg



අනෙකුත් ලිපි

සයිලන්ser
http://www.elakiri.com/forum/showthread.php?t=1497748

අපේ ස්නයිපර්
http://www.elakiri.com/forum/showthread.php?t=1497357

ස්නයිපර් I
http://www.elakiri.com/forum/showthread.php?t=1497367

ස්නයිපර් II
http://www.elakiri.com/forum/showthread.php?t=1497388

ස්නයිපර් III
http://www.elakiri.com/forum/showthread.php?t=1497396

ස්නයිපර් Final
www.elakiri.com/forum/showthread.php?t=1497409

නිර්භීත සතුරා
http://www.elakiri.com/forum/showthread.php?t=1497326
මෙන්න 2 කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1497364

මෙන්න 3 කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1497387

රෙපක් බම්පුවක් දාලම යමු
 
  • Like
Reactions: dj ice cold