Mr. Tom කිව්වාම එළකිරියේ නොදන්න කෙනෙක් නෑ නේ.....
ඒකට හේතුව මොකක්ද......

මෙන්න මේවා තමයි....
රේරුකානේ මහානාහිමියන්ගේ පොත්
Poll: එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම්
වාහනවල දෝශ සෙවීමේ සටහන්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
කුරුල්ලන්ට ගී හදන්න...
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ
මේ කිහිපයක් විතරයි
ඔටෝමොබයිල් අංශයෙන් සහ කලාව පැත්තෙනුත් හොඳ දැක්මක් තියන එළකිරියේ අපි දැකපු බොහොම නිහතමානී, මිත්‍රශීලීම සහෝදරයෙක් තමයි Mr.Tom කියන්නේ....
ඉතින් පසුගිය දින කිහිපයේ ඔහුගෙන් අපිට අහන්න ලැබුනේ ඔටෝමොබයිල් ගැනවත් කලාත්මක යමක් ගැනවත් නෙවෙයි.....ඔහුගේ කාර්‍යබහුලත්වය නිසා සහ පෞද්ගලික කටයුතු වලට වැඩි කාලයක් වෙන් කිරීම අරමුණුකොටගෙන එළකිරියේ ඔහු ක්‍රියාකාරී භාවයෙන් ඉවත්වන බවයි.....
මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ අද සවස දත් කිඹුලා සඳහන් කරලා තියන මේ සටහන.....
http://www.elakiri.com/forum/showpost.php?p=19526596&postcount=9811බ්‍රහස්පතින්දා සවස වන විට මිස්ටර් ටොම් නමින් අප දන්නා සහෝදරයා නැවත මෙහි සාමාන්‍ය මට්ටමෙන් ක්‍රියාකාරී නොවන බවට ලකුණු පල වේ නම් මම ද ඔහු සේ ම “ඩෝමන්ට්“ වෙමි.
තත්ත්වය දිගටම දිග්ගැස්සේ නම් ඊළග සතියේ විල් තෙර ද නැත....
එපඹනක් නොව මා ද මෙහි නැත.
ඔබ ද ගත යුතු ක්‍රියාමාර්ගය ගන්නා ලෙස ඉල්ලමි!![]()
සියළු සාමාජිකයන් මේ ආකාරයට සිතුවොත් ඉදිරියේදී එළකිරියේ අපි දැන් දකින වැදගත් කලාත්මක ළෙංගතු දෑ එළකිරිය තුලින් දකින්න ලැබේවිද.....

පසුගිය වකවානුවේම දකින්න ලැබුනේ එළකිරියෙන් හැරයාම්/ විශ්‍රාම යෑම් පමණි

එළකිරියට සේවයක් කල, වැදගත් යමක් මෙහි සාමාජිකයින් අතර බෙදාදුන් ඔබ වැනි පුද්ගලයන් දිනෙන් දින මෙය හැර යනවා නම් , නුඹලා මෙන් එළකිරියට යමක් එක් කල චරිතයක් නොවුනත් නුඹලාව අනුගමනය කරමින් මාද තවත් බොහෝ පිරිස්ද නුඹලා සේම නිහඬ වනු ඇති බව දන්නවනු කැමැත්තෙමි

අනෙකුත් සහෝදර සහෝදරියන්ද මෙහි අදහස් පළ කරන්නේනම් අගය කරමි
Last edited:


api meeka daala yanawa kiwwoth balu ballek ganan ganne



