අධර්මිෂ්ඨ වූ “ධර්මිෂ්ඨ පාලනය” හා විධායක ජනාධිපති ක්රමය

Magadhanandha Kanthabahu

Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    https://www.elakiri.com/threads/පළමු-මහ-මැතිවරණය.1938920/

    https://www.elakiri.com/threads/පණස්-හයේ-පෙරළිය.1938923/

    https://www.elakiri.com/threads/1970-සමගි-පෙරමුණ-ප්රගතිශීලී-ආණ්ඩුව.1938925/



    1977 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 140 ක්, එනම් 5/6 ක බලයක් දිනා ගත්තේ 50.92% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ 29.72% ඡන්ද ප්‍රතිශතයක් සමග ආසන 8 ක් හිමි වුණා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18 ක් හිමි කර ගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස බලය අත්පත් කර ගත්තේ 6.75% ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්. සමසමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ යන පක්ෂ සෝදා පාළුවට ලක් වී තිබුණේ නැවත හිස ඔසවන්නට නොහැකි වන ලෙසටයි.



    1977 මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බවට ජේ.ආර්. ජයවර්ධන පත් වූ අතර ඉන්පසු ජාතික ව්‍යාවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළා. ධර්මිෂඨ සමාජයක් ගෙන එන බවට සපථ කොට බලයට පැමිණි ජේ.ආර්. රට අධර්මිෂ්ඨ භූමියක් බවට පරිවර්තනය කළා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපතිධුරය හඳුන්වා දී අසීමිත බලයක් ගොඩනගා ගත්තා. ලංකාවේ මුල් ම විධායක ඡනාධිපති වු ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත් පමණයි යන්නයි". එම ප්‍රකාශය තුළින් විධායක ජනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වුණා..



    1977 එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයෙන් පසු 1983 පාර්ලිමේන්තු මැතිවරණය අහෝසි කර, 1977 පාර්ලිමේන්තුව, 1989 තෙක් දීර්ඝ කිරීමේ ප්‍රෝඩාකාරී ජනමත විචාරණ ඡන්ද විමසීමක් පැවැත්වූවා. යුද්ධයෙන් උතුරේ ප්‍රදේශ බොහොමයක් එල්.ටී.ටී.ඊ. තුස්තවාදීන් අත්පත් කර ගනිද්දී ජයවර්ධන හා රජිව් ගාන්ධි අතර ඇති වූ ඉන්දු ශ්‍රි ලංකා ගිවිසුමෙන් ඉන්දියානු සාම සාධක හමුදාව උතුරේ රඳවා දෙමළ පාලන ප්‍රදේශවල බලය ඔවුනට පැවරුවා . මෙම ගිවිසුමට එල්.ටී.ටී.ය එකඟ නොවූ අතර සිංහල ජාතිකයින් විදේශ හමුදා මෙහි රැදී සිටිනවාට කැමති වූයේ නැහැ .ඒ අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් ආයුධ සන්නද්ධ කැරැල්ලක් නිර්මාණය කළ අතර ජේ.ආර්. ජයවර්ධන 1989 වර්ෂයේ දී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා.
     

    Similar threads