වාහනවල දෝශ සෙවීමේ සටහන්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    t-bay-auto-fix-cars.png

    වාහන පාවිච්චි කරන ඕනෙම කෙනෙක් ඉතිං වාහනවල එන ලෙඩ වලට ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඉතිං දැනට වාහන පාවිච්චි කරන අයට වාහනවල ලෙඩ දැනගන්න ලැබුනු විවිධආකාර අත්දැකීම් ඇතිනේ.
    මුලින්ම ඉතිං වාහන ලෙඩක් දැනගන්න වෙන්නෙත් රෝග ලක්ෂන වලින් තමයි. එහෙම ලෙඩක් දැනගත්තම ඒ ලෙඩේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඊටපස්සේ ඒක හදාගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මෙතනදී කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාහනේ ආපු ලෙඩක් හදාගන්න හැටි නම් නෙවෙයි. නමුත් ලෙඩක් ආවම ඒ ලෙඩේ අදුරගෙන ඒකට කරන්නේ මොකක්ද කියලා දැනගන්න එක වාහන එලවන කාටත් වැදගත් වෙන දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. එතකොට අපි ගැරජ් එකට යන්නේ ලෙඩේ අදුරගන්න නෙවෙයි. ඒකට පිලියමක් යොදාගන්න විතරයි. ඒ වගේම පොඩි අව්ලක් නම් තමන්ටම ගොඩදාගන්න පුලුවන්. හැබැයි මේ ත්‍රෙඩ් එක දාන එකේ අරමුන දැන් වාහනේ ඇවිත් තියන දෝෂයක් සාකඡ්චා කරන එක නෙවෙයි. මීට කලින් ඔයාලගේ වාහන වල ආපු දෝෂ නිවැරදි කරගත්තු එක ගැන කථා කරන එකයි. නමුත් ඒකෙන් අපිට වාහනවල දෝශ සෙවීමේ හොද සටහන් ගොඩනගාගන්න පුලුවන්. ඊටපස්සේ මේ ත්‍රෙඩ් එක බලන කාට වුනත් මේ පෝස්ට් වල තියන දේවල් තමන්ට දෝෂ සෙවීමේ සටහනක් විදිහට යොදාගන්න පුලුවන්.

    මේකෙදී මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර විදිහට අපි එකතුවෙලා දෝශ සෙවීමේ සටහන් ගොඩක් හදාගමු.

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    උදාහරණයකටත් එක්ක මුලින්ම මට ලගදි ඇතිවුන දෝශයක විස්තර දාන්නම්.
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    ඩ්‍රයිවින් සීට් එක පැත්තේ ෂටර් එක ඉස්සෙනකොට අමුතු සද්දයක් ආවා. ඒ නිසා මම ඒක ආයිත් පාරක් පහත් කරලා ඉස්සුවා. මෙන්න බොලේ මගහරියකට ගිහින් හිර වෙනවා. පහත් වෙනවා, ඒත් ඉස්සෙන්නෙ නෑ. ඉතිං මම වහාම බට්න් එක ඔබාගෙන ඉන්න එක අතඇරියා. මොකද නැත්තං මෝටරේට කෙලවෙලා ගියොත් කියලා.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    දෝෂය තමයි කේබල් එක කැඩිල තියන එක. ඒක තහවුරු කරගන්න මම දොරේ අපෝස්ටින් එක ගලවලා කේබල් එක එතෙන රෝදේ අතගාලා බැලුවා. එතන කේබල් එක කැඩිලා තිබුනා.
    මේ රූපේ පහල තියන්නේ මෝටරේ. ඊට උඩින් තියන්නේ ඒ රෝදේ.
    power_window_regulator.jpg

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    අලුතින් කේබල් එකක් දාන්න වුනා. ඒක මම පවර්ශටර් හදන කෙනෙක් ගාවට ගිහින් කරගත්තා.

    මේ තියන්නේ මීට මාස කීපයකට කලින් වුන තව සිදුවීමක්
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    කාර් එකේ බොනට් එක ලගින් පැට්‍රල් සුවදක් ආවා. බොනට් එක ඇරල බලනකොට සුවද එන්නේ එන්ජින් එක කිට්ටුවෙන් කියලා දැනුනා. ඉතිං සුවද බල බල ඉන්නේ නැතුව ඉක්මනට සුවද එන්නේ කොතනින්ද කියලා බලන එක වැදගත්. මොකද එන්ජින් එක ලග පැට්‍රල් ගෑවිලා තියන එක හොදයි කියලා කියන්න බෑනේ :baffled:

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    පැට්‍රල් පොම්පේ යට පැත්තෙන් පැට්‍රල් ලීක් වෙනවා. ඒක බට ලගින් වෙන ලීක් එකක් නෙවෙයි. පොම්පේ බදේන් වෙන ලීක් එකක්.

    මෙන්න මේ වගේ යාන්ත්‍රික පැට්‍රල් පොම්පයක්
    classic-car-mechanical-fuel-pump.JPG

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    අලුතින් පැට්‍රල් පොම්පයක් දාන එක. මොකද සීල් ටයිප් යාන්ත්‍රික පැට්‍රල් පොම්පයක් නිසා ඒක හදන්න බෑනේ‍ :nerd:

    මෙන්න මේ වගේ ඔයාලගේ වාහනවල ආපු ලෙඩ වල විස්තරත් පෝස්ට් කරන්න පුලුවන් නම් අපිට දැනුමට කරුණු එකතුකරගන්න පුලුවන් වෙයි කියල හිතනවා.

    එහෙනම් හැමෝටම ආයුබෝවන්!

    කලින් මම වාහන ගැන දාපු නුල්.
    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    රොටරි මෝලේ තරම
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    කාබන් ෆයිබර් කාර්
    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

    banner_zpsd6df7d37.png
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes::yes: එල එල. ඔන්න මාත් ආව :yes::yes:
    :yes::yes: පුලුවන් විදියට මාත් සප් එක දෙන්නම් :yes::yes:
    :love::love: දිගටම කරගෙන යමු මචෝ :love::love:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ගොඩාක් වැදගත් නුලක් වේවි ගොඩක් අයට.. දිගටම කරගෙන යමු.. අපිත් ඉන්නවා ඔන්න.. rep+ :yes:
    කොහොමත් කිරියේ අම්බානක වාහන පිස්සෝ ඉන්න නිසා අඩුවක් පාඩුවක් වෙන එකක් නෑ.. :P :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Good Post Machan! :)
    Thanks Machan

    watina lipiyak machn!
    Thanks Machan
    good thread machan
    TFS
    :)
    Thanks Machan
    එල.. :D යමු දිගටම...:yes::yes::yes:
    එල එල මොනවහරි දාමු මචං
    :yes::yes: එල එල. ඔන්න මාත් ආව :yes::yes:
    :yes::yes: පුලුවන් විදියට මාත් සප් එක දෙන්නම් :yes::yes:
    :love::love: දිගටම කරගෙන යමු මචෝ :love::love:
    Thanks Machan
    Good post bro,
    Thama gaththe nam na,
    Gaththa kaleka hari wadagath wei
    +++
    Thanks Machan
    Good post
    :D:D
    ගොඩාක් වැදගත් නුලක් වේවි ගොඩක් අයට.. දිගටම කරගෙන යමු.. අපිත් ඉන්නවා ඔන්න.. rep+ :yes:
    කොහොමත් කිරියේ අම්බානක වාහන පිස්සෝ ඉන්න නිසා අඩුවක් පාඩුවක් වෙන එකක් නෑ.. :P :yes:
    Thanks Machan
    කිරියේ වාහන පිස්සොන්ට වැඩිය ඉන්නේ දේශපාලන පිස්සෝ ගෑනු පිස්සෝ තමයි මචං :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල...................... මගෙත් තිබ්බා ඔය පවර් මිරර් සීන් එක..... මගේ නන් ති‍බ්බෙ මෝටර් එකේ ‍කේස් එකක්ද කෙ‍ාහෙද හරියට මතක නෑ දැන.... වැඩි වෙලාවක් යන්නෙ නැතුව ඒක හදාගත්තා......
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මාත් එකක් දාන්නම්...
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    මේක මැස්ඩ බොංගො එකක්. සිංහලෙන් කියන්නෙ මැස්ඩ බොංගො සිංහ මූන කියල.. මේකෙ ආව ලෙඩක් හිටපු ගමන් රේස් වෙන් නැතුව යනව. ලෙඩේ අවම කරන්න තියන එකම දේ ඩෙතුන් පාරක් යතුර ඔන් ඕෆ් කරල ස්ටාර්ට්කරන එක මේ ලෙඩේට (උදේ හවස කියල නෑ. රත් උනාම කූල් උනාම කියල නෑ. 1St එකේ ටොප් එකේ කියල නෑ. කන්දක තැන්නෙ කියල නෑ. ලෙඩේ එන වෙලාව කියන්න බෑ) සමහර වෙලාවට ඕෆ් වෙන්නෙත් නෑ යතුර ඕෆ් කරාට. එවෙලෙට ඉතින් ගියර් එකේ තමා නවත්තන්නෙ..

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    හඳුනගත්ත රෝගය තමයි මෙකෙ පොම්පෙ තියනව ඕෆ් වෙන්න Diesel Shutoff Solenoid Valve එකක්.. ඔන්න ඕකට කෙලවෙලා
    mazda-bongo-diesel-pump-shut-off-solenoid.jpg

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    ඔය සොලනොයිඩ් එක ගලවන්න බෑ සීල් ටයිප් එන්නෙ. ගැලෙව්වොත් ඩීසල් ලීක් වෙල එක කෙලියක් වෙනව.. ඒක නිසා අකමැත්තෙන්ම අලුතින් දාන්න උනා.. රුපියල් හයදාස් ගානක් මේක. ගලවන්න පුලුවන් උනානම් ඕව හදන්න පුලුවන්
     
    • Like
    Reactions: Mr.Tom

    එල මචං, මට වැඩිය හොදට විස්තර කරලා තියනවා. :D
     
    • Like
    Reactions: Eranga.B