මම මීට කලින් නීතිය සම්භන්දයෙන් දාපු ත්රෙඩ් වලට ගොඩාක් හොද ප්රතිචාර ලැබුන.එව්වගෙ ලින්ක් මේ ත්රෙඩ් එක පහලින් ඇති.
අද මම කතා කරන්නේ Foreign LL.B ගැන.
මුලින්ම අපි බලන්න ඔනේ කරුණු දෙකක් තියෙනවා.
1. ලංකාවේ Foreign LL.B දෙන පිලිගත් Private ආයතන මොනවද ?
2.පිටරට Foreign LL.B දෙන පිලිගත් ආයතන මොනවද ?
ලංකාවෙදි අපිට Foreign LL.B එකක එකක් කරන්න පුලුවන් බොහොම පහසුවෙන්.ඒකට සාමන්යයෙන් ලක්ශ 12ත් 18ත් අතර මුදලක් යනව.හැබැයි සමහර Private ආයතන වල දෙන Bsc,BA වගෙ උපාදි වලට වඩා මේ LL.B degree මුදල ගොඩාක් අඩුයි.
1. University of London International Programmes
මේ Degree එක අනිකුත් LL.B අතර ගොඩක් ඉහලින්ම වගේම Foreign LL.B අතරිනුත් ඉහලින්ම තියෙන එකක්. මේකට ලංකාවේ වැයවෙන මුදල වෙන්නේ මිලියන 1.3 යි.ඒ කියන්නෙ ලක්ශ 13 යි.
මේ එක දෙන ආයතන කීපයක් ම ලංකාවේ තියෙනව.
CfPS Law School
Horizon Campus-HCBT
Royal Institute of Colombo
2. LLB (Hons) Law Staffordshire University UK
මේ Degree එකත් ඔයාට ලංකාවෙදි කර ගන්න පුලුවන්.මේකට සාමාන්යයෙන් ලක්ශ 18 කට කිට්ටු මුදලක් යනව කියල තමා ආරන්චි. දැන් වෙනස් වෙලාද කියන්න දන්නෙත් නැහැ.මේක දෙන එකම එක ආයතනයයි ලංකාවටම තියෙන්නේ. ඒ APIIT Law School
3. University of Wolverhampton LL.B top up degree
මේ degree එක ගැන කතා කලොත් දෙවසරක HND එකකුයි 1 year top up degree අවසන් වසරයි කියන කෑලි දෙකම අදාල කරල හදපු එකක්.ඒ කියන්නේ ඔයාට degree එක ඔනේ නැත්තන් HND එකෙනුත් නවතින්න පුලුවන්.මේකට ලංකාවේ තියෙන්නේ එකම එක ආයතනයයි.ඒ තමයි British College of Applied Studies BCAS CAMPUS කියන එක.
ඊලගට අපි බලමු LL.B ගන්න පුලුවන් පිටරට University මොනවද තියෙන්නේ කියලා.එහෙමත් නැත්තං එක පිටරට ගිහින් degree කරන්න හිතන් ඉන්නව නම් ඒ අයට මේක ගොඩක් වැදගත් වෙයි.
එංගලන්තය
එංගලන්තයේ තියෙන බොහොමයක් University වල LL.B එක Sri Lanka Law College එක පිලිගන්නවා.මේ අතරිනුත්
University of Cambridge -
Faculty of Law, University of Oxford
London School of Economics and Political Science
කියන ආයතන ප්රධානයි.
ඊට අමතර ව මේ ආයතනත්
Goldsmiths, University of London
King's College London
University of Westminster, London
University of Leeds
එංගලන්තය තුල තියෙන තවත් බොහොමය්ක් ආයතන වල degree එක කරලා නීති විද්යාලය ට ඇතුලත් වෙන්න පුලුවන්.
මෙතනදී කියන්න ඔනේ වැදගත්ම දේ වෙන්නේ මේ ආයතන වල ගාන නම් හැම එකක ම වගේ ගොඩක් සැරයි.
කැනඩාව
University of Toronto Faculty of Law
Peter A. Allard School of Law
නවසීලන්තය
University of Auckland Law School
Faculty of Law, University of Waikato, Hamilton
Faculty of Law, Victoria University of Wellington
School of Law, University of Canterbury, Christchurch
ඔස්ට්රේලියාව
Australian Catholic University
Australian National University
Central Queensland University
Charles Darwin University
Charles Sturt University
Curtin University
නිති අසන පැන FAQ
ඇමරිකාවේ LL.B කරන්න බැරි ඇයි ?
පුලුවන් ද ?
දන්න කෙනෙක් ඉන්නව නම් මටත් කියන්න.ඇමරිකාවේ තියෙන රටවල නීති අධ්යාපනය පොදු රාජ්ය මණ්ඩලීය රටවල නීති අධ්යාපනය ට වඩා ටිකක් වෙනස්.ගොඩක් වෙලාවටLL.B වෙනුවට J.D කියල එකක් තම්යි තියෙන්නේ.හැබැයි Postgraduate එකට LL.M කරන්න පුලුවන්.LL.M එකක් තියෙනව නම් නීති විද්යාලේ පිලිගැනීමත් හොදයි නේ.
මේ ආයතන වල ප්රමිතිය ගැන අවසාන වශයෙන් කුමක් කිව හැකිද ?
මම මුලින්ම කියන්න ඔනේ මම මේ Foreign LL.B ආයතන කිසිම එකකට අදාල කෙනෙක් නෙමෙයි.ඉතින් මේ සම්බන්දයෙන් මගේ නම් තියෙන්නේ විවුර්ථ මතයක්.මේ ආයතන ගැන මේ ත්රෙඩ් එක බලලා කෙනෙක් උනන්දුවක් දක්වනව නම් එයලාට මතක් කරල දෙන්න ඔනේ පලවෙනිම දේ තමයි ලංකාව ඇතුලේ දෙන Foreign LL.B සම්භන්දව Sri Lanka Law College එකේ දැක්ම මෙතුවක් කාලෙකට හොද එකක් නෙමෙයි.මේ කියන්නේ පිටරට ගිහින් LL.B එකක් කරගෙන එන එක නෙමෙයි ලංකාව තුලදීම LL.B එක කිරීම ගැනයි.University of London ඇරුනහම අනෙකුත් බොහොමයක් ආයතන තමන්ගේ ප්රමිතිය සම්භන්දයෙන් Sri Lanka Law College එකට පැහැදීමක් ලබාදීලා නෑ.
මේකට මූලිකම හේතුව මේ ආයතන සිසුන් සමත් කරද්දි ඒක කරන ක්රමවේදය. University of London එකේදි නම් එයාල British Council එක හරහා EXAM තියලා Papers සියල්ලම London වලට යවනවා.Papers බලන්නේ එහෙ Tutars ලා.ඉතින් මේ ක්රමවේදය ඇත්තටම ප්රශස්තයි. Colombo University හරි Open University හරිJafna University වගේ ඉතාම ඉහල ප්රමිතියක් නැති උනත් මේ ක්රමවේදය තුල සදාරණයක් තියෙනවා
මම නම් Foreign LL.B එකක් ලංකාවේ කරන්න ඉන්න කෙනෙක් ට නිර්දේශ කරන්නේ University of London එහෙමත් නැත්නම් London LL.B කියන එක විතරයි.ගානත් බොහොම සාදාරණයි අනිත් ආයතනත් එක්ක බලනකොට.
කලින් ලියපු ලිපි
How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?
Part Time Law - Learning the Law Part II
Last edited:


