හල්මල් දණ්ඩියා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හල්මල් දණ්ඩියා

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )


    සල් ගහේ පිපෙන මලේ පැහැයට සමාන පාටින් යුතු මාළුවා හඳුන්වන්නේ හල්මල් දණ්ඩියා යනුවෙනි. ඉතා අලංකාර මාළුවකු වන හල්මල් දණ්ඩියා ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි. එසේ වුව ද සුන්දරත්වය නිසා ම සුරතල් සතකු ලෙස අපනයනය කරයි.
    මෙරට කීර්තිමත් විද්‍යාඥයකුවන ආචාර්ය පී.ඊ.පී.දැරණියගල මහතා 1930 දී මේ මාළුවා රොස්බොරා වටරිෆ්ලෝරිස් Rasbora vaterifloris ලෙස නම්කැර ඇත. මේ මාළුවන්ගේ ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ සැළකිල්ලට ගෙන Rasbora යන ඝන නාමය වෙනුවට Rasboroides නම් ඝන නාමය යටතේ සත්ත්ව විද්‍යාඥයන් විසින් මේ මත්ස්‍ය්‍යා 90 දශකයේ දී නැවත නම්කරන ලදී. මේ අනුව දැන් හල්මල් දණ්ඩියා හඳුන්වන්නේ Raboroides vaterifloris යන විද්‍යාත්මක නමිනි. දැරණියගල මහතා මෙරට මත්ස්‍යයන් සම්බන්ධයෙන් ලියා ප්‍රකායට පත්කරන ලද A Colored Atlas of Some Vertebrates from Ceylon - Volume One Fishes(1952) ග‍්‍රන්ථයේ මේ මත්ස්‍ය විශේෂය සිංහලෙන් හඳුන්වා ඇත්තේ හල්මල් තිත්තයා ලෙසිනි.
    මේ මාළුවාගේ පිරිමි සතුන් වඩාත් දිප්තිමත්ය. ගැහැනු සතුන්ගේ දීප්තිය තරමක් අඩුය. සෙන්ටි මිටර තුනක් හෝ හතරක් පමණ විශාලව වැඩෙයි.
    සාමාන්‍යෙයන් තරමක් පැතිලි මේ මසුන්ගේ මුඛය ඉහළට යොමුවි තිබෙයි. වැලි සහිත පතුලක් ඇති සෙමෙන් ගලා බස්නා ජලය බැසයන සෙවණ සහිත ජල මාර්ගවල රංචු වශයෙන් ජීවත් වෙති.
    සුරතල් මත්ෂ්‍යයකු ලෙස පිටර යැවිමේ හේතුවෙන් අදවන විට බොහෝ දිය පහරවල මමේ වර්ගයේ මසුන් වඳවි යාමේ තර්ජනයට ලක්ව සිටියි.


    8755886448_92ab0fa418_z.jpg


    8754765841_9b5804af89_z.jpg


    Rvaterifloris-1.jpg


    Rasbora-vaterifloris-female.jpg


    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )
     
    Last edited:

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )
    මෙයාලා මුහුදු මසුන් නෙවෙයි බන් මිරිදිය මසුන්.
     
    • Like
    Reactions: djjaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මෙයාලා මුහුදු මසුන් නෙවෙයි බන් මිරිදිය මසුන්.
    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් කියපුවාම අදහස් වෙන්න‍ෙ, ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා ශ්‍රී ලංකාව අවට මුහුදේ මාලු මචං
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් කියපුවාම අදහස් වෙන්න‍ෙ, ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා ශ්‍රී ලංකාව අවට මුහුදේ මාලු මචං


    Ehema wenna be,
    Topic eka change wenna oni Sri Lankawe MIridiya Masun Kiyala .
     
    • Like
    Reactions: djjaya

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනෙ මචන් මම උබෙන් පොඩි ඉල්ලීමක් කරන්නම් මට පේනවා උබ මේ මාලු ගැන දාන ත්‍රෙඩ් හුගක් එවුන් බලල යනවා බම්ප් එකක් වත් නැතුව. උබ අදයිර්යම්ත් නොවී දිගටම දාපන් ...එල කිරිද පොස්ට් එකක්