සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එකක
ජූනි මාසෙ පොසොන් එකත් එක්ක ආපු දවස් 3 නිවාඩුව සෙට් කරගෙන මමයි ගෙදර උන්දැයි පොඩි නිවාඩුවකට බයික් එකේ සීත කදුකරයේ රවුමක් ගහල එන්න තීරණය කරා..
ඉතින් අපි ආව ගිය තැන් ගැන විස්තරයක් එලකිරි සෙට් එක එක්ක බෙදාහදාගන්න හිතුන..
මුලින්ම අපි දෙන්න 9 වෙනි සිකුරාදා උදේ 9 ට විතර කොට්ටාවෙන් බයික් එකේ ගමන ආරම්භ කරා.. අපේ ප්ලෑන් එක උනේ එදා රෑ වෙන්න කලින් හපුතලේට යන්න.. ඉතින් රු. 500 ක පෙට්‍රල් ටිකක් ගහගෙන කොට්ටාවෙ ඉදන් අවිස්සාවේල්ල, රත්නපුර පැත්තෙන් බෙරගල වෙනකල් ආවා. කිලෝ මීටර 160ක් විතර..
මෙන්න ගූගල් මැප්
https://www.google.lk/maps/dir/Kottawa+Town,+Pannipitiya/Beragala/data=!4m8!4m7!1m2!1m1!1s0x3ae2504b3e254457:0xd5f578935488b98f!1m2!1m1!1s0x3ae4714314dff819:0xc4eea2bd801e9b21!3e0
ඉතින් අපි එතනට යද්දි දවල් 2 ට විතර නිසා කෙළින්ම හපුතලේ නොගිහින් හපුතලේ පෙනි පෙනී (බෙරගල ඉදන් හපුතලේට කි.මී. 7යි) බෙරගලින් පහළට තියෙන කොස්ලන්ද පාරට දැම්මා දියළුම බලන්නත් එක්ක... බෙරගල ඉදන් දියලුම ඇල්ලට දුර කි.මී.25 ක් වගේ තියෙනවා...
මෙන්න ගූගල් මැප්
https://www.google.lk/maps/dir/Beragala/Diyaluma+Falls,+Colombo+-+Batticaloa+Hwy,+Koslanda/data=!4m8!4m7!1m2!1m1!1s0x3ae4714314dff819:0xc4eea2bd801e9b21!1m2!1m1!1s0x3ae46c352d6455e3:0x28c362117103a1b1!3e0
ඒ පාරනන් හැබැයි කාපට් පාරක් නෙමෙයි. හැබැයි සුන්දර වටපිටාවක් තියෙන ලස්සන ගමක් මැද්දෙන් තමයි අපිට දියලුම යන්න තියෙන්නෙ. ඒ කොස්ලන්ද ගම.. ඉතින් අපි ටික වෙලාවකින් ඒ කි.මී.25 ගෙවාගෙන ඇවිත් දියලුම බලන්න සෙට් වුනා.. දියලුම ඇල්ල උසින් ලංකාවෙ දෙවෙනි ස්ථානය ගන්නවා. උසින් මීටර 220 ක් වෙනවා.. මේ තියෙන්නේ ඒ සුන්දර දියලුම ඇල්ල...
අපිට දියලුම ඇල්ලෙ උඩට යන්න අපේ එලකිරි සහෝදට මොසිල්ල උදව් කරා...ඒ සුන්දර ගම්මානෙ තමයි ඒ සහෝදරයාගෙ පදිංචිය
ඊට පස්සේ ආයිත් අපි බෙරගල ඉදන් දියලුමට ආපු පාරෙන්ම හපුතලේට නොයා දියලුමට ආපු පාරෙන්ම දිගටම ගිහින් වැල්ලවායට ගිහින් ඒ පැත්තෙන් හපුතලේට එන්න තීරණය කරා.. දුරනන් සෑහෙන වැඩියි. ඒත් අපිට ඒ පැත්තේ යන්න තියෙන ආසාවට එහෙම ආවා. දියලුම ඉදන් වැල්ලවායට දුර කි.මී. 14 ක් වගේ තියෙනවා. වැල්ලවායෙ ඉදන් බංඩාරවෙලට කි.මී. 40 ක් වගේ තියෙනවා. ඒ වැල්ලවාය පැත්තෙන් හපුතලේට යද්දි අපිට ඇල්ල (රාවණා ඇල්ල), බංඩාරවෙළ මුණ ගැහෙනවා. ඒ වැල්ලවාය ඇල්ල බංඩාරවෙල පාරනන් සුපිරියි. කාපට් පාර, හැබැයි ඇල්ල හරියෙ ඉදන් බංඩාරවෙල වෙනකල් වගේ පාර ටිකක් අනතුරු දායකයි. පරිස්සමින් නොගියොත් ප්‍රපාතෙ තමයි නවතින්නෙ..
google map
https://www.google.lk/maps/dir/Rawana+Water+Falls,+Badulla,+Uva+Province/Diyaluma+Falls,+Colombo+-+Batticaloa+Hwy,+Koslanda/@6.7802625,81.0009465,12z/data=!3m1!4b1!4m14!4m13!1m5!1m1!1s0x3ae4658ad8990f31:0xabd5a076487382b9!2m2!1d81.0524505!2d6.840118!1m5!1m1!1s0x3ae46c352d6455e3:0x28c362117103a1b1!2m2!1d81.0314173!2d6.7331443!3e0
ඉතින් අපි එහෙම එද්දි අපිට රාවණා ඇල්ල මුණ ගැහෙනවා.
මේන්න රාවණා ඇල්ලෙ පින්තූර ටිකක්...
ඉතින් රාවණා ඇල්ලෙ සිරි නරඹලා අපි ගියා බංඩාරවෙල හරහා හපුතලේ අපේ නවාතැනට.... රාවණා ඇල්ලෙ ඉදන් බංඩාරවෙලට දුර කි.මී.18 ක් වගේ තියෙනවා.. ඔය පාරෙ එන අතරතුර දෝව පන්සල මුණ ගැහෙනවා. වෙලාව ප්‍රශ්නයක් තිබ්බ නිසා ඒ පන්සලට යන්න බැරි වුනා. ඉතින් එදා හපුතලේ නැවතුනා..
අපි හිටපු නවාතැන අවට පින්තූර ටිකක්... අපිට ඇති තරම් කඩාගෙන කන්න ජෑම් පේර ගෙඩි තිබ්බ ගස් වල පිරෙන්න..

පහුවදා උදෙන්ම අපි ලිප්ටන් සීට් බලන්න යන්න පිටත් වුනා.. ලිප්ටන් සීට් කියන්නේ හපුතලේ ඉදන් දඹේතැන්න පාරෙ යද්දි අපිට මුණ ගැහෙන සුන්දර ස්ථානයක්.. හපුතලේ ඉදන් කි.මී.16 ක් විතර සුන්දර තේ වතු මැදින්, බෑවුම් වලින් කදු වලින් යන්න තියෙන ඒ පාර නන් සුපිරි අත්දැකීමක්..
google map
https://www.google.lk/maps/dir/Haputale/Lipton's+Seat,+Dambethenna+Estate,+Haputhale,+Lipton+Seat+Rd/@6.7841342,80.9667469,13.5z/data=!4m14!4m13!1m5!1m1!1s0x3ae4719865d11355:0xc2e02c5936f8cb99!2m2!1d80.9525655!2d6.7654136!1m5!1m1!1s0x3ae46e34030893af:0x3886114faff7476b!2m2!1d81.0154959!2d6.7808504!3e0
මේ කි.මී. 16 ගෙවාගෙන අපි යන්නේ උස කදු මුදුනකට.. මේ කදු මුදුනේ සුවිශෛ්ෂී කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ කදු මුදුනට පැහැදිලි දේශගුණයක් තියෙන දවසකට ලංකාවෙ පළාත් 5 ක් දැක බලා ගන්න පුලුවන් කම තියෙනවලු. ඒත් අපි යද්දි එදා සෑහෙන මීදුම. ඉතින් අපිට ඒ අවස්ථාව මග ඇරුණා. ඒත් ඒ ගමනනන් ගොඩක් වටින ගමනක්..
මෙන්න ඒ ගමනෙ පින්තූර ටිකක්..
මෙතනදි ගොඩක් අවාසනාවන්ත සිදුවීමකට මූනපාන්න සිද්ධ වුනා... කැමරා එකේ ගත්ත පින්තූර ඔක්කොම මෙමරි චිප් එකේ සේව් වෙද්දි කෙළ වෙලා.. පොටෝ එකක්වත් ගොඩ ගන්න බැහැ.. ඉතින් දැනට මේ තියෙන්නේ මොබයිල් එකෙන් ගත්ත පොටෝ තමයි..
මේ තියෙන්නේ ලිප්ටන් සීට් කදුමුදුනෙ තියෙන පොඩි කඩේ කෑම.. අපිට උණු උණු රොටී, වඩේ ලැබුනා.. රොටීයි වඩෙයි කාලා හොදම ලිප්ටන් තේ දෙකක් බිව්වම පට්ට ෆිට් ඇගට.. ඒ කඩේ ගණන් එහෙමත් අපි හිතුවට වඩා ෂේප්... රොටී 5 යි, වඩේ 5 යි කිරි තේ දෙකටයි ගියේ රු. 400 යි. ඒ මිනිස්සු හෙන අහින්සක හොද මිනිස්සු. මරාගෙන කෑමක් නැහැ. ඒ වෙලාවෙ හැටියට ඒ කෑම රජබොජුන් වගේ..

ඊට පස්සේ අපි ආයිත් හපුතලේට ඇවිත් බොරලන්ද වැලිමඩ පාරෙන් වැලිමඩට ආවා..කි.මී. 25 යි. ඒ පාරත් බොරලන්ද වෙනකල් කාපට් පාර. ඊට පස්සේ බොරලන්දෙ ඉදන් වැලිමඩ වෙනකල් සාමාන්‍ය පාර. පාර හොදයි.. යන්න පුලුවන් උපරිම.. ඉතින් අපි වැලිමඩට ඇවිත් වැලිමඩින් බෝඹුරැඇල්ල බලන්න යන්න පිටත් වුනා.. බෝඹුරුඇල්ල තියෙන්නෙ වැලිමඩ ඉදන් කි.මි.15 ක් දුරින්..
මෙන්න ගූගල් මැප් ලොකේෂන් එක..
https://www.google.lk/maps/dir/Bomburuella+Waterfall/Welimada/@6.9251433,80.8352301,13z/data=!4m14!4m13!1m5!1m1!1s0x3ae47f6ce01e48c5:0x1c720b8e664b05fa!2m2!1d80.8307853!2d6.9473693!1m5!1m1!1s0x3ae47be640e7a3f3:0xf86a0d5993aefe9d!2m2!1d80.9079245!2d6.9019072!3e0
බෝඹුරු ඇල්ල කියන්නේ ලංකාවෙ මම දැකපු සුන්දරම දියඇල්ලක්..මේකට පේරවැල්ල ඇල්ල කියලත් කියනවා.. අපි වැලිමඩ ඉදන් කි.මී.15 ක් ආවට පස්සේ අපිට වාහන වලින් යන්න පුලුවන් සීමාව ඉවර වෙනවා. ඉතින් අපිට ගමක් මැදින්, අඩි පාරක කි.මී. 2 ක් විතර යන්න තියෙනවා. ඒ අඩි පාරනන් මාරම අපූරු අත්දැකීමක්. දිය පාරවල්, ගස් කොළන් එහෙම කියල වැඩක් නැහැ. ඉතින් ඒ කි.මී 2 ටිකක් අමාරුවෙන් ගියාට පස්සේ සුන්දර බෝඹුරු ඇල්ල හමුවෙනවා. අපිට වතුර අඩු කාලෙකට මේ දියඇල්ලෙ දකුණු පැත්තට දිය ඇල්ල හරහා යන්න පුලුවන්. ඉතින් අපිට ඒ වාසනාව ලැබුනා. මේ දවස් වල ඒ පැත්තට වැස්ස දැක්ක කාලයක් මතක නැහැලු.. ඉතින් මේ තියෙන්නේ ඒ සුන්දර බෝඹුරු ඇල්ලේ මොබයිල් එකෙන් ගත්ත පින්තූර (මේ වෙද්දිත් කැමරාවෙ අර මෙමරි කාඩ් ෆෝල්ට් එක තිබ්බ නිසා ගත්ත එකක්වත් සේව් වුනාට ඕපන් කරන්න බැහැ)

ඊට පස්සේ අපි ආයිත් වැලිමඩට ඇවිත් වැලිමඩින් නුවර එලිය පැත්තට ආවා..
වැලිමඩ ඉදන් නුවර එලියට කි.මී. 21 ක් විතර තියෙනවා...එ එන අතරතුර අපිට
බොරගස් කියන ටවුන් එකේදි මුණ ගැහෙනවා අඹේවෙල ෆාම් එකට යන පාර.. කලින් පාර එහෙ ගිය නිසා මේ පාර එහෙ ගියේ නැහැ.. ඊට පස්සේ ටික දුරක් යද්දි අපිට හග්ගල මල් වත්ත මුණ ගැහෙනවා.. කැමරාවෙ කේස් එක නිසා ඒකෙ පින්තූර නැහැ...

ඊට පස්සේ අපි නුවර එලියෙ එදා රෑ ගත කරල පහුවදා උදෙන්ම ග්‍රෙගරි පාර්ක් එකට ගියා උදේ පාන්දර 8 වෙද්දි.. පට්ට සීතලයි.. මල් වැස්සකුත් තිබ්බා.. බලන් ඉද්දි මීදුම එනවා යනවා..ඉතින් ටික වෙලාවක් ග්රෙගරියෙ ඉදල අපි කොළඹ එන්න පිටත් උනා හැටන් පාරෙන්... ඒ හැටන් පාරනන් සුපිරි කාපට් පාරක්.. වංගු ටිකක් වැඩියි... පරිස්සමින් හෙමින් එන තරමට ඇගට ගුණයි.. මමත් ඉතින් උපරිම 50 ට වගේ තමයි ආවේ වංගු වැඩි නිසා..
Google Map
https://www.google.lk/maps/dir/Colombo/Nuwara+Eliya/@6.9984943,80.0447133,10z/data=!3m1!4b1!4m14!4m13!1m5!1m1!1s0x3ae253d10f7a7003:0x320b2e4d32d3838d!2m2!1d79.861243!2d6.9270786!1m5!1m1!1s0x3ae380434e1554c7:0x291608404c937d9c!2m2!1d80.7891068!2d6.9497166!3e0
අපිට ඒ හැටන් පාරෙන් කොළඹ එද්දි තවත් සුන්දර දියඇලි 4 ක් මුණ ගැහෙනවා..
මුලින්ම අපිට සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල මුණ ගැහෙනවා තලවකැලේ හරියෙදි...උසින් මීටර 80 ක් සහ පළලින් මීටර 50 වෙන මේ දියඇල්ල පුංචි නයගරා ඇල්ල කියලත් හදුන්වනවා..
මේ තියෙන්නේ ඒ ඇල්ල..
ඊට කිලෝමීටරයක් විතර මෙහායින් අපිට ඩෙවෝන් ඇල්ල මුණගැහෙනවා..
උසින් මීටර 97 ක් වෙන මේ ඇල්ල ලංකාවෙ දිය ඇලි වලින් උසින් 19 වෙනි ස්ථානය ගන්නවා. මෙම දියඇල්ල ඩෙවොන් දිය ඇල්ල විදිහට නම් කරල තියෙන්නේ එවකට මෙහෙ හිටපු කෝපි වතු වැවිලිකරුවෙකු වූ ඩෙවෝන් නම් ඉංග්‍රීසි වැවිලිකරුවෙකු මේ ආශ්‍රීතව පවත්වාගෙන ගිය කෝපි වගාවක් නිසාවෙනි.
ඊට පස්සේ අපි එන අතරමග අපිට ඇබර්ඩීන් සහ ලක්ෂපාන දිය ඇලි වලට යන පාරවල් මුණ ගැහෙනවා..(ප්‍රධාන පාරෙන් අැතුලට යන්න වෙනවා ටිකක් දුර).. ඉතින් වෙලාවත් එක්ක අපිට ඒ දියඇලි දෙක බලන්න යන්න උනේ නැහැ. කෙළින්ම ගෙදර ආවා..
නුවර එලියෙ ඉදන් හැටන් පාරෙන් කොට්ටාවට එන්න කි.මී. 150 යි..
ඔන්න ඔහොමයි මේ පොසොන් නිවාඩුව ගතවුනේ.. දවස් තුනයි. කි.මී. 560. පෙට්‍රල් රු. 1500යි..
ආ.. මේ ඉන්නෙ අපේ ප්‍රවාහන සහකරු.. කිසිම කරදරයක් නැතුව බබා වගේ පරිස්සමට අපිව එක්කගෙන ගියා...
එහෙනන් ඒ ගමන් විස්තරෙත් එච්චරයි.. ආයිත් දවසක ලංකාවෙ වෙනත් සුන්දර ස්ථානයක තොරතුරු එක්ක මුණ ගැහෙමු..
කලින් ගිය, එලකිරි ට්‍රිප්
කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද්‍යානය
http://www.elakiri.com/forum/showthread.php?t=1760399
සිරීපාද වන්දනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1784265
සුන්දර දුන්හිද
http://www.elakiri.com/forum/showthread.php?t=1673852
යනවනම් මෙන්න පොට් එකක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1157975

Last edited: