IT MSc එකක් කරමු

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    IT MSc එකක් කරමු

    ලන්කාවේ ඉඳන් IT MSc එකක් කරන්න බලාගෙන ඉන්න අය ඔනේ තරම් ඉන්නවා. සමහර අය මේ ගැන හරියට දන්නේ නැතුව බාල MSc or Institute එකක් තෝරාගෙන අමාරුවෙ වැටෙනවා. ඉතින් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික නිරපරාදේ නාස්ති නොවෙන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මග ඇරෙන්න පුලුවන් ඒවා ඇති. දන්න එවුන් එකතු කරපල්ලා. ආ තව එකක්. අර polwattacom සහෝ කිව්වා වගේ එලකිරිය ගුණාත්මක කරන්න කස්ටිය එකතු වෙලා වැඩ කරමු. මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා. ඒක නිසා අසභ්‍ය වචන වලින් වැලකී ඉමු. අයෙත් කියන්න ඔනේ.. මෙතන මම කතා කරන්නේ IT සහ IT වලට සම්බන්ධ MSc ගැන පමනයි. බිස්නස් MBA , MBS ගැන වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම්.

    MSc එකක් තොරා ගන්න කොට සලකා බලන්න ඔනේ කරුණු කීපයක් තියනවා. අපි ඒවා ගැන කතා කරලා ඉමු ඉස්සරලම.​

    1. ෆීල්ඩ් එක එහෙමත් නැත්නම් විශේෂ වෙන ඒරියා ( Specialization Area) එක.

    IT Msc කිව්වට මේවගේ විවිද විශේෂ වෙන ඒරියා (Specializations) තියනවා. උදාහරණයක් විදියට පහළ ඒවා බලන්න.

    MSc in IT - Specialization in Cyber Security
    Msc in IT - Specialization in Software Engineering
    MSc in IT - Specialization in Project Managemet

    මෙන්න මේ වගේ. ඉතින් තමන්ට ගැලපෙන සහ ආස Specialization එකක් තෝරාගන්න අමතක කරන්න එපා.

    2. MSc පිරිණමන විශ්ව විද්‍යාලය නැත්නම් ආයතනය ( University or Awarding Institute)

    මෙන්න මේක නම් ගොඩක් වැදගත්. තම්න් කරන එකට වටිනාකමක් ලැබෙන්න නම් ඒ එක පිරිණමන යුනිවර්සිටි එකේ රෑන්කින් (University Rank) හොඳ වෙන්න ඔනේ. දැන් මෙතනදි කාරණා දෙකක් වැදගත් වෙනවා. ඒවා තමයි ලෝකල් යුනිවර්සිටීස් (Local Universities - Ex UCSC, Moratuwa, Kelaniya) වලින් පිරිණමන MSc සහ ෆොරීන් යුනිවර්සිටීස් ( Foreign Universities - ex - Curtin , SHU, KEELE) වලින් පිරිණමන MSc. ගැන සලකා බලන එක. මේව ලන්කාවේ කරනවනම් වගේ පිලිගත් ආයතනයක කරන්න. (SLIIT, APPIT, NIBM) මොකක් උනත් රෑන්ක් එක බලන එක ඇඟට ගුනයි. මේකෙදිත් කොමන්වෙල්ත් යුනිවර්සිටි රාන්ක් එක සහ වර්ල්ඩ් රෑන්ක් එක කියලා දෙකක් තියනවා. ගූගල් සරණ පතන්න. ලේසියෙන් හොයාගන්න පුලුවන්.

    3. MSc එකේ කාල සීමාව.

    සමහර ඒවා ෆාස්ට් ට්‍රැක් එක්ස්ප්‍රස් කිය කියා තියනවා. ඒවට අහුවෙන්න එපා. MSc එකට වටිනාකමක් ලැබෙන්න අවුරුදු 1.5 - 2 දක්වා කාලයක් තියන එකක් තෝරාගන්න.

    4. වැයවෙන මුදල.

    Local University එකක කරනවානම් මිල සාපේක්ෂව අඩුයි. සාමාන්‍යයෙන් ලක්ෂ 3 ත් - 5 ත් අතර ගානකට කරන්න පුලුවන්. Foreign University එකක කරනවනම් ඒකේ ගාන හැදෙන්නේ ඒ ෆොරීන් යුනි. එකේ ගානයි මෙහේ ආයතනයේ ගානයි දෙකම එකතු වෙලා. කොහොම උනත් ලන්කාවෙදි ලක්ෂ 5 ත් 20 ත් අතර ගානකට කරන්න පුලුවන්.

    හරි. දැන් බලමු ලන්කාවේ කරන්න පුලුවන් හොඳ IT MSc කීපයක්. විශේෂයෙන් කියන්න ඔනේ මම කාටවත් කඩේ යන්න මේක දැම්මේ නෑ. මේවා දැම්ම කියලා මට කවුරුවත් ගෙවන්නෙන්ත් නෑ.

    Local Degrees Approved by UGC

    UCSC

    Master Of Computer Science (MCS)
    Master Of Information Technology (MIT)
    Master of Science in Information Security (MIS)


    http://www.ucsc.cmb.ac.lk/node/62

    SLIIT

    MSc in Information Technology
    MSc in Information Technology (Specialization in Cyber Security)
    MSc in Information Management
    MSc in Information Systems

    http://fgs.sliit.lk/courses/

    Moratuwa

    Master of Science in Computer Science
    Master of Business Administration in Information Technology
    Master of Business Administration in e-Governance[/COLOR]

    http://www.mrt.ac.lk/web/content/msc-pg-diploma-computer-science


    Kelaniya

    M. Sc. in Computer Science
    M. Sc. in Management and Information Technology

    http://www.kln.ac.lk/fgs/index.php/masters-programmes

    Peradeniya

    M.Sc. in Computer Science

    http://www.pdn.ac.lk/sci/scs/postGdCourse.htm


    Foreign Degrees

    SLIIT

    MSc in Enterprise Applications Development - Sheffield Hallam University UK

    http://fgs.sliit.lk/postgraduates/master-of-science-in-enterprise-application-development

    APPIT

    MSc Computer Science -Staffordshire University රැන්ක් එකනම් ටිකක් :no:

    http://www.apiit.lk/images/pdf/MSc-Com.pdf

    ICBT

    MSc in Information Technology - Cardiff Metropolitan University (UK) රැන්ක් එකනම් ටිකක් :no::no:
    http://www.icbtcampus.edu.lk/post_programs.php


    IIT

    MSc ADVANCED SOFTWARE ENGINEERING
    http://www.iit.ac.lk/courses/post-graduate/msc-advanced-software-engineering.aspx

    තව හොඳ ඒවා ඇති. ඔක්කොම දාන්න බෑ . උඹලා එකතු කරපල්ලා. ප්‍රශ්ණයක් තියනවානම් කොමෙන්ටුවක් දපල්ලා. අර අසහන ත්‍රෙඩ් වලට බම්ප් දානවා වගේ මේකතත් බම්බියක් දාපල්ලා අනික් එව්න්ටත් බලන්න. එහෙනම් අපි ගියා.

    මේටික දාන්න අමතක උනා. එකක් කරන ඔනේ සුදුසුකම් මොනවද කියන එක. ස්තුතියි Mozilla bro මේ ගැන මතක් කලාට.

    ගොඩක් MSc වලට 4 year IT Degree එකක් ඔනේ 1st class or 2nd upper කාණ්ඩයේ ප්‍රතිපලයක් සමග

    නැත්නම් 3 year IT Degree එකක් ඔනේ 1st class කාණ්ඩයේ ප්‍රතිපලයක් සමග සහ අවුරුද්දක work experience එක්ක

    එහෙමත් නැත්නම් 3 year IT Degree එකක් ඔනේ අවුරුදු 2ක work experience එක්ක

    සමහර ඒවට පිලිගත් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධයිනම් පුලුවන්


    IS , IM වගේ වලට IT ඩිගිරී එකක් ඕනෙම නෑ. බිස්නස් ඩිගිර්‍ර එකකිනුත් පුලුවන්

    මොනව උනත් Recommendation letters ඉතාම වැදගත් වෙනවා. ඔබව සිලෙක්ට් වෙන නොවෙන එක තීරණය වෙන බලවත් සාධකයක් තමයි Recommendation කියන්නේ.
    __________________________________________________________________________________________________________________________________

    Jolly_Roger සහෝදරයගේ ඉල්ලීම පරිදි රෙකමන්ඩ් ලෙටර්ස් ගැන පොඩි විස්තරයක් දාන්නම්. රෙකම්න්ඩ් ලෙටර් එකක් කියලා කියන්නේ ඔබ ගැන පිලිගත් කෙනෙක් දෙන සහතිකයක්. ගොඩක් වෙලාවට උඹලා MSc කරන්න යන යුනිවර්සිටි එකෙන් රෙකම්න්ඩ් ලෙටර් ආකෘතියක් :oo::oo::baffled::baffled: : මගෙ මොකක්? ටෙම්ප්ලෙට් එකක් බන් :P:P:rofl: දෙනවා. මේ තියෙන්නේ ඔය වගේ එකක්.

    ONyiyiO.jpg


    AAIaTcn.jpg



    මේ ලෙටර් එක ගිහින් දෙන්න ඔනේ තමන්ව හොඳටම දන්න සමාජයේ පිලිගත්ත දෙන්නෙකුට. මෙහෙම කිව්වට ඔය දේශපාලුවෙකුට එහෙම දෙනවා නෙවෙයි උස්සන් ගිහින්. :angry::angry: ඕක දෙන්න ඔනේ හොඳ අධ්‍යාපනික පසුබිමක් තියන උගත් කෙනෙකුට. මේ මං වගේ :rolleyes::rolleyes: :P :yes::yes:එත්කොට ඒ කෙනා ඕක පුරවලා සීල් තියල දෙනවා. උඹලා කඩලා බලන්න එහෙම යන්නේ නෑ. :no::no: කැත වැඩ. :frown::frown: මතක තියාගන්න ගොඩක් ආයතන වලින් මේ අයට කතා කරලා අහනවා.:yes: ඉතින් දන්නේ නැති කෙනෙකුට දෙන්න එපා.:rolleyes::rolleyes:
    තේරුනා කියලා හිතනවා.

    __________________________________________________________________________________________________________________________
    මාගේ අනිත් නූල් කීපයක්

    එලකිරි ෆෝන් බයින් ගයිඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1672987

    ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1673972

    කොරියන්ගේ G4 භාණ්ඩේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1675353

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට
    http://www.elakiri.com/forum/showthread.php?t=1670572

    Zombi කැ* ෆන්ගයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1676155

    අනන්තය ලඟ….
    http://www.elakiri.com/forum/showthread.php?t=1676205

    My SAMSUNG S6 EDGE
    http://www.elakiri.com/forum/showthread.php?t=1677400
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    bcs graduate diploma ekata msc karanna puluwan neda???

    ඔවු. පුලුවන්.:yes::yes: හැබැයි ඒ එකට ඔනේ පොයින්ට්ස් ගාන මැච් වෙන්න ඕනේ. මෙන්න මේකේ තියනවා ඔය ලෙවල් සහ පොයින්ට් ගැන විස්තර


    http://www.bcs.org/upload/pdf/hea-guidelinesfull-2012_1.pdf