ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,871
    11,623
    113
    ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

    9f6f8a6fccaeec31a8b030735d9bda51.jpg

    ඔන්න මචන්ලා මගේ ගෙදර ප්ලෑන් එක ඇඳලා ඉවරඉ. ප්‍රාදේශීය සභාවේ අනුමැතියට බාර දුන්නා. ඒකෙන් දුන්න "ගොඩනැගිලි අයදුම් පත්‍රය" පුරවද්දී මට හිතුනා අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කට්ටියටත් දැනගන්න සපුරන්න ඕනේ අවශ්‍යතා ටික කිව්වොත් වැදගත් වෙඉ කියල.

    මහා නගර සභා වල ගොඩනැගිලි අයදුම් පත්‍රය පොතක් විදියට එන්නේ එකේ ගොඩක් විස්තර තියෙනවා පුරවන්න.

    සුදුසුකම් :-

    නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත්‍ර ඉදිරිපත් කිරීම.

    1.අදාල බිම් කොටස පාදේශිය/නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබීම.

    2.එම අනුමත මානක සැලැස්මේ (survey plan) පිටපතක් ඉදිරිපත්කල යුතුය.

    3.ඉදිරිපත්කරන සැලසුම ඉදිරිපෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්‍ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව,

    4.අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුය.

    5.ඉදිරිපත් කරන සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන් යුක්තව සකස්කර තිබීම.

    6.සුදුසුකම්ලත් පුද්ගලයෙකු සහතික කර තිබීම (structural engineer).

    ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :- පාදේශිය/නගර සභාවේ ගොඩනැගිලි අංශය.

    ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- -රු : 583 (මේ මට ගිය ගාන)

    ඉදිරිපත් කලයුතු වේලාවන් :-කාර්යාලීය දිනවල -පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා - ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.

    සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- රු : 4105 (මේ මට ගිය ගාන)

    සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-සති 02 ක් හෝ 08 ක් අතරතුර.

    අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

    1. නේවාසික

    *පාදේශිය/ නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්

    *අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්

    *ඔප්පු පිටපතක්.

    *අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.(වරිපනම් කියන්නේ මාර වටිනා ලියවිල්ලක් අනිවාර්යෙන් ගෙවපල්ලා. දැනට ගෙවන්නේ නැත්තන් හද ගනිල්ලා)

    *වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.

    *අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.

    *ජා.හැ පතේ පිටපතක්

    2. වාණිජ හා කර්මාන්ත. (මේ සම්බන්දව වැඩි විස්තර දන්නේ නැත)

    *පාදේශිය/ නගර සභාව මගින් වාණිජ හෝ කර්මාන්ත භාවිතය සඳහා අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්.

    *අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්

    *ඔප්පු පිටපතක්.

    *අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.

    *වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා
    සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.

    *අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.

    *ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය.

    *කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.

    අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි ක්‍රියාත්මක 1986.03.10 දිනට ප්‍රථම බෙදා වෙන්කල ඉඩම් කැබලි සම්බන්ධයෙන්.

    වැඩි විස්තර නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් ලිපිනයට ගිහින් බලා ගන්න.

    http://www.uda.gov.lk/index.php?option=com_content&view=article&id=45&Itemid=205&lang=si

    දැනට ඔක්කොම ටික ප්‍රාදේශීය සභාවට බාර දීල ඇවා. මෙතනින් එහා මොකෝ කරන්න ඕනේ කියලා උපදෙසක් දෙන්න පුළුවන්නන් එක මටත් කරන උදව්වක්. :yes:

    මම නං මගේ ගෙදර ප්ලෑන් එක බලාගෙන sweet home 3D කියන සොෆ්ට්වෙයා එකෙන් ගෙදර ඇතුල ඇඳලා බැලුවා. එහෙම කලාම ගොඩක් අඩුපාඩු පේනවා. ඒක අඳින්නත් හරිම ලේසි. ඩවුන්ලෝඩ් කරගෙන ඇඳලා බලන්න. තමන්ගේ ගේ හැදුවම කොඉ වගේද මොනවගේ ප්‍රමානයේ බඩුමුට්ටු කොඉ කොඉ තැන වලද තියන්නේ කියලා අදහසක් ගන්න පුළුවන් මේකෙන්. එහෙනං ජයවේවා!
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබ ඕකට COC එක අරන් විකුණන්න හදනවනම් ඉතින් ඕක අනුමත කරගන්න ඊට පස්සේ ඒ විදියට හදන්න තමයි වෙන්නේ, ඔක්කොම තියෙන්නේ TO කාරයා අතේ හොද එකෙක් නම් අවුලක් නෑ නැත්තන් ඉතින් වටේ යවයි, කියක් හරි අතමිට මොලවන්න වෙයි මේ අශික්ලන්තයනේ :rofl:,

    ඔය ප්ලැන් එක හොද අර්කිටෙක්ට් කෙනෙක්ට කියල නේද ඇන්දේ ?එහෙනම් අවුලක් වෙන්නේ නැ , කොමත් හදද්දී අඩුපාඩු පේනවනම් ඒවා වෙනස් කරන්න COC ඕනේ නැත්තන් ඔය ප්ලෑන් අනුමත කරගත්තම මිනිස්සු ඕනේ විදියට තමයි අද කලේ කරගන්නේ :no: ඔය තමයි මුල්ම කඩ ඉම මන් සුබ පතනවා ඉක්මනින් කරගන්න ලැබෙන්න කියල.

    ඕකට පස්සේ ඉඩමේ වරිපනම් අංකය අරන් ග්රමනිලදාරි හම්බ වෙලා ඉඩමට අංකයක් ගන්න ඊටපස්සේ තාවකාලික වතුරයි ලයිට් වලටයි ඉල්ලලා ලියුම් දෙකක් ගන්න,

    ලයිට් වලට මන් උපදෙසක් දෙන්නම්, දැන් කොමත් ලයිට් මීටර් එක තාප්පෙට සෙට් කරන එක වාසියි එතකොට ගේට්ටු ලොක් කරන් ඉන්න පුළුවන්, ඒ නිසා ඉඩම අයිනට වෙන්න ගල් බැදලා උස කොන්ක්‍රීට් කණුවක් 10" -12" වෙන්න දාල පොඩියට තාප්පේට සෙට් වෙන්න ඩබල් ගලෙන් තාප්ප කෑල්ලක් බදින්න ඊට පස්සේ කනුව උඩටම ඇන්කර් බෝල්ට් එකක් සෙට් කරලා විදුලිබල මණ්ඩලෙන් ටෙම්පරි ලයිට් වලට අප්ප්ලයි කරන්න, නැත්තන් දෙපාරකට ගෙවන්න වෙනවා මඩුවට කරන්ට් ගන්නයි ගෙදරට ශිෆ්ට් කරන්නයි, එක පාරම කරගන්න
     
    Thanks for the info machan. Ka neme COC kiyanne mokakda?
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අලුතෙන් හදන නිවසට සුභ පැතුම් !!
    මට නම් දවස් දෙකන් plan එක අනුමත කරගන්න පුළුවන් උනා
    පොතට 300යි වර්ග අඩි 3000ට අඩු නිසා රජයේ අනුමත ගාස්තු විදිහට 3000ක් වගේ ගියේ... මේ 2016 මුල
    මගේ Blind wall එකක් තියෙන නිසා Charted Engineer කෙනෙක් certify කරන්න ඕන උනා plan එක..
    මම පොත(අයදුම් පත්‍රය) ගන්න ගියේ දල සැලැස්මත් අරගෙන.. එතන හිටපු TO ඔක්කොම විස්තර පැහැදිලිව කියල දුන්න
    කොහොමත් මගේ ප්ලැන් එකේ වැඩිය අඩුපාඩු තිබුනේ නෑ.. දවස් දෙකෙන් අනුමත උනා..
    මමත් හිතන් හිටියේ පගාව දෙන්න වෙයි කියල එත් සත 5ක් වැඩිය දෙන්න උනේ නෑ...

    මගේ අත්දැකීම් වලින් දාපු මේ ත්‍රෙඩ් දෙකත් බලන්න නිදහස් වෙලාවක..

    අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~
     
    Last edited:

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    tfs,mcn uba draughtsman da,Autocad ekama Import karanna puluwanda sweet home 3d ekata, revit wageda eka,
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,871
    11,623
    113
    tfs,mcn uba draughtsman da,Autocad ekama Import karanna puluwanda sweet home 3d ekata, revit wageda eka,

    Na ban mama draftman kenek neme. Mama autocad danneth na. Habai mage plan eka andala dunne nan autocad walin thama. Eka balan sweet home 3D eke anda :)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,871
    11,623
    113
    අලුතෙන් හදන නිවසට සුභ පැතුම් !!
    මට නම් දවස් දෙකන් plan එක අනුමත කරගන්න පුළුවන් උනා
    පොතට 300යි වර්ග අඩි 3000ට අඩු නිසා රජයේ අනුමත ගාස්තු විදිහට 3000ක් වගේ ගියේ... මේ 2016 මුල
    මගේ Blind wall එකක් තියෙන නිසා Charted Engineer කෙනෙක් certify කරන්න ඕන උනා plan එක..
    මම පොත(අයදුම් පත්‍රය) ගන්න ගියේ දල සැලැස්මත් අරගෙන.. එතන හිටපු TO ඔක්කොම විස්තර පැහැදිලිව කියල දුන්න
    කොහොමත් මගේ ප්ලැන් එකේ වැඩිය අඩුපාඩු තිබුනේ නෑ.. දවස් දෙකෙන් අනුමත උනා..
    මමත් හිතන් හිටියේ පගාව දෙන්න වෙයි කියල එත් සත 5ක් වැඩිය දෙන්න උනේ නෑ...

    මගේ අත්දැකීම් වලින් දාපු මේ ත්‍රෙඩ් දෙකත් බලන්න නිදහස් වෙලාවක..

    අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    Thanks machan wistara walata
    Eka neme "Blind wall" ekak kiyanne mokakda?