EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))
යමෙකු ඔබගෙන් " ඔබගේ බුද්ධි ඵලය (IQ - Intelligence quotient) කොපමනද? ඇසුවොත්, අඩුම තරමේ ඔවුන් අසන්නෙ කුමක්දැයි කියවත් අපි දන්නවා, නමුත් යමෙක් ඔබෙන් ඇසුවොත් ඔබගේ චිත්තවේගාත්මක ඵලය/ චිත්තවේගාත්මක බුද්ධිය (EQ - Emotional quotient/ Emotional Intelligence) කොපමනද කියා අප එයින් කියවෙන්නෙ කුමක්ද කියලවත් දන්නෙ නැත, අප සිතන එකම දේ නම්.. "මූට පිස්සු කෙහෙල්මලක් අහන්වා" කියයි.. එසේනම් අද අපි දැනගමු මේ මොකක්ද කියලා..
චිත්තවේගාත්මක ඵලය (EQ) යනු බුද්ධියේ තවත් පැතිකඩකි, 1995 වසරේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් විදියට බුද්ධි ඵලය (IQ) යනු බුද්ධියේ එකම පැතිකඩක් නොවන බවත්, බුද්ධියට මෙම චිත්තවේගාත්මක ඵලයද බලපාන බව සොයා ගත්තා.
මෙහිදී ඉතා ඉහල IQ මට්ටම් තිබුනද, පහල EQ මට්ටම් ඇති අයගේ ජීවිත සාර්තකත්වය අඩු බව සොයාගත්තා..
( මෙය ඇත්තෙන්ම සොයගන්නට දෙයක් නැහැ, මේ වචන වලින්ම නොවුනත් බුද්ධිය, දැනුම, ප්‍රඥාව (මොලය සහ හදවත ) පිලිබදව අප සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේ වසර 2500 කටත් පමන පෙර දේශනා කරල තියෙන්වා

)
චිත්තවේගාත්මක ඵලය/ චිත්තවේගාත්මක බුද්ධිය (EQ - Emotional quotient/ Emotional Intelligence) යනු කුමක්ද?
කෙටියෙන්ම කියනවානම් ' අන් අය තේරුම් ගැනීමටත්, ඔවුන්ගේ අභිප්‍රායන් වගේම තමන්ගේ අභිප්‍රායන් තෙරුම් ගෙන වගේම, තමන්ගේ හැගීම් හසුරුව ගැනීමටත් ඇති හැකියාවයි.
චිත්තවේගාත්මක බුද්ධිය පිළිබඳ කදිම නිදසුනක් දෙන්නම්, හිතන්න රැකියවක් කරන පුද්ගලයින් 2 න්නෙක් කාර්යාලයේ ඉතා වෙහෙසකර දවසක් ගත කරලා ගෙදර යනවා, එක් අයෙක් අනෙක් කෙනාට වඩා ඉහළ EQ අගයක් ඇත. පහළ EQ අගය ඇති පුද්ගලයා ගෙදර ගොස් සිටින විට තම දරුවා අතින් හදිසියේම පිගානක් බිම වැටී බිදී ගියොට්,. මෙම පුද්ගලයා තම වැඩවලදී තිබූ මහන්සිය නිසාම කෝපයට පත්වී දරැවාට බැන වදිනවා, නමුත් ඉහළ EQ සහිත පුද්ගලයාට මෙම සිදුවීමම වුනේ නම්, ඔහු එය අත් වැරදීමක් බව වටහා ගනු ඇත. ඒ නිසා දරැවාට බැන වදින්නේ නැත.
EQ හි සංරචක 5 (5 components) කි.
1. තමා ගැන ඇති දැනුම/ ස්වයං දැනුවත්භාවයයි (Self-awareness)
2. ස්වයං-නියාමන. (Self-Regulation)
3. අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation)
4. සහකම්පනය. (Emapathy)
5. සමාජ කුසලතා (Social Skills)

ඔබට පෙනෙන පරිදි ඔබේ හැඟීම් දැකීමට සහ තේරුම් ගැනීමට ඔබට ඇති හැකියාව ඔබගේ ස්වයං දැනුවත්භාවයයි.
ඔබට ස්වයං දැනුවත්භාවය තවත් වර්ග දෙකකට බෙදිය හැකිය.
1. හැඟීම් දැනීම හෝ ඔබේම හැඟීම් හඳුනාගෙන ඒවායින් තමාට ඇති බලපෑම හදුනාගැනීම.
2. ඔබ ස්වයං විශ්වාසය (Self confidence) හෝ ඔබට ඇති හැකියාවන් සහ ඔබගේ ස්වයං-වටිනාකම (self-worth) පිළිබද ඇති විශ්වසනීයත්වය.
පුද්ගලයෙකුගෑ EQ හි ගැටලු ඇති විට, බොහෝවිට එය ස්වයං දැනුවත්භාවය පිලිබඳ ප්‍රශ්නයක් නිසා සිදු වන්නකි.
ස්වයං දැනුවත්භාවය පිලිබඳ ප්‍රශ්න දෙවිදිහකි -
1. ඔබට ඔබගේ හැගීම් හදුනාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්නට ඇති නොදනුවත්කම.
2. ඔබට අන්‍යන්ගේ හැගීම් හදුනාගැනීමට ඇති නොහැකියාව.
එම දෙවන ප්‍රශ්නය නිසා අනෙක් මිනිසුන් සමඟ එක්ව කටයුතු කිරීම අපහසු වේ.
2. ස්වයං-නියාමනය. (Self-Regulation)
ඔබේ ජීවිතයේ හැඟීම් ඇති වන විට ඔබට ඇත්තටම පාලනයක් නැත. කාටවත්ම නැත.
නමුත් හැඟීමක් කොතරම් වෙලා පවතිනවාද, තමන්ට එය කොච්චර තදට දැනෙනවාද, කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ වගේ දේවල් පාලනය කරන්න අපිට පුලුවන්.
මෙය කිරීමට ඇති හැකියාව ස්වයං-නියාමනය (Self-Regulation) නම් වේ.. නමුත් මේ සදහා තමා ගැන ඇති දැනුම/ ස්වයං දැනුවත්භාවය (Self - awareness) තිබිය යුතුයි.
ස්වයං-නියාමනය (Self-Regulation) පහත සදහන් කරුනු අන්තර්ගත වෙනවා...
1. ස්වයං පාලනයක් (Self control) තුලින් ආවේග පාලනය.
2. අවංකකම/ අවංකභාවයේ ප්‍රමිතිය.
3. තමන්ගේ ක්‍රීයවන් වල වගකීම බාර ගැනීම.
4. නම්‍යශීලී බව.
5. නව අදහස් සඳහා විවෘත වීම
ස්වයං-නියාමනය (Self-Regulation) වර්ධනය කරගැනීමට - භාවනාව, ලේඛන කලාව, සොබාදහම විදීම වගෙ දේ උපකාරී වේ.
3. අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation)
අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation) සහ හැගීම් (Emotion) අතර අති සම්භන්දය කුමක්ද??
අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation) යනු ඔබට ඉලක්ක කරා ගමන් කිරීමට අවශ්‍යය දේ කිරීමට ඔබව තල්ලු කරන බලවේගයයි.
හැගීම් (Emotion) යනු ඔබගේ වටපිටාව සහ අවස්තාව අනුව පවතින ඔබේ මානසික මට්ටමයි.
අප ජීවිතයේ විටින් විට අපට ඍණාත්මක හැගීම් ඇතිවෙන්වා, නමුත් අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation) මගින් මෙම ඍණාත්මක හැගීම්, ධනාත්මක අතට හරවගන්න පුලුවන්.
මෙයට පහත කියවෙන කරුනුද උපකාරී වෙන්වා.
* කිසියම් මට්ටමක විශිෂ්ඨත්වයක් කරා යාමට ඇති දැඩි ආශාව.
* ඔබ හෝ ඔබ ඇතුලත් කණ්ඩායමක ඇති ඉලක්ක කරා යාමට ඇති කැපවීම.
* ආරම්භයක් ගැනීමට/ මුල් පිරීමට ඇති හැකියව සහ, අවස්තාවට අනුව ක්‍රියා කිරීමේ හැකියාව.
* පසුබෑම් නොතකා ඔබේ අරමුණු කරා යාම.
4. සහකම්පනය. (Emapathy)
සහකම්පනය (Empathy) යනු අන් අයට හැඟෙන්නේ කෙසේද යන්න හඳුනා ගැනීමයි. වෙනත් විදිහකින් කියනවානම්, තමන් වෙනත් පුද්ගලයකුගේ තැන සිටියානම් තමන්ට කෙසේ දැනෙයිද, ඒ ආකාරයටම ඒ පුද්ගලයටත් දැනෙනව කියන දේ තේරුම් ගැනීම.
සහකම්පනය (Empathy) තිබෙන්න නම් පුද්ගලයාට ස්වයං-නියාමනයක්.(Self awarness) තිබිය යුතුය, අනුන් ගැන තේරුම් ගැනීමට පෙර තමන් ගැන තෙරුම් ගෙන ඉන්න ඕනෙනේ.
මේ සදහා ඔබට, අන් අයගෙ අවශ්‍යතා හදුනා ගැනිමටත්, එම අවශ්‍යතා පසුපස ඇති අභිප්‍රායත් හදුන ගැනීමට හැකි විය යුතුය.
5. සමාජ කුසලතා (Social Skills)
අන් අය සමග කටයුතු කිරීමට තිබෙන හැකියාවයි. සමාජ කුසලතා(Social Skills) වර්ධනය කරගන්නට විවිධ ක්‍රම ඇත, ඉන් කිහිපයක් නම්.
> පැහැදිලිව සහ ප්‍රයෝජනවත් සන්නිවේදනය
> ගැටුම් කළමනාකරණය සහ එකඟ නොවීම් විසඳීමේ හැකියාව.
> සම්බන්ධතාවක් ගොඩනැගීම
> පොදු අරමුණු වෙනුවෙන් අන් අය සමඟ වැඩ කිරීම.
දැන් ඔබට අදහසක් තිබෙනවා මොකක්ද චිත්තවේගාත්මක ඵලය/ චිත්තවේගාත්මක බුද්ධිය (EQ) කියන්නේ කියලා.
එහෙනම් ඔබට හිතාගන්න පුලුවන් තමන් කොයි මට්ටමේද ඉන්නෙ කියලා,
අපි දැන් කෙටියෙන් බලමු කොහොමද අපේ චිත්තවේගාත්මක ඵලය/ චිත්තවේගාත්මක බුද්ධිය (EQ) වැඩි කරගන්නේ කියලා...
1. වෘත්තිකයෙකු සමඟ වැඩ කරන්න- මානසික වෛද්‍යවරයෙකු සමග හෝ ඔබට උපදෙස් දිය හැකි අයෙක් සමග.(නමුත් මෙය සෑම කෙනෙක්ටම අවශ්‍යය වන්නේ නැහැ )
2. විනිශ්චය කරන්න එපා -
ඔබගේ හෝ අන් අයගේ හැඟීම් විනිශ්චය කිරීමට ඉක්මන් නොවන්න. විශේෂයෙන්ම ඍණාත්මක හැඟීම්. එම ඍණාත්මක හැඟීම් පසුපස හේතුවක් ඇති, ඒ හේතුව හදුනගන්න, එවිට ඍණාත්මක හැඟීම් නැති කොට ධනාත්මක හැගීම් අති කරගැනීමට පහසු වේවි,, ඒ වගෙම එවැනිම ඍණාත්මක හැඟීමක් නැවත එන විට එය මග හැර ගැනීමටත් පහසු වේවි.
3. වෙනත් අවස්ථාවන් සමග සසදන්න.
එනම් ඔබට මේ මොහොතේ ඇතිවන හැගීම පෙර අතිවී ඇත්ද?, පෙර මම එයට ක්‍රියා කරේ කෙසේදැයි සිතන්න. එවිට ආවේගය වැනි දෙ නවතා ගත හැක. මෙය ටිකක් කල් කරගෙන යන විට ඔබට නොදනුවත්වම, ඔබට එන හැගීම් වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසෙදැයි මහන්සියක් නැතුවම දැනෙනු ඇත.
4. අභ්‍යන්තර ඉඟියන් ගැන තෙරැම් ගන්න..
මොනවද අප්පේ මේ අභ්‍යන්තර ඉඟියන්??? ඒ කියන්නෙ අපෙ ශරීරයෙන්ම අපිට දෙන ඉඟියන්..
උදාහරනයක් විදිහට - අපි රස්සාව කරන තැනට ආස නැත්නම්, උදේ රැකියවය යන විට, ඔලුවේ අමරුවක්, බඩේ අමරුවක් එන්න පුලුවන්, හෙට සදුදා නෙද කියල හිතනකොටම එහෙම වෙන්න පුලුවන්. ඒ අපි මනසින් අපි අකමැති හැගීමක් විදිහට හදාගෙන ඉන්න නිසා, අපි නොදැනුවත්වම අපේ ක්‍රියාත්මක වෙනවා.
5. සෑම දිනක්ම ප්‍රශ්නයකින් ආරම්භ කරන්න..
මොකද්ද ඒ හරුපෙ???? උදේම නැගිට්ට ගමන් "අද මට කොහොමද දැනෙන්නේ ?" කියන ප්‍රශ්නය අහගන්න, එ වගෙම දවස අතුලත විටින් විට මෙය කරන්න, ඔබටම තේරෙයි මොන වගෙ දෙවල් හින්දද මගේ දවස අවුල් වෙන්නෙ කියල.
ඒසෙනම් මෙය පුහුනු කර බලන්න. මේ විදිහට කරන්නට පුලුවන්නම් අපිට ජීවිතයෙ ගොඩාක් හැල හැප්පීම් වලදි පහසු විසදුම් සොයගන්න පුලුවන් වෙයි.
හිතනවා ප්‍රයොජනවත් වෙන්න ඇති කියලා.
ඔබට ජය.
ස්තූතියි..
Comment please..
ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ)
යමෙකු ඔබගෙන් " ඔබගේ බුද්ධි ඵලය (IQ - Intelligence quotient) කොපමනද? ඇසුවොත්, අඩුම තරමේ ඔවුන් අසන්නෙ කුමක්දැයි කියවත් අපි දන්නවා, නමුත් යමෙක් ඔබෙන් ඇසුවොත් ඔබගේ චිත්තවේගාත්මක ඵලය/ චිත්තවේගාත්මක බුද්ධිය (EQ - Emotional quotient/ Emotional Intelligence) කොපමනද කියා අප එයින් කියවෙන්නෙ කුමක්ද කියලවත් දන්නෙ නැත, අප සිතන එකම දේ නම්.. "මූට පිස්සු කෙහෙල්මලක් අහන්වා" කියයි.. එසේනම් අද අපි දැනගමු මේ මොකක්ද කියලා..
චිත්තවේගාත්මක ඵලය (EQ) යනු බුද්ධියේ තවත් පැතිකඩකි, 1995 වසරේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් විදියට බුද්ධි ඵලය (IQ) යනු බුද්ධියේ එකම පැතිකඩක් නොවන බවත්, බුද්ධියට මෙම චිත්තවේගාත්මක ඵලයද බලපාන බව සොයා ගත්තා.
මෙහිදී ඉතා ඉහල IQ මට්ටම් තිබුනද, පහල EQ මට්ටම් ඇති අයගේ ජීවිත සාර්තකත්වය අඩු බව සොයාගත්තා..
( මෙය ඇත්තෙන්ම සොයගන්නට දෙයක් නැහැ, මේ වචන වලින්ම නොවුනත් බුද්ධිය, දැනුම, ප්‍රඥාව (මොලය සහ හදවත ) පිලිබදව අප සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේ වසර 2500 කටත් පමන පෙර දේශනා කරල තියෙන්වා

) චිත්තවේගාත්මක ඵලය/ චිත්තවේගාත්මක බුද්ධිය (EQ - Emotional quotient/ Emotional Intelligence) යනු කුමක්ද?
කෙටියෙන්ම කියනවානම් ' අන් අය තේරුම් ගැනීමටත්, ඔවුන්ගේ අභිප්‍රායන් වගේම තමන්ගේ අභිප්‍රායන් තෙරුම් ගෙන වගේම, තමන්ගේ හැගීම් හසුරුව ගැනීමටත් ඇති හැකියාවයි.
චිත්තවේගාත්මක බුද්ධිය පිළිබඳ කදිම නිදසුනක් දෙන්නම්, හිතන්න රැකියවක් කරන පුද්ගලයින් 2 න්නෙක් කාර්යාලයේ ඉතා වෙහෙසකර දවසක් ගත කරලා ගෙදර යනවා, එක් අයෙක් අනෙක් කෙනාට වඩා ඉහළ EQ අගයක් ඇත. පහළ EQ අගය ඇති පුද්ගලයා ගෙදර ගොස් සිටින විට තම දරුවා අතින් හදිසියේම පිගානක් බිම වැටී බිදී ගියොට්,. මෙම පුද්ගලයා තම වැඩවලදී තිබූ මහන්සිය නිසාම කෝපයට පත්වී දරැවාට බැන වදිනවා, නමුත් ඉහළ EQ සහිත පුද්ගලයාට මෙම සිදුවීමම වුනේ නම්, ඔහු එය අත් වැරදීමක් බව වටහා ගනු ඇත. ඒ නිසා දරැවාට බැන වදින්නේ නැත.
EQ හි සංරචක 5 (5 components) කි.
1. තමා ගැන ඇති දැනුම/ ස්වයං දැනුවත්භාවයයි (Self-awareness)
2. ස්වයං-නියාමන. (Self-Regulation)
3. අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation)
4. සහකම්පනය. (Emapathy)
5. සමාජ කුසලතා (Social Skills)
1. තමා ගැන ඇති දැනුම/ ස්වයං දැනුවත්භාවයයි (Self-awareness)
ඔබට පෙනෙන පරිදි ඔබේ හැඟීම් දැකීමට සහ තේරුම් ගැනීමට ඔබට ඇති හැකියාව ඔබගේ ස්වයං දැනුවත්භාවයයි.
ඔබට ස්වයං දැනුවත්භාවය තවත් වර්ග දෙකකට බෙදිය හැකිය.
1. හැඟීම් දැනීම හෝ ඔබේම හැඟීම් හඳුනාගෙන ඒවායින් තමාට ඇති බලපෑම හදුනාගැනීම.
2. ඔබ ස්වයං විශ්වාසය (Self confidence) හෝ ඔබට ඇති හැකියාවන් සහ ඔබගේ ස්වයං-වටිනාකම (self-worth) පිළිබද ඇති විශ්වසනීයත්වය.
පුද්ගලයෙකුගෑ EQ හි ගැටලු ඇති විට, බොහෝවිට එය ස්වයං දැනුවත්භාවය පිලිබඳ ප්‍රශ්නයක් නිසා සිදු වන්නකි.
ස්වයං දැනුවත්භාවය පිලිබඳ ප්‍රශ්න දෙවිදිහකි -
1. ඔබට ඔබගේ හැගීම් හදුනාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්නට ඇති නොදනුවත්කම.
2. ඔබට අන්‍යන්ගේ හැගීම් හදුනාගැනීමට ඇති නොහැකියාව.
එම දෙවන ප්‍රශ්නය නිසා අනෙක් මිනිසුන් සමඟ එක්ව කටයුතු කිරීම අපහසු වේ.
2. ස්වයං-නියාමනය. (Self-Regulation)
ඔබේ ජීවිතයේ හැඟීම් ඇති වන විට ඔබට ඇත්තටම පාලනයක් නැත. කාටවත්ම නැත.
නමුත් හැඟීමක් කොතරම් වෙලා පවතිනවාද, තමන්ට එය කොච්චර තදට දැනෙනවාද, කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ වගේ දේවල් පාලනය කරන්න අපිට පුලුවන්.
මෙය කිරීමට ඇති හැකියාව ස්වයං-නියාමනය (Self-Regulation) නම් වේ.. නමුත් මේ සදහා තමා ගැන ඇති දැනුම/ ස්වයං දැනුවත්භාවය (Self - awareness) තිබිය යුතුයි.
ස්වයං-නියාමනය (Self-Regulation) පහත සදහන් කරුනු අන්තර්ගත වෙනවා...
1. ස්වයං පාලනයක් (Self control) තුලින් ආවේග පාලනය.
2. අවංකකම/ අවංකභාවයේ ප්‍රමිතිය.
3. තමන්ගේ ක්‍රීයවන් වල වගකීම බාර ගැනීම.
4. නම්‍යශීලී බව.
5. නව අදහස් සඳහා විවෘත වීම
ස්වයං-නියාමනය (Self-Regulation) වර්ධනය කරගැනීමට - භාවනාව, ලේඛන කලාව, සොබාදහම විදීම වගෙ දේ උපකාරී වේ.
3. අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation)
අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation) සහ හැගීම් (Emotion) අතර අති සම්භන්දය කුමක්ද??
අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation) යනු ඔබට ඉලක්ක කරා ගමන් කිරීමට අවශ්‍යය දේ කිරීමට ඔබව තල්ලු කරන බලවේගයයි.
හැගීම් (Emotion) යනු ඔබගේ වටපිටාව සහ අවස්තාව අනුව පවතින ඔබේ මානසික මට්ටමයි.
අප ජීවිතයේ විටින් විට අපට ඍණාත්මක හැගීම් ඇතිවෙන්වා, නමුත් අභිප්‍රේරණය/ අභිප්‍රායනය (Motivation) මගින් මෙම ඍණාත්මක හැගීම්, ධනාත්මක අතට හරවගන්න පුලුවන්.
මෙයට පහත කියවෙන කරුනුද උපකාරී වෙන්වා.
* කිසියම් මට්ටමක විශිෂ්ඨත්වයක් කරා යාමට ඇති දැඩි ආශාව.
* ඔබ හෝ ඔබ ඇතුලත් කණ්ඩායමක ඇති ඉලක්ක කරා යාමට ඇති කැපවීම.
* ආරම්භයක් ගැනීමට/ මුල් පිරීමට ඇති හැකියව සහ, අවස්තාවට අනුව ක්‍රියා කිරීමේ හැකියාව.
* පසුබෑම් නොතකා ඔබේ අරමුණු කරා යාම.
4. සහකම්පනය. (Emapathy)
සහකම්පනය (Empathy) යනු අන් අයට හැඟෙන්නේ කෙසේද යන්න හඳුනා ගැනීමයි. වෙනත් විදිහකින් කියනවානම්, තමන් වෙනත් පුද්ගලයකුගේ තැන සිටියානම් තමන්ට කෙසේ දැනෙයිද, ඒ ආකාරයටම ඒ පුද්ගලයටත් දැනෙනව කියන දේ තේරුම් ගැනීම.
සහකම්පනය (Empathy) තිබෙන්න නම් පුද්ගලයාට ස්වයං-නියාමනයක්.(Self awarness) තිබිය යුතුය, අනුන් ගැන තේරුම් ගැනීමට පෙර තමන් ගැන තෙරුම් ගෙන ඉන්න ඕනෙනේ.
මේ සදහා ඔබට, අන් අයගෙ අවශ්‍යතා හදුනා ගැනිමටත්, එම අවශ්‍යතා පසුපස ඇති අභිප්‍රායත් හදුන ගැනීමට හැකි විය යුතුය.
5. සමාජ කුසලතා (Social Skills)
අන් අය සමග කටයුතු කිරීමට තිබෙන හැකියාවයි. සමාජ කුසලතා(Social Skills) වර්ධනය කරගන්නට විවිධ ක්‍රම ඇත, ඉන් කිහිපයක් නම්.
> පැහැදිලිව සහ ප්‍රයෝජනවත් සන්නිවේදනය
> ගැටුම් කළමනාකරණය සහ එකඟ නොවීම් විසඳීමේ හැකියාව.
> සම්බන්ධතාවක් ගොඩනැගීම
> පොදු අරමුණු වෙනුවෙන් අන් අය සමඟ වැඩ කිරීම.
දැන් ඔබට අදහසක් තිබෙනවා මොකක්ද චිත්තවේගාත්මක ඵලය/ චිත්තවේගාත්මක බුද්ධිය (EQ) කියන්නේ කියලා.
එහෙනම් ඔබට හිතාගන්න පුලුවන් තමන් කොයි මට්ටමේද ඉන්නෙ කියලා,
අපි දැන් කෙටියෙන් බලමු කොහොමද අපේ චිත්තවේගාත්මක ඵලය/ චිත්තවේගාත්මක බුද්ධිය (EQ) වැඩි කරගන්නේ කියලා...
1. වෘත්තිකයෙකු සමඟ වැඩ කරන්න- මානසික වෛද්‍යවරයෙකු සමග හෝ ඔබට උපදෙස් දිය හැකි අයෙක් සමග.(නමුත් මෙය සෑම කෙනෙක්ටම අවශ්‍යය වන්නේ නැහැ )
2. විනිශ්චය කරන්න එපා -
ඔබගේ හෝ අන් අයගේ හැඟීම් විනිශ්චය කිරීමට ඉක්මන් නොවන්න. විශේෂයෙන්ම ඍණාත්මක හැඟීම්. එම ඍණාත්මක හැඟීම් පසුපස හේතුවක් ඇති, ඒ හේතුව හදුනගන්න, එවිට ඍණාත්මක හැඟීම් නැති කොට ධනාත්මක හැගීම් අති කරගැනීමට පහසු වේවි,, ඒ වගෙම එවැනිම ඍණාත්මක හැඟීමක් නැවත එන විට එය මග හැර ගැනීමටත් පහසු වේවි.
3. වෙනත් අවස්ථාවන් සමග සසදන්න.
එනම් ඔබට මේ මොහොතේ ඇතිවන හැගීම පෙර අතිවී ඇත්ද?, පෙර මම එයට ක්‍රියා කරේ කෙසේදැයි සිතන්න. එවිට ආවේගය වැනි දෙ නවතා ගත හැක. මෙය ටිකක් කල් කරගෙන යන විට ඔබට නොදනුවත්වම, ඔබට එන හැගීම් වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසෙදැයි මහන්සියක් නැතුවම දැනෙනු ඇත.
4. අභ්‍යන්තර ඉඟියන් ගැන තෙරැම් ගන්න..
මොනවද අප්පේ මේ අභ්‍යන්තර ඉඟියන්??? ඒ කියන්නෙ අපෙ ශරීරයෙන්ම අපිට දෙන ඉඟියන්..
උදාහරනයක් විදිහට - අපි රස්සාව කරන තැනට ආස නැත්නම්, උදේ රැකියවය යන විට, ඔලුවේ අමරුවක්, බඩේ අමරුවක් එන්න පුලුවන්, හෙට සදුදා නෙද කියල හිතනකොටම එහෙම වෙන්න පුලුවන්. ඒ අපි මනසින් අපි අකමැති හැගීමක් විදිහට හදාගෙන ඉන්න නිසා, අපි නොදැනුවත්වම අපේ ක්‍රියාත්මක වෙනවා.
5. සෑම දිනක්ම ප්‍රශ්නයකින් ආරම්භ කරන්න..
මොකද්ද ඒ හරුපෙ???? උදේම නැගිට්ට ගමන් "අද මට කොහොමද දැනෙන්නේ ?" කියන ප්‍රශ්නය අහගන්න, එ වගෙම දවස අතුලත විටින් විට මෙය කරන්න, ඔබටම තේරෙයි මොන වගෙ දෙවල් හින්දද මගේ දවස අවුල් වෙන්නෙ කියල.
ඒසෙනම් මෙය පුහුනු කර බලන්න. මේ විදිහට කරන්නට පුලුවන්නම් අපිට ජීවිතයෙ ගොඩාක් හැල හැප්පීම් වලදි පහසු විසදුම් සොයගන්න පුලුවන් වෙයි.
හිතනවා ප්‍රයොජනවත් වෙන්න ඇති කියලා.
ඔබට ජය.
ස්තූතියි..
Comment please..
මගේ පෙර දැමූ නූල් (My Previous threads)
Last edited: