පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II


    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II කොටස
    ඔන්න එහෙනම් පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි නූලේ දෙවෙනි කොට කියපු විදිහටම අරගෙන ආවා. මම මේක දාන්න හිටියේ ලබන සති අන්තයේ. එව්නාට එතකොට දැන් තියන වැඩ වැඩි වෙලා මේක හදාගන්න බැරි වෙයි කියාලා හිතුන නිසා ඔන්න කලින්ම දැම්මා. මම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් අඩුවට ගන්න පුලුවන්, ඒ වගේම ගත්තොත් විකුණ ගන්න පුලුවන්, පාට්ස් හොයාගන්න තියන වාහන මොඩ්ල් කීපයක් ගැන. එහෙනම් බලමු මේ වෑන් මොඩ්ල් මොනවද කියලා.

    mitsubishi delica t120 (1968–1979)
    මේක අපේ කට්ටිය දන්නේ කිචි කිචි ඩෙලාක කිව්වම තමයි. මේකෙ ගන්නව නම් ගන්න ඕනේ ඉස්සරහ ලයිට් දෙක තියන මේ මොඩ්ල් එක තමයි.
    301115_232240130164721_2119071228_n.jpg

    මේක පැට්‍රල් වෑන් එකක්. හැබැයි හොදට පැට්‍රල් වැඩකරනවා. ඒ වගේම හොදට බර දාලා අදින්න පුලුවන්. වාහනේ සම්පූර්ණයෙන්ම වගේ යාන්ත්‍රකයි. ඉතින් කෑලි ලියවලා හරි දාලා හදන්න පුලුවන්. කතාවට කියන්නේ මේව වැරදිලා හදපු වාහන කියලා. මොකද මේව පට්ට ගහන්න පුලුවන්. ඔය එලවලු බිස්නස් කරන අය, එලවළු වවන අය එහෙම මේව තවමත් පාවිච්චි කරනවා. අපේ රටේ ත්‍රීවිල් ව්‍යාප්ත වෙන්න කලින් වැඩිපුරම හයර් දුවපු වාහන තමයි මේවා. මේව 100,000 ත් මේව 150,000 ත් අතර මිලකට ගන්න පුලුවන්. වාහනේ තත්වය මත මිල වෙනස් වෙනවා.

    Mitsubishi L300 (1979–1986)
    Mitsubishi_L300_front_1984.jpg

    මෙයා උඩ ඉන්න එක්කෙනාගෙ ලොකු මල්ලි. මේකක් ගන්නව නම් ඉතිං ඩීසල් එකක් බලලා ගන්න ඕනේ. ඒකිව්වේ ඔරිජිනල් ඩීසල් ආපු එකක්. වර්ශය හා තත්වය මත මේවගේ මිල ලක්ෂ 4 ත් 7 ත් අතර වගේ පරාසයක තියනවා.

    Mitsubishi L300 (1986–2013)
    මේක උඩ වාහනේම 3 වෙනි පරම්පරාව. හැබැයි හදපු අව්රුද්ද අනුව මෙතනදි නම් ලොකු මිල පරාසයක් තියනවා. මේවා අපේ රටේදි PO5, P015, PO25 කියලා වෙන්කරගෙන තියනවා. :P ඒවායින් PO5 එක අඩුවට ගන්න පුලුවන්.
    800px-Mitsubishi_Delica_Van_003.JPG

    හැබැයි පැට්‍රල් ඒව ගන්න එපා. ඔරිජිනල් ඩීසල් පවර්ස්ටීරියන් තියන එකක් හොයල ගන්න. බිස්නස් වලට වගේම ගෙදරක පාවිච්චියටත් හොද වෑන් තමයි මේවා.

    දැන් එහෙනම් බහිමු ටොයෝටා වලට
    ටොයෝටා හයිඑස්, ලයිට්ඒස් හා ටව්න්ඒස් වෑන් ලංකාවේ හරිම ජනප්‍රියයි. බලමු එහෙනම් ටිකක් මිලඅඩුවට මොනවද ගන්න තියන්නෙ කියලා.

    Hiace H30 (LH30) (1977–1982)
    http://www.standpt.com/v_cl_imgs/ft751.jpg
    මෙයා ඉතිං KDH එකේ ලොකු අයියා. :P. අපේ රටේ ස්කූල් සර්විස් වල තවමත් ජනප්‍රිය වාහනයක් තමයි මේක. හොදට ඉඩකඩ තියන ලොරියක් වගේ වාහනයක් තමයි මේක. හැබැයි ගන්නව නම් මොඩිෆයි කරලා කාපු නැති එකක් ගන්න. මොකද සමහරු මේවා අරගෙන ඩොල්ෆින් කරනවා. :P. ඒ වගේම ස්කූල් සර්විස් එකක් කරනව නම් කට්ග්ලාස් තියන එකක් ගන්න. මොකද නැත්තං පිටිපස්සේ යන ලමයි තැම්බෙනවා. පස්සේ ආපු හයිඑස් ෂෙල් එකට වඩා මේකේ දොරවල් එමෙ (බොඩි පාට්ස්) ටිකක් ගනං වැඩී.මොකද ඒවගේ පාට්ස් දැන් හොයාගන්න අමාරුයිනේ. හැබැයි අපේ IDG ට එහෙම කිව්වනම් බොඩියම වුනත් මවල හරි දෙයි. නිකන් හිතන්න මේ වගේ වෑන් එකක් ලක්ෂ 4.50 ඉදල වගේ වැඩි වෙන මිලවල් වලට තියනවා. ලක්ෂ 5 ට විතර ත්‍රීවිල් එකක ස්කූල් සර්විස් එකක් කරන කෙනෙකුට ඊට වඩා කොච්චර ලාභයක් මේකෙන් උපයන්න පුලුවන්ද කියලා. මේකේ දිග මොඩ්ල්, කොට මොඩ්ල් කියලා දෙකක් තියනවා. දිග මොඩ්ල් එකේ ඉතිං තව සීට් පේලියක් ගහන්න පුලුවන්.
    i29p.jpg


    Hiace H50 (ෂෙල්) (1982–1989)
    බිස්නස් එකකට වගේම ගෙදර පාවිච්චියටත් හොද වාහනයක් තමයි මේක. හොදට තියනව නම් 50 වගේ නම්බර් (අපේ කස්ටිය නම්බර් එකටනේ ගාන කියන්නේ :P) එකක් තියන එකක් පවර් ස්ටීරියන් එක්ක ලක්ෂ 9.50 ක් විතර දීල ගත්තට පාඩු නෑ. නිකං ඩොල්ෆින් වලට වියදම් කරනවට වඩා මෙයින් හොද එකක් අඩුවට හොයලා ගත්තනම් හොදට පාවිච්චි කරන්න පුලුවන්. මිනිස්සුන්ට යන්න වාහනයක් ගන්නව නම් එක්කෝ ඩුවෙල් ඒසි කර ගන්න ඕනේ නැත්තං අඩුම තරමේ කට් ග්ලාස් තියන එකක් වත් ගන්න ඕනෙ ඉතිං. මේකෙත් කොට මොඩ්ල් දිග මොඩ්ල් කියලා දෙකක් තියනවා.
    6689775637_844f6c34b7_z.jpg

    අඩු ගනන් වලට තියන වෑන් ගැන කතා කරන නිසා (H100) ඩොල්ෆින් ගැන මොකුත් නොදා ඉන්නම්.

    Toyota LiteAce
    මේව නම් පොඩි වෑන්. ගෙවල් වල පාවිච්චියට කාර් එකක් වෙනුවට විකල්පයක් විදිහට හොදයි. ඒ වගේම පොඩි පොඩි බිස්නස් වලටත් හොදයි. ඩීසල් වාහනයක් ගන්න තරමට තමයි හොද. මේකේ 1985–1988 කාලේ ආවේ මේ මොඩ්ල් එක.
    800px-Toyota_Liteace_Van_001.JPG

    මීට අව්රුදු 10 කට විතර කලින් මේකක් ලක්ෂ 4 කට 5 කට ගන්න පුලුවන් වුනා. :D ඒත් දැන් නම් ඉතිං ලක්ෂ 9 කට වැඩියෙන් තමයි යන්නේ :P. මේකේ පරණ මොඩ්ල් එකත් තියනවා. හැබැයි ඒක නම් වැඩිය මාකට් එකක් නැති වාහනයක්. ඒ පෙනුම ටිකක් අව්ල් නිසා. ඒ නිසා ගත්තොත් විකුණ ගන්න ටිකක් කරදරයි.

    TownAce
    මේකත් ලයිට්ඒස් එක වගේම ජනප්‍රිය වාහනයක්. මේකේ මොඩ්ල් කීපයක්ම තියනවා. ඒ ඒ මොඩ්ල් අනුව මිලේ වෙනස්කම් දකින්න පුලුවන්.
    toyota-townace-10.jpg

    මේකේ කලින් ආපු townace CR 26 කියන මොඩ්ල් එක අඩුවට ගන්න පුලුවන්. ඒකිව්වේ ලක්ෂ 7.50 ත් 10.50 අතර ගනං වලට. වාහනයේ තත්වය මත වගේම අපේ කස්ටිය නම්බර් එක මත තමයි මිල පරාසය කියන්නේ. ඕකේ අනිත් මොඩ්ල් එක තමයි CR 27 කියන්නේ.
    toyota-townace-gl--09.jpg

    ඔය මොඩ්ල් එක 12 ඉදන් විතර තියනවා. මේවගේ මොඩ්ල් කීපයක්ම තියන නිසා මිලේ වෙනස්කම් ගොඩක් දකින්න පුලුවන් ඒ නිසා ගන්නකොට හොදට හොයල ගන්න ඕනේ.

    කලින් නූලෙ කිව්ව වගේ පරණ වෑන් එකක් ගන්නකොට හොදට හොයල බලලා ගන්න එක නම් අනිවාර්යෙන් කරන්න ඕනෙ දෙයක්.

    පරණ වෑන් ගැන කතා කරනකොට අපේ IDG ගේ Van modifications නූල අමතර කරන්න බෑ ඒකෙන් ඔයාලට වෑන් ගැන ලොකු දැනුමක් ගන්න පුලුවන්.
    presentation1v.jpg

    ඒ වගේම වෑන් එකක් අරං හදන්න ඉන්නව නම් වැඩේ කරන්නෙ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුලුවන්. මේ ලිංක් එකෙන් ගිහින් පිටුව පිටුව බැලුවත් පාඩු නෑ ඉතිං http://www.elakiri.com/forum/showthread.php?t=1470132

    වෑන් බට්ටෝ ගැන නම් මෙතනදි මම කතා කලේ නැ. ඒ ගැන නම් මම වැඩි යමක් දන්නෙත් නෑ ඒ ගැන විත්තර අපේ රත්තරං සහෝදරයගේ මේ නූලේ තියනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1510196

    එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. නිසාන් වැනට්, නිසාන් කැරවන්, ඉසුසු වෑන් ගැන. මේ නූලෙම පස්සෙ විස්තරටිකක් දාන්නම්.
    ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
    හැමෝටම ආයුබෝවන්!


    කලින් මම වාහන ගැන දාපු නුල්.
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    කාබන් ෆයිබර් කාර්

    රත්තරං සහෝදරයා වාහන ගැන දාපු නූල් කීපයක්.
    avatar391748_8.gif

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස
    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස
    ලක්ශ 10-20 අතර ජපන් කාර්
    වාහනයක් තෝරගම්මු

    තව දෙයක් කියන්න ඕනේ එලකිරියේ වාහන ගැන නූල් තියන්නේ Automobile කැටගරි එකේ කියලා තාම ගොඩක් යාලුවෝ දන්නෙ නෑ. ඒ කැටගරි එකට මේ ලිංක් එකෙන් යන්න පුලුවන්.
    Automobile
    :) වාහන ගැන උනන්දු අයට නිතර Automobile කැටගරි එක බලනව නම් අලුත්වෙන පෝස්ට් හොයාගන්න ලේසී :)
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    සෑහෙන්න වටින නූලක් මචන්..:yes: කලින් රෙප් දීලා නිසා දෙන්න බැරිලු...:( Bookmark දා ගත්තා වටින නිසා

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න වටින නූලක් මචන්..:yes: කලින් රෙප් දීලා නිසා දෙන්න බැරිලු...:( Bookmark දා ගත්තා වටින නිසා

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Machan
    කලින් නූලෙත් පළවෙනි පෝස්ට් එක දැම්මේ උඹනේ :) :) එල එල​
     
    Last edited:
    • Like
    Reactions: crazy_lakshitha

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    මේ දවස් වල මේ වගේ වටින ත්‍රෙඩ් එකක් දැම්මට ස්තුතියි මචන්
    :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    pattai machn thread eka
    rep++
    bt podi deyak mn suggest karannam macho..
    dn kale ara paranama delica model gnnawa godak aduine...
    vannet unath townace unath 1990 walin passe ewa thama.
    vannet nm 1995 passe ewa godak blnne.

    anna e wagema set ekak dapn macho... e kiwwe 1990 walin passe range eken wage.
    nttn ubatath liyanna wenawane hena parana model gana ;)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට ත්‍රෙඩ් එක

    ඔය Po15 එක අදටත් හදන වාහනයක්. ගන්න කෙනෙක්ට පරන එකක් උනත් බය නැතුව ගන්න පුලුවන් බ්‍රේක් ලයිට් එකේ ඉදන් ඔරිජිනල් පාර්ට්ස් තියෙනවා

    තව මෙතන නැති සුපිරි බඩ්ඩක් තියෙනවා. ඒ තමයි නිසාන් වැනට් එක. තෙල් කරන්න දෙයියා
    නිසාන් ලාගෝ එක ඒ කාලේ මාකට් නැතු උනාට දැන් මාකට්.


    ඒ වගේම මැස්ඩා බොංගෝ එකත් හොද වෑන් එකක් අඩුවට ගන්න
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17488490 said:
    පට්ට ත්‍රෙඩ් එක

    ඔය Po15 එක අදටත් හදන වාහනයක්. ගන්න කෙනෙක්ට පරන එකක් උනත් බය නැතුව ගන්න පුලුවන් බ්‍රේක් ලයිට් එකේ ඉදන් ඔරිජිනල් පාර්ට්ස් තියෙනවා

    තව මෙතන නැති සුපිරි බඩ්ඩක් තියෙනවා. ඒ තමයි නිසාන් වැනට් එක. තෙල් කරන්න දෙයියා
    නිසාන් ලාගෝ එක ඒ කාලේ මාකට් නැතු උනාට දැන් මාකට්.


    ඒ වගේම මැස්ඩා බොංගෝ එකත් හොද වෑන් එකක් අඩුවට ගන්න

    Thanks Bro
    Po15 එක ගත්තද මචං :)
    නිසාන් වැනට් එක, කැරවන් එක, ඉසුසු එල්ෆ් වෑන් එක ගැන මේ ත්‍රෙඩ් එකේම පස්සේ පෝස්ට් එකක දාන්න ඉන්නෙ මචං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    pattai machn thread eka
    rep++
    bt podi deyak mn suggest karannam macho..
    dn kale ara paranama delica model gnnawa godak aduine...
    vannet unath townace unath 1990 walin passe ewa thama.
    vannet nm 1995 passe ewa godak blnne.

    anna e wagema set ekak dapn macho... e kiwwe 1990 walin passe range eken wage.
    nttn ubatath liyanna wenawane hena parana model gana ;)

    මේකේ දැම්මේ අඩුවට ගන්න තියන ඒව ගැනයි මචං. අනිත් ඒව ගැන වෙනමම නූලක් දාන්න ඕනේ. ඔය පරණ ඩෙලික එකත් මිට්ෂුබිසී ජීප් එක වගේ තමයි බං. ගොඩක් පැතිවල ඕත තාම පාවිච්චි කරනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thanks Bro
    Po15 එක ගත්තද මචං :)
    නිසාන් වැනට් එක, කැරවන් එක, ඉසුසු එල්ෆ් වෑන් එක ගැන මේ ත්‍රෙඩ් එකේම පස්සේ පෝස්ට් එකක දාන්න ඉන්නෙ මචං.

    නෑ ගත්තේ නෑ. පොඩි වැඩ වලටත් ලොරි දුවන්නේ. ගන්න ඕනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකේ දැම්මේ අඩුවට ගන්න තියන ඒව ගැනයි මචං. අනිත් ඒව ගැන වෙනමම නූලක් දාන්න ඕනේ. ඔය පරණ ඩෙලික එකත් මිට්ෂුබිසී ජීප් එක වගේ තමයි බං. ගොඩක් පැතිවල ඕත තාම පාවිච්චි කරනවා.

    ඩීසල් එල්300 එකත් මචන් මේ මහපොලව තියෙනකන් හද හදා දුවන්න පුලුවන් වාහන. දිරල නැත්නම් එච්චරයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17488546 said:
    ඩීසල් එල්300 එකත් මචන් මේ මහපොලව තියෙනකන් හද හදා දුවන්න පුලුවන් වාහන. දිරල නැත්නම් එච්චරයි

    :) ඔව් මචං. බොඩිය නැතත් අරූ ලගට චැසිය ගෙනිහින් හරි බොඩියක් ගහගන එන්න පුලුවන් වෙයි.:)