වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

    වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

    මැටි කොකා පෙනුමෙන් බකමූණකුගේ වැනි දුඹුරු පැහැති පිහාටු සහිත තටු යුගලකින් යුක්තය. සිරුරේ කළු පැහැති සලකුණු සහිත කහවන් දුඹුරැ පැහැති පිහාටු පිහිටයි. සිරුරේ යටි පැත්තේ කළු පැහැති ඉරි පිහිටයි. ඇස් කහ පැහැතිය. හොට කොළවන් කහ පැහැතිය. පාද ලා කොළ පැහැතිය. අනෙක් කොකුන්ට සාපේක්ෂව කෙටි ගෙලක් සහිතය. බොහෝ විට වගුරු සහිත පන් වැනි තෘණ ශාක සහිත පරිසයේ සැරි සැරීමට ප්‍රිය කරන සත්ත්ව විශේෂයකි. යුරාසියානු මැටි කොකා හෙවත් යුරෝසියා පන් කොකා ලෙස ද හඳුන්වයි. බොටුරස් ස්ටෙලාරිස් Botaurus stellaris සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ පක්ෂි විශේෂය බ්‍රිතාන්‍යයේ හා යුරෝසියා රටවල අභිජනනය කරයි.
    ශීත සෘතුව එළඹීමත් සමග දීර්ඝ මගක් ගෙවා ශ්‍රී ලංකාවට පැමිණෙයි. නිහැරි කුරුල්ලකු වන යුරාසියානු මැටි කොකා ශ්‍රී ලංකාවේ පහතරට කලාපයට පැමිණෙන්නෙකි. දැකීම තරමක් දුර්ලභය.
    සෙන්ටි මීටර 7.5ක් පමණ දිගැති කොළ පැහැති හොටයක් සහිත මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මාළුන් සහ මැඩියන්ය. කුඩා සතුන් හා බෙල්ලන් වර්ග ආහාරයටට ගනී. එමෙන්ම ජලයේ ජීවත්වන කෘමි විශේෂ ද ගිල දමයි.
    පෙබරවාරි සිට ජුනි දක්වා කාලයේ දී සිය වර්ගයා බෝකරන යුරාසියානු මැටි කොකාගේ පිරිමි සත්ත්වයා එම කාලයේ දී රෑ දවල් නොබලා වහ හඩ නගයි. දෝංකාර වන ඒ ශබ්දය කිලෝ මීටර දෙකක් පමණ දුරට පැහැදිලිව ඇසේ.
    පන් ශාකය මත කැදලි තනන මොවුහු වරකට බිත්තර තුනත් හයත් අතර ප්‍රමාණයක් දමයි.



    buhaj_ser.jpg


    great_bitterndighal28_february_2014four.jpg


    greatbitternfly124dec10.jpg


    Botaurus%20stellaris8.jpg


    Bittern5.JPG


    වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

    වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)


    වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)


    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)