වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    වාහනයක් කියන්නේ ඉතිං යන්ත්‍රයක්නේ. ඉතින් මොන වෙලාවක මෙන විදිහේ ලෙඩක් හැදෙයිද කියලා කියන්න බෑ. එහෙම වෙලා අතර මගදී නතර වුනොත් කන්න වෙන කට්ට ගැන ඉතිං ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අද කථා කරන්න යන්නේ අන්න එහෙම කටු කන්න වෙන සම්භාවිතාවය අඩු කර ගන්නේ කොහොමද කියලා. කටු කන්නේ නැතිව වාහනයක ගමනක් යන්න නම් අයිති කාරයා හෝ රියදුරා වාහනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බලමු එහෙනම් මොනවද මූලිකව බලන්න තියන්නේ කියලා. මේවා එලකිරි වාසී ජනතාව වෙනුවෙන් මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවේ අතරමග නාස්තිවෙන මිනිස් පැය ගාන ඉතුරු කර ගන්න වගේම ඔයාලා නිකරුණේ කටු කන එක වලක්වන්න ඕනෙ නිසා.

    1. ටයිමින් බෙල්ට්
    වාහනේක ටයිමින් බෙල්ට් එකක් මාරු කරන්නේ කිලෝමීටර් ලක්ෂෙන් ලක්ෂෙට. එහෙනම් පාවිච්චි කරපු වාහනයක් ගත්තු කෙනෙක් තමන්ගේ වාහනේ දුවල තියන්නේ කිලෝමීටර් 75000 යි නම් ටයිමින් බෙල්ට් එක ගැන හිතන්න ඕනෙ නෑ කියලා ඔයාල කියන්න පුලුවන්. ඒක ඇත්ත වෙන්න පුලුවන් මේ රටේ මිනිස්සු මීටර් කරකවන්නේ නැත්තං ලක්ෂෙ පැනපු වාහනයක් 75000 ට මීටරේ කරකවලා තියෙන්න පුලුවන්. ඒ නිසා පාවිච්චි කරපු වාහනයක් ගත්තට පස්සේ බාස් කෙනෙකුට පෙන්නලා ටයිමින් බෙල්ට් එක හොදද කියලා තහවුරු කර ගන්න. වාහනයක් ගත්තම ඉස්සල්ලම කරන්න ඕනේ ඕකයි. එන්ජින් එක ස්ටාට් එකේ තියද්දී ටයිමින් බෙල්ට් එක කැඩුනොත් වෙන විපාකය හැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
    P1000422.jpg

    ටයිමින් බෙල්ට් එක වෙනුවට චේන් එක තියනව නම් එහෙම බයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ.

    2 එන්ජිල් ඔයිල් තියනවද
    හැමදාම උදේට වාහනේ ස්ටාර්ට් කරන්න කලින් තෙල් කූර අරන් බලලා එන්ජින් ඔයිල් නියමිත ප්‍රමානයට තියනවද කියලා තහවුරු කර ගන්න ඕනේ. මොකද රෑ එලි වෙනකොට බඩු ගිහින් තිබුනොත්. :P එන්ජින්එක ස්ටාර්ට් කලාට පස්සෙ ඔයිල් බලලා වැඩක් නෑ. එතකොට තෙල් එන්ජිමේ හැම තැනකටම ගිහින් ඉවරයිනේ. ඒ නිසා රෑට නවත්තපු වාහනේ උදේ තෙල් බලන එක තමයි වඩාත් සාර්ථක.
    oil-dipstick.jpg


    3 බ්‍රේක් ඔයිල්
    බ්‍රේක් ඔයිල් අඩුයි නම් ඩෑෂ්බෝර්ඩ් එකෙ තියන හැන්ඩ්බ්‍රේක් ඇද්දාම පත්තුවෙන ලයිට් එකම පත්තු වෙලාම තියෙනවා. එහෙනම් හෑන්ඩ් බ්‍රේක් එකේ ලෙඩක් කියලා හිතන්නේ නැතුව ඉක්මනින්ම බ්‍රේක් ඔයිල් දාන්න ඕනේ. නැත්තං එන්ජිල් ඔයිල් බලන්න බොනට් එක ඇරපු වෙලාවේ බ්‍රේක් ඔයිල් ඇතිද කියලත් ලේසියෙන්ම බලාගන්න පුලුවන්.
    check%20brake%20fluid%20level.jpg


    4 ක්ලච් ඔයිල්
    මැනුවල් ගියර් වාහන වල නම් ක්ලච් ඔයිල් ප්‍රමාණය නිවැරදිද කියලා ඉද හිට හරි බලන එක හොදයි.
    670px-LookforClutchResevoir-Step-2.jpg


    5 ගියර් ඔයිල්
    මැනුවල් ගියර් වාහනයක ගියර් ඔයිල්නම් අපිට බලන්න අවශ්‍ය වෙන්නෙ නෑ. සර්විස් කරන්න ගියහම එයාල බලනවා. හැබැයි ඔටෝ ගියර් වාහන වල නම් නියමිත විදිහට ගියර් ඔයිල් තියනවද කියලත් තහවුරු කර ගන්න ඕනේ.
    4ed3.jpg


    6 පවර් ස්ටීරියන් ඔයිල්
    පවර් ස්ටීරියන් තියන වාහනයක නම් මේවත් බලන්න ඕනේ. හැබැයි නිතරම නෙවෙයි. රෝද කපන්න අමාරු වුනොත් හරි, කපනකොට අමුතු සද්දයක් ආවොත් හරි ඉක්මනින්ම පවර්ස්ටීරියන් ඔයිල් බලන්න. නැත්තං පවර්ස්ටීරිං පොම්පෙ සව්ත්තු වෙන්න පුලුවන්.
    power-steering-%20fluid-level.jpg


    මතක තියා ගන්න බොනට් එක ඇරියම තියන පොඩි පොඩි සුදු හෝ කහපාටට හැරුණු කෑන් වල මින් මැක්ස් කියලා සිංහලෙන්ම ගහලා තියන්නේ ජොලියට නෙවෙයි. :P ඒ නිසා ඒවා බලලා අඩුනම් අදාළ තෙල් වර්ග මැක්ස් අගය දක්වා පුරවන්න ඕනේ. එතන තියන රේඩියේටර් එකට වතුර යන කෑන් එකටයි, වින්ඩ්ස්ක්‍රීන් එකට වතුර යන කෑන් එකටයි නිවැරදි මට්ටමට වතුර දාන්න ඕනේ.
    වාහනේ නවත්තල තියන තැනින් එලියට ගන්නකොට බිම තෙල් තියනව නම් සැලකිලිමත් වෙන්න. මොනව හරි තෙල් වර්ගයක් ගිහින් නම් කට්ටක් හා වියදමක් අතලග කියලා හිතන්න. එහෙම හිතලා කට්ට කන කන් බලාගන ඉන්නේ නැතව අදාල තෙල් වර්ගය මොකකද් බලලා ඒව දාලා, ගැරජ් එකකට ගෙනිහින් දෝශය නිරාකරණය කර ගන්න.

    7 වතුර
    වාහනේ ස්ටාට් කරන්න කලින් රේඩියේටර් එකේ උඩ මූඩිය ඇරලා වතුර තියනවද බලන්න. ටිකක් හරි මදි නම් ඒකට අවශ්‍ය ප්‍රමානයට වතුර දාන්න. සර්විස් එකේදි රේඩියේටර් එකට කූලන්ට් දාලා තියන නිසා මදි පාඩුවට වතුර දාගත්තට කමක් නෑ. නැතුව රේඩියේටර් එකක් වතුරෙන් විතරක් පුරවන්න හොද නෑ. වතුර බලලා ඉවර වෙලා රේඩියේටර් එකේ මූඩිය හොදින් තද කරන්න. නැත්තං බොයිල් කරන්න ගනී. ( වාහනේ රත් වෙච්ච වෙලාවක නම් මේක ගලවන්න යන්න එපා, වාෂ්පෙට මූන අතපය පිච්චිලා යයි. :sorry:)
    0.jpg

    රේඩියේටර් එකට වතුර සපයන අමතර ටැංකියෙත් නිවැරදි මට්ටමට වතුර තියනවද බලන්න.
    20100923020651.jpg


    එහෙනම් හැමදාම කරන්න ඕනෙ දේවල් මෙහෙම සිහිපත් කරන්නම්
    1 රෝදවල හුලං ඇද්ද බලන්න - හුලං නැතුව ගියොත් ටයර් සව්ත්තු වෙනවා, ඒවගේම හුලං ප්‍රමාණය අඩු නම් තෙල් පිච්චෙනවත් වැඩී.
    2 රේඩියේටරයේ වතුර බලන්න.
    3 තෙල් හෝ ඉන්දන කාන්දුවෙලාද බලන්න.
    4 එන්ජින් ඔයිල් ප්‍රමාණය බලන්න.

    සතියකට සැරයක් හරි දුර ගමනක් යන්න කලින් හරි මේදේවල් බලන්න
    1 බ්‍රෙක් ඔයිල් ඔයිල් ආදිය බලන්න.
    2 නියමිත පරිදි විදුලි බල්බ වැඩකරනවද බලන්න.
    3 වින්ඩ්ස්ක්‍රීන් වලට එන වතුර ඇතිද බලන්න.
    4 ෂෙඩ් එකකින් හරි ටයර් කඩේකින් හරි රෝදවල වායු පීඩනය නිවැරදිද බලන්න

    මාස 6 කට වරක් හෝ කිලෝමීටර් 5000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
    1 එන්ජින් ඔයිල් ඉවත් කරලා අලුතින් දාන්න. (සර්විස් එකකින් පුලුවන්) මෙතනදි ඔයිල් ෆිල්ටර් එක අලුතින් දාගන්න පුලුවන්.
    2 රෝදවල ඇන බුරුල් වෙලාද බලන්න.

    මාස 6 කට වරක් හෝ කිලෝමීටර් 10,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
    1 ඉන්දන ෆිල්ටර් එක පිරිසිදු කරන්න
    2 බ්‍රේක් ෆෑඩ් ගෙවිලද බලන්න
    3 රෝද වල එලයිමන්ට් එක බලාගන්න පුලුවන් නම් හොදයි.

    මාස 12 කට වරක් හෝ කිලෝමීටර් 20,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
    1 ඉන්දන ෆිල්ටර් එක අළුතින් යොදන්න
    2 රේඩියේටර් එකේ රබර් බට පරීක්ෂා කරන්න.
    3 ගියර් ඔයිල් මට්ටම නිවැරදිද බලන්න.
    4 ප්ලග් හෝ ඉන්ජෙක්ටර් පරීක්ෂා කරන්න
    5 සෙන්සර් පද්ධතිය නිවැරදිද කියලා ස්කෑන් පරික්ෂණයකින් තහවුරු කර ගන්න.

    මාස 24 කට වරක් හෝ කිලෝමීටර් 40,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
    1 එයාෆිල්ටර් එක අලුතින් දාන්න.
    2 රේඩියේටර් එකේ වතුර සම්පූර්නෙන් අයින් කරලා අලුතින් කූලන්ට් දාන්න.

    මාස 36 කට වරක් හෝ කිලෝමීටර් 60,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
    1 බ්‍රේක් ඔයිල් අලුතින් දාන්න
    2 ඉන්ජෙක්ටර් වල පීඩනය සකස් කරන්න

    මාස 60 කට වරක් හෝ කිලෝමීටර් 100,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
    1 ටයිමින් බෙල්ට් අලුතින් යොදන්න.

    රෝදයක් මාරු කරනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල්
    1 ඇන බුරුල් කරලා, ඊට පස්සේ ජැක් එක ගහලා ඇන ගලවන්න.
    2 ලෙවල් පොලවක විතරක් ජැක් එක රද වන්න.
    3 යටට රිංගනව නම්, ජැක් එකට අමතරව ලී කොටයක් වත් හිර කරලා ඉන්න.

    වෙන සැලැකිලිමත් වෙන්න ඕනෙ දේවල්
    1 ටයි දාගෙන කොන්ඩෙ කඩාගෙන ස්ටාට් එකේ තියන වාහනේ ඇතුලට එබෙන්න එපා
    2 වාහනේ රත් වෙච්ච වෙලාවක රේඩියේටර් පියන අරින්න එපා
    3 සර්විස් එකකදි වත් එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි තෙල් ඉවත් කරන්න දෙන්න එපා. මොකද එන්ජින් එක උඹලගෙනේ.
    4 සම්පූර්ණයෙන් වහලා තියන ගැරජ් එකක ඉදන් කවදාවත් වාහනේ ස්ටාට් කරන්න එපා.
    5 බැටරිය ගැලවීමේදී මුලින්ම - අග්‍රය ගලවන්න. සවි කිරීමේදී මුලින්ම + අග්‍රය සවි කරන්න.

    මේ පහළ තියන ටික අපේ රත්තරං සහෝදරයා දුන්න උපදෙස්
    මහන්සි නොබලා මේ උපදෙස් ටික පෝස්ට් කළාට රත්තරං සහෝදරයාට ස්තූතී.

    avatar391748_8.gif



    1. වාහනය ගෙදර ගරාජ් එකේ ස්තිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්‍රේක් ඇදල තියන්න එපා. ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න. පරන වාහන වල බ්‍රේක් බදනවා... කෝපි බීලා ටොයිලට් ගියා වගේ තමා:P:P

    2. වාහනේ කවදාවත් කවරෙකින් වහන්න එපා. ඕවට උන හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ පොරවන්න. කවරෙකින් වැහුවහම ඒක පේන්ට් එකට ටච් වෙලා වෙන හානිය වැස්සට තෙමෙනවට වඩා වැඩී

    3. ලංකාවේ මේ කාලේ වහින්නේ ඉතිහාසේ වැස්සටත් වඩා දාරානිපාත වැහි. වාහන තද වැස්සේ දාවනය හැකිතාක් අවම කරන්න

    4. වයිපර් බ්ලේඩ් කොප්පරා කෑලි වගේ වෙනකම් ඉන්නේ නැතුව අතගාලා බලලා කලු පාට කුඩු කැඩෙනවනම් මාරු කරල දාන්න. වීදුරුව පරිස්සම් වෙනවා.

    5. නිතරම වයිපර් බ්ලේඩ් පිරිසිදු කරන්න. එක දිගට නවත්තලා තියෙනවනම් වයිපර් උස්සලා තියන්න

    6. අව්වේ නවත්තනකොට වීදුරු සෙන්ටිමීටර භාගයක් විතර බාන්න. එකක් දෙකක් ඇරියහම ඇති. නැත්නම් එනකොට වාහනේ නැතිව තියෙයි

    7. ඔය අලුත් කාර් වල තියෙන බල්බ් සේරම ගලවලා විසිකරල LED දාපල්ලා. ගානත් අඩුයි කල් පැවැත්මත් හොදයි බැටරියටත් හොදයි

    8. අලුත් කාර් වල බෆර් වල පොඩි සීරීමක් උනාම පිස්සුවෙන් වගේ ගිහින් පේන්ට් කරන්නනම් එපා. පොටි අදිනවා කියන්නේ ඒ බෆර් එක එතනින් ඉවරයි. ආයේ යන්තම් හෙලවුනත් පුපුරු ගහනවා. ඒ නිසා බෆර් වගේ ඒවා පොටි ඇදලා පේන්ට් කරද්දි කරන්න ඕනෙමද කියලා දෙපාරක් හිතන්න

    9. SUV හැර අනෙක් කාර් කැඩිච්ච පාරවල් වල දාද්දිනම් හොදට හිතපල්ලා. ඔය ඇලියොන් ප්‍රෙමියෝ ගල් ගොඩක ගියත් සැප උනාට මුලු කාර් එකම ඉවරයි

    10. පෙට්‍රල් ගහද්දි ෆුල් ටෑන්ක් ගහලා 1/4 අඩු වෙද්දි ආයේ ගහන්න පුරුදු වෙන්න. අලුත් ඒවගේ පෙට්‍රල් පම්ප් එහෙම ගිල්ලලා තියෙන්නේ. ඒ නැතත් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ගහද්දි වාසි ගොඩයි

    11.1 ලක්ශෙන් විතර බ්‍රේක් ලයිනර් / ශූස් දාන වෙලාවක ඒවා ඔබල නිකන් ඉන්නේ නැතුව ඩ්‍රම් ඩිස්ක් පේස්ට් කරන්න. අනිවාරෙන් මේක කරන්න ඕනේ. ඒ ගමන්ම බ්‍රේක් සිලින්ඩර් සේරම හොදට බලන්න ලාවට ලීක් එහෙම තියෙනවද කියල.

    11.2 වාහනවල බ්‍රේක් සිලින්ඩරෙන් හුලන් යවද්දි බාස්ලා ඔටුවෝ වගේ නිපල් එකට යතුර තියල නිකන් කරකවනවනම් ගනිල්ලා වීල් බ්‍රස් එක අතට. අනිවාරෙන් නිපල් එකට රබර් බට කෑල්ලක් ගහලා කරන්න කියන්න. ඇලෝවීල්වල බ්‍රේක් ඔයිල් විසිවෙන ඒවා රැදිල තිබොල වැටුනොත් ඉවරයි

    12. අබ ගස් යට නවත්තන්න එපා. වව්ලෝ ඉන්න ගස් යට නවත්තන්න එපා. කුරුල්ලෝ ජරා කරන තැන්වල නවත්තන්න එපා. මගේ එකේ බොනට් එක උඩ තියෙනවා කුරුල්ලෙක් ජරාකරපු පාරක්. රබින් කම්පවුන්ඩ් වලින් කපලත් ගියේ නෑ

    13. කාර් එක නිතරම යට වදිනවනම් බේරන්නම බැරිනම් ස්පේසර් හතරක් දාපල්ලා.

    14. රේඩියේටරේ කාලයක් යද්දි ගලවලා ෆ්ලශ් කරලා දාපල්ලා

    15.ෆියුස් ගිහාම එහෙම බොරුවට සේරම ගලව ගලව බලලා සොකට් බුරුල් කරගන්න එපා. පෙට්ටියේ කවරෙන් බලලා අදාල ෆියුස් එක විතරක් ගලවලා දාන්න

    16. පිරිමියෙක් නම් රැචට් ටිකක්, සොකට් ටිකක්, අඩු මිටි ටිකක් ලග තියාගනිල්ලා. මාර ආතල් එකක් තියෙන්නේ යකඩ ගොඩක් අතගාද්දි.ඒකට ඉතින් ආසාවත් ඕනේ.

    17. සර්විස් එකටම රින්ගන්න එපා වාහනේ හෝදන්න, බූමිතෙල් දාලා අතුල්ලලා හයිප්‍රෙශර් ගහනවා කියන්නේ පේන්ට් එක ඉවරයි. කාචර් හරි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හරි ප්‍රෙශර් ගන් එකක් අරන් ගෙදර වැඩකරන එකාට කියල හෝදන්න, එහෙම කෙනෙක් නැත්නම් තමන් හෝදගන්න

    18. විශේශෙන්ම - ඇන්ජිම කියන්නේ ඇන්ජිම. ඕක හෝදන්න සුද්ද කරන්න යන්න එපා. ඔයිල් ග්‍රීස් දූවිලි තිබුනාවේ. ඒවා තියෙද්දි දුවන්න, සුද්ද කරන්න එපා


    මේ උපදෙස් ටික නිසා පෝස්ට් එකේ වටිනාකම ගොඩක් වැඩි වුනා කියලා හිතනවා.

    එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
    හැමෝටම ආයුබෝවන්!


    කලින් මම වාහන ගැන දාපු නුල්.
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II කොටස
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    කාබන් ෆයිබර් කාර්

    රත්තරං සහෝදරයා වාහන ගැන දාපු නූල් කීපයක්.
    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස
    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස
    ලක්ශ 10-20 අතර ජපන් කාර්
    වාහනයක් තෝරගම්මු
    අපි නොදන්න ටයර්

    IDG සහෝදරයා වාහන ගැන දාපු නූල් කීපයක්.
    වාහනේ ඉන්ධන ටැන්කිය
    Van modifications

    තව දෙයක් කියන්න ඕනේ එලකිරියේ වාහන ගැන නූල් තියන්නේ Automobile කැටගරි එකේ කියලා තාම ගොඩක් යාලුවෝ දන්නෙ නෑ. ඒ කැටගරි එකට මේ ලිංක් එකෙන් යන්න පුලුවන්.
    Automobile
    :) වාහන ගැන උනන්දු අයට නිතර Automobile කැටගරි එක බලනව නම් අලුත්වෙන පෝස්ට් හොයාගන්න ලේසී :)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් මචං..:love:

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්

    අයි නෝ කැන්ඩි රෝඩ්
    අයි නෝ සීගිරිය රෝඩ්
    අයි නෝ මඩකලපු රෝඩ්
    අයි නෝ ගල්ඕය බෝඩ්
    ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
    දැට් ඉස් කහවත්ත රෝඩ්
    ඇළහැර බකමූණේ
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

    අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
    වී මස්ට් ගෝ යාල කැළේ
    අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
    පාසිං මාතර නගරේ
    අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
    අබවුට් පණාමුරේ
    යූ කැන් සී බ්ග් ටෙම්පල්
    ගොයින් ටු අනුරාධපුරේ
    ගොයින් ටු අනුරාධපුරේ

    යුවර් වයිෆ් මැඩම් මිසිස්
    කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
    අයි ගිව් හර් කැවුම් කොකිස්
    ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
    අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
    ලයික් ඊටින් ලුණු මිරිස්
    මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප් මචං..:love:

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්


    :D Thanks Machan
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Valuable thread machan.
    You must spread some Reputation around before giving it to Mr.Tom again. :(
    5 Stars !!!
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    4 වහල තියන ගැරජ් එකක ඉදන් කවදාවත් වාහනේ ස්ටාට් කරන්න එපා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    4 වහල තියන ගැරජ් එකක ඉදන් කවදාවත් වාහනේ ස්ටාට් කරන්න එපා.

    වහලා කියන එක වැරදිලා වහල කියලා ගහලා නිවැරදි කරන්නම් :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :eek:හැන්ඩ් බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තියෙන සීන් එකනං මටත් වෙලා තියෙනව අක්ක කෙනෙක්ගෙ කර් එකක් උස්සගෙන යන වෙලාවක..:eek:

    :Pපස්සේ මැකෑනික් සීන් දන්න අයියෙකුට කෝල් කරල තමයි ලඟම ෂෙඩ් එකෙන් ඔයිල් කෑන් එකක් අරගෙන දා ගත්තෙ...:P
    :baffled:බ්‍රරේක් ඔයිල් අඩියටම බැහැල..:baffled:

    වෙනද වගේම පට්ට වැදගත් ත්‍රෙඩ් එකක්.. සෑහෙන දේවල් දැන ගත්ත..
    විශේෂයෙන් අර ටයිමින් බෙල්ට් කතන්දරේ...:cool:

    මහන්සි වෙලා ටයිප් කළාට ගොඩක් ස්තූතියි..:yes:
    ++4
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    meka mokakada ban

    සම්පූර්ණයෙන් වහලා තියද්දී ස්ටාට් කරහම කාබන් මොනොක්සයිඩ් ආග්‍රහනය වෙන්න ඉඩ තියනවනෙ බං ඒකයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :eek:හැන්ඩ් බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තියෙන සීන් එකනං මටත් වෙලා තියෙනව අක්ක කෙනෙක්ගෙ කර් එකක් උස්සගෙන යන වෙලාවක..:eek:

    :Pපස්සේ මැකෑනික් සීන් දන්න අයියෙකුට කෝල් කරල තමයි ලඟම ෂෙඩ් එකෙන් ඔයිල් කෑන් එකක් අරගෙන දා ගත්තෙ...:P
    :baffled:බ්‍රරේක් ඔයිල් අඩියටම බැහැල..:baffled:

    වෙනද වගේම පට්ට වැදගත් ත්‍රෙඩ් එකක්.. සෑහෙන දේවල් දැන ගත්ත..
    විශේෂයෙන් අර ටයිමින් බෙල්ට් කතන්දරේ...:cool:

    මහන්සි වෙලා ටයිප් කළාට ගොඩක් ස්තූතියි..:yes:
    ++4

    වෙනද වගේම හොද කමෙන්ට් එකකින් සංග්‍රහ කලාට ස්තූතී සහෝ :D
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ela ela..++
    ටයිමින් චේන් මාරු කරන්න ඔනි නැද්ද බන් ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela ela..++
    ටයිමින් චේන් මාරු කරන්න ඔනි නැද්ද බන් ?

    දන්න විදිහට නම් මචං එන්ජිමේ ආයුකාලයට ගැලපෙන විදිහට තමයි ටයිමින් චේන් එක හදලා තියන්නේ. ඒ නිසා බෙල්ට් එක වගේ මාරු කරන්න ඕනෙ නෑ. බෙල්ට් එක මාරු කරන්නේ ඒක කර වෙලා කැඩෙන්න පුලුවන් නිසානෙ මචං.