අඩු වියදමින් ගේට්ටුව රිමෝට් එකෙන් අරිමු.......

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අඩු වියදමින් ගේට්ටුව රිමෝට් එකෙන් අරිමු.......

    මුන්ලින්ම එළකිරි යාලුවෝ සියලු දෙනාටම සුබම සුබ අලුත් අව්රුද්දක් ප්‍රර්ථනා කරනවා....

    ඉතින් අද මම කියල දෙන්නේ අඩු වියදමින් ස්ලයිඩින් ගේට් mechanism එකක් හදාගන්න විදිය....

    මුලින්ම කියන්න ඕනේ මේක මගේම නිර්මාණයක්... මේක මම මුලින්ම හැදුවේ 2011 අව්රුද්දෙ.. මේක හදන්න හේතුව, වැඩ කරන තැන තියෙන අදික පීඩනයෙන් මිදෙන්න බවනාවක් වගේ දෙයක් කරන්න හිතුව. බාවනා කරනකොට හිතුන මේ වගේ නිර්මාණයක් කරොත් මනස එකතැන තියාගන්න පුළුවන් වෙයි කියලා.... එකේ ප්‍රතිපලය තමයි මේක....

    මේක මම මුලින් හිතුව ව්‍යාපාරයක් විදියට කරන්න. නමුත් සැදීමට ගතවන කාලය නිසා ඒ අදහස අත්හැරියා....

    තව එකක්..... youtube වල "Low cost Sliding Gate Mechanism" කියල surch කරාම ඉස්සෙල්ලම තියෙන්නේ මගේ එක. දෙවෙනියට දල තියෙන එක දාල තියෙන එකා මගෙන් මේක සල්ලි දීල අරගෙන යන්න වගේ ඇවිල්ලා මගේ එක කොපි කරගෙන ඌම හදල තියෙන්නේ... දැන් ඌ එක හදලා විකුනනවා.... :)

    පළමුවෙන්ම අපි මේකේ වීඩියෝ එක බලමු (මේකේ මම රිමෝට් එකෙන් ගේට්ටුවේ ලයිට් පත්තු කරන්නත් හැදුවා... මුලින්ම පෙන්නන්නේ රිමෝට් එකෙන් ලයිට් පත්තු කරනවා...)



    මුලින්ම මේකේ කොන්ට්‍රෝල් බොක්ස් එක හදාගමු...

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. mechanism එකත් එක්ක 12V ටිකක් ලොකු වයිපර් මෝටර් එකක්. මම පාවිච්චි කරේ lotto වැන් එකක එකක්... (මම ගත්තේ රු 1,500/=)

    2. 10A 12V ට්‍රාන්ස්ෆොර්මර් එකක්. DC කරන 4 pin ඩයෝඩ් එකකුත් එක්ක. (රු. 2000/=)

    3. රිමෝට් 2ක් සමග 4CH Momentary RF Remote(water resistant type)&Receiver එකක්. ගත්තේ ebay එකෙන්... ලින්ක් - http://www.ebay.com/itm/190463403148?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    වැඩිය සිංහල ටයිපින් වලට දක්ෂ නැති නිසා වයරින් කරපු පින්තුරේ දැන්නම්. හොයාගන්න අපහසු නම් දයග්රම් එක පස්සේ ඇඳලා දාන්නම්...

    2iuqfjb.jpg


    මේකේ කොන්ට්‍රෝල් බෝඩ් එකේ ඉඳන් වයරින් කරන විදිය එකත් එක්ක ලැබෙන පත්‍රිකාවේ තියෙනවා.


    ඊට පස්සේ ගේට්ටුවට හයි කරපු රැක් එක හදාගන්න විදිය...

    207apo8.jpg


    මේකට පාවිච්චි කරේ 1" X 1" SQ ටියුබ් එකක්, 1/2" ඇලුමිනියම් L දෙකක් සහ මොටර්බයික් චෙන් එකක්.

    පීනියන් එක විදියට පාවිච්චි කරේ පරණ මෝටර්බයික් ස්පොකට් විල් එකක්.

    2hf5duo.jpg


    දෙපැත්තේ ගේට්ටුව නවත්තගන්න ලිමිට් ස්විචස් 2ක් හයිකරා.....

    mhfyvm.jpg


    මේ Gate Mechanism එක අදටත් ඉතා හොඳින් වැඩ කරනවා... මම මේක හයිකරේ සාමාන්‍ය අතින් අරින ගේට්ටුවකට. ගේට්ටුවේ රෝද වලට රේසර් යොදාගත්තා. (තද නැතිව ගේට්ටුව අරින්න වහන්න පුළුවන්.) වයිපර් මොටරේ පොඩ්ඩක්වත් රත්වෙන්නේ නැහැ. ;)

    මේකේ ටයිප් කරන්න මම එච්චර දක්ෂ නැහැ... වැඩි විස්තර මේකට ලැබෙන ප්‍රතිචාර එක්ක දාන්නම් ....
    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි....



    හොඳනම් bump කරන්න.......

    මගේ පොස්ට්.... ;)

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    ඉස්තිරික්කයේ පැල්ලම් පහසුවෙන් පිරිසිදු

    ගෙදරදී තුවක්කුවක් (සෙල්ලම්) හදමු..

    එයාර් කුලරයක් ගෙදරදී හදමු.

    Real Time Flight Tracking වෙබ් සයිට් එකක්

    Readon TV - Internet එකෙන් TV බලන්න කැමතිද?

    Android Phone එක Wifi Internet Hotspot එකක් විදියට පාවිච්චි කරන්න පුලුව

    ඉලෙක්ට්‍රොනික් වලට කැමති අය

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නැතිවුනොත් Track කරගන්න

     
    Last edited:

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    ade maru ban. thawa tikak wisthara dapanko matath ekek hada ganna. habai man oya electronic dan ne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113
    ගේට්ටුවක් තල්ලු වෙන්ඩ ලොකු පවර් එකක් තියෙන මෝටර් එකක් ඕන නේද මචං ?
    ගේට්ටුව හිර වුණොත් තමා...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගේට්ටුවක් තල්ලු වෙන්ඩ ලොකු පවර් එකක් තියෙන මෝටර් එකක් ඕන නේද මචං ?
    ගේට්ටුව හිර වුණොත් තමා...


    මගේ ගෙදර මුලින්ම හැදුවේ මේ ගේට්ටුව අතින් තල්ලු කරලා අරින්න... හැබැයි මම එකේ රෝද වලට රේසර් දම්මගත්තා.... එච්චර අමාරු නැහැ අතින් අරින්න වහන්න.... දැනට අව්රුදු 5ක් වැඩ. කිසිම දවසක හිරවෙලා නැහැ. අතින් ගේට්ටුව හිරකරගෙන හිටියත් තල්ලුකරගෙන ගේට්ටුව වැහෙනවා. ටොයෝට වැන් වයිපර් මෝටර් ගොඩක් පවර්ෆුල්. මොටරේ පොඩ්ඩක්වත් රත්වෙන්නේ නැහැ. මම ක්ලිපොන් එකෙන් චෙක් කරා... 5A විතර තමයි උපරිම යන්නේ.
     
    • Like
    Reactions: King_cobra

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පට්ටයි මචං. උඹත් අපේ මසා වගේ ගැජමැටික් පොරක්.

    මටත් එපාම කරපු වැඩක් තමා ගේට්ටුව අරින වහන එක. ඒත් අපේ තියෙන්නෙ දෙපැත්තට ඇරෙන පියන් දෙකේ එකක්. ෂිහ් මේකක්වත් හයිකර ගන්ඩ ඹ්නෙ
    +11