කබල්ලෑවා . . . .

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
ඊයේ බලද්දී මම කොටු 3ක් පැනලා . .

ඒ සතුටටත් එක්කල... මගේ පරිසර ක්‍රියාකාරකම් දිගටම කරගෙන යන්න
මෙන්න මගේ ඊළඟ පෝස්ට් එක...

අද මම කියන්න යන්නේ කබල්ලෑවා ගැන....


41957485.jpg


74573495.jpg



සමහරු දැකලත් ඇති, තව සමහරු රස බලලත් ඇති..එත් ඒත් මූ හරිම අහිංසක සතෙක්...


39805179.jpg



මෙයාට කඩ්ඩෙන් කියන්නේ Pangolin එහෙමත් නැත්නම් Manis කියල.. මෙයත් ඈන්ට් ඊටර් කෙනෙක්. . ඒ කියන්නේ ඈයෙක් . . . ඈයෝ පවුලෙම කෙනෙක්..

මුන් ක්ෂීරපායි සත්තු.... ඒ වගේම ලෝකෙන් වඳ වී යෑමට ආසන්න සත්ව කණ්ඩයක් කියන්නත් පුළුවන්..
ලංකාවේ 2012 රතු දත්ත වාර්තාව අනුව මෙයාල තර්ජනයට ලක් වෙලා කියල හඳුනාගෙන තියෙනවා. මෙයාලගේ මේ කොරපොතු හැදිලා තියෙන්නේ කෙරටින් කියල දෙයකින්. එක මෙයාලගේ මුලු සම ම වහගෙන තියෙනවලු.


21390367.png



මෙයාල ඉන්නේ අප්‍රිකානු සහ ආසියානු රටවල.. මැලේ භාෂාවෙන් මෙයාලට
pengguling කියන්නේ "something that rolls up" කියන එකලු . . . . .

43724598.jpg


මේ කොරපොතු වල material එක මිනිස්සුන් ගේ නියපොතු වලට සමානයි ලු... පොඩ්ඩොන් ගේ මේ කොරපොතු මෘදුයි ලු. . . එයාල ලොකු වෙනකොට ඒවා හයි වෙනවලු....

සොභාදහමේ තවත් අපූරු නිර්මාණයක් වෙච්චි මේ කොරපොතු තියෙන්නෙත් මෙයාලව විලෝපිතයන් ගෙන් ආරක්ෂා කරගන්නයි.


k12.GIF



විලෝපිතයන් දැක්ක ගමන් මෙයාලා වකුටු වෙලා,රෝල් වෙලා මුළු ඇඟම cover කර ගන්නවලු. . . ඊට පස්සේ ඉතින් මොන ලොක්කා ආවත් වෙන්නේ මෙහෙම බලන් ඉන්න තමයි. හොඳට බලන්නකෝ මෙයාලා මූන ආවරණය කර ගන්නේ එයාලගෙම නැට්ටෙන්. . . මේ කොරපොතු වල අග ටිකක් උල් සහිත නිසා, මෙයාලා කන්න සෙට් වෙන අය ට තවත් ප්‍රහාරයක් එල්ලවෙනවා. . . . ඒ වගේම සතුරු ආක්‍රමනයක දී මෙයාලා විෂ සහිත වාතයක් (දන්නවනේ මොකක්ද කියල :baffled::oo::baffled::oo: ) පිට කරනවලු, සතුරා ඈතින් තියාගන්න.....


17140458.jpg



පොඩියට හිටියට මෙයාලා 30cm ඉඳලා 1m වෙනකන් දිග ලු. . . නියපොතු සහ හොම්බෙන් පොලව හාරලා තමයි කෘමි සතුන් ආහාරයට ගන්නේ...එයාලගේ ඉවෙන් හොයාගෙන . . . .

ඒ වගේම 40cm දිග දිවකුත් මෙයාලට තියෙන්නේ ආහාර හොයාගන්නම තමයි... මෙයාලා නිශාචර ජීවීන් පිරිසක්.. රෑ වෙලා එලි බහින්නේත් ආරක්සාවට කියනවනේ . . . . මෙයාල ගේ ගෙවල් තියෙන්නේ ගස් බෙන වල සහ පොළොවේ ගුහා වල ලු. එක ගුහාවක ගැඹුර 4m විතර වෙනවලු... මෙයාලා පීනන්නත් දක්ෂයෝ ලු. . .

77730200.jpg
k13gx.jpg



මේ අහිංසකයට වැඩිම ඉල්ලුම තියෙන්නේ චීනේ ලු. . . ඊට පස්සේ අප්‍රිකානුවොත් මෙයාලගේ මස් වලට පෙරේතයි ලු. . . වනාන්තර විනාශය ඊළඟ හේතුව ලු මෙයාල ගේ වඳ වීමට . .




87392303.jpg


ඔයාලටත් මේ වගේ අහිංසකයෙක් අහු උනොත්. . . කැලේට දාන්න. . . මරන්න හැදුවොත් විරුද්ධ වෙන්න, මස් හම්බුනොත් කන එක ප්‍රතික්ෂේප කරන්න . . . . .

k14o.jpg

බොහෝම ඉස්තුතියි . . . . . . .



මගේ කලින් එව්වා ටිකක්. . . .

සමනළුන් ගැන මොනවද දන්නේ. . . . - http://www.elakiri.com/forum/showthread.php?t=1524522

පංච මහා විල් - http://www.elakiri.com/forum/showthread.php?t=1527542

ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. . - http://www.elakiri.com/forum/showthread.php?t=1514333

කරදියේ කඩු කාරයා - http://www.elakiri.com/forum/showthread.php?t=1527816
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් දවස් ගානක්ම ඔය මස් ජාතිය කන්න හම්බ වුනා..ඒත් මම මස් කන්නේ නැති හන්දා ඒ දිහා බැලුවෙ වත් නැහැ...අනිත් අය නම් කෑව
    පව් අසරණ සත්තු
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්තුතියි සහෝ... :)

    පොඩි දෙයක් එකතු කරනවා. වැඩිහිටි සතෙක් එහෙම බැරිවෙලාවත් අතක එහෙම එතුනොත් ඉතින් සොරිම තමයි. :yes:
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    ඔබ සැමගේ දිරිමත් කිරීම් වලට බොහෝම ඉස්තුතියි . . . . . .
    ඔක්කොටම රේප් දෙන්නම්. . . . .
     

    tharu_

    Member
    Dec 12, 2012
    60
    18
    0
    මේ පෝස්ට් එකත් කෙල්ලෙක් හරි ඒ ‍වගේ වෙන කෙනෙක් හරි දැම්ම නම් පෝස්ට් 150+++:rofl::rofl:


    ammapa mama kiyanne
    loku deyak kellek da kollek da kiyala danaganna bari eka....
    nathnam mekath fb wage pani haliyak wei