වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

    සැප්තැම්බර් සිට අප්‍රේල් අතර කාලයේ මෙරට තුරු ගොමු අතර සැරි සරමින් චිචිවිච්... චිචිවිච් යනුවෙන් හඬ නගමින් කුඩා කෘමි සතුන් ගිල දමන කොළ පැහැයෙන් යුතු කොළ ගස්රැවියා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරි කුරුල්ලෙකි.
    ඉංග්‍රීසි බසින් ග්‍රීනිෂ් වර්බ්ලර් Greenish Warbler යනුවෙන් හඳුන්වන මේ පක්ෂි විශේෂය සත්ත්ව විද්‍යාත්මකව පිලස්කෝපස් ට්‍රොචිලොයිඩස් phylloscopus trochiloides යනුවෙන් හැඳින්වෙයි. ලෝකයේ ගස්රැවියන් විශේෂ 45ක් පමණ සිටිති.
    හිමාල කඳු වැටියේ සහ ඊශාන දිග ඉන්දියානු කඳුවල සිට ඔවුන් මෙරටට පැමිණෙති. අඳුරු කොළ පැහැති කුඩා සිරුරකට හිමිකම් කියන කොළ ගස්ෙරැවියාගේ දිගැති ලා කහවන් ඇස්බැමක් දක්නට ඇත. යටිකය අඳුරු කහ පැහැයට හුරු සුදු පාටය.



    5c62ddcccd4df9346fdaf9267dcf8775.jpg


    79d6be5e3bd47dca1b34f137f5f5d9bf.jpg


    greenish_leaf_warbler_april_17_2010.jpg


    වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

    වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)


    වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)