වාහන ක්ලච්

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අද කියන්න යන්නේ වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ක්ලච් ගැන. ගොඩක් අය මේක ගැන දන්නවා හරි අඩුයි. මේකෙන් වෙන්නේ මොකක්ද කියල හරියටම අද බලාගමු. අඩේ...ඊට කලින් කියන්න ඕන මම කලින් දාපු වාහන ගැන පොස්ට් බලපු නැති අය මෙතනින් ගිහින් බලාගන්න. බම්ප් එකක් දෙනවා නම් ඒ හොඳටෝම ඇති. මොකද සමහර අයට මේක වැදගත් වෙන්න ඉඩ තියනවා.
    වාහන බ්‍රේක් 1
    වාහන බ්‍රේක් 2
    වාහන ටයර්/රෝද

    වැඩේ පටන් ගන්න කලින් හොඳ වීඩියෝ කෑල්ලක් පෙන්නලා ඉන්න හිතුන. ඔන්න එහෙනම්



    මේක "කෙන්බ්ලොක්" කියන අයියගේ වැඩ කිඩ ටිකක් නෙව.:shocked::shocked: පොඩි ළමයි මේවා බැලුවට කමක් නෑ. අත්හදා බලනවා හෙම නෙවෙයි ඕං.:no::no: ජිම්කානා කියල සර්ච් කරලා තව හොයාගන්නවා හොඳයි.
    පේනවා නේද වාහන බ්‍රේක්, ටයර්, ක්ලච්, ගියර්, එන්ජිම සහ ඩ්‍රයිවර් පදමට එකතු උනාම කොච්චර ලස්සනද කියල? මගේ මේ ලිපි වලට ප්‍රතිචාර හොඳ උනොත් ඉදිරියටත් වාහන ගැන රසවත් දේවල් දෙන්නම්.

    අද පාඩම ගම් පෙරලිය....නෑ නෑ, වාහන ක්ලච්.:cool:

    මම මේ කියන්න යන්නේ මැනුවල් ගියර් සහිත වාහන වල ක්ලච් ගැන කියල කියන්න ඕන. ඔටෝ වාහන වලත් මේ සිද්ධාන්තේම තියනවා. නමුත් මේ විදිහේ ක්ලච් නෙවෙයි තියන්නේ. වරද්දගන්න එපා.

    ඔය තියන්නේ ක්ලච් එකක සරල හරස් කඩක්. මේවට සිංහල වචන නම් මම හරියටම දන්නේ නෑ බොලේ.

    k9ui.png

    වාහනයක ක්ලච් එක තියන්නේ වාහනේ එන්ජිම සහ ගියර් පද්දතිය අතර කොටසක. මෙහි ප්‍රධාන කාර්ය තමයි එන්ජිමෙන් ලැබෙන බලය, එහෙමත් නැත්නම් ව්‍යවර්තනය ගියර් පද්දතියට ලබා දීම. අනිත් කාර්ය තමයි ක්ෂණිකව ගියර් පද්දතිය හා එන්ජිම අතර සම්බන්දය විසන්දි කිරීම. මෙහිදී යොදා ගන්නේ ඝර්ෂණය උපයෝගී කරගෙන බලය සම්ප්‍රේෂණය කිරීමක්. ඔන්න ඝර්ෂණය ධනාත්මකව යොදාගන්න තවත් එක් උදාහරණයක් තමයි ක්ලච් එක. අනිත් එක බ්‍රේක් නොව. (සාමාන්‍යපෙළ ප්‍රශ්න වලට එන්න පුළුවන්.)

    මෙහිදී එන්ජිමෙන් ලැබෙන බලය Flywheel එක මගින් Clutch disk එකට ලබා දෙනවා. Clutch disk එක Output shaft එකට කෙලින්ම සම්බන්ධයි. ඉතිරි සියල්ල Flywheel එක සමග කරකැවෙනවා. අපි ක්ලච් එක පාගන විට ඒ බලය යෙදෙන්නේ Release bearing එක මත තමයි. මෙතැනදී වෙන්නේ Release bearing එක Flywheel එක දෙසට තල්ලු වෙන එක. Diaphragm කියන කොටස මෙහිදී "වක" ගැසෙනවා. කොලපාට බෝල්ට් දෙකක් වගේ තියන තැන් ස්ථිරවම සම්භන්ද නිසා Pressure plate ඉහලට ඉස්සීමක් වෙනවා. Pressure plate මගින් තමයි Clutch disk එක Flywheel එකට තද වෙලා තියන්නේ. Pressure plate උස්සපු ගමන් Clutch disk එක නිදහසේ කරකැවෙනවා. ඔන්න ඔය විදියට....

    v21l.png

    දැන් තරමක් දුරට හරි තේරෙන්න ඇති නේද කොහොමද වැඩේ වෙන්නේ කියල? හොඳටම තේරුනා නම් ක්ලච් බැලන්ස් කරගෙන ඉන්නකොට මොකක්ද වෙන්නේ කියලත් තේරෙනවා ඇති. එතකොට වෙන්නේ Clutch disk එක තද වෙලත් නෑ හැබැයි නිදහසේ කැරකෙන්නත් බෑ වගේ අවස්ථාවක තමයි තියන්නේ. වෙනස් විදියකට කිව්වොත් හරියටම ක්ලච් බැලන්ස් උනාම Clatch disk එක නිශ්චලව තියන අතරේ Flywheel එක ඝර්ෂණයට එරෙහිව චලනය වෙනවා.

    පහතින් තියන්නේ ක්ලච් එකක් තියන ආකාරය..

    z8gg.jpg

    ක්ලච් කියන මාතෘකාව තවත් ගැඹුරට යනවා. ඒ තමයි මේ තියන Clutch disk ප්‍රමාණය වැඩි කරගෙන Multi plate clutch නිර්මාණය කිරීම. එන්ජිමෙන් ලබාදෙන විශාල ව්‍යවර්තන තනි Clutch disk එකකට දරාගන්න බැහැ. එතකොට වෙන්නේ Clutch disk එක ලිස්සල යනවා. ඒ වගේම තමයි ක්ලච් එකකින් ගෙන යන්න පුළුවන් උපරිම ව්‍යවර්තනය රඳා පවතින්නේ ක්ලච් ඩිස්ක් එකේ ඵලදායි වර්ගඵලය මත තමයි. ඒ නිසා ඩිස්ක් ගණන වැඩි කරගෙන මේ Clutch disk එකේ විශාලත්වය (අරය) අඩු කරගන්න පුළුවන්. වේගෙන් යන්න හදපු මෝටර් සයිකල් වල මේ විදියට ක්ලච් එනවා. ඒ වගේම තමයි F1 කාර් වල තියන ක්ලච් මේ වගේ.:nerd::nerd:

    දැන් නම් මටත් ක්ලච් පේනවා පේනවා වගේ. දැන් හොඳටෝම ඇති. මම යනෝ...යන අය බම්පියක් දමගෙනම යන්න.
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ගිය සතියේ අපේ වාහනේ ටිකක් අදින්නේ නැ වගේ කියල හදන්න ගියාම ක්ලච් ප්ලේට් ගිහිල්ල කියල ච්ලච් ප්ලේට් එකයි ප්රෙශේර් ප්ලේට් එකයි දැම්ම. ඇයි මෙහෙම වෙන්නේ ඇයි?? වැඩිපුර ච්ලච් බැලන්ස් එකේ ගියාම මෙහෙම වෙනවද?
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ගිය සතියේ අපේ වාහනේ ටිකක් අදින්නේ නැ වගේ කියල හදන්න ගියාම ක්ලච් ප්ලේට් ගිහිල්ල කියල ච්ලච් ප්ලේට් එකයි ප්රෙශේර් ප්ලේට් එකයි දැම්ම. ඇයි මෙහෙම වෙන්නේ ඇයි?? වැඩිපුර ච්ලච් බැලන්ස් එකේ ගියාම මෙහෙම වෙනවද?

    වැඩිපුරම මේ අවුල එන්නේ හරියට ක්ලච් එක පාගන්නේ නැතුව ගියර් දාන්න ගියාම. බැලන්ස් කරත් ඒ තරම් අවුල් වෙන්නේ නෑ.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ela machan

    You must spread some Reputation around before giving it to chathurachami again.
    :oo: