පලවෙනි ලක්ශ 10 හොයමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පලවෙනි ලක්ශ 10 හොයමු

    aid58095-728px-58095-intro-1.jpg

    කියක් හරි හොයන් ගොඩ එනවා කියල හිතන් ඉන්න මම වගේ අනාත සොන්නලු ඉදන් ධනවත් උගත් සියල්ල දත් උතුමන් මේ ටැබ් එකේ වම්පස උඩ කෙලවරේ ඇති කතිරය ඔබත්වා!!!!

    සල්ලි හම්බ කරන්නේ කොහොමද ධනවතෙක් වෙන්නේ කොහොමද කියන එක සුද්ද සිංහලෙන් පිලිවෙලට කියන් ආවා. අන්තිමට දැම්මා "මහන්සි නෝවී හම්බ කරමු" කියලා ත්‍රෙඩ් එකක්. ඕන්න උඩින් ඕකට බැහැපු දෙවි දේවතාවුන් වහන්සේලා ගේම අදින්න ගත්තා මහන්සි නොවී හම්බ කරන්නේ කොහොමද අම්ම තාත්තාගෙන් උදව් නැති ඕලෙවල් වත් පාස් නැති අතේ සල්ලිත් නැති එකෙක් කොහොමද ඔය විදිහට කරන්නේ කියල

    වගකීමෙන් කියන්න ඕන්නේ මම ඒ කිව්වේ "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" එකේ දෙවෙනි කොටස". උබලට බන් 1 වසරෙදි ඒ බී සී ඩී උගන්නලා ඊලග පන්තියකදී වචන උගන්නලා ඊට පස්සේ ග්‍රැමර් උගන්නනකොට අහනවා අකුරු දන්නේ නැතුව ග්‍රැමර් ඉගෙනගන්නේ කොහොමද කියලා. ඒක තමයි කිව්වේ මුල ඉදල වර සිංහලු කියලා

    සමහර විට මම මේ ජාතියෙන් දාන අවසාන ත්‍රෙඩ් එක මේක වෙන්න පුලුවන්. මම උබලට හම්බ කරන්න උගන්නන්නේ මට අඩුම තරමේ යූටියුබ් එකේ වොයිස් කට් විදිහට දැම්මනම් ඇඩ් වලින් හරි කීයක් වත් එනවා. මෙතනම මම දාන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අනික මේ විව්ස් 1000කට ඩොලර් 5ක් ගන්න තරම් අහේනියකුත් මට නෑ. හැදෙන්න ඕනේ උන් හැදියල්ලා අනික් උන් මකබෑවියල්ලා

    මෙකේ ඕනේ තරම් ඉන්නවා කියපු විදිහට වැඩකරලා හැදිච්ච උන්. උදාහරනෙකට හංකොකා අල්ලන් අහපන් ඌ ලක්ශ 25ක් විතර හෙව්වා මේ ටික කාලෙට. තාම එක රේසරෙන් මාස 6ක් රැව්ල කපන පොඩි සොන්නයෙක් වෙලත්. ඔය කිව්වේ එකයි. තව ඕනේනම් උදාහරන තියෙනවා

    අන්තිමට අහපු ප්‍රශ්න තමා මේ...

    1. තමන් යන පාර හරිද බලන්නේ කොහොමද?
    2. අතේ සතේ නැති, ඉස්කෝලේ යනකාලේ අනික් උන්ට වල කප කපා ඉදලා කෙලෝ ගත්ත හෝ ගෙදර පව්ලේ ප්‍රශ්න නිසා අද්‍යාපනේ කෙලෝගත්ත ඔට්ටුපාලුවෙක් පලවෙනි ලක්ශ 10ය හොයන්නේ කොහොමද?

    ඔය දෙකට උත්තර දෙන්නයි යන්නේ අද.. බලන්න ඕනේනම් බලන්න. නැත්නම් අසහන ත්‍රෙඩ් එකකට ගිහින් සෙට් වෙන්න. මොකද මේක කියෝපු වෙලාවත් අපරාදේ කියන උන් ඉන්නේ. හරියට ඒ කියවපු විනාඩි 10ට රුපියල් 100ක් හොයනවා සෑම විනාඩි දයකටම අඩුම 100 ගානේ මාසෙට ලක්ශ 4ක් විතර අඩුම හොයනවා වගේ. එහෙම උත්තමයෝ කාලය කාගන්න එපා

    මෙහෙමයි මට කාටවත් බොන්චි ඇට ගෙනත් පැල කරලා වවලා කරල් හදලා විකුනලා ඒ සල්ලි වලින් ගෙයක් හදලා කසාදයක් බන්දලා දීලා වාහනයක් අරන් දීලා කෝටිපතියෙක් කරන්න බෑ. උබලට තියරියක් කිව්වහම ඒක උබලට ඕනේ විදිහට වෙන්ස කරලා වැඩක් ගනිල්ලා. අනික මේ සේරම අත්හදා බලලා කරලා සාර්තක කරගත්ත ඒවා

    සල්ලි හොයන හැටි
    කලමනා කරනය කරන හැටි
    ආයෝජනය කරන හැටි
    දියුනු කරන හැටි ..........කියලා දීලා ආයේම විලි ලැජ්ජා නැතුව පලවෙනි ලක්ශ 10 හොයන හැටි කියන්නයි යන්නේ දැන්

    ඉස්සෙල්ලම බලමු අනෙක් ත්‍රෙඩ්

    ආදරනීය මල්ලියේ.. http://www.elakiri.com/forum/showthread.php?t=1578212
    අපි කොහේ කොතැනද? http://www.elakiri.com/forum/showthread.php?t=1593005
    ජබොක් නොවන ජොබක් http://www.elakiri.com/forum/showthread.php?t=1702318
    අමතර ආදායමක් හදාගමු http://www.elakiri.com/forum/showthread.php?t=1631998
    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1717465
    මහන්සි නොවී හම්බ කරමු http://www.elakiri.com/forum/showthread.php?t=1784548

    මාතෘකාවට බහිමු

    1. තමන් යන පාර හරිද බලන්නේ කොහොමද?
    2. අතේ සතේ නැති, ඉස්කෝලේ යනකාලේ අනික් උන්ට වල කප කපා ඉදලා කෙලෝ ගත්ත හෝ ගෙදර පව්ලේ ප්‍රශ්න නිසා අද්‍යාපනේ කෙලෝගත්ත ඔට්ටුපාලුවෙක් පලවෙනි ලක්ශ 10ය හොයන්නේ කොහොමද?

    පලවෙනි ප්‍රශ්නය..

    ----------------1. තමන් යන පාර හරිද බලන්නේ කොහොමද?----------------
    ----------------හරිම ලේසී.

    *. රුපියල් හත් අටසීය අව්රුද්දකට ඉන්ක්‍රිමන්ට් දෙන රජයේ රැකියාවක්ද කරන්නේ?

    ඔව් නම් උබ දැනටම මැරී ඇත... වැලලීම පැන්ශන් ගිය කාලෙක:(:(:(:(

    *. ඔබ ව්‍යාපාරිකයෙක්ද? ආරම්භයට වඩා හොද ප්‍රගතියක් පෙන්වයිද?

    ඔව් නම් කරගෙන යන්න
    නැතිනම් වෙනසක් සොයන්න..

    මෙන්න වැදගත්ම එක

    *. උබට වයස 25ට වැඩිද? මාසෙකට 50000කට(2017ට සාපේක්ශව ) අඩුවෙන් ලැබෙන රැකියාවක්ද කරන්නේ? එම රැකියාවෙන් අව්රුදු 30 වෙද්දී ඔබේ පඩිය අවම ලක්ශය ඉක්මවයිද?

    පිලිතුර ඔව් නම්.. සයිඩ් බිස්නස් එකක් හදාන ඕක කරන් යන්න
    පිලිතුර නැතනම් උබේ කෙලවීම ආරම්භ වී ඇත. වහාම මාර්ගය වෙනස් කරන්න

    ඔන්න පලවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නා

    දැන් මේක කියෝන අය කියන්න එපා ඕවා මේ කොමන් දේවල් හැමෝම දන්නවනේ කියලා. අනේ සමාවෙන්න මම මායා බෝන්චි හදන හැටි කියල දෙන්න දන්නේ නෑ. හැබැයි හිතන හැටි වෙනස් කරලා දෙන්නම්. එකෙන් පුලුවන් ඕනේම දෙයක් කරන්න

    දැන් දෙවෙනි ප්‍රශ්නේ

    2. අතේ සතේ නැති, ඉස්කෝලේ යනකාලේ අනික් උන්ට වල කප කපා ඉදලා කෙලෝ ගත්ත හෝ ගෙදර පව්ලේ ප්‍රශ්න නිසා අද්‍යාපනේ කෙලෝගත්ත ඔට්ටුපාලුවෙක් පලවෙනි ලක්ශ 10ය හොයන්නේ කොහොමද?

    දැන් ඔන්න මුල් ලක්ශ 10 හොයන හැටි බලමු. මොකද හැමෝම කිව්වේ මූලික දනයක් නැතිකම කියලනේ

    හැදෙන ඕනේනම් ඔය තුට්ටු දෙකට 8-5 කබුරන්න ඕනේ කියන මානසිකත්වෙන් මිදෙන්න. විදිමත් රැකියාවකින් ඇරෙන්න ඕකෙන් ලැබෙන දෙයක් නෑ

    ආන්ඩුවේ රස්සා ගැන කිව්වොත් රස්සාවට යන එකා යන දවසේ මැරෙනවා. ආයේ ඌව පස්සේ කාලෙක වලලන්න තමයි තියෙන්නේ. උගේ මේ ආත්මේ පැන්ශන් එකක් නිසා ඉවරෙටම ඉවරයි. යන දවසේ ගනන් හදලා කිව්ව්වහැකි ඌ ජීවිත කාලේම හම්බ කරන ගාන

    දැන් ඔන්න අපි ලක්ශ 10 ක් හොයන්න එපැයි. ඕකට ක්‍රම දෙකක් තියෙනවා එකක් ජොබ් එකක් කරන එක අනික බිස්නස් එකක් කරන එක. (තියෙන දේපොල විකුනලා බිස්නස් කරන්න යන්න එපා. මුල ඉදන් යන එකා සේරම එකින් එක ඉගෙනගෙන යන්නේ. කරටියෙන් එක පාර බැස්සට කදයි මුලයි අවුල් නම් ඉකවෙනවා )

    ජොබ් එකක් දැනට කරනවනම් මාසේ අන්තිමට සත පහක් නැත්නම් මෙන්න මේක බලන්න ආයේම

    *. උබට වයස 25ට වැඩිද? මාසෙකට 50000කට(2017ට සාපේක්ශව ) අඩුවෙන් ලැබෙන රැකියාවක්ද කරන්නේ? එම රැකියාවෙන් අව්රුදු 30 වෙද්දී ඔබේ පඩිය අවම ලක්ශය ඉක්මවයිද?

    පිලිතුර ඔව් නම්.. සයිඩ් බිස්නස් එකක් හදාන ඕක කරන් යන්න
    පිලිතුර නැතනම් උබේ කෙලවීම ආරම්භ වී ඇත. වහාම මාර්ගය වෙනස් කරන්න

    ඔෆීස් එකක මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ජොබ් එක මේසන් බාස්ටත් අන්ත කාලයක් මේක. මම ඔය උඩ කිව්ව රාමුවේ උබේ ජොබ් එක නැත්නම් කරන්න තියෙන්නේ එතනින් ඉවත්වෙලා වෙන අතක් බලා ගන්න එක. ජීවිතේ ආයෙම කෙටි කාලයක් වැය කරලා ඇලුමිනියම් ෆැබ්‍රිකේටින්, ටයිල් වැඩ, ප්ලම්බින්, ඉලෙක්ට්‍රිකල්, මේසන්,ටින්කරින්, පේන්ටින් වගේ වැඩ විදිමත් විදිහට ඉගෙනගන්න. ඒවා මේ බාල රස්සා නෙමේ. ලැජ්ජා වෙන්න ඕනේ රස්සාත් නෙමේ. මොලේ ඇති එකෙක් ඔය වගේ දෙයක් කලොත් ඌ ටික කාලෙකින් කන්ට්‍රැක්ටර් කෙනෙක්.. බාස්ලා හුග දෙන්නෙක්ට රස්සා දෙන කෙනෙක්

    මේ සදහා ඔයාලට ඉතාම අඩු මුදලකින් ජාතික තරුන සේවා සභාවේ පාඨමාලා කරන්න පුලුවන්

    ඔය රැකියා විදිමත්ව කලොත් මාසෙකට ලක්ශ 1.5ක් කිසිම අපහසුවක් නැතුව උපයන්න පුලුවන්. හවසට ගල් කාලක් ගහලා හාල් කිලෝ එකයි එලවලු ටිකයි සැමන් ටින් එකයි ගෙනියන මේසන් බාස්ට තරම් ඉන්කම් එකක් ඔය කිට මරන් යන උන් 100න් එකටවත් නෑ. වෙලා තියෙන්නේ ඒ ශේත්‍ර වල ඉන්න උන්ට මෙලෝ ප්‍රමිතියක් නෑ. දැන් බලන්න වාහනයක් පේන්ට් එකට දැම්මොත් ඕක දෙන්න හත් අව්රුද්දක් යනවා. ඒ දෙනකොට හුගාක් ඉන්ටිරියර් කෑලි කාලා, සීට් පුරා මජන්, ඩෑශ් බෝර් ගන්න දෙයක් නෑ. කව්රු හරි හරි මැග් සිටි එකේ වගේ කරනවනම් එකකින් පනස්දාහක් අවම ලාභය ගන්න පුලුවන් කර ගන්න බැරි තරම් වැඩත් එක්ක. අද රටේ විශ්වාස කරලා ගෙයක් හදන්න බාර දෙන්න පුලුවන් උන් කීයෙන් කීයද ඉන්නේ? ඒ ඉන්න උන්ට හුස්මක් ගන්න ඉඩක් නෑ. ඒ නිසා මේ අයිටී උට්ටවල් වලටම හැම එකාම මේ කාලේ දගලන එකේ උබලා විදිමත් වෘතීය පුහුනුවකට යොමු වෙන්න . මාස 6ක් දුක් වීදී උපරිමම. ලක්ශ 10 මාස 6-7න් උබලා හොයයි

    අනික් කාන්ඩය..

    බිස්නස් කරන්න ආස අය.( අපේ ඩ්‍රැගන් ඩී මලයා මේවා ඕනේ තරම් පියවරෙන් පියවර කියලා ඇති. සර්ච් කරලා ඒවා කියවන්න..) බිස්නස් එකක් තෝරගද්දි සිල්ලර කඩයි ත්‍රීවිල් දුවන්නයි වගේ අත්ත මුත්තා කාලේ පටන් පැවත එන එදා වේල ටුවරස් ගහන්න එපා. මේ කාලේ සල්ලි සන්සරනය වෙන පැති හොයාගන්න. ලංකාවේ මම දැක්ක හොදම දේ තමයි වාහන වෙලදාම. මුලින්ම ඔය අතේ තියෙන ගානට අඩුවට බයික් එකක් දෙකක් ගෙනත් විකුනන්න. එකකින් 1000ක් 15000ක් හොයන්න පුලුවන් අව්ලක් නැතුව. එහෙම නැත්නම් තව ඔය ගමේ ගොඩේ මිනිස්සු ඉන්නවා ඉඩම් ගෙවල් වාහන අනන් මනන් විකුනන්න ඉන්න උන්. එහෙම එකක් දැක්කහම පොටෝ ටිකක් අරන් ඉන්ටනෙට් එකේ දාන්න උබලගේ නමින්. උබලගේ ෆෝන් නම්බර් වලින්. දෙපත්තෙන්ම ගාන කපන්න පුලුවන් නියම වැඩක් මේක. අපි හිතමු ලොරියක් හයර් කරන එකෙක් කියල.. බලපන් කැරියර් එකක් හොයාගන්න තියෙන අමාරුව. ලොරි හැම තැනම. එත් කැරියර් එකක් බේතකට නෑ දැන් තියෙන ඉලෙක්ට්‍රොනික් හයිබ්‍රිඩ් වහලු කෙල උනාම කෙලින්ම බබා ඔතල ඩොක්ට ගාවට ගෙනියාවා වගේ කැරියර් එකේ සැපට යන්න ඕනේ. කැරියර් එකක් බදු අරන් දිව්වනම් මාර ගානක් හෙව්වහැකි. කරන්න දේවල් නැත්තේ නෑ බන් ඕනේ තරම් බිස්නස් තියෙනවා සල්ලි මවන්න. වෙලා තියෙන්නේ අපි එක රාමුවක් අස්සට වෙලා දගලනවා බන්.අලුත් දේවල් ගැන බලන්න අලුතෙන් මාකට් එකට ඇවිල්ලා තියෙන දේවල් මොනවද බලන්න. එක තැන කඩ දාන් පල් වෙනවට වඩා කරන්න තියෙන දේවල් බලන්න. භාන්ඩ විකිනීමට වඩා සේවා පැත්තට යොමු වෙන්න. ඔය මම දෙක තුනක් කිව්වේ. හොදට කල්පනා කලොත් අපි අවටම තියෙනවා ඕනේ තරම් ගානක් හොයන වැඩ

    මෙහෙමයි මචන් සමහර උන් කියනවා වගේ 2+6+7+8+9 = 32යි කියනවා වගේ දෙකට 6ක් එකතු කරපන් ඊට පස්සේ හතයි අටයි නමයයි කියලා මට කියන්න බෑ. එහෙම පුලුවන්නම් මම සල්ලි ටිකම උබේ අතට ගෙනත් දෙනවනේ. මගේ අරමුනේ උබල හිතන විදිහ වෙනස් කරන එක.. හැම දේකම අව්ල තියෙන්නේ හිතන විදිහේ බන්

    දැන් ඔය මම කිව්ව විදි වලටවත් මූලික ටික හම්බ කරන් ඊලග පියවට වලට යන්න බෑ කියල හිතෙන උන් ඉන්නවනම් උන්ට මේ මේ වගේ ප්‍රශ්න තියෙනවනම්
    1. අයියා උකුස්සා ගෙනිච්චා මල්ලි ගගේ ගහන් ගියා අප්පොච්චා නයා කෑවා
    2. සුද යෑම අයියා මට ලොකුවටම
    3. යටි බඩේ ලොකූ මෙන්සස් අමාරුවක් තියෙනවා මුකූත් කරගන්න බෑ
    4. මට හැමවෙලේම හිතෙනවා මම සල්ලි එකතු කලොත් පිටසක්වල ජීවීන් පහර දීලා ඒ ටික ගනී කියලා
    වගේ ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් අහන්න ඒ අයට තමන්ගේ වාසනාවත් උරගා බලන්න ක්‍රමයක් තියෙනවා CGR එක පාවිච්චි කරලා.එහෙම අය අහන්න ඒකත් කියන්නම්

    ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ කම්මැලියෝ.. සුද්දා මුන්ට 8-5 ජොබයි අරක්කුයි පුරුදු කරලා තිබ්බ මොල ගෙඩිත් කාලා කුනු කරල ගියේ මේකෙන්. උන් එහෙම ගිහින් උන්ගේ ලෝක කඩදාසි වලිනුයි නූල් සූත්තර වලිනුයි ගොඩ දැම්මා. උබලා උබලට පාඩම් කරවලා ගිය ටික පරම්පරාවෙන් පරම්පරාවල ඔලු කකා පොඩි එවුන්ටත් දදා වහල්ලු වගේ අරන් යනවා

    උපන් පලියට මැරෙකන් එදා වේල ටුවර්ස් ගහන්න එපා. නාඩියෙන් ඉදපන් පැය 24ම.. හැබැයි ආර්ය අශ්ටාංගික මාර්ගයේ පිහිටලා ඉදපන්..උපන්නන් වලේ ජිවත් වෙන්න එපා. ගේමේ ඉදපන්. දියුනු විම අසහනයක් කරගනින්..සාර්තක වීම උනක් කර ගනින්

    Steps-to-Success-628x353.jpg

    confidence-and-personal-development-copy-630x315.png

    රත්තරං......
    13-02-2017​
     
    Last edited:

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මේක හරියට පෙන්නේ නැහැ බන් ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරපන්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    *. උබට වයස 25ට වැඩිද? මාසෙකට 50000කට(2017ට සාපේක්ශව ) අඩුවෙන් ලැබෙන රැකියාවක්ද කරන්නේ? එම රැකියාවෙන් අව්රුදු 30 වෙද්දී ඔබේ පඩිය අවම ලක්ශය ඉක්මවයිද?

    පිලිතුර නැතනම් උබේ කෙලවීම ආරම්භ වී ඇත. වහාම මාර්ගය වෙනස් කරන්න

    :shocked:
    මේක තේරිලා ටික කාලයක් වෙනවා
    අලුත් දේවල් කිපයක්ම කලා,ඒත් එකක්වත් බලපොරොත්තු වුන තරමට සාර්ථක වුනේ නැහැ
    දැනට ගැටළුවක් නැතත් ඉස්සරහ ගැන හිතත්දි පොඩි බයක් තියෙනවා
    මෙවගෙ thread එකක් දාලා දෙන තල්ලුව ගොඩක් වැදගත් අලුත් දේකට ඔලුව දාන්න
    thankz මචන්
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාම වගේ පට්ටම වටිනවා.
    ඊයේ පළවෙනි පිටුවෙන් පර්චස් 10 ක් වෙන් කරලා තිබුන නිසා මේ කමෙන්ට් එකට ඉඩ තිබුනා :cool:
    උඹ කියනකොට තමයි තේරෙන්නේ කොච්චර නම් මිනිස්සු සිල්ලර කඩයක් දාන්න, පොඩි සුපර්මාකට් එකක් වගේ සිල්ලර කඩයක් දාන්න, ත්‍රීවිල් හයර් කරන්න, ස්කූල් සර්විස් කරන්න ප්ලෑන් කරනවද. මම ඉන්න පැත්තෙම ඔය වගේ දාපු පොඩි සුපර්මාකට් දෙකක් පහුගිය කාලේ බංකොලොත් උනා. ස්කූල් හයර් දුවපු සමහරු වාහන විකුනලා වැඩේ අතඇරියා. ලීස් කරලා ත්‍රීවිල් අරං හයර් දුවපු කී දෙනෙක් නම් ලීස් එක ගෙවාගන්න බැරුව ත්‍රීවිල් එක විකුණලා අත පිහදාගත්තද.
    මේකාලේ සල්ලි එන දේවල් හොයා ගන්න තරම් අපි සූක්ෂම වෙන්න ඕනේ. මමත් පුද්ලිකව බිස්නස් 5 ක් කරන්න ගිහින් ඇනගත්ත එකෙක්. සාර්ථක කර ගන්න පුලුවන් උනේ වාහන බිස්නස් එක. මේ දවස් වල නම් ඒකකරන්නෙ නෑ. (නිතර වාහනයක් ලග තියාගන්න ඕනෙ නිසත්, රස්සාවේ වගකීම් වැඩි නිසත්:dull:) මම එකතැන පල්වෙනවද කියලා වෙලාවකට හිතෙනවා. මගේ පුද්ගලික කාරනයක් නිසා සල්ලි හොයන්න තියන උනන්දුව ගොඩක් දුරට අඩු වෙලා තියන්නේ. නමුත් මේ ත්‍රෙඩ් දැක්කම ආයිත් වැඩේට බහින්න හිතෙනවා. උඹේ ත්‍රෙඩ් දියුනු වෙන්න හොද මානසික උත්තේජනයක්.
    බොහෝම ස්තූතී මචං.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,773
    30,828
    113
    "සමහර විට මම මේ ආතියෙන් දාන අවසාන ත්‍රෙඩ් එක මේක වෙන්න පුලුවන්. " මොකෝ නානා මේ??ෆේක් වලින් ආව සොන්නයො ත්‍රෙඩ් වල ගොන් ආතල් ගත්තට අපිට උබේ ත්‍රෙඩ් රත්තරං වටිනවා අවුල් උන වෙලාවට මොරාල් අප් කරගන්නෙත් උබෙ ත්‍රෙඩ් එකක් බලලා ෆේක් අනාත සොන්නයොන්ට උකාගන්න කියලා උබ දිගටම ත්‍රෙඩ් දාපන් මේකෙ ඒවගෙන් වැඩක් ගන්න කොල්ලො ඕන තරං ඉන්නවා
     
    • Like
    Reactions: residue and RoHA99
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    "සමහර විට මම මේ ආතියෙන් දාන අවසාන ත්‍රෙඩ් එක මේක වෙන්න පුලුවන්. " මොකෝ නානා මේ??ෆේක් වලින් ආව සොන්නයො ත්‍රෙඩ් වල ගොන් ආතල් ගත්තට අපිට උබේ ත්‍රෙඩ් රත්තරං වටිනවා අවුල් උන වෙලාවට මොරාල් අප් කරගන්නෙත් උබෙ ත්‍රෙඩ් එකක් බලලා ෆේක් අනාත සොන්නයොන්ට උකාගන්න කියලා උබ දිගටම ත්‍රෙඩ් දාපන් මේකෙ ඒවගෙන් වැඩක් ගන්න කොල්ලො ඕන තරං ඉන්නවා

    ade math thread eka danakan balan hitiye
    oka dakke danuyi
    -------------------------------------------------------------------
    pissu kelinna epa machan raththaran
    uben upadesak ganna deyak igenaganna godak ewun balan innawa
    ube wada katyuthu walata badawak nowenna danna de welawak thiyena welawal walata kiyala diyan machan
    ubata thawa wadi wadiyen hambenawa,

    anika mchan uba aapu kale inda me wenakn kochchara kattiya ubata baldi perallanna athida?
    warthamane dakinna thiyena dewal ekka baladdi parana membersla adagena nankota uba ewata kochchara apuruwata face karadaa?

    ewa ekaktawath salun nathi umba digtama randee hitahan machan

    owa ganan ganna epa.

    minissu nodanna deta bayayi

    eka gal yuge idan ada wenakan ehemmamyi.

    uba karanne sad karyak
    eke pina ubata hamadama thiyeyi.
     
    Last edited:
    • Like
    Reactions: RoHA99

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa

    කියක් හරි හොයන් ගොඩ එනවා කියල හිතන් ඉන්න මම වගේ අනාත සොන්නලු ඉදන් ධනවත් උගත් සියල්ල දත් උතුමන් මේ ටැබ් එකේ වම්පස උඩ කෙලවරේ ඇති කතිරය ඔබත්වා!!!!

    සල්ලි හම්බ කරන්නේ කොහොමද ධනවතෙක් වෙන්නේ කොහොමද කියන එක සුද්ද සිංහලෙන් පිලිවෙලට කියන් ආවා. අන්තිමට දැම්මා "මහන්සි නෝවී හම්බ කරමු" කියලා ත්‍රෙඩ් එකක්. ඕන්න උඩින් ඕකට බැහැපු දෙවි දේවතාවුන් වහන්සේලා ගේම අදින්න ගත්තා මහන්සි නොවී හම්බ කරන්නේ කොහොමද අම්ම තාත්තාගෙන් උදව් නැති ඕලෙවල් වත් පාස් නැති අතේ සල්ලිත් නැති එකෙක් කොහොමද ඔය විදිහට කරන්නේ කියල

    වගකීමෙන් කියන්න ඕන්නේ මම ඒ කිව්වේ "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" එකේ දෙවෙනි කොටස". උබලට බන් 1 වසරෙදි ඒ බී සී ඩී උගන්නලා ඊලග පන්තියකදී වචන උගන්නලා ඊට පස්සේ ග්‍රැමර් උගන්නනකොට අහනවා අකුරු දන්නේ නැතුව ග්‍රැමර් ඉගෙනගන්නේ කොහොමද කියලා. ඒක තමයි කිව්වේ මුල ඉදල වර සිංහලු කියලා

    සමහර විට මම මේ ආතියෙන් දාන අවසාන ත්‍රෙඩ් එක මේක වෙන්න පුලුවන්. මම උබලට හම්බ කරන්න උගන්නන්නේ මට අඩුම තරමේ යූටියුබ් එකේ වොයිස් කට් විදිහට දැම්මනම් ඇඩ් වලින් හරි කීයක් වත් එනවා. මෙතනම මම දාන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අනික මේ විව්ස් 1000කට ඩොලර් 5ක් ගන්න තරම් අහේනියකුත් මට නෑ. හැදෙන්න ඕනේ උන් හැදියල්ලා අනික් උන් මකබෑවියල්ලා

    මෙකේ ඕනේ තරම් ඉන්නවා කියපු විදිහට වැඩකරලා හැදිච්ච උන්. උදාහරනෙකට හංකොකා අල්ලන් අහපන් ඌ ලක්ශ 25ක් විතර හෙව්වා මේ ටික කාලෙට. තාම එක රේසරෙන් මාස 6ක් රැව්ල කපන පොඩි සොන්නයෙක් වෙලත්. ඔය කිව්වේ එකයි. තව ඕනේනම් උදාහරන තියෙනවා

    අන්තිමට අහපු ප්‍රශ්න තමා මේ...

    1. තමන් යන පාර හරිද බලන්නේ කොහොමද?
    2. අතේ සතේ නැති ඔට්ටුපාලුවෙක් පලවෙනි ලක්ශ 10ය හොයන්නේ කොහොමද?