Hedena Rata - හැදෙන රට

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාලකින් එළකිරි එකට අලුත් ලිපියක් අරගෙන එන්න කියල හිටියේ.ඒත් ඉතින් රැකියාවේ සහ අධ්‍යාපනික කටයුතු නිසා අවිවේකී තත්වයක් උද්ගත වෙලා තිබීම කණගාටුවට කරුණක් උනා.ඒත් අද සුවිශේෂී දවසක් මට එළකිරි එකේ ඒ පෝස්ට් 77 000ක් පළකිරීමේ සතුටයි.ඒ වෙනුවෙන් අද නිවාඩු දවසේ මේ ලිපිය ලියන්න කල්පනා කලා
    _____________________________________________

    මතකද මම කලිනුත් ගෙනාවා කොළඹ - කටුනායක අදිවේගී මර්ගය ඉදිවෙන විදිය.[පළමු කොටස | දෙවන කොටස | තෙවන කොටස ]මේ වෙනකොට මාර්ගයේ වැඩ කටයුතු අවසාන අදියරට පැමිණෙමින් තිබෙනවා.පහලින් පුළුවන් අලුත්ම නිමාව ඔයාලට දැකගන්න

    260sym0.jpg


    මේ වෙනකොට මාර්ගයේ 75% පමණ මූලික වැඩ අවසන් කරල තියෙන්නෙ.කටුනායක ගුවන් තොටුපල වෙන තෙක්ම වේ වෙනකොට ඉදිකිරීම් ලහි ලහියේ සිදු වෙමින් පවතිනවා.2013 අප්‍රේල් මාසය වන කොට මාර්ගයේ සියලුම ඉදිකිරීම් කටයුතු අවසන් කරල භාරදීමට නියෝග කරලයි දැන් තියෙන්නෙ.

    599361_413743048662424_640565673_n.jpg


    මේ තියෙන්නෙ අලුත්ම තත්වය මාර්ගයේ.පළමු කොන්ක්‍රීට් වැස්ම යෙදීමෙන් පසු සහ තාර එළීමෙන් පසු පෙනෙන අකාරයයි.ඔය මැද කානුවක් වැනි ස්ථානයෙන් මන්තීරු වෙන් කෙරෙනවා.ප්‍රධාන මන්තීරු දෙකක් වන අතර ප්‍රධාන එක් මන්තීරුවක අනු මන්තීරු දෙකක් වේ.

    217906_413743275329068_1728588613_n.jpg


    මෙහි කොන්ක්‍රීට් යොදනු ලබන්නෙ ප්‍රදේශයෙන් ප්‍රදේශයටය.එක් ප්‍රදේශයක මේ අකාරයෙන් සකස් කිරීමෙන්.ඒවා ශක්තිමත් වෙන තෙක් වෙනත් ප්‍රදේශයක මෙලෙස ඉදිකිරීම් සිදු වෙයි.

    539091_413743501995712_1166782827_n.jpg


    මේ පින්තූරයෙන් ඔයාලට යොදන ලද කොන්ක්‍රීට් වැස්මේ ඝනකම නිර්න‍ය කරගත හැකිය.ස්ථර දෙකක් ලෙස යොදන ලද මෙය.විශේෂ ආනයනික සිමෙන්ති වර්ගයක් මගින් කරන ලද්දක් යැකි කියවෙනවා.පළමු ස්ථරය තැඹිලි වර්ණයෙන්ද දෙවන ස්ථරය කළු වර්ණයෙන්ද පෙන්නුම් කරයි.

    539111_413743788662350_1071954721_n.jpg


    මේ කොන්ක්‍රීට් කණු ගෙනල්ල තියෙන්නෙ මාර්ගය දෙපස සවි කිරීමට ඒ සදහා තමයි ඉහළින් දැක්වෙන පින්තූරයේ කොන්ක්‍රීට් ස්ථර වලින් නිදහස් ප්‍රදේශයක් තියෙන්නෙ.

    599701_413743958662333_1308858097_n.jpg


    මේ තියෙන්නෙ මාර්ගය දෙපස එළිපෙහෙළි කෙරෙමින් පවතින අකාරයයි.මේ එළි පෙහෙළි කෙරීම නිසා මේ ප්‍රදේශය ආශ්‍රිතව කාලයක් තිස්සේ කෙරීගෙන ගිය නිහඩ වෙළදාම් සහ නිෂ්පාදන ක්‍රියාවලියට බධා වෙලා.ඒ ගැන නම් ඉතින් මෙහෙ මිනිස්සු හරිම නොරිස්සුමෙන් ඉන්නෙ.දැන් අහන්න එපා මොනාද මේ කැළෑවෙ අස්සෙ කෙරෙන ව්‍යාපාර කටයුතු කියල.

    283616_413744125328983_1634910246_n.jpg


    පේනව නේද දූවිලි වාහන යනකොට.හරිම අසීරුයි මේ දවස් වල මේ ආසන්නයේ ගෙවල් වල හරියට දූවිලි කරදර වගේම බර වාහන ගමනා ගමනය නිසා කෘතිම භූමිකම්පා ඇතිවෙනවලු.

    549540_413744365328959_1071651323_n.jpg


    පේනවනෙ හැදෙන හැටි
    ආශ්චර්යට පෙර ගමන් කිරීමට
    සැදෙන මුව දොර

    378194_413744518662277_1920767378_n.jpg


    මේ ඉස්සරහින් පේන්නෙ කෙරවලපිටිය සහ මහබාගේ නගරය යා කරමින් අදිවේගී මාර්ගය හරහා උඩින් ඉදිවෙමින් තිබෙන මාර්ගයයි.මෙම පාලම් ඉදිකිරීම කාලයකට ඉහත නවතා දමා තිබුණ ඒවයෙ ප්‍රමිති පිළිබධ තිබූ ප්‍රශ්නයක් නිසා.


    165964_413744718662257_270061257_n.jpg


    මෙමගින් ඒ නවතා දමා තිබෙන කොටස් දැක ගත හැකිය.දැන් නම් ප්‍රශ්න අහවර වී ඉදිකිරීම වෙනවා.මේ කළු ඉරි වලින් සටහන් කර තිබෙන්නෙ ඒ ඉදිවෙන්නට තිබෙන අකාරයයි.

    165941_413745138662215_1447044569_n.jpg


    කඩින් කඩ වන ඉදිකිරීම්

    488117_413746021995460_1512646201_n.jpg


    මුහුදු වැලි වලින් ගොඩ කරන ලද ප්‍රදේශය දිස් වන අකාරයයි.කොහොමද උස.

    315458_413747971995265_1300828532_n.jpg


    මේ දිස් වෙන්නෙ අදිවේගී මාර්ගය හරහා දිවෙන භූගත කාණු පද්දතියයි.මේ හරහා පුදුගලයින්ට උවද පහසුවෙන් ගමන් කළ හැකි අකාරයට සකස් කර තිබේ.

    376847_413747175328678_517512715_n.jpg


    මේ එහි ඇතුළත දර්ශනයක්


    488064_413747615328634_1516262065_n.jpg


    මේ පැත්තෙ වාසය කරන තරුණ පිරිසට නිවාඩුවකට ඔය මදුවිතින් සප්පායම් වෙන්න ජොලියක් දාන්න මරු පාරාදීසයක් බවට පත් වෙලා.රෑ වෙනකොට කාටවත් පෙන්නෙත් නෑ නේ.අනික කවුද අකමැති පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ ශොට් එකක් දාන්න සෙට් වෙන්න
    .

    487361_413747481995314_2030938225_n.jpg


    මේ වතුර වලට වැටුනොත් නොමැරී බේරෙනව බොරු
    අඩි 12කට වඩා ගුඹුරක් තියෙනව කියලයි කියන්නෙ.

    555613_413748248661904_1580370487_n.jpg


    මේ කොළඹ දෙසට දිවෙන කොටස

    487194_413748441995218_1663658403_n.jpg


    මේ එළි පෙහෙළි කරල තියෙන්නෙ හිමන් හරින්න තනන ගොඩනැගිල්ල සදහායි.දකුණු අදිවේගී මාර්ගයෙ ගමන් කරපු අය ගිමන් හරින්න සකස් කරල තියෙන ස්ථානය දැකල ඇති නේ
    මේ ඒ වගේ ස්ථානයකට වෙන් වෙලා තියෙන ප්‍රදේශය.


    378343_413748675328528_295775463_n.jpg


    557191_413744945328901_1061485485_n.jpg


    මේ අර මම කිව්ව ප්‍රදේශය ආශ්‍රිත නිෂ්පාදන සිදු වෙන තැනකට යන හොර මාර්ගයක්.

    382504_413745385328857_1307477444_n.jpg


    ගලායන ඇලක් අසල රා පොඩ්ඩක් සප්පායම් වෙන්න කවුරුද අකමැති
    __________________

    ඔන්න ඔහොම තමයි කොළඹ - කටුනායක අදිවේගී මාර්ගයෙ හතරවන හෙවත් අවසාන අදියරේ වැඩ කටයුතු සිද්ද වෙන්නෙ.කියන විදියට නම් 2013 අප්‍රේල් මාසයෙ කොළඹ පැවැත්වෙන උත්සවයක් ඉළක්ක කරගෙනලු මේ ලහි ලහියේ ඉදිකිරීම් කරන්නෙ.මේළග කිට්ටුව ගෙවල් එහෙම කැඩෙන නිසා ඒ ගෙවල් වල මිනිස්සු ලක්ෂ් 90 ගානේ වන්දි ඉල්ලලයි කියනව.එතනත් ප්‍රශ්නයක් තියෙනව.ඔය ගෝඨභය මහත්තය එහෙම නිතර නිතර ඉදිකිරීම් නිරීක්ෂණයට එනව.මාර්ගය නිසා ප්‍රදේශය අවට ඇතිවෙන ගැටලු ගැන කථා කරන්න රැස්වීම් වාර පවා පැවැත්තුව.ඔන්න ඕකයි තත්වය.

    පාරවල් හැදිල රට ලස්සන වෙලා සංවර්ධන ඉලක්ක සපුරාගෙන සෞභාග්‍යය කරා ළන් වෙනව දකින්න අපිත් කැමතී,හැබැයි පරිසරයටත් මිනිස්සුන්ටත් කරදරයක් නොවන ලෙස නිසි ප්‍රමිතියට.
    _________________________________________________

    376735_413748841995178_435494506_n.jpg


    සේරම හරි මේ ගෙදර මොකද්ද ?
    ඇයි බන් මේ අර කඩුහොරාගෙ ගෙයක් නෙ
    කවුද බන් කඩු හොරා
    ඇයි බන් සිyabalapitiya:P

    ____________________________________________________

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Extra Info

    ______________________________________________

    මම එළකිරි තුළ පළකල තවත් හරවත් ලිපි

    Mega Bite
    BB Creidts අහුවෙන්න එපා
    How To Add Tags In Elakiri Forum
    MediaFire [a-z]
    ගවයාගේ ලකුණු දැනගන්න
    War Crimes Of Sri Lankan Soldiers
    ගාමණි නොපෙන්වූ ගෝනගල
    Zuckerberg's Exposed On Facebook
    අන්තර්ජාලයේදී ඔබ සුරක්ෂිතද ?
    Colombo
    Object Oriented Programming
    Object Oriented Programming II
    Windows 8 Preview
    එදා සහ අද 9/11
    History of Microsoft Windows


    මගේ ඊළග ලිපිය බලාපොරොත්තු වන්න

    599676_412931015410294_737565852_n.jpg


    මෙකෙත් කල් මගේ ලිපි වල කමෙන්ට් කරපු,බැනපු හැමෝටම ගොඩක්ම ස්තුතී හැමදාම හොද ලිපියක් අරගෙන එළකිරියෙ ඔගොල්ලො බලන්න නිවාඩු වෙලාවක සෙට් වෙන්න තමයි බබාගේ කල්පනාව

    අපිට සෙට් වෙන්න මේවගේ වෙබ් අඩවියක් හදල පට්ට ගේමක් දෙමින් ඉදිරියට කරගෙන යන GTRZ අයියට ගොඩක්ම පින් අයිති වෙන්න ඕනෙ
    ________________________________________________________
     
    • Like
    Reactions: thasan and chamaz

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Code:
    [COLOR=DarkRed][B][SIZE=4]මෙකෙත් කල් මගේ ලිපි වල කමෙන්ට්   කරපු,බැනපු හැමෝටම ගොඩක්ම ස්තුතී හැමදාම හොද ලිපියක් අරගෙන එළකිරියෙ   ඔගොල්ලො බලන්න නිවාඩු වෙලාවක සෙට් වෙන්න තමයි බබාගේ කල්පනාව[/SIZE][/B][/COLOR]

    ok:rofl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Code:
    [COLOR=DarkRed][B][SIZE=4]මෙකෙත් කල් මගේ ලිපි වල කමෙන්ට්   කරපු,බැනපු හැමෝටම ගොඩක්ම ස්තුතී හැමදාම හොද ලිපියක් අරගෙන එළකිරියෙ   ඔගොල්ලො බලන්න නිවාඩු වෙලාවක සෙට් වෙන්න තමයි බබාගේ කල්පනාව[/SIZE][/B][/COLOR]

    ok:rofl:

    :rolleyes::rofl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    හරවත් කිව්වේ ??? :confused:

    ඒ කිව්වෙ හරවත් නැති ඒවා අතඇරියාම ඉතුරුවෙන ටික. අර මම බය උනේ නැහැ වගේ චැට් ත්‍රෙඩ් නොවෙන ඒවා. :rolleyes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ela macho:nerd:
    mehe high way ekath daagenaa hadanava:D
    hebeyi use karala samahara vadan hinda
    oya ascharya vage vachana hinda
    fonseka vaadin saha jvp karayangen hodavayin dekak ahaganna puluvan