ආටානාට සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්ත

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ආටානාට සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්ත

    ආටානාට සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්තර කරන එදා හෙළදිව




    බුද්ධ දේශනාවක් ම වු ත්‍රිපිටකයේ දීඝනිකායේ සඳහන් වන ආටානාටා සූත්‍රයේ මෙන් ම මහාසමය සූත්‍රයෙහි ද සඳහන් වන කරුණු දෙස විමසිල්ලෙන් බැලුවොත් එදා ගෞතම බුදුපියාණන් වැඩසිටි, ධර්මය දේශනා කළ ජන්බුද්වීපය නම් වු සිව් හෙළය පිළිබදව නිවැරදි වුත් සත්‍යම වුත්, කරුණු රාශියක් හෙළිදරව් කරගත හැකි වෙයි. ත්‍රිපිටකයේ එන මෙම සුත්‍ර දෙක ම බෞද්ධයාට දැකගත හැකි වන්නේ පිරිත් පොතෙන් ය. ඒ වාගේ ම දිනපතා ම ගුවන් විදුලියෙන් ආටානාටා සුත්‍රය අසා ගන්නටත් ලැබෙයි. මෙම සුත්‍රයන් දිනපතා ම වාගේ ශ්‍රවණය කළත් මෙහි සඳහන් මාගධී පදවලින් කියැවෙන සත්‍යයමය වූ ඓතිහාසික කරුණු පිළිබඳව කවුරුන් හෝ තවමත් නිවැරදිව තේරුම් කර දී නැත. මේ ආටානාටිය සුත්‍රය කියන්නේ යකුන් භූතයන් එලවීමට කී දෙයක් යැයි කියමින් එහි අදහස යටපත් කිරීම අද උගත් බොද්ධ පැවිද්දාගේ පවා සිරිතයි.

    දිනපතාම ඔබට අසන්නට ලැබෙන, හැම ගෙදරක ම වගේ ඇති පිරිත් පොත් ද සටහන් වන, මෙම සූත්‍ර දෙකෙහි ම සඳහන් වන විශේෂ ඓතිහාසික කරුණු රාශියක් පිළිබඳව විග්රහ කර ඒ අනුව අපේ හෙළ ඉතිහාසය ද නිරවුල් කරගත යුතුව ඇත. මෙම සූත්‍ර දෙකේ ම සඳහන් වන්නේ බිය උපදවන, ආශ්චර් යවත් වූ අත්භූත වු යක්ශ, භූත ආදී නොපෙනෙන බලවේගයන් සමූහයක් පිළිබඳව යැයි සිතතොත් නම් එය බලවත් ම වැරදීමකි. ආටානාටා සූත්‍රය යනු එදා බුද්ධ කාළයේ හෙළදිව පැවති තත්වය පිළිබඳව කදිම චිත්රයක් ඇඳ කරුණු හෙලි දක්වන, සත්‍යමය කරුණු විස්තර කරන සූත්‍රයකි.

    මාගධී භාෂාවෙන් ත්රිපිටකයේ ලියා ඇති මෙම ආටානාටා සුත්රය සම්පූර්ණයෙන් ම නැවතත් මාගධී බසෙන් ලියා දැක්වීමට මෙහිදී බලාපොරොත්තු නොවන අතර සමහර වැදගත් කොටස් පමණක් විස්තර සහිතව විග්රහ කර බැලීමට ලියා දක්වන්නට අදහස් කරමි.

    “ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා
    රාජගහේ විහරති ගිජ්ජකූට පබ්බතේ
    අථාකෝ චත්තාරෝ මහාරාජා
    මහාතියාච යක්ඛ සේනාය
    මහතියාච ගන්ධබ්බ සේනාය
    මහතියාච නාග සේනාය
    මහතියාච කුම්බාණ්ඩ සේනාය”

    ගෞතම සම්මා සම්බුදු පියාණන් රජගහ නම් නුවරට නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩවසන එක්තරා දිනයක, මෙහි සඳහන් වන යක්ඛ ගෝත්‍රික මහ රජවරු හතර දෙනා තම සේනාවන් ද පිරිවරාගෙන බුදුපියාණන් බැහැදකින්නට පැමිණියහ. මොවුන් මෙසේ පැමිණියේ යම් විශේෂ කතිකාවක් සඳහා ය. වැදගත් යමක් ප්‍රකාශ කිරීමට ය.

    රටක පාලකයකු, මහ රජ කෙනෙකු මෙවැනි විශේෂ කාරයයක් සඳහා තම පාලන ප්‍රදේශයෙන් පිටත පිහිටි තැනකට යෑමේදී තම සේනාවන්ද සහිතව ගමන් කිරීම එදා සිරිතක්ව පැවතිණි.

    ගෞතම බුදුන් එදා වැඩසිටි රජගහ නම් නුවරත් ගිජ්ජකූට නම් පර්වත විහාරයත් යක්ඛ රාජ්‍යයත් පිහිටියේ එක ම දීපයක ය. ඒ බව මේ සූත්‍රයේ පැහැදිලිව ම සඳහන් වේ. නමුත් පාලන ප්‍රදේශ දෙකක ය. මෙහි නම් සඳහන් “වෙස්සවන” නම් කුවේර රජුත්, ධතරට්ඨ නම් ගාන්ධර්ව රජුත්, විරූපක්ඛ නම් නාග ගෝත්‍රික රජුත් විරූල්හ නම් කුම්භාණ්ඩ ගෝත්‍රික රජුත් යන හතර දෙනා ම මිනිසුන් ය. මේ රජවරුන් සමග පැමිණි සේනාවල සියලු ම දෙනා ද මිනිසුන් ය. ඔවුන් ඒ ඒ ගෝත්‍රිවලට අයත් මිනිසුන් ම මිස වෙනත් නොපෙනෙන නොදන්නා අද්භූත බලවේග නොවේ.

    මේ ගෝත්‍ර හතරට ම අයත් රජවරුන් ද ඔවුන් සමග පැමිණි සේනාවන් ද එදා හෙළදිව ම ජීවත්ව සිටි විවිධ ප්‍රදේශවලට අයත් වු රාජධානිවලට අයත් වු මිනිසුන්ම වුහ.

    යක්ඛ හෙළය. නාග හෙළය, කුම් භාණ්ඩ හෙළය හා ගාන්ධර්ව හෙළය නමින් මේ හෙළදිව ම එදා කොටස් හතරකට බෙදී වෙන් විය. ඊට අමතරව ජන්බුද්වීපය යනුවෙන් ප්‍රකාශ කළ දේව හෙළයේ ශාකය ජනපද සොළසක් ද විය. මෙහි සඳහන් රජගහ නුවර එදා පිහිටියේ දේවහෙළයට අයත් මගධ නම් ශාක්‍ය ජනපදයේ ය.

    යක්ඛ ගෝත්‍රික මහරජවරුන් හතර දෙනා එදා රාත්‍රි කාලයේ බුදුන් හමුවට පැමිණියේ මහ එළි දල්වාගෙන ය. මේ සියලු දෙනාමද අප වැනිම මිනිසුන්ය. අපේ ම මී මුත්තෝය. මේ අපේ ම රටේ අතීතයේ විසූ ගෝත්‍රික ජන කොටසකට අයත් වු මිනිසුන් ය.

    දේව හෙළය හා යක්ඛ හෙළය නමිනුත් නාග හෙළය නමිනුත් එදා තුන් හෙළය ප්‍රසිද්ධ විය. යක්ඛ හෙළයේ යක්ඛ කුම් භාණ්ඩ හා ගාන්ධර්ව නමින් යක්ශ ගෝත්‍රික ජනයා ම තුන් කොටසක් වූහ. ඔවුන්ට වෙන වෙන ම රජවරු සිටියහ. යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව යන ගෝත්‍ර හතරට ම නායක වු පාලක වු මහරජ කෙනෙක්ද විය. ඒ මහරජු අටානාටා නම් නුවර රජකළ වෙසමුණි නමින් හැඳින්වුණු කුවේර මහරජ තුමා ය.මේ යක්ඛ හෙළයේ පාලන මුලස්ථානය සහ රාජ්ය සභාව පිහිටියේ ආටානාටා නුවර ය. එය අද අනුරාධපුරයට ආසන්න විලච්චියේ පිහිටා තිබිණි.

    යක්ඛ හෙළයේ රජමක් කළ මෙහි නම් සඳහන් වන රජවරුන් හතර දෙනාට ම පොදු වු මෙම රාජ සභාවේදී, ආටානාටා නුවරදී රජවරුන් හා නායකයෝ එක් වී ආටානාටා ප්‍රඥප්තිය – නමින් ආඥාවක් සම්මත කරගත්හ මේ ආඥාව පනවා ගත් මහරජුන් හතර දෙනා ගෞතම බුදුපියාණන් හමුවන්නට පැමිණ මේ පනවාගත් ආඥාව හා මෙහි අඩංගු කරුණු ගැනත් එය ක්රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැනත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට බලය ලබා දුන් යක්ඛ ගෝත්‍ර හතරට අයත් නායකයින් හතළිස් දෙනකුගේ නම් පිළිබඳවත් ගෞතම බුදුපියාණන් වෙත දැනුම් දීමට මේ රාත්‍රියේ රජගහ නුවරට පැමිණි බව දැනුම් දුන්හ.

    ආටානාටා නමින් ආඥාවක් පැනවීමට හේතුව ද වෙසමුණි රජු බුදුපියාණන් වෙත විස්තර සහිතව ම දන්වා සිටියේය. මෙම මාගධී පදවලින් එය විස්තර වේ.

    1. සන්තිහි භන්තේ උලාරා යක්ඛා භගවතෝ අප්පසන්නා
    සන්තිහි භන්තේ උලාරා යක්ඛා භගවතෝ පසන්නා
    2. සන්තිහි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ අප්පසන්නා
    සන්තිහි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ පසන්නා
    3. සන්තිහි භන්තේ නීචා යක්ඛා භගවතෝ අප්පසන්නා
    සන්තිහි භන්තේ නීචා යක්ඛා භගවතෝ පසන්නා
    යේභූයෙයන බෝ පන භන්තේ යක්ඛා
    අප්පසන්නා යේච භගවතෝ
    තං කිස්ස හේතු
    භගවාහි බන්තේ පානාතිපාතා වේරමනියා ධම්මං දේසේති
    අදින්නාදානා වේරමනියා ධම්මං දෙසේති
    කාමේසුධ මිච්ඡාචාරා වේරමනියා ධම්මංදෙසේති
    මුසාවාදා වේරමනියා ධම්මං දෙසේති
    සුරාමේරය මජ්ජිපමා දට්ඨානා වේරමනියා ධම්මං දෙසේති
    යක්ඛා අප්පටිවිරතා යේව
    පානාතිපාතා, අප්පටිවිරතා අදින්නාදානා අප්පටිවිරතා අප්පටිවිරතා
    අප්පටිවිරතා කාමේසුමිඡාචාචාරා
    අප්පටිවිරතා මුසාවාදා
    අප්පටිවිරතා සුරාමේරය මජ්ජිපමා දට්ඨානා
    තේ සං තං හෝති අප්පයං අමනාපං”

    වෙසමුණි රජතුමා ගෞතම බුදුපියාණන් සමගින් මෙසේ පවසා සිටියේ ය.

    “භාග්‍යවතුන් වහන්ස, යක්ඛ ගෝත්‍රයට අයත් අපේ යටත් වැසි මිනිසුන්න් අතර බලවත් යක්ඛයෝ සමහරෙක් බුදුන් හා බුද්ධ ශ්‍රාවකයින්ට ප්‍රසන්න සිතකින් ගෞරවයෙන් සලකති, වැදුම් පිදුම් කරති. තවත් සමහරෙක් එසේ නොකරන සිත අප්පසන්නතාවයෙන් යුතුව බුද්ධ ශ්‍රාවකයින්ට හිරිහැර වන සේ කටයුතු කරති.

    යක්ඛ ගෝත්‍රික වු මධ්‍යම බලයක් ඇති අපේම සමහර මිනිසුන් බුදුන්ට හා බුද්ධ ශ්‍රාවකයින්ට ප්‍රසන්න භාවයෙන් සලකති. ගෞරව දක්වති. නමුත් සමහර මධ්‍යම බලයක් ඇති යක්ඛ ගෝත්‍රික ජනයා බුදුන් හා බුද්ධ ශ්‍රාවකයින් කෙරේ අප්‍රසන්නව වෙසෙති. එය බුද්ධ ශ්‍රාවකයින්ට හිරිහැරයකි.

    එමෙන්ම හීන වූ පහත් වු යක්ඛ ගෝත්‍රික ජනයාගෙන්ද සමහරෙක් බුදුන්ට හා බුද්ධ ශ්‍රාවකයින්ට ගෞරවයෙන් හා ප්‍රසන්න තාවයෙන් සලකති. නමුත් සමහර හීන හා පහත් වූ යක්ඛ ගෝත්‍රික මිනිසුන් එසේ නොකරති.

    මෙසේ කොටසක් බුදුන් කෙරේ පැහැදීමටත් තවත් කොටසක් බුදුන් කෙරේ අප්‍රසන්න වීමටත් විශේෂ හේතුවක්ද ඇත.

    භාග්‍යවතුන් වහන්ස, ඔබේ ශ්‍රාවකයෝ නිතරම පන්චසීලයේ අගය දේශනා කරති. පන්සින්ල් රකිනා ලෙසින් මිනිසුන්ට දන්වා සිටිති. සතුන් මැරීම නොකරන ලෙස සොරකම් නොකරන ලෙස සුරාපානය නොකරන ලෙස අපේ මිනිසුන්ට ද දන්වා සිටිති.

    නමුත් භාග්යවතුන් වහන්ස, බහුතරයක් වන අපේ ගෝත්‍රික ජනයා දඩයම් කරමින්, සතුන් මරමින්, මසුන් මරමින් එයම ජීවිකාව කරගෙන ජීවත් වෙති. ඔවුහු කෙත්වතු වගා නොකරති. නගුලෙන් සීසා ජල පාලනය කරමින් සතුන් ඇති කරමින් ජීවත් වන මිනිසුන් කොටසක් නොවේ. ඔවුහු සොරකම් කරති, සමහර අය මිනිසුන්වද මරාගෙන තරමට දරුණු අය වෙති. සුරාපානය කරති. මෙවැනි මෙවැනි මිනිසුන්ට ඔබවහන්සේගේ ශ්‍රාවකයින් දේශනා කරන බුද්ධ ධර්මය නොගැලපේ. ඔවුන්ට ඒ ධර්මය අනුගමනය කළ නොහැකිය. යක්ඛ ගෝත්‍රයට අයත් අපේ මිනිසුන් සමහරකු තුළ ඇත්තේ අමනුස්ස ගති ගුණයෝය. මිනිසුන්ට නොගැලපෙන ගති සිරිත් ය. මේ නිසා මෙවන් පහත් ගති ඇති අපේ යක්ඛ ගෝත්‍රික ජනයාව, ඔබ වහන්සේ හෝ ඔබ වහන්සේ ගේ ශ්‍රාවකයින් හෝ දේශනා කරන ධර්මයෙන් පාලනය කළ නොහැකිය. ඔවුන්ට ධර්ම මාර්ගය නොගැලපේ. ඔවුන්ට ධර්මය තේරුම්ගත නොහැකිය.

    අටානාටා නුවර පිහිටි යක්ඛ හෙළයේ අපේ රාජසභාවේදී මේ සියලු කරුණු විස්තර සහිතව සාකච්චා කර පහත සඳහන් ප්‍රඥප්තිය රාජසභාවේදී අප සම්මත කරගන්නා ලදී. මෙසේ අනුගමනය කරගත්, කරුණු ඔබ වහන්සේ වෙත දැන්වීමට අපි මෙසේ පැමිණියෙමු. මේ කරුණු ඔබවහන්සේගේ සියලු ශ්‍රාවකයින්ටද දන්වා ඒ අනුව ක්‍රියා කරන ලෙසින් බුද්ධ ශ්‍රාවකයන් වෙත දන්වන ලෙසද වෙසමුණි මහරජ තුමා ගොව්තම බුදුපියාණන් ගෙන් ඉල්ලා සිටියේ ය.

    මෙය “ආටානාටා ප්‍රඥප්තියයි, ආඥාවයි, මේ ආඥාව ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධ ශ්‍රාවකයින්ට ගරු කරන, ඔවුන් කෙරේ ප්‍රසන්න වු එමෙන්ම බුද්ධ ධර්මය පිළිගත් යක්ඛ ගෝත්‍රික ප්‍රාදේශීය නායකයින් සතළිස් දෙනකු බලධාරින් ලෙස පත් කරන බවද වෙසමුනි මහරජු බුදුන්ට දැන්වීය. මේ යක්ඛ හෙළ බලධාරී නායකයින් හතලිස් දෙනා දේව හෙළය හා යක්ෂ හෙළයේ මායිම්වල, විශේෂයෙන් ම බුද්ධ ශ්රාවකයින් බණ භාවනා කරමින් ධම්මානු ධම්ම ප්‍රති පදාවෙහි යෙදෙන ආරඤ්ඤ සේනාසනවලට ගල්ගුහාවලට වනපෙත්වලට මෙන් ම විශාල රුක් මුල් ආදියට ද ආරක්ෂාව සපයා දෙනු ඇත. මිනීමරන මස්කන යක්ඛ ගෝත්‍රයේ දරුණු මිනිසුන් පලවා හැර බුද්ධ ශ්‍රාවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයා දීමටත්, ඔවුන්ට සියලු ම රාජය බලතල පවරා ඇත. මේ ප්‍රාදේශීය නායකයින් වෙත යම් පැමිණිල්ලක් කළ සැනෙන් ඔවුන් ක්‍රියාත්මක වී වරදකරුවන්ට දඩුවම් දී බුද්ධ ශ්‍රාවකයින්ට අවශ්‍ය ආරක්ශාව සපයා දෙනු ඇත. යම් කරදරයක් හිරිහැරයක් ඇත්නම් එය හඬනගා ඔවුන්ට දන්වන්න.

    ආටානාටා සුත්රයේම මේ කරුණු අරභයා උපමාවක්ද ඉදිරිපත් කර ඇත.

    “සෙයියඨාපි මාරිස රඤ්ඤෝ මාගධස්ස
    විජිතේ චෝරා, තේ නෙව රඤ්ඤෝ
    මාගධස්ස ආදියන්ති න රඤ්ඤෝ මාගධස්ස
    පුරිසකානන් ආදියන්ති, තේ ඛෝ තේ මාරිස
    මහා චොරා, රඤ්ඤෝ මාගධස්ස
    අවරුද්ධා නාම වුචිචන්ති
    ඒව මේව ඛෝ මාරිස සන්තිහි
    අමනුස්සා චන්ඩා රුද්දා රභසා
    තේ නෙව මාරාජානන් ආදියන්ති”

    රජගහ නුවරද අයත් මගධ රාජ්‍යයේ මහ රජු මගධය පාලනය කරන විට තම රටේ සොරුන්ට, මහා සොරුන්ට මං පහරන්නන්ට ඔවුගේ තරාතිරම හෝ නිලතල හෝ වෙනත් කිසිම හේතුවක් හෝ නොසලකා දැඩි දඞුවම් දෙන්නාක් මෙන් යක්ඛ හෙළයේ රජකම් කරන මහ රජුන් හැටියට අපේ පාලන බල ප්‍රදේශය තුළ අවැඩ, අසාධාරණකම් කරන සොරකම් කරන බුද්ධ ශ්‍රාවකයින්ට කරදර කරන සියලු ම යක්ඛ ගෝත්‍රිකයින්ට ද ඔවුන් ගේ තරාතිරම හෝ බලතල හෝ නෑදැකම් හෝ කිසිවක් ම නොබලා නිසි දඞුවම් ලබා දෙන බව ද වෙසමුණි රජතුමා බුදුන්ට දන්වා සිටියේය.

    මෙනැනදී වෙසමුණි රජතුමා උදාහරණයක් උපමාවක් ලෙස ගත්තේ මගධ මහ රජුවයි. මගධය යනු ශාක්ය වංශික රජ කෙනකුගේ, මගධ රජුගේ පාලනය යටතේ තිබූ රජගහ නුවර අග නගරය කොටගත් දේව හෙලයට අයත් ජනපද දාසයෙන් ප්‍රධානම එකකි. එසේ නම් එදා මගධ රාජධානිය පිහිටියේ ද යක්ඛ හෙලය මායිම් කොටගෙනය.

    වෙසමුණි මහ රජතුමා ගෞතම බුදුන්ට ආටානාටා ප්‍රඥප්තිය ප්‍රකාශ කරද්දි තමා සමග පැමිණි අනික් රජවරුන් තුන් දෙනා ගැනත් ඔවුන් පාලනය කරන ලද ප්‍රදේශයන් ගැනත් ඒ ඒ රජු පාලනය කළ ප්‍රදේශය පිහිටි ඉසව්ව පිළිබඳවත් ඔවුන් ගේ රට වැසියන් පිළිබඳවත් ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳවත් යම් යම් තොරතුරු ද විස්තර සහිතව දක්වා ඇත. මේ විස්තර ආටානාටා සූත්‍රයේ එන හත් වැනි ගාථාවේ පටන් 31 වැනි ගාථාව දක්වාම දීර්ඝ වශයෙන් විස්තර කර ඇත. එදා හෙළදිව පිහිටි යක්ඛ රාජ්‍යයන් හා ඒ ඒ රාජ්‍යයන් පිහිටි දිසාවන් ගැනත් මෙහි විස්තර කර ඇත. මේ ගැන පැහැදිලි තොරතුරු සමුහයක් ත්‍රිපිටකයේදී ම සොයාගත හැකි තවත් එක් සුත්‍රයක් ද ඇත. ඒ නම් මහාසමය සූත්‍රයයි. මේ සූත්‍ර දෙකේම ඉතාමත්ම පැහැදිලිව දක්වා ඇති පරිදි එදා හෙළදිව පිළිබඳව සිතියමක් ඇඳ කරුණු දැක්වීම ඉතාමත් ම සුදුසු ය.



    eda_siw_helaya-710x1024.jpg




    වෙසමුණි මහ රජතුමා විසින් එදා කරන ලද විස්තරයට අනුව,

    1. ගාන්ධර්ව හෙලය

    ධතරට්ඨ නම් ගාන්ධර්ව රජුගේ නායකත්වයෙන් යුතු වු ගාන්ධර්ව හෙළය රජගහ නුවරට නැගෙනහිරින් මහ මුහුදට මායිම්ව පිහිටා තිබිණි. හිරු නැගෙන විට දවස උදාවෙන. පුරිමා දිසාවේ (පෙරදිග) පිහිටි මෙම හෙළයේ ජීවත් වූයේ ගාන්ධර්ව ගෝත්රයට අයත් මිනිසුන් ය. ගාන්ධර්ව හෙළය ලෙසින් එදා හැඳින්වූයේ, තොප්පිගල මහ වනය හා මඩකලපුව අම්පාර දිස්ත්රික්කවලට අද අයිති වන තරමක විශාල භූමි භාගයකි. එදා ගාන්ධර්ව ගෝත්රිකයන් වාසය කළ මෙම යක්ඛ හෙළය බුදුන් වැඩසිටි ගිජ්ජකූට පර්වතයට පෙරදිග දෙසින් පිහිටියේ ය. තොප්පිගල එහි අග නගරය විය.

    2. කුම්භාන්ඩ හෙලය

    විරූල්හ නමැති රජ විසින් පාලනය කරන ලද රජගහ නුවරට දකුණු දිසාවෙන් පිහිටි මෙම රාජධානිය කුම්භාන්ඩ ගෝත්රික ජනයාගේ වාස භූමිය යි. මෙහි වසන ජනයා අමු මස් බුදින, අමු මාළු බුදින, පිටෙහි මස් ගලවා ගෙන කන තරමට දරුණු වු, සතුන් මරා ජීවත්වන සොරකම් කරන සුරා පානය කරන දරුණු සොරුන්ගෙන් යුක්ත ය. ඔවුන්ගේ ගතිගුණ මිනිසුන්ට ගැලපෙන ගතිගුණ නොවේ. ඒ නිසා ඔවුහු අමනුස්සයින් මෙන් ද හැසිරෙත්.

    එදා කුම්භාණ්ඩ හෙළයට අයත් වුයේ අද කොළඹ, කලුතර, රත්නපුරය හා ගාල්ල දිස්ත්‍රික්කවලට අයත් කොටසක් හා අද සිංහරාජ වනය ද ඇතුළු වු විශාල වනාන්තර ප්‍රදේශයකි.

    3. නාග හෙළය

    විරූපක්ඛ යන නැමැති රජ විසින් පාලනය කළ රජගහ නුවරට බටහිර දිසාවේ පිහිටි (පශ්චිමා දිසා) මහ සමුද්‍රයට මායිම් වු ප්‍රදේශයක් එකළ නාග හෙළයට අයත් විය. එහි වැසියන් ජීවනෝපාය සරි කරගත්තේ මුහුදු ගොස් මසුන් මරා ආහාර සපයා ගැනීමෙනි. සමහරක් නාග ගෝත්රික ජනයා මහ මුහුදේ යාත්රා පදවමින් වෙළදාමෙහි ද යෙදී සිටියහ. ප්රධාන වශයෙන් ම නාග හෙළයට අයත් වු ප්රදේශයන් වූයේ අද කල්පිටිය සිට ගාල්ල දක්වා ම බටහිර වෙරළ තීරයේ පිහිටි ගම් හා නගරය. කාළණිය හා මීගමුව අතර ස්ථානයක් එහි අග නගරය කොටගත් විරූපක්ඛ රජු එහි රජ කෙළේය. මෙම නාග රාජය්යට අයත් තවත් ප්රදේශීය නායක රජුන් ගණනාවක් ගණනාවක් ම සිටි බව ද ත්රිපිටකයේ ම සඳහන් ය. අද නාගදීපය, නයිනතිවු, නයිනමඩ ආදී සියලු නම් වලින් හදුන්වන ගම්මාන එදා නාග හෙළයට අයත්ව තිබිණි. රට අභ්යන්තරයේ ද සමහර නැන්වල කුඩා ප්රමාණයේ රාජ්යයන් පාලනය කළ නාග ගෝත්‍රික රජුන් වාසය කළ බවත් පෙන්වා දිය හැකිය. බුලත් වැවුණේ මෙම නාගදීපයේ ය.

    චූලෝදර, මහෝදර, මනිඅක්ඛිත, මුචලින්ද ආදි සියලු රජවරුන් රජකළේ මෙම නාග ගෝත්‍රික ජනයා වාසය කළ විවිධ ප්‍රදේශ වලය.

    4. යක්ඛ හෙළය

    යක්ඛ හෙළයේ අගරජු වූයේ වෙස්සවන මහ රජුය. මෙම යක්ඛ ගෝක මහ රහ රජු අනිකුත් සියලු ගෝත්රික රජවරුගේ ද ප්රධාන නායකයා විය. මේ අනුව මුළු දිවයිනට ම අයත් සියලු ම ගෝත්‍රික ජනයාගේ එනම් යක්ඛ, නාග, කුම්හාණ්ඩ, ගාන්ධර්ව යන ගෝත්‍ර සිවු කොටසේ ම මහරජු වෙස්සවන මහ රජු විය. ආටානාටා නුවර ඔහුගේ රාජ්‍යයේ පාලන මධ්‍යස්ථානය විය. ආලකමන්දාව (පසුව ලංකාපුරය) වෙස්සවන මහ රජුගේ මාලිගාව තිබු ප්රධාන නගරයකි. මේ යක්ඛ රටේ මිනිසුන් දඩයම් කරමින් මස් හා මාළු ආහාරය කොට ගත් පිරිසකි. වෙසමුණි රජු ප්‍රකාශ කළ පරිදිම තම රටේ වැසියන් කෙත් වතු වැව්වේ නැත. නගුලෙන් සීසා කුඹුරු වැපුරුවේ නැත. කැළෑවෙන් සොයාගත් මස් මාළු අල කොළ හා ධාන්‍ය වර්ග ආහාරයට ගත්හ.



    janapada-639x1024.jpg





    ආලකමන්දාව හා ආටානාටා නුවර අග නගර කොට එදා පැවති යක්ඛ හෙළයට අද යාපනයේ පුනරින් සිට මන්නාරම, අනුරාධපුර, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල වෙන්ම මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වල සමහර කොටස්ද අයත් විය. (සිතියම බලන්න) කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව දක්වා ම පිහිටි ප්‍රදේශයන් සියල්ලමත් මේ යක්ඛ හෙළයට එදා අයත් විය. බුදුපියාණන් අලව් යකු (ආලවක යක්ෂයා) දමනය කළේ අද අලව්ව යන නමින් පිහිටි මෙම ස්ථානයේදී ය. එදා මේ ප්‍රදේශය ද වෙසමුණි මහ රජුගේ පාලනය යටතේ තිබු ප්‍රදේශයකි. එදා උතුරු කුරු දිවයින ලෙසින් ද යක්ඛ හෙළය හැඳින් විය. අද මහවිලච්චිය නමින් ද විලච්චිය නමින් ද හදුන්වන ස්ථානයේ ආලකමංදා නුවර පිහිටියේය. මෙහි එදා ස්වාභාවිකවම සෑදුණු විශාල ජලාශයක් වටකොට ආලකමංදා නම් නගරය පිහිටා තිබිණි. පසු කලක විජය රජු ලංකාවට පැමිණ කුවේනියගේද ආධාරයෙන් යක්ෂ ගෝත්‍රික රජකුමාරවරුන් 80 ක් මරා දමා යක්ඛ හෙළයේ රාජ්ය බලය අල්ලා ගත් බව ඉතිහාසය කියයි. මෙසේ බලය අල්ලා ගත්තේ ආලකමංදා නුවරයි. මේ නුවර එදා ලංකාපුර නමිද ප්‍රසිද්ධ විය. එම පුරවරයේ පැවති අලංකාරය නිසා ම එය ලංකාපුරය විය.

    වෙස්සවන රජු එදා ගෞතම බුදුපියාණන්ට දැන්වු පරිදි යක්ඛ හෙළයේ දේශ සීමා රැක ගෙන බුද්ධ ශ්‍රාවකයින් ද ආරක්ෂා කර ගන්නට සමත්, බලවත් ශ්‍රද්ධාවෙන් හා බුද්ධ ශ්‍රාවකයි කෙරෙහි ගෞරවාදරයෙන් ක්‍රියා කරන යක්ඛ ගෝත්‍රික ප්‍රදේශීය නායකයෝ හතලිස් දෙනකු ම මේ සඳහා පත් කරන ලදහ. මේ නායකයින්ගේ නම් ද ආටානාටා සූත්‍රයේ ම සඳහන් ය.

    ඉන්ද්‍ර, සෝම, වරුණ, භාරද්වජ, පජාපතී, චන්දනෝ, කාම සෙට්ඨෝ, කින්නුගන්ඩු, නිගන්ඩු, පනාදෝ, ඕපමඤ්ඤෝ, දේවසුතෝ, මාතලී, චිත්තසෝනෝ, ගන්ධබ්බනලෝ, රාජාජනෝසභෝ, සාතාගිරෝ, හේමවතෝ, පුණ්ණකෝ, කරාතියෝ, ගුලෝ, සිවකෝ, මුචලිංඳෝ, වෙස්සම්ත්තෝ, යුගන්ධරෝ, ගෝපලෝ, සුප්පගෝධෝ, හිරිනෙන්ති, මන්දියෝ, පන්චාලචන්චෝ, ආලවකෝ, පජ්ජුන්නෝ, සුමනෝ, සුමුඛෝ, දධීමුකෝ, මනිමානිචරෝ, දීඝෝ, අථෝ, සෙරිස්සකෝ යන මෙම ප්‍රාදේශිය යක්ඛ ගෝත්‍රික නායකයින් සීමා රැකවලට පත්කර ආටානාටා ප්‍රඥප්තිය ද රැක බලාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ව පත්කර ඇති බව වෙස්සවන රජු එදා ගෞතම බුදුන්ට ප්‍රකාශ කර දන්වා සිටියේය.

    මේ සියලු කරුණු සාවධානව අසාගෙන සිටි ගෞතම බුදුපියානන් වහන්සේ වෙස්සවන මහ රජු ප්‍රකාශ කළ කරුණු පිළිගෙන පසුව තම ශ්‍රාවකයින් රැස්කර මේ ආටානාටා ප්‍රඥප්තිය ගැනත් එහි අඩංගු ව්ධිවිධාන ගැනත් ඒ රැක බලාගන්නන්ට පත්කර ඇති යක්ඛ නායකයින්ගේ නම් ගම් සියල්ලමත් බුදු මුවින් ම අනුමත කර භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට ම දේශනා කර වදාළහ. මේ අනුව එදා වෙස්සවන රජු තම රාජ්‍ය සභාවේදී සම්මත කර පනවා ගත් ආටානාටා ආඥාව පසුව බුද්ධ ආඥාවක් බවට ද පත් විය. අද ත්‍රිපිටකයේ මෙන් ම පිරිත් පොතේ ද ආටානාටා සූත්‍රය දෙවරක් ම සඳහන් වන්නේත් මේ හේතුව නිසා ය. රජ අණ හා බුද්ධ ආඥාවයි.

    මෙවන් වු ආටානාටා සූත්‍රය එදා දේශනා කර වදාළේ මිනිසුන්ට ය. එහි සඳහන් වන්නේ ද මිනිසුන් ගැන ය. ඒ සියලු මිනිසුන් එදා මේ හෙළදිව ජීවත් වු ගෝත්‍රික ජනයා ය. එදා ගෞතම බුදුපියානන් ජීවත් වූයේ ද මෙම දේව හෙළයේ ම ය.

    එදා ගෞතම බුදුපියාණන් වැඩ සිටි ආටානාටා සූත්‍රයේ සඳහන් වන ගිජ්ජකූට පර්වතය හා රජගහනුවර ද දැන් පැහැදිලිව ම හෙළදිව තුළින් ම සොයා මතුකර ගත හැකිය.

    රජගල, නිල්ගල, බුද්ධංගල, සමන්ගල හා නුවරගල යන නමින් වලල්ලක් සේ පිහිටා ඇති විශාල ගල් පර්වත සහිත වු අද අම්පාර බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් එදා මගධ රාජ්‍යයටම අයත් විය. ගිජ්ජකූට පර්වථය පිහිටියේද රජගහ නුවරට නුදුරු වේළුවනාරාමය පිහිටි ස්ථානයේමය. මෙය මගධ රටේ අගනුවරට ආසන්න තැනක පිහිටා තිබිණි. අම්පාර දිස්ත්‍රික්කයට අද අයත් වන උහන, බක්කිඇල්ල, ගොනාගල්ල, මහඔය හා පදියතලාව යන ප්රදේශයනුත්, බිබිල, මැදගම සිට බදුල්ල මිගහකිවුල මහියංගනය දක්වාත් අක්කරපත්තුව දක්වාත් විශාල ප්‍රදේශයක් එදා මගධ රාජධානියට අයත්ව තිබිණි. ගල්ඔය ජලාශයෙන් අද වගා කරන සියලු කෙත්වතු ද එදා මේ රාජ්‍යයට ම අයත්ව තිබිණි. ගෞතම බුදුන් වැඩසිටි යුගයේ බිම්බිසාර රජු මගධ අධිරාජයා විය. පසුව අජාසත් රජු මෙහි රජ බවට පත් විය. හෙළ මාගධී බස මෙහි භාවිතා කළ භාෂාවයි. මේ ත්‍රිපිටකයේ නම් සඳහන් රජවරුන් රජ කළේ මේ හෙළදිවයිනේමය. ඉන්දියාවේ ලියූ කිසිම පොතක පතක ලියවිල්ලක මේ රජවරුගේ නම් සඳහන් වී නැත.

    මහා සමය සූත්‍රයේ ද මේ ආකාරයට ම යක්ඛ රාජධානි හතර පිළිබඳව ඉතා ම පැහැදිලි විස්තරයක් ගෙන හැර පා ඇත.

    මිහිඳු හිමියන් එදා අනුරපුරයේ පිහිටි යක්ඛ හෙළයේ අගනුවරට (ලංකා පුරයට) බුද්ධාගම ගෙන එන දවස දක්වාමත් ඒ අනුරපුර රාජ්‍යයයේ පැවතියේ දඩයම් කරමින් සතුන් මරමින් ජීවත් වු මිනිසුන්ගෙන් හා රාජ්‍යය නායකයකුගෙන් ද සමන්විත වු රාජධානියකි. මිහිඳු හිමියන් බුදුදහම හඳුන්වා දුන්නේ එදා ලංකාපුර (අනුරාධපුර) රාජ්‍යයයේ රජකම් කළ දෙවන පෑතිස් රජුට ය. මිහිඳු හිමියන්ට තිස්ස රජු හමු වුයේ පොසොන් පොහොය දිනකදී ය. එදා පොසොන් පොහොය දිනයේදී පවා රටේ රජ සමග හතලිස් දහසක් පමණ ජනයා සතුන් දඩයමේ යෙදුණු බව මහා වංශයේ ද සඳහන් ය. මේ අනුව මිහිඳු හිමියන් බුද්ධාගම හඳුන්වා දුන්නේ අනුරපුරයේ පිහිටි යක්ඛ ගෝත්‍රික රාජ්යයේ මිනිසුන්ට මිස දේව හෙළයේ ජිවත් වු ශාක්ය මිනිසුන්ට නොවේ. මිහිඳු හිමියන් එදා බුදුකැලි අටුවාවද බුද්ධ ධර්මය ද ලංකාපුරට (එදා අනුරාධපුරයට) ගෙනාවේ ජන්බුද්වීපයෙන්මය. (ජන්බුද්වීපා ඉධාගථා) ලංකාපුර යනුවෙන් මෙය මහා වංශයේ ම සටහන් වෙයි. මේ සටහන ද හරියට ම හරි ප්‍රකාශයකි එදා නියම නිවැරදි ජන්බුද්වීපය ලෙසින් ප්‍රසිද්ධ වී පැවතුණේ රජගහ නුවර, සැවැත් නුවර ආදී බුදුන් උපන් දේශයට අයිති වු දේව හෙළයේ පිහිටි ශාක්ය ජනපද සොලොසකි. පිරිසිදු බුද්ධ ධර්මය සොයාගෙන එදා ජන්බුද්වීපයට (හෙළදිව රජගහනුවරට) පැමිණි මිහිඳු හිමියන් එහිදී බුද්ධ ධර්මය හා හෙල බස ඉගෙන ගෙන මගපල ලබා පසුව අනුරාධපුරයේ එදා පැවති අබෞද්ධ රාජ්‍යයට බුද්ධ ධර්මයත් ඊට පසුව බුද්ධාගමත් හඳුන්වා දුන් බව ඉතාමත් ම පැහැදිලිය. මිහිඳු හිමියන් එදා ජන්බුද්වීපයට පැමිණ බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ රජගහ නුවරදී ය. ඒ අම්පාර රජගලදිය. මිහිඳු හිමියන්ගේ ආදාහනයෙන් පසුව තැන්පත් කල භෂ්මාවශේෂ හමු වූයේ රජගල මෙම ස්ථානයෙන් ම බව ඉතිහාසයේ සඳහන් ය. එසේ නම් මහා වංශයේ සඳහන් කළ “ජන්බුද්දීපා ඉධා ගථා ලංකාපුර” යන වචන වලින් කියැවුණු දෙය නිවැරදිය. එදා හෙළ මහාවංශය ලියන යුගයේ ජන්බුද්වීපය වුයේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි රජගලයි. ලංකාපුර වූයේ අනුරාධපුරයට ආසන්න මහවිලච්චියයි. මේ අනුව සඟමිත් මෙහෙණිය සිරි මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ගෙනාවේ ද ජන්බුද්වීපයේ සිට අනුරාධපුරයටය. එයද නිවැරදිය. අද හිරිවඩුන්න එදා ජන්බුද්වීපයට අයත් වූ තැනකි. එතැන සිට අනුරාධපුරයට බෝධි ශාඛාව ගෙන ආවේ ඔරුවක නැගීගෙනය.

    ජන්බුද්වීපය යනු බුදුන් ජන්මය ලැබු, සියලුම බුදුවරුන් ජන්මය ලබන, දීපය යන්නයි. ආටානාටා සූත්‍රයේදී වෙසමුනි රජතුමා ගෞතම බුදුපියාණන්ට මතක් කර දුන්නේ පෙර සිටී බුදුවරුන් සතර නමක් ම මේ ජන්බුද්වීපයේදී ම බුදු වූ බවත් වෙසමුනි රජුගේ පරම්පරාවේ අතීත මී මුත්තන් ඒ සියලු බුදුවරයින්ට වන්දනාමාන කරන සිරිතක් අතීතයේ සිට පවත්වා ගෙන ආ බවත් ය. මේ අනුව අතීතයේ බුදු වූ සියලු බුදුවරයින් වහන්සේලාට ද මතු උපදින සියලු බුදුවරයින් වහන්සේලාට ද ඒ උතුම් බුද්ධත්වයට පත්වන්නට හැකි විශ්ව ශක්තිය රැඳී ඇත්තේ ජන්බුද්වීපය යැයි විරුදාවලිය ලත් මේ හෙළදිවේමය.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම හිතන්නේ කොහෙන්වත් උස්සපු නැති උඹේම ලිපියක් වෙන්න ඕනේ ඕක. එක එහෙම නම් උඹ කවුද කියලත් මට අවබෝධයක් තියනවා. ඒත් මේ දේවල් කවදා ජාතික මට්ටමට ගේන්න පුළුවන් වෙයිද මචන්? ලෝකෙම පිළිඅරගෙන තියෙද්දී බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා? උඹ හිතනවද සුද්දට කඩේ යන මේ ඉන්න පලකයොත් ඔය කරුණු සමාජ ගත කරයි කියලා? එහෙම උනොත් විශ්ව විද්‍යාල වල තියන ඉතිහාසේ විෂය පථය ඉදන් වෙනස් වෙන්න වෙනවා.

    උඹ කියන්නේ ඇත්තක් නම් කවදා හරි දළදා වහන්සේගේ බාරකාරත්වය බාරගෙන රට පාලනය කරන බුද්ධ ශාසනය සිංහල ජාතිය දිවි දෙවැනි කරලා රකින පාලකයෙක් පත් වෙනකම් සහ එහෙම පත් වෙලා මේ කියන කරුණු කාරනා ස්වාදීනව හොයලා බලනකම් උඹ කියන දේවල් මනුස්සයන්ට ප්‍රබන්ද කතා විතරයි. තරහකට නෙමෙයි කිවුවේ. ඕකයි ඇත්ත තත්වේ.
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    @sgrdk1 @keerthi.mac
    Doing the maximum damage to the History as well as Buddhism, nice propaganda. Pls, keep this biased opinions to yourselves. Because of these woven lies, more the people loose their faith - Mithyadrushti , more the sins you gain.

    And Please don't use ElaKiri to spread your false-interpretations.
     
    • Like
    Reactions: LazyLizard

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඇයි බන් හිනා වෙන්නේ? මම හිතන එකා ඌ නම් උගේ blog එක මම කියවලා තියනවා එකයි කිවුවේ. අනික මම කියලා තියන දේ වැරද්දක නැහැනේ? කටත් පොදු දෙයක් කිවුවේ. අද ලක සම්මතේ හැටියට දෙයක් ඔප්පු කර ගන්න බැරි නම් මිනිස්සු හිනා වෙනවා පහර ගහනවා. එත් එකෙන් ඔප්පු වෙන්නේ නැහැ උගේ මතේ වැරදියි කියලා. ඌ කියන දේවල් රටේ ඉහලම තැන වලින් හොයලා බලලා හරිද වැරදිද කියනකම් සමාජේ මතයක් හදන්න අමාරුයි.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    @sgrdk1 @keerthi.mac
    Doing the maximum damage to the History as well as Buddhism, nice propaganda. Pls, keep this biased opinions to yourselves. Because of these woven lies, more the people loose their faith - Mithyadrushti , more the sins you gain.

    And Please don't use ElaKiri to spread your false-interpretations.

    මම කියලා තියන දේ වැරද්දක් නැහැනේ? උඹ මිථ්‍යාදෘෂ්ටිය කියලා අදහස් කරන දේ මෙහෙම පැහැදිලි කරන්නම් "නිවන් දකින්නට බුදුන් වහන්සේ ශාස්තෘන් වහන්සේ හැටියට පිලි නොගෙන සහ උන්වහන්සේගේ ධර්මය ප්‍රතික්ෂේප කරලා වෙනත් ශාස්තෘන් වහන්සේ හෝ ධර්මයක් සරණ යනවා නම් එකයි නියත මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ. අනික බුදුරජාණන් වහන්සේගේ නිවන් දකින්නට දේශනා කල ධර්මයයි වටිනාම සාරය වෙන්නේ. කෙනෙක් එක අනුගමනය කරනවා නම් බුදුන් වැඩ හිටි දේශය වැදගත් වෙන්නේ නැහැ.

    නමුත් මතවාදයක් තියනවා නම් ඉදිරිපත් කරන කරුණු සාධාරණ නම් හොයලා බලන්නේ නැතුව රැල්ලකට ප්‍රතික්ෂේප කරන එකත් අනුවන කමක්.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් හිනා වෙන්නේ? මම හිතන එකා ඌ නම් උගේ blog එක මම කියවලා තියනවා එකයි කිවුවේ. අනික මම කියලා තියන දේ වැරද්දක නැහැනේ? කටත් පොදු දෙයක් කිවුවේ. අද ලක සම්මතේ හැටියට දෙයක් ඔප්පු කර ගන්න බැරි නම් මිනිස්සු හිනා වෙනවා පහර ගහනවා. එත් එකෙන් ඔප්පු වෙන්නේ නැහැ උගේ මතේ වැරදියි කියලා. ඌ කියන දේවල් රටේ ඉහලම තැන වලින් හොයලා බලලා හරිද වැරදිද කියනකම් සමාජේ මතයක් හදන්න අමාරුයි.

    ගෙඩිය පිටින් "අප උපන් මේ හෙළදිව ජන්බුද්වීපයයි" කියන පොතෙන් උස්සල තියෙන්නෙ. මුස්ලිම් අයට කුරානේ වගේ ඔය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්න කියන අය හැම තැනම දාන්නේ ඕකෙන් උස්සල :D, හිනාවුනේ උඹට නෙවේ :) මේක මු ලිව එකක් කියල උඹ හිතපු හින්ද.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගෙඩිය පිටින් "අප උපන් මේ හෙළදිව ජන්බුද්වීපයයි" කියන පොතෙන් උස්සල තියෙන්නෙ. මුස්ලිම් අයට කුරානේ වගේ ඔය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්න කියන අය හැම තැනම දාන්නේ ඕකෙන් උස්සල :D, හිනාවුනේ උඹට නෙවේ :) මේක මු ලිව එකක් කියල උඹ හිතපු හින්ද.

    එහෙනම් ඉතින් සමාවෙයන්. :D. මොන මතේ උනත් මම කියපු දේ පොදුයි නේ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගෙඩිය පිටින් "අප උපන් මේ හෙළදිව ජන්බුද්වීපයයි" කියන පොතෙන් උස්සල තියෙන්නෙ. මුස්ලිම් අයට කුරානේ වගේ ඔය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්න කියන අය හැම තැනම දාන්නේ ඕකෙන් උස්සල :D, හිනාවුනේ උඹට නෙවේ :) මේක මු ලිව එකක් කියල උඹ හිතපු හින්ද.

    තව ඕනතරම් පොත් තියෙනව මේ ගැන. කියවනවනම් දෙන්නම් උඹට.
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    කාලේ නාස්ති නොකර වැඩක් බලා ගනින් පොන්ස්. උඹේ අඬහැරය කියවන්න තරං මොලේ පුකට බැහැපු එවුන් තාම ලෝකේ නෑ. ඕන නං එකෙක් දෙන්නෙක් ඇති. ඉස්සරහට වැඩි වෙන්නෙත් නෑ. නිකන් වැඩක් බලාගෙන පලයන්. බුදුහාමුදුරුවෝ ඉපදිච්ච තැන හොයා හොයා ඇවිදින කාලය කැප කරලා උන්වහන්සේ දේශනා කල දේ මොකද්ද කියලා හොයලා බලපන්. ගොන් මුසලයා.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම හිතන්නේ කොහෙන්වත් උස්සපු නැති උඹේම ලිපියක් වෙන්න ඕනේ ඕක. එක එහෙම නම් උඹ කවුද කියලත් මට අවබෝධයක් තියනවා. ඒත් මේ දේවල් කවදා ජාතික මට්ටමට ගේන්න පුළුවන් වෙයිද මචන්? ලෝකෙම පිළිඅරගෙන තියෙද්දී බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා? උඹ හිතනවද සුද්දට කඩේ යන මේ ඉන්න පලකයොත් ඔය කරුණු සමාජ ගත කරයි කියලා? එහෙම උනොත් විශ්ව විද්‍යාල වල තියන ඉතිහාසේ විෂය පථය ඉදන් වෙනස් වෙන්න වෙනවා.

    උඹ කියන්නේ ඇත්තක් නම් කවදා හරි දළදා වහන්සේගේ බාරකාරත්වය බාරගෙන රට පාලනය කරන බුද්ධ ශාසනය සිංහල ජාතිය දිවි දෙවැනි කරලා රකින පාලකයෙක් පත් වෙනකම් සහ එහෙම පත් වෙලා මේ කියන කරුණු කාරනා ස්වාදීනව හොයලා බලනකම් උඹ කියන දේවල් මනුස්සයන්ට ප්‍රබන්ද කතා විතරයි. තරහකට නෙමෙයි කිවුවේ. ඕකයි ඇත්ත තත්වේ.

    අපෙත් හිටියා ඔහොම කියපු එවුන්කීහිප දෙනෙක්. හැබැයි උන් දඹදිව ගිහින් ආවම ඔය සේරම ඉවරයි. නෝ සද්ද.. මුටත් ගිහින් එන්න කියපන් පීස්.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark