අද මම කියන්න යන්නේ කබල්ලෑවා ගැන....
ඊයේ බලද්දී මම කොටු 3ක් පැනලා . .
ඒ සතුටටත් එක්කල... මගේ පරිසර ක්‍රියාකාරකම් දිගටම කරගෙන යන්න
මෙන්න මගේ ඊළඟ පෝස්ට් එක...
අද මම කියන්න යන්නේ කබල්ලෑවා ගැන....
සමහරු දැකලත් ඇති, තව සමහරු රස බලලත් ඇති..එත් ඒත් මූ හරිම අහිංසක සතෙක්...
මෙයාට කඩ්ඩෙන් කියන්නේ Pangolin එහෙමත් නැත්නම් Manis කියල.. මෙයත් ඈන්ට් ඊටර් කෙනෙක්. . ඒ කියන්නේ ඈයෙක් . . . ඈයෝ පවුලෙම කෙනෙක්..
මුන් ක්ෂීරපායි සත්තු.... ඒ වගේම ලෝකෙන් වඳ වී යෑමට ආසන්න සත්ව කණ්ඩයක් කියන්නත් පුළුවන්..
ලංකාවේ 2012 රතු දත්ත වාර්තාව අනුව මෙයාල තර්ජනයට ලක් වෙලා කියල හඳුනාගෙන තියෙනවා. මෙයාලගේ මේ කොරපොතු හැදිලා තියෙන්නේ කෙරටින් කියල දෙයකින්. එක මෙයාලගේ මුලු සම ම වහගෙන තියෙනවලු.
මෙයාල ඉන්නේ අප්‍රිකානු සහ ආසියානු රටවල.. මැලේ භාෂාවෙන් මෙයාලට pengguling කියන්නේ "something that rolls up" කියන එකලු . . . . .
මේ කොරපොතු වල material එක මිනිස්සුන් ගේ නියපොතු වලට සමානයි ලු... පොඩ්ඩොන් ගේ මේ කොරපොතු මෘදුයි ලු. . . එයාල ලොකු වෙනකොට ඒවා හයි වෙනවලු....
සොභාදහමේ තවත් අපූරු නිර්මාණයක් වෙච්චි මේ කොරපොතු තියෙන්නෙත් මෙයාලව විලෝපිතයන් ගෙන් ආරක්ෂා කරගන්නයි.
විලෝපිතයන් දැක්ක ගමන් මෙයාලා වකුටු වෙලා,රෝල් වෙලා මුළු ඇඟම cover කර ගන්නවලු. . . ඊට පස්සේ ඉතින් මොන ලොක්කා ආවත් වෙන්නේ මෙහෙම බලන් ඉන්න තමයි. හොඳට බලන්නකෝ මෙයාලා මූන ආවරණය කර ගන්නේ එයාලගෙම නැට්ටෙන්. . . මේ කොරපොතු වල අග ටිකක් උල් සහිත නිසා, මෙයාලා කන්න සෙට් වෙන අය ට තවත් ප්‍රහාරයක් එල්ලවෙනවා. . . . ඒ වගේම සතුරු ආක්‍රමනයක දී මෙයාලා විෂ සහිත වාතයක් (දන්නවනේ මොකක්ද කියල) පිට කරනවලු, සතුරා ඈතින් තියාගන්න.....
පොඩියට හිටියට මෙයාලා 30cm ඉඳලා 1m වෙනකන් දිග ලු. . . නියපොතු සහ හොම්බෙන් පොලව හාරලා තමයි කෘමි සතුන් ආහාරයට ගන්නේ...එයාලගේ ඉවෙන් හොයාගෙන . . . .
ඒ වගේම 40cm දිග දිවකුත් මෙයාලට තියෙන්නේ ආහාර හොයාගන්නම තමයි... මෙයාලා නිශාචර ජීවීන් පිරිසක්.. රෑ වෙලා එලි බහින්නේත් ආරක්සාවට කියනවනේ . . . . මෙයාල ගේ ගෙවල් තියෙන්නේ ගස් බෙන වල සහ පොළොවේ ගුහා වල ලු. එක ගුහාවක ගැඹුර 4m විතර වෙනවලු... මෙයාලා පීනන්නත් දක්ෂයෝ ලු. . .
මේ අහිංසකයට වැඩිම ඉල්ලුම තියෙන්නේ චීනේ ලු. . . ඊට පස්සේ අප්‍රිකානුවොත් මෙයාලගේ මස් වලට පෙරේතයි ලු. . . වනාන්තර විනාශය ඊළඟ හේතුව ලු මෙයාල ගේ වඳ වීමට . .
ඔයාලටත් මේ වගේ අහිංසකයෙක් අහු උනොත්. . . කැලේට දාන්න. . . මරන්න හැදුවොත් විරුද්ධ වෙන්න, මස් හම්බුනොත් කන එක ප්‍රතික්ෂේප කරන්න . . . . .
බොහෝම ඉස්තුතියි . . . . . . .
මගේ කලින් එව්වා ටිකක්. . . .
සමනළුන් ගැන මොනවද දන්නේ. . . . - http://www.elakiri.com/forum/showthread.php?t=1524522
පංච මහා විල් - http://www.elakiri.com/forum/showthread.php?t=1527542
ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. . - http://www.elakiri.com/forum/showthread.php?t=1514333
කරදියේ කඩු කාරයා - http://www.elakiri.com/forum/showthread.php?t=1527816