ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )
ඕනේට් පැරඩයිස්ෆිෂ් Ornate paradisefish ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මල්පුළුට්ටා මෙරට දක්නට ලැබෙන අතිශය අලංකාර මිරිදිය මත්ස්‍යයෙකි. සාමාන්‍ය නමින් විස්තරවන ආකාරයෙන් ම වරල්වල පැහැදිලි නිල් පැහැති මල් වැනි රාටවන් මොවුන්ගේ අලංකාරය වැඩි කරයි.
මල්පුළුට්ටා ක්‍රෙට්සෙරි Malpulutta kretseri යනුනේ සත්ත්ව විද්‍යාත්මකව හැඳින්වේ. 1937 වර්ෂයේ දී සත්ත්ව විද්‍යාඥ පී.ඊ.පී.දැරණියගල මහතා විසින් නව මත්ස්‍ය විශේෂයක් ලෙස ලෝකයට හඳුන්වාදුන් මල්පුළුට්ටා පළමු වරට සොයාගන්නා ලද ශ්‍රී ලාංකික නීතිවේදියකු වූ දි ක්‍රෙට්සර් මහතාට ගෞරවයක් පිණිස විද්‍යාත්මක ව ක්‍රෙට්සෙරි ලෙස නම්කැර ඇත.
කොළළඹ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක අතර ත්‍රිකෝණාකාර වපසරියක ඇති සෙමෙන් ගලායන හොඳින් සෙවණ වූ මඩ සහිත පත්ලක් ඇති දිය පහරවලට මල්පුළුට්ටා සීමා වී ඇතැයි සත්ත්ව විද්‍යාඥයෝ කියති.
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )