අධිවේගී මාර්ග භාවිතා වෙන්නේ නෑයෝ බලන්න යන
අපේ අධිවේගී මාර්ග භාවිතා වෙන්නේ නෑයෝ බලන්න යන්න
ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ
කාර්මික නිෂ්පාදනයට දායක නොවන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් ආර්ථික සංවර්ධනයක් සිදු නොවන බවත්, ඒ සඳහා අවශ්‍යය කාර්මික යටිතල පහසුකම් වර්ධනය කිරීම රජය විසින් කළ යුතු බවත් ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ පවසයි. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෑතකදී දියුණුව ලැබූ සෑම ආසියාතික රටක්ම සංවර්ධනය වූයේ රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුවූ කාර්මික අංශයේ දියුණුව මඟින් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද කෘෂිකර්මය, සේවා සහ තාක්ෂනික වශයෙන් පසුගාමී කර්මාන්ත වෙතින් නූතන කාර්මිකකරණය දෙසට යොමු විය යුතු බවයි.
* අපේ ආර්ථිකයේ ස්වභාවය ගැන ඔබේ අදහස කුමක්ද?
අපේ ආර්ථිකය ලෝකය සමඟ සම්බන්ධ වෙන්නේ කෘෂි කාර්මික භාණ්ඩ කිහිපයක් අපනයනය කිරීම හා ඇගලුම් කර්මාන්තය සමඟයි. යටත් විජිත කාලෙත් අපේ ආර්ථිකයේ ස්වරූපය මේකම තමයි. අමතර දෙයකට එකතු වුණේ ඇගලුම් කර්මාන්තය, බැංකු, මූල්‍ය සමාගම්, වාහන අලෙවිකරුවන්, සුපිරි වෙළෙඳසැල්, සංචාරක හෝටල් හා ගෘහ සේවිකාවන් අපනයනය කිරීමයි. මේ ක්ෂේත්‍ර බාහිර ලෝකය නැත්නම් ලෝක වෙළෙඳපල සමඟ තරගකාරිත්වයක යෙදෙන්නෙ නෑ. යටත්විජිත සමයේ තිබ්බෙත් මෙවැනිම ආර්ථික ආකෘතියක්.
* අපේ ආර්ථිකයට සේවා අංශයෙන් ලැබෙන දායකත්වය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
අපි ප්‍රධාන වශයෙන්ම බර තබා තිබෙන සේවා කර්මාන්තය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. එයට මොන යම්ම විදිහක හෝ තාක්ෂණයක් අවශ්‍ය නැහැ. ඒ වගේම මේ වෘත්තියේ යෙදී සිටින අයගෙන් 90%කට වෘත්තියේ යෙදෙන්න අධ්‍යාපනයක් වුවමනා නැහැ.
නිෂ්පාදන ක්‍රියාවලිය නවීකරණය කිරීමෙන් ශ්‍රම ඵලදායීත්වය ඉහළ නංවන්න පුළුවන් විය යුතුයි. අපි ප්‍රමුඛතාවය දෙන සේවා කර්මාන්තවල ශ්‍රමික ඵලදායීතාව වැඩි කරන්න හැකියාවක් නැහැ. ඇගලුම් කම්හලක එක මැෂිමක් ක්‍රියාත්මක කරන්න එක සේවිකාවක් අවශ්‍යයි. අවුරුදු 40ක් ආපස්සට ගිහින් බැලුවත් මේ කර්මාන්තයේ තත්වය එයමයි. තේ කර්මාන්තයේ තත්වය අවුරුදු 200කින් වෙනස් වෙලා නැහැ. කූඩයක් ඔසවගත්ත කාන්තාවක් ගහෙන් ගහට යමින් දෑතින් තේ නෙලුවා. අදටත් එහෙමමයි. අපි තෝරා ගෙන තිබෙන සේවා අංශවල ශ්‍රම ඵලදායීතාව ප්‍රාග්ධනය හරහා වෙනස්වෙලා නැහැ. එහෙම වුණහම ශ්‍රමිකයන්ගේ වැටුප් ඉහළ යන්නේ නැහැ. එකතැන පල් වෙනවා.
සංචාරක කර්මාන්තය, වාහන එකලස් කිරීම, සුපිරි වෙළඳ සැල් වැනි අපේ ප්‍රධාන සේවා අංශ කිසිවකට තාක්ෂණය එතරම් අවශ්‍ය වන්නේ නැහැ. තොරතුරු තාක්ෂණය පැත්තෙන් බැලුවොත් මෘදුකාංග වර්ධනය කිරීමට දැනුමක් යොදා ගන්නවා. නමුත් මෘදුකාංග භාවිතා කරන්න හාඩ්වෙයර් අවශ්‍යයි. එයට හිස් අවකාශයක පවතින්න හැකියාවක් නැහැ. ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් හාඩ්වෙයාර් ක්ෂේත්‍රය වර්ධනය කිරීමෙන්.
බැංකු ආර්ථිකයට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් බැංකු අතිරික්තයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. බැංකු ආදායම් උපයන්නේ, ආර්ථිකයේ ඵලදායී අංශ නිෂ්පාදනය කරන අතිරික්ත වටිනාකම්, පොලී අනුපාතය හරහා පවරා ගැනීමෙන් . එයින් ඔවුන් ආර්ථිකයට අනවශ්‍ය බව කියවෙන්නේ නැහැ. නමුත් බැංකු ව්‍යාප්තිය ආර්ථිකයක් දියුණු වෙන්නේ නැහැ.
කෘෂි කර්මාන්තයේ තිබෙන ස්වභාවය පසුගාමී තත්වයක් හැටියට ඔබ හඳුන්වන්නේ ඇයි?
සමස්ත වගා කිරීමේ ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා එක හා සමානව තාක්ෂණය හෝ ශ්‍රමය යොදා ගැනෙන්නේ නැහැ. අසමානතාවක් තියෙනවා. මේ තත්වය වී වගාවේදී විශේෂයෙන් දකින්න ලැබෙනවා. ඉඩම සකස් කිරීමට වැය වන ශ්‍රමය එකක්. වී වැපිරීමට වැය වන ශ්‍රමය තව එකක්. ඉන් පස්සෙ වැඩ නොමැති කාලයක් එනවා. මේ අනුව ගොවියාට හැමදාම කරන්න වැඩක් නැහැ. නමුත් එහෙම කියලා වැඩ නැති දවසට ෆැක්ටරියක වැඩ කරන්න බැහැ. ඒඅනුව වී වගාවෙ තියෙන්නේ විරැකියාවක් නෙවෙයි. බරපතළ ඌන සේවා නියුක්තියක්. අතිරික්ත ශ්‍රමිකයෝ හැමදාම නැති වුණත් අතිරික්ත ශ්‍රම කාලයක් තියෙනවා.
දියුණු රටවල කෘෂි කර්මාන්තයේ සේවය කරන්නේ ශ්‍රම හමුදාවෙන් 1% - 2%ක් පමණයි. ඉතිරි පිරිස සේවය කරන්නේ කර්මාන්ත හා සේවා අංශවල. නමුත් ලංකාවේ මේ ක්ෂේත්‍රවල ශ්‍රමික පිරිස ඉහළ අගයක් ගන්නවා. ගැටලුව එය නෙවෙයි. මේ ක්ෂේත්‍රවල ඌන සේවා නියක්තියක් තිබීමයි.
* ශ්‍රමය එයින් මුදවා ගෙන කාර්මිකකරණයට යොදා ගැනීමට කළ යුත්තේ කුමක්ද?
ඒ සඳහා කෘෂි කර්මාන්තයේ පදනම සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි. මේකට ඉඩම් අයිතිය වෙනස් කරන්න වුවමනා නැහැ. උදාහරණයක් හැටියට ලෝකයේ විශාලතම සහල් අපනයනකරුවෙක් වන ඔස්ට් අනෙකුත් ආසියාතික රටවලට කාර්මිකකරණය බලපෑවේ අපිට බලපෑ ආකාරයටමද?
මෑත කාලීනව දියුණුව ලැබූ රටවල් බැලුවොත් ඒ සෑම රටක්ම කාර්මිකකරණයට පරිබාහිරව දියුණුවෙලා නැහැ.
ජපානය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, චීනය, මැලේසියාව වගේ ආසියාතික රටවල මූලිකවම කාර්මිකකරණයට අවශ්‍යය අඩි තාලම වැටුණේ රාජ්‍ය මැදිහත්වීමෙන්. දියුණු ආසියාතික රටවල් ඒ වර්ධනය ලබා ගත්තෙ වෙළඳපළට වුවමනා දේවල් කරන්න දීලා නෙමෙයි. රජයේ මැදිහත් වීමෙන් සමස්ත ආර්ථිකය කාර්මිකකරණය පැත්තට පරිවර්තනය කිරීමෙන්. ඒ සමඟ කෘෂි කර්මාන්තයේ පදනම වෙනස් කළා. මේ දෙක සම්බන්ධීකරණය කරන්න පුළුවන් රජයට පමණයි. එමෙන්ම ලෝක වෙළෙඳපළ තරගකාරී තත්වයකට ඇවිත්. ඒ නිසා පෞද්ගලික අංශයට ඒ තරගයට මැදිහත් වෙන්න බැහැ.
රේලියාව, වී වගාව ජීව විද්‍යාත්මක වශයෙන් දියුණු කළ රටක්. ඒ අනුව එහෙ වී වගා කරන්නේ මඩේ නෙවෙයි, ගොඩ ඉඩම්වල. ඒ නිසා වාරිමාර්ග ක්‍රමයකට යන විශාල වියදම ඉතිරි වෙනවා. මහා පරිමාණව වී වගා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඌනසේවා නියුක්තිය ඇති වෙන්නේ නැහැ. හැමදාම කරන්න වැඩ තියෙනවා. ඉතිරි ශ්‍රමය කාර්මික හා සේවා අංශවලට නිදහස් කර ගන්න පුළුවන්.
* ආර්ථික කටයුතුවලට රජය මැදිහත් විය යුතුය යන්නෙන් ඔබ අදහස් කරන්නෙ රජය ව්‍යාපාර කළ යුතු බවද?
අනිවාර්යෙන්ම. මේ සඳහා තෝරා ගත යුත්තේ කුමන කර්මාන්ත ද කියලා රාජ්‍යයට අදහසක් තිබිය යුතුයි.
රජයේ මැදිහත්වීමෙන් යටිතල පහසුකම් සංවර්ධනය කළ විට පෞද්ගලික අංශය නිරායාසයෙන්ම කර්මාන්ත ඇති කරන්න පෙළඹෙනවා කියන කතාව ඇත්තක්ද?
පාරවල්, පාලම්, බෝක්කු හැදුවහම පුද්ගලික අංශයේ මැදිහත්වීමෙන් කර්මාන්ත අවස්ථා ඉබේ ඇති වෙනව කියන එක විහිලුවක් බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. පුද්ගලික අංශයට එවැනි වුවමනාවක් නැහැ. ඊට වඩා අවදානම අඩුවෙන් ලාභ ඉපැයිය හැකි අවස්ථා තියෙනවා.
දැන් පෞද්ගලික අංශය මහා පරිමාණ බැර කර්මාන්ත ආරම්භ නොකරන්නේ පාරවල් මදි නිසාද. එහෙම නැත්නම් පාලම් හෝ බෝක්කු මදි නිසාද. එහෙම දෙයක් නැහැ. යටිතල පහසුකම් වර්ග දෙකක් තියෙනවා. ඒ ඵලදායී නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන හා ඵලදායී නොවන හැටියට. මෙහෙ අධිවේගී මාර්ග හැදුවහම මිනිස්සු ඒවා භාවිතා කරන්නේ සංචාර යන්න. ඒවා පරිභෝජන ක්‍රියාවලියට මිසක් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ යටිතල පහසුකම් හැඳින්වෙන්නේ ඵලදායී නොවන යටිතල පහසුකම් හැටියටයි. ලංකාවට අවශ්‍යය වානේ, ඉන්ධන, රසායන ද්‍රව්‍ය වගේ නිෂ්පාදන යටිතල පහසුකම් හදන කර්මාන්තශාලා. ඒවා රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් නිෂ්පාදනය කළ යුතුයි. මේක පුද්ගලික අංශයෙන් බලාපොරොත්තුවෙන්න බැහැ.
පෞද්ගලික අංශයේ අති විශාල දූෂණයක් වෙනවා. හොරකම නීති විරෝධී දෙයක්. නමුත් පෞද්ගලික අංශයේ දූෂණය නීත්‍යානුකූලව සිදු වන දෙයක්. ගෘහ සේවිකාවන් මැදපෙරදිග ශ්‍රමය වගුරවලා ගේන විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් යෙද වෙන්නේ අති සුඛෝපභෝගි දේවල් ආනයනය කරන්න. මේක අතිවිශාල දූෂණයක්. මේ විනාශ වෙන්නේ අපේ රටේ ප්‍රග්ධනය. සමස්ත අර්ථික සැලැස්මක් තියෙනව නම් ඒ විනිමය කර්මාන්ත අංශයක් ඇති කරන්න යොදා ගන්න පුළුවන්. ප්‍රමුඛතා ක්ෂේත්‍ර මොනවද කියල රජය තීරණය කළ යුතුයි.
කාර්මික අංශය ඇති කිරීම හා කෘෂි කර්මාන්තය පරිවර්තනය කිරීම සමපාතව සිදු විය යුතු දෙයක්. මේක වෙළෙඳපළ මඟින් නිරායාසයෙන්ම කෙරෙන්නේ නැහැ. පසුගාමී රටක ආර්ථික පරිවර්තනය සඳහා ආයෝජනය කළ යුතු ප්‍රමුඛ ක්ෂේත්‍ර තීරණය කිරීමේ දි මූලික කරගත යුත්තේ ලාභ අනුපාතය නෙවෙයි. ආර්ථික වර්ධන අනුපාතයත් නෙවෙයි. මූලික විය යුත්තේ තිබෙන සම්පත් ප්‍රමුඛතාව අනුව කාර්මිකකරණය දෙසට හැරවීමයි. නාස්තිවන ශ්‍රමය හා ප්‍රාග්ධනය කාර්මිකකරණය දෙසට යොමු කිරීම වැදගත්. එයින්, වර්ධන අනුපාතයට ඇති වන බලපෑම ගැන සැලකිළිමත් වීම වැදගත් නැහැ.
සංවාදය - චන්දන
ඡායාරූපය - සුලෝචන ගමගේ
http://archives.dinamina.lk/2015/03/09/_art.asp?fn=f1503094

Madamulane Baiya danna Economy. 