රාජ්‍ය ආයතන විකුණාගෙන කෑම වැරදි වගෙම මරාග
රජය ආර්ථිකය පාලනය කිරීමට මැදිහත්වීම, කන්දෙන් ඉබේම ගලන දිය පහර පොම්ප කිරීමට මහන්සි ගන්නවා වගේ වැඩක්
“අපි යන්න ගිය ’දේශීය ආර්ථිකයක් කරා’ කියන ගමන නැවතුනේ ජේ.ආර්. නිසා’ කියල කිව්වොත්. ඒකට එක`ග වෙන්න පුලූවන් යම් දුරකට පමණයි. ජේ.ආර්. ගෙන් වෙච්ච නැති ලිබරල්වාදී පැතිකඩක් ඊට පසු කාලවලදි අපි දැක්ක. වතු පුද්ගලික අංශයට පැවරෙන්නේ 1980 ගණන් අග භාගයේ දී හා 1990 ගණන් මුල්භාගයේදී. ලංගම කෑලිවලට කඩා පොකුරු බස් සමාගම් බවට පත්වෙන්නේ ඊටත් පස්සෙ. 1994 – 1999 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය වෙමින් පැවතුණා. ගෑස් සමාගම, එයාර් ලංකා පුද්ගලික කරණය වීම සිදුවූයේ මේ වකවානුව තුළයි. එහි තවත් ඉදිරි පියවරක් ලෙස, 2001/2003 ‘රීගෙනින් ශ‍්‍රී ලංකා’ කියන වැඩපිළිවෙල යටතේ රජය තවත් කුඩා කිරීමට එනම් ‘රාජ්‍ය මැදිහත්වීම තවත් අඩු කිරීමට’ පියවර ගන්නව.” – කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ලලිතසිරි ගුණරුවන්
නිදහසින් පසුව දසක 6 1/2 ක් ගෙවිලා අවසන් ආසන්නයි. හෙට අනිද්දා පටන්ගන්නේ, නිදහසින් පසු ගෙවෙන 70 දශකයේ අවසන් අර්ධය. ගෙවී ගිය කාලය තුළ අපේ රට ලබා ඇති දියුණුව ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
එකපාරටම ඍජු උත්තරයක් දීමට අපහසු සංකීර්ණ ප‍්‍රශ්නයක්. සමහර පැතිවලින් සතුටු විය හැකි වුවත්, දසක 6 1/2 කට පස්සෙ අපි ඉන්න තැන ගැන බලපුවාම, මීට වඩා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්කම තිබුණ කියන එකයි මගේ මතය.
එම පිළිතුරම තව දුරටත් විග‍්‍රහ කරනව නම්.
නිදහසේදී අපේ රටේ තිබිච්ච සමාජ සාධාරණත්වය ගැන බැලූවොත් ඊට වඩා සමාජ සාධාරණත්වයක් ඊට පසු යුගවලදී ඇති වූ බව අපි කවුරුත් දන්නව. නිදහස් අධ්‍යාපනය නිදහසට පෙර ගෙනා දෙයක් වුවත්, එහි ප‍්‍රතිඵල ජනතාවට උරුම වෙන්න පටන්ගත්තේ නිදහසත් සමග හා ඊට පසුවයි. නිදහස සමග උදා වූ යුගයේ විවිධ දේශපාලන බලවේග මගින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් ලොකු අරගලයක් අරගෙන ගියා. ඒ අරගලයේ ප‍්‍රථිපල ලෙස තමයි මා වගේ කෙනෙකුටත් උසස් අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන්කම ලැබුණෙ. එහෙම නොවුනා නම් සමහරවිට වෙනත් රටවල් මෙන්ම, ධනපති පන්තියට පමණක් වරප‍්‍රසාද සීමාවී තිබුණි නම්, පොදු ජනතාවගේ දූ දරුවන්ට එම වරප‍්‍රසාදය නොලැබෙන්න ඉඩ තිබුණ. එහෙම වුනානම් මමත් අද මෙතන නොයින්න ඉඩ තිබුණ.
විශේෂයෙන්ම 1956 පසු ඇති වූ යුගය රාජ්‍ය අංශය පෙරටුකොටගත් ආර්ථික පිළිවෙතක් මගින්, රට සංවර්ධනය කරා ගෙන යාමේ දිසානතියකට යොමු වූ යුගයක්. ඒ යුගයේ සිදු වූ සමාජ පරිවර්තනයත් සමග රාජ්‍ය සේවා ප‍්‍රචලිත වීමක් සිදුවුණා. ලංගම පළමු පනත විදිහට පැමිණ, එතැනින් පසු තවත් රාජ්‍ය ආයතන බිහිවීමක් සිදුවීමත් සමග ඇති වූ පෙරළිය ඉතාම තීරණාත්මක පියවර වශයෙන් සලකන්න පුළුවන්. 1956, 1957, 1958 යුගයේ සිට දස අවුරුදු සැලැස්මක් මගින්, කේනිසියානු ආර්ථික ක‍්‍රමය අනුගමනය කරමින් රට සංවර්ධනය කිරීමේ අරමුණක් රජයට තිබුණා. ලෝකප‍්‍රකට ආර්ථික විද්‍යාඥයන් පවා ලංකාවට ගෙන්වාගෙන, අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සැලසුම් මණ්ඩලයක් හදලා රාජ්‍ය ව්‍යවසායකත්වය තුළින් රට ගොඩනැගීමේ අරමුණක් තිබුණා. මේ වන විට තිබුණේ ඇස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරණායක රජය. කල්ඩෝ, ගල්බ්‍රෙත් වගේ ලෝකප‍්‍රකට ආර්ථික විද්‍යාඥයන් මේ සඳහා දායක කරගත්ත. බණ්ඩාරනායක ඝාතනයත් සමග මේ සැලැසුම් විනාශ වුණා. ඉන් පසු ඒ සැලැසුම් කෙදිනදවත් ක‍්‍රියාත්මක වුනේ නෑ.
ආර්ථික පැත්තෙන් එසේ වුවත් සමාජීය පැත්තෙන් සිදු වූ කරුණු රැුසක් තිබුණා. රටේ ස්වාධීනත්වය පැත්තෙන් ගත් පියවරවල් රැුසක් තිබුණ. 1948 නිදහසත්, ඉන්පසුව ඇති වූ පෙරළියත් නොවෙන්න අදටත් ගුවන් තොටුපළවල්, වරායවල් තවමත් විදේශ ආධිපත්‍ය යටතේ පැවතීමට ඉඩ තිබුණ. ඒ පියවරවල් සමගම රට ගමන්ගත් දිසානතිය ස්වාධීනව දෙපයින් ගැනීම දක්වා වර්ධනය වීමේ ප‍්‍රවනතාවයක් ඇති වුණා. ‘දේශපාලන නිදහස අර්ථගැන්වීමට නම් ආර්ථික නිදහසක්කරා ද යායුතුයි’ කියන දැක්මක් ඒ දිනවල තිබුණ. 1956, 1960, 1965, 1970 දක්වා මේ මතය වර්ධනය වෙමින් පැවතුණා.
මේ යුගය තුළ අපේ රටේ විවිධ කර්මාන්ත ඇතිවෙන්න පටන් ගත්තා. වානේ සංස්ථාව, ටයර් සංස්ථාව වැනි කර්මාන්ත ඊට උදාහරණ. මීට පෙර ස්ටර්ලින් වතු ජනසතුවත් එක්ක විදේශිකයන් සතුව තිබූ අපේ අක්කර ගණනක් රජය සතුකරගෙන අපේ වැවිලි ආර්ථිකය දේශීය කරගැනීමට අවස්ථාව ලැබුණා. ඛණිජ තෙල් වෙළෙඳපොළ දේශිකත්වයට පත්කර ගැනීමට 1960 ගණන්වල පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජයට කොතරම් දුෂ්කර වුණාද කියන එක 1961/1962 වර්ෂ වල අයවැය වාර්තා කියවනවිට තේරුම්ගන්න පුළුවන්. ජාත්‍යන්තර වෙළෙඳ අධිකාරිය සතුව තිබූ රටේ ඛණිජ තෙල් බෙදාහැරීම, ජනසතු කිරීමට ඉඩ නොදී ඒ අය තුළම රඳවා ගැනීමට ඔවුන් උපරිම උත්සහයක් දැරුව. එහෙත් එය ජනසතු කිරීමට එවකට පැවති රජයන් පසුබට වුණේ නැහැ. නිදහසින් පසු ඇති වූ ප‍්‍රගතිය ලෙස ඉහත කරුණු හඳුන්වන්න පුළුවන්. මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු ඇති වෙන්නේ මේ වකවාණුව තුළයි. 1950 දශකයේ දී ඞී.එස්.සී.සී. ආයතනය ඇති කරල, 1977 න් පසුව ජාතික සංවර්ධන බැංකුව ඇති කරල, ඒ මගින් සාමාන්‍ය ගොවියාට, සුළු ව්‍යාපාරිකයාට පවා ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාවන් උදාවෙනව. ඉංග‍්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවට ස්වභාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවෙනව. මේ අතින් ගොඩක් දේවල් සිදුවුණා කියල කියන්න පුළුවන්. ‘නිදහසින් පසු පැවති රජයන් මොකුත්ම කෙරුවෙ නැහැ’ කියල නිෂේදනාත්මකවම කතාකරන්න බැහැ. කරපු දේවල් විශාල ප‍්‍රමාණයක් තියනව.
ඒහෙත් ‘මීට වඩා තවත් ඉස්සරහට යන්න තිබුණ’ කියන එකත් කියන්න ඕනැ. අපි මේ අවදිය වෙනකොට හිටිය තැනත්, අපිත් එක්ක හෝ අපිට පිටුපසින් 1948 වන විට හිටපු රටවල් අද ඉන්න තැන දිහා බලපුවාම අපිට හිතෙනව, අපිට මීට වඩා දුර ගමණක් යන්න තිබුණ කියල. අපි සමහර තැන් වලදි පාර වරද්දගත්ත නිසා, යන්න තිබුණ වාහනය මග හැරිය නිසා ගමන පසුගාමී වුණා. ඒ කියන්නෙ සමහර අවස්ථාවලදී අප ගත් තීන්දු තීරණ වල ඇති දුර්වලකම් නිසා, සමහර අවස්ථාවලදි ඡුන්දයය පදනමක් කරගනිමින් ගත් තීන්දු තීරණ නිසා තමයි අපි අද ඉන්න ඕන තැනට වැඩිය ගොඩක් පස්සෙන් ඉන්නෙ.
මේ දෙශියත්වයේ ක‍්‍රමික වර්ධනය නැවතුනේ, ආපසු හරවනු ලැබුවේ 1977 දී ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වීමෙන් පසු ගෙනෙන ලද විවෘත ආර්ථිකය බවට, දශක ගණනාවක් ගතවෙලත් අදත් විවේචනය කරනව. ආර්ථික විද්‍යාව ගැඹුරෙන් නොදත් සාමාන්‍ය ජනතාව අතර පවා ඒ පිළිබඳව විවේචනයක් තියෙනව. එහි සත්‍ය අසත්‍යතාවය කුමක් කියලද ඔබ හිතන්නේ?
එක එක යුගයන්හී දී සිදු වූ සිදුවීම් දෙස බලනවිට, 1948 අපි දේශපාලන නිදහස ලබා ගන්නව. සම්පූර්ණ දේශපාලන නිදහසක් කියල කියන්න බැරි වුවත්, අර්ධ දේශපාලන නිදහසක් හරි ලබාගන්නව. ඊට පසු යුගය දේශීය කර්මාන්ත ආරම්භ කරමින් රාජ්‍ය ව්‍යවසායකත්වය ආර්ථිකයට බලපෑම් කරනව. සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇති වෙන්නෙ මේ යුගයේදී. මෙහිදී මූලික ප‍්‍රශ්න දෙකක් තේරුම් ගන්නව.
රටේ නිෂ්පාදනයයෙන් ඉතා විශාල කොටසක් කෘෂිකර්මය. තේ, රබර්, පොල් ඊට අයත්. අපනයන පැත්තෙන් බලනවිට, 90% කට වඩා වැඩි ප‍්‍රමාණයක් තේ, රබර්, පොල් අපනයන අයත්කර ගන්නව. එයින් විශාල ප‍්‍රමාණයක් විදේශිකයන් සතුයි. අපි ස්වාධීන නිදහස ලැබුවා කියා කිව්වත්, අලූත නිදහස ලබපු රටක විශාල ප‍්‍රමාණයක් රජයේ පාළනයෙන් තොරව තියන විට, අපි ලබපු නිදහස අස්ථාවර වෙනව. රජයට බලපෑම් කිරීමේ හැකියාව විදේශීය සමාගම් සතුව තිබෙන බව පේනව. ඊට ප‍්‍රතිකර්මයක් ලෙස ඒ යුගයේ හිටපු ප‍්‍රතිපත්ති තීරකයන්ගේ දැක්ම වුනේ, තුලනය කළ හැකි පරිදි කර්මාන්ත ක්‍ෂේත‍්‍රයක් ගොඩනගා ගන්නේ කොහොමද කියන එකයි. කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රය එලෙසින්ම තිබියදී පුද්ගලික අංශය ද දායක කරගනිමින්, රාජ්‍ය බැංකු මගින් ණය පහසුකම් සලසමින් දේශීය කර්මාන්ත ඇති කිරීමට රජය උත්සාහයක් ගත්තා. ඒක එක උපාය මර්ගයක්. 1956 න් පසුව රජය මැදිහත් වී කර්මාන්ත පටන් ගන්න ප‍්‍රවණතාවක් ඇති වෙනව. 1960 ගණන් වලදී ජනසතු ව්‍යාපාරයත් සම`ග බැඳුණු රාජ්‍ය තන්ත‍්‍රය විසින් මෙහෙයවන සංස්ථා ඇති වෙනව. මෙයට සමාජවාදී කඳවුරේ ආදර්ශ සහ මූල්‍ය ආධාර ලබෙනව. පෞද්ගලික අංශයත්, රාජ්‍ය අංශයත් තුළ ඇති අසමතුළිත සමනය කිරීම සඳහා දේශීය යාන්ත‍්‍රණයක් වර්ධනය කිරීම මේ ක‍්‍රියාවලියේ මුඛ්‍ය අරමුණ වෙනව. 1970 සිට 1977 දක්වා ආනයන පාලනය කරමින් පවා දේශීය කර්මාන්ත නගාසිටුවීමේ ප‍්‍රබල උත්සාහයක් දැරුව. එය දැඩිවූ පාලිත ආර්ථිකයක් කරා වර්ධනය වෙනව.
අපිට අද විවේචනය කරන්න පුළුවන් එදා ඒ තීන්දුවේ අනිෂ්ඨ ලක්‍ෂණ ගැන. අපි එදා ඒ තීන්දුව ගත්ත තැන ඉඳල හිතල බලමු. එහෙම නොවුනා නම් අපේ සමස්ථ ආර්ථිකය විදේශිකයන් විසින් හසුරවන්න පටන් ගන්න ඉඩ තිබුණ අපි ලබාගත් නිදහස අපිට අර්ථ ගැන්වීමට ඉඩ නොදී. මම හිතනවා ඒ නිසා තමයි එම වකවාණුව තුළ ඒ ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියා මාර්ගයක් ජේ.ආර්. විසින් ගන්න ඇත්තේ. එතුමා දකිනව ‘මේ පාලිත ආර්ථිකය තුළ අර්ථික ජව රෝදය කැරකීම ඉතා හෙමින්. රජයේ මැදිහත්වීම ඉතාම දුර්වලයි, රජය අකාර්යක්‍ෂමයි’ කියල. මේ අතර ජනතාව පැත්තෙන් දැඩි ප‍්‍රතිවිරෝධයක් එනව. රෙදි බූමිතෙල් ගඳයි, හාල් වලට තහංචි දාලා, සතියට දවස් දෙකක් මංඤ්ඤොක්කා, බතල වගේ මැසිවිලි නැගෙනව.
සංවෘත ආර්ථිකය සංවර්ධන දිසානතිය පැත්තෙන් ගත්තත් ඉදිරි ගමන බොහොම හෙමින් ක‍්‍රියාත්මක වෙනව. එමෙන්ම, වර්ධන වේගය 2%, 3% වැනි පහත් අගයක් ගන්නවා. මේ නිසා තමයි එම වකවානුවෙදි සංවෘත ආර්ථිකය, වෙළඳ ආර්ථිකයක් ලෙස නිදහස් කිරීමට ජේ.ආර්. ජයවර්ධන මහතා තීරණය කරන්නෙ. ඒ අනුව ජේ. ආර්. ගෙ පාලන කාලයෙදී මේ පාර වෙනත් පැත්තකට හැරෙනව. ‘අපිට යන්න තිබුණ දේශීය ආර්ථිකයක් කරා කියන ගමන නැවතුනේ ජේ.ආර්. නිසා’ කියල කිව්වොත්. ඒකට එක`ග වෙන්න හැකි වෙන්නේ යම් දුරකට පමණයි. සම්පූර්ණයෙන්ම එක`ග විය නොහැකියි.
සිරිමාවෝ රජය දිගටම පාලන බලයේ පැවතුණා නම්, එම දේශීය කෘෂි හා කාර්මික සංවර්ධනය එලෙසින්ම වර්ධනය වූවා නම් අද අපි ස්වයංපෝෂිත ජාතියක් බවට අදහසක් පළවෙනව නේද?.
සිරිමා රජයේ ප‍්‍රගතිශීලී තීන්දු තීරණයන් රැුසක් තිබුණ. දේශීය කෘෂිකාර්මික සංවර්ධනයට ප‍්‍රතිපත්තිමය තල්ලූවක් දී තිබුණ. ආනයන පාලනය කිරීම තුළින් ළදරු අවදියෙ පවත්නා දේශීය කර්මාන්තවලට අවශ්‍ය ආරක්‍ෂණය ලබාදීමට පියවරගෙන තිබුණා. 1973 ලෝකයේම ඇති වූ ජාත්‍යන්තර ඛණිජතෙල් අර්බූදය හමුවේ රටේ ආර්ථිකය කඩාවැටීම පාළනය කිරීම සඳහා පියවර ගෙන තිබුණා.
1970 දී තිබුණ ගෙවුම් ශේෂයේ අවපාතය ක‍්‍රමාණුකූලව ගොඩ ඇවිත් 1975, 1976 වන විට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ගෙවුම් ශේෂය ධන අගයක් දක්වා වර්ධනය වෙනව. අපේ ගෙවුම් ශේෂය ධන අගයක් ගත්ත එකම වර්ෂය 1977 වර්ෂයයි. 1977 දී ආර්ථිකය විවෘත වූ විගස ගෙවුම් ශේෂය ඉතාමත් දරුණු අන්දමින් පහළට කඩා වැටෙනව. එයින් ගොඩ ඒමට අදටත් බැරිවෙලා තියෙනව. කෙසේ වුවත් මෙහිදී පරිභෝජනය තදින් පාලනයට ලක්වූ නිසා, පොදු මහජනතාව අතර පීඩනයක් ගොඩනැගී තිබුණා. දේශපාලනික පිපිරීමට මූලික හේතුව වූයේ එය වෙන්න ඇති කියලයි මම දකින්නෙ.
සිරිමාවෝ බණ්ඩාරනායකගේ ‘ඉබ්බාගේ හෙමින් ආර්ථික ගමන’ යන්න ගිහින්ද, ජේ.ආර්. ගේ ‘හාවාගේ වේගවත් ආර්ථික ගමන’ යන්න ගිහින්ද අපිට වැරදුනේ?
මේ පිළිබඳව කවුද හරි, කවුද වැරදි කියල ඍජු පිළිතුරක් දෙන්න බැහැ. අපි බැලිය යුත්තේ ඒ ක‍්‍රම දෙක තුළ තිබෙන සංසන්දනාත්මක ගුණ අගුණයි. ‘මේ දෙකම මිශ‍්‍ර කර තවත් ඉදිරියට යන්න පුළුවන් වුණා නම්, අන්ත දෙකෙන් උපරිමයට නොගොස් ජාතික ආර්ථිකයත් රැුකගෙන ඉදිරියට යන්න පුළුවන් වුණා නම්, වඩාත් ඵලදායි වියහැකිව තිබුණා’ යන්න මගේ මතයයි.
ඔබ කියන්නේ රජයේ මැදිහත් වීම තුළ වර්ධන වේගය මන්දගාමියි කියන එකද?
අපි සරල උදාහරණයක් අරන් බලමු. පොල් ගෙඩියක් කැඞීමට ගහට නැග්ග මිනිහෙක් නටුවෙන් පොල් ගෙඩිය වෙන් කරපු ගමන් එය බිමට වැටෙනව. ඒකට ඔහු අලූතෙන් මහන්සියක් ගෙන එය පහත හෙළීමට උත්සාහයක් ගැනීමට අවශ්‍ය නැහැ. ඒක ස්වාභාවයෙන්ම, ගුරුත්වාකර්ෂණ ශක්තිය තුළින්ම වෙනව. කන්දක් මුදුනේ සිට ගලන දිය පහරක් පහළට ගෙන ඒමටත් අමතර ක‍්‍රියාවක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එයත් ගුරුත්වාකර්ෂණ බලයෙන් පල්ලෙහාට ගලනව.. ගහෙන් බිමට වැටෙන පොල් ගෙඩිය බිමට දමා ගැසීමට හදනවා වගේ වැඩක්. ඒ තත්ත්වට ගියොත් ගුරුත්වයෙන් කෙරෙන වැඬේ කෙරෙන්න ඉඩ දෙන්නෑ. ඒ වගේම එවැනි තත්ත්වයක් යටතේ රජයේ මැදිහත්වීම නිෂ්ඵල ක‍්‍රියාවක්.
තවත් අතකින් බලනවිට, කන්දෙන් ගලන ජල පහර අවශ්‍ය තැනට ගලා නොයනවා නම් අපිට අවශ්‍ය තැනට ගලා යෑමට වැටියක් බැඳ හෝ කාණුවක් කපා අවශ්‍ය තැනට යොමු කළ යුතුයි. පොල් ගෙඩිය බිමට වැටෙන විට වහළක් උඩට හෝ යම් හානියක් සිදුවෙන ස්ථානයකට වැටෙනව නම්, පොල් ගෙඩිය කඩන තැනැත්තා විසින් එය එසේ නොවීමට පොල් ගෙඩියට තල්ලූවක් දී වෙනත් තැනකට වැටෙන්නට යොමු කළ යුතුයි. එසේම රජය මැදිහත්විය යුත්තේ ආර්ථිකය නිසි පරිදි කළමණාකරනය සිදුනොවේ නම්, රටට හානියක් සිදුවේ නම් නිවැරදි දිසානතියකට යොමු කිරීමයි. ඊට අමතරව යම් විදිහකට කන්ද උඩට ජලය ගෙන යාමට අවශ්‍ය නම් රජය මැදිහත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම රජය කළයුතුයි. රාජ්‍ය මැදිහත්වීම තුළ උපායමාර්ගික සංවර්ධනයක් කරා ආර්ථිකය මෙහයවීමට හැකි වන්නේ එසේ කළහොත් පමණයි. උදාහරණ වශයෙන් දකුණු කොරියාවේ ආර්ථිකය වේගවත් සංවර්ධනයකට භාජනය කිරීමට 60, 70, 80 දශක තුළ, රාජ්‍ය සක‍්‍රියව මැදිහත්වීම සාර්ථකවීම නිදසුන් ලෙස දැක්විය හැකයි. මෙහිදී රජය ආයෝජනය සහ ව්‍යාපාරවල නියැලෙමින් ආර්ථිකයට අවශ්‍ය ජවය සැපයීමට සක‍්‍රිය මැදිහත්වීම කැපිපෙනෙන ලක්‍ෂණයකි. සිංගපූරුවේ හා තායිවානයේ, මැලේසියාවේ රාජ්‍ය සංකල්පය අඩුවැඩි වශයෙන් ක‍්‍රියාමකව සාර්ථක සංවර්ධන ප‍්‍රතිඵල ලබාගත්බව නිරීක්‍ෂණ කළ හැකියි.
එක් කොණක සිටින පාර්ශවයක් කියනවා රජයේ මැදිහත් වීමක් කිසිසේත් අනවශ්‍යයි කියල. එතනදි වෙන්නෙ, පොල් ගෙඩිය වහලයට වැටෙනවා වගේ වැඩක්. කන්දෙන් ගලන ජලය අපට අවශ්‍ය තැනට නොගොස් වෙන තැනකට ගලාගෙන යනවා වගේ වැඩක්. ඒ නිසා පෙනෙනවා රජයේ යම්කිසි මැදිහත්වීමක් අවශ්‍යයි කියල. අනෙක් පිරිස කියනව, රජයේ මැදිහත් වීමක් අවශ්‍යමයි කියල. ඔවුන් කරන්නේ කන්දෙන් පහළට ඉබේම ගලන ජලය පොම්ප කරනව වගේ අනවශ්‍ය වැඩක්.
වෙළඳපොළ කියන යන්ත‍්‍රණයට කළහැකි කාර්යයක් තියනව. ඒක නිරායාසයෙන් සිදුවෙන දෙයක්. වෙළඳපොළ යාන්ත‍්‍රණයට කරන්න පුලූවන් කාර්යභාරය කිරීමට ඉඩ හැරීමෙන් අයහපතක් සිදුවෙන්නේ නැහැ. එහි හානියක් නැහැ. එහෙත් වෙළඳපොළ යාන්ත‍්‍රණයට ඉඩ දී ඇස් කන් පියාගෙන සිටීම, අවධානයෙන් තොරව සිටීමත් ඉතාම හානිකරයි. එසේ ඉඩදී රජයන් බලා සිටීම තුළ ලිබරල්වාදී ආර්ථිකයන් පැවති ලොව රටවල් රැුසක ප‍්‍රශ්න ඇති වී තිබෙනව.
තුලනාත්මක හා තිරසාර සංවර්ධන පැත්තෙන් බැලූවොත්, සම්පත් කෑදර භාවිතය තුළ මිනිස් වර්ගයේ පැවැත්මට අභියෝගයක් වෙන තරමට ලිබරල්වාදී, කෑදරකාරී ආර්ථිකය තල්ලූවෙනව කියල පේනව.