සාම්පූර්වලින් තවත් අධිබල පුපුරණ ද්‍රව්&
අධිබල පුපුරන ද්‍රව්‍ය සමග 5ක් දැලේ
මුතූර්, සාම්පූර් නිවාස දෙකකින්
සමන් ගමගේ
ත්‍රිකුණාමලය මුතූර් හා සාම්පූර් ප්‍රදේශයන්හි නිවාස දෙකක සඟවා තිබූ සී - 4 සහ ටී එන් ටී වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දාහතක් (17 ක්) සමඟ පුද්ගලයන් පස්‌දෙනකු ත්‍රිකුණාමලය විශේෂ මෙහෙයුම් ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්‌ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත පෙරේදා (8 දා) මුතූර් ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කළ පොලිස් කණ්‌ඩායමක් එම නිවසේ ස්‌ථාන තුනක සඟවා තිබූ සී - 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් හතක් (7 ක්) මුලින්ම සොයාගෙන ඇත.
එහිදී එම නිවසේ සිටි පුද්ගලයන් තිදෙනකු ද අත්අඩංගුවට ගත් පොලිසිය ඒ ඔස්‌සේ සිදු කළ වැඩිදුර විමර්ශනවලට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහාය ඇතිව සාම්පූර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී එන් ටී වර්ගයේ තවත් අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ දහයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙමළ හා මුස්‌ලිම් ජාතිකයන් බව පොලිසිය පවසයි. ඔවුන් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සඟවාගෙන සිටියේ කුමකටද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් පසුගිය කාලයේ මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු විවිධ බිහිසුණු ප්‍රහාර සඳහා බෝම්බ තැනීමට මෙම සී 4 සහ ටී එන් ටී වර්ගයේ පුපුරන ද්‍රව්‍ය යොදාගනු ලැබිණි.
මුතූර් සහ සාම්පූර් ප්‍රදේශවලින් සොයාගනු ලැබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය එල් ටී ටී ඊ ය විසින් භාවිත කළ ඒවා බවට සිතිය නොහැකි බව ද පොලිසිය පවසයි.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත ත්‍රිකුණාමලය පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය හා විශේෂ කාර්ය බළකාය එක්‌ව මෙම ප්‍රදේශවල තවත් පුපුරන ද්‍රව්‍ය සඟවා තිබේදැයි සෙවීම සඳහා ඊයේ (9 දා) සවස් වන විට ද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.
Source - http://www.divaina.com/2016/10/10/news06.html
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූර්හීදී අයෙක් අල්ලයි
වවුනියාවේ පිපිරීමක් – RPG උණ්ඩ දෙකකුත් හමුවෙ

Oya pahala tiyenna thread balanna owa me week eke hambavechcha venath bomba, LTTE ayemath nagitinna vage yanne...

Last edited: