ඩැල්මේශන්-Dalmatian

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    shutterstock_184611326.jpg


    ගොඩක් දෙනෙක් දැක්ක ගමන් අදුරන , සමහරුන්ට බල්ලෙක්ද හරක් පැටියෙක්ද කියලා හොයාගන්න බැරි බ්‍රීඩ් එකක් වන ඩැල්මේශන් අය ගැනයි අද මම කතා කරන්නේ.
    ලෝකේ ගිනි නිවිමේ හමුදා වල බහුලව භාවිතා කරන බ්‍රීඩ් එකක් තමා ඩැල්මේශන් කියලා කියන්නේ.
    දකින ඕන කෙනෙක්ට මෙයාලව මතක හිටිනවා ටක් ගාලා මෙයාලගේ පුල්ලි පුල්ලි තියන නිසා.
    පොඩි කාලේ ඉදන්ම ගොඩක් විසේකාර බ්‍රීඩ් එකක් තමා ඩැල්මේශන් කියන්නේ.
    මෙයාලා ආස නෑ පොඩ්ඩක්වත් කූඩුවල දාලා , ගැටගහලා තියනවට.
    පොඩි ලමයි ඉන්න ගෙදරකට උනත් මෙයාලාව හදන්න පුලුවන් බයක් නැතුව මොකද කිව්වොත් මෙයාලා පොඩි ලමයින්ට ආස නිසා.
    ලෝකේ ගොඩක් රටවල් වල ඩැල්මේශන් අයව හුරතලේට සහ ආරක්ශාවට කියන කරුණු දෙකටම හදනවා.
    තමන්ගේ පවුලට ගොඩක් ආදරේ කරන බ්‍රීඩ් එකක් ඩැල්මේශන් කියන්නේ.

    history.jpg


    ඩැල්මේශන් අයගේ නිජබිම මෙන්න මෙහෙ කියලා කියන්න කවුරුවත්ම දන්නේ නෑ හරියට.
    ගොඩක් දෙනා සැක කරන්න මෙයාලා ක්‍රොටියා (Croatia) කියන රටේ ඩැල්මේශියා(Dalmatia) කියන ප්‍රාන්තයෙන් බිහි උනා කියලයි.
    ඩැල්මේශන් බ්‍රීඩ් එක හැදුනේ කවුරු කවුරු එකතු වෙලාද කියන්න නම් කවුරුවත්ම හරියට දන්නේ නෑ ඒත් ඩැල්මේශන් අයව හදන්න ග්‍රේට් ඩේන් අයව යොදාගත්තා කියලා සමහරු සැක පහල කරනවා.

    ග්‍රේට් ඩේන්.
    Great Dane.


    90


    ඩැල්මේශන් බ්‍රීඩ් එක එකම දේකට යොදා ගත්තු බ්‍රීඩ් එකක් නෙවෙයි.
    මෙයාලව ඉතිහාසය පුරාම දඩයම් බල්ලෝ විදියට , හුරතල් බල්ලෝ විදියට , ආරක්ශක බල්ලෝ විදියට යොදාගෙන තියනවා.
    ලෝකේ පරණම බල්ලෝ බ්‍රීඩ් වලින් එකක් ඩැල්මේශන් කියන්නේ.
    ඉතිහාසේ බොහෝ තැන් වලදි මෙයාලව අශ්ව කරත්ත වල ආරක්ශාවට සහ අශ්වයන් යන පාරේ ආරක්ශාවට යොදාගෙන තියනවා.
    තවද මෙයාලව සත්තු බලාගන්න ගොවිපලවල් වලදි සත්තු බලාගන්න උපකාර කරා කියලත් ඉතිහාසේ සදහන් වෙනවා.
    ලෝකේ අපැහැදිලිම ඉතිහාසයක් තියන බල්ලෝ බ්‍රීඩ් වලින් එකක් තමා ඩැල්මේශන් කියන්නේ.

    අපි දැන් මෙයාලගේ සීන් කෝන් ටිකක් බලමුකෝ.

    Dalmatian_bw.GIF


    මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා මෙයාලගේ ෆර් එක ගැන නම් ගොඩක් කරදර වෙන්න දෙයක් නම් නෑ.
    සීතලට වඩා රස්නේ කාලගුණයකදි මෙයාලව හොදට හදන්න පුලුවන් ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා.

    ඉතාමත් කලාතුරකින් තනි සුදු සහ තනි කලු වර්ණ වලිනුත් ඩැල්මේශන් අයව හම්බෙනවා.
    ඩැල්මේශන් අයගේ ඉන්නේ පාට දෙකයි මේ ලෝකේ.

    ලිවර් ඇන්ඩ් වයිට්.
    Liver & White.

    Liver-and-White-Dalmatian.jpg


    බ්ලැක් ඇන්ඩ් වයිට්.
    Black & White.

    51f3afc155b8259a93942b31d7b6a9b6.jpg


    ඩැල්මේශන් කියන්නේ හොදට දුවන්න පුලුවන් , ගොඩක් ඇක්ටිව් බ්‍රීඩ් එකක්.
    ඒ නිසා ඩැල්මේශන් අයට හැමදාම ගොඩක් එක්සර්සයිස් තියෙන්න ඕන අනිවාර්යෙන්ම.
    හැමදාම එක්සර්සයිස් නොදුන්නොත් බල්ලාව පාලනය කරගන්න අමාරු වෙනවා.
    පොඩ් කාලේ ඉදන්ම ට්‍රේනින් කියන දේ හොදට දෙන්න ඕන.
    අපි කියන දේ ගොඩක් වෙලාවට එකපාරින් , දෙපාරින් අල්ල ගන්න නිසා ගොඩක් මහන්සි වෙන්න ඕන නෑ පොඩි කාලේ ඉදන් ට්‍රේන් කරද්දි ඒත් පොඩි කාලේ ඉදන් සෝශල් නොකර , ට්‍රේනින් නොකර ලොකු කාලේදි ඒ දේවල් කරන්න ගියාම නම් ඕනවටත් වඩා මහන්සි වෙන්න වෙනවා අපිට මෙයාලව හදාගන්න.


    518tZ4k%2BM4L.jpg


    101 Dalmatians කියන කාටූන් ෆිල්ම් එක මතකද පොඩි කාලේදි බලපු?
    අන්න ඒ ෆිල්ම් එකේ ඉන්නේ ඩැල්මේශන් අය.
    ඒ කාටූන් ෆිල්ම් එක නිසා ඩැල්මේශන් බ්‍රීඩ් එකට ලෝකේ පුරාම ගොඩක් ලොකු ප්‍රතිචාර හම්බුනා , ගොඩක් ෆේමස් උනා බ්‍රීඩ් එක.



    f6f55ce0f27f85ef73f2727671f98ecb.jpg


    අපේ රටේ නම් ඩැල්මේශන් හොද පැටියෙක්ව රු.15000.00 – රු.30000.00 අතර මුදලකට ගන්න පුලුවන්.
    පොඩි කාලේදි ඩැල්මේශන් පැටව් ගොඩක් විසේකාරයි.
    සමහර වෙලාවට‍ ඒ කරන විසේකාර වැඩ නිසා ඩැල්මේශන් අයව තියාගන්න සමහර මිනිස්සු කැමති නෑ.
    ඒත් ඒ විසේකාරකම බල්ලා වයසින් මුහුකුරා යද්දි ටික ටික අඩු වෙනවා.
    ඩැල්මේශන් කියන්නේ ඉක්මනට මහන්සි වෙන්නේ නැති බ්‍රීඩ් එකක් පොඩි කාලේ ඉදන්ම.
    මෙයාලා එක්ක පොඩි කාලේ ඉදන් සෙල්ලම් කරද්දි බල්ලාට වඩා ඉක්මනට මිනිස්සු මහන්සි වෙනවා.
    පවුලට ගොඩාක් ආදරේ කරනවා මේ අය.
    ඒ නිසාම මෙයාලාට පවුලේ කෙනෙක් තදින් සැර කරොත් හෝ හිත රිදවන දෙයක් කරොත් මෙයාලා ඉක්මනට දුක් වෙනවා.
    ඩැල්මේශන් කියන්නේ හොදට ඉඩ තියන වත්තක හදන්න ඕන බ්‍රීඩ් එකක්.
    එකතැන ඉන්න පොඩ්ඩක්වත් ආස නෑ පැටියා කාලේ ඉදන්ම.
    අනිවාර්යෙන්ම පොඩි කාලේ ඉදන් මෙයාලව මිනිස්සුන්ට සහ වෙනත් සත්තු එක්ක සෝශල් කරලා හදන්නම වෙනවා.
    එහෙම නොවුනොත් ලොකු උනාම මෙයාලව පාලනය කරගන්න අමාරු වෙන්න පුලුවන්.

    dalmatian_dog_beautiful_photo_thank_you_stickers-r24b446c4cada48b0b96df405e2dff4a8_v9wxo_8byvr_512.jpg


    ඔන්න ඔහොම අයිතමයක් දාලා ත්‍රේඩ් එක ඉවර කරනවා මම.
    ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන අයට රෙකමන්ඩ් කරන්න පුලුවන් , ගෙදර පොඩි උන් ඉන්නවානම් බය නැතුව තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් ඩැල්මේශන් කියලා කියන්නේ.

    උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
    කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
    දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
    එහෙනම් ජය වේවා.

    කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
    ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
    වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
    දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
    ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
    මෙන්න ඒ අය වෙනුවෙන්.

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    Siberian~හස්කි

    http://www.elakiri.com/forum/showthread.php?t=1752550

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    රොට්වයලර්~Rottweiler

    http://www.elakiri.com/forum/showthread.php?t=1752872

    බීගල්~Beagle

    http://www.elakiri.com/forum/showthread.php?t=1753046

    ඩොබමන්~Doberman

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    http://www.elakiri.com/forum/showthread.php?t=1753706

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    http://www.elakiri.com/forum/showthread.php?t=1754176

    රිඩ්ජ්බැක්~Ridgeback

    http://www.elakiri.com/forum/showthread.php?t=1754396

    පොමරේනියන්~Pomeranian

    http://www.elakiri.com/forum/showthread.php?t=1755102

    ග්‍රේට්~ඩේන්_Great Dane

    http://www.elakiri.com/forum/showthread.php?t=1756192

    ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

    http://www.elakiri.com/forum/showthread.php?t=1756877

    බෝඩර්~කොලි_Border Collie

    http://www.elakiri.com/forum/showthr...4#post20566374

    ඩැක්ස්හන්ඩ්~Dachshund

    http://www.elakiri.com/forum/showthread.php?t=1758735

    ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

    http://www.elakiri.com/forum/showthread.php?t=1759730

    කොමොන්ඩෝර්~Komondor

    http://www.elakiri.com/forum/showthread.php?t=1765266

    බල්ලෝ~හදමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1755472

    German Shepherd~මම

    http://www.elakiri.com/forum/showthread.php?t=1747894

    බල්ලන්ගේ~ලෝම

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    බල්ලට~බෙහෙත්

    http://www.elakiri.com/forum/showthread.php?t=1750772

    හපන~බල්ලෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751116
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බලු ස්පෙෂලිස්ට් අකිල හමුවීමට පැමිණි රෝගීන් කරුණාකර එළකිරි වෙත පැමිණෙන

    එළකිරි පොස්ට් එක
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,468
    16,257
    113
    tfs. :love:
    අද ඔක්කොම වෙනස් වෙලා මට නිකන් පිස්සු නෑ වගේ. :nerd::nerd:
    පස්සේ රේප් කරන්නම්.
     
    • Like
    Reactions: akilar25

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    tfs. :love:
    අද ඔක්කොම වෙනස් වෙලා මට නිකන් පිස්සු නෑ වගේ. :nerd::nerd:
    පස්සේ රේප් කරන්නම්.

    rep දෙන්නේ මොකෙන්ද බන්. රෙපක් දෙන්න button එක කොහෙද බන් තියෙන්නේ? torch එක ගැහුවත් හොයාගන්න බෑ
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දල්මෙන්ෂන් උන්ගේ ලෙඩක් තියනව...
    සමහර උන්ගේ උපතින්ම ශ්‍රවන අබාද තියනවලු.. කන් ඇහෙන්නේ නැති ප්‍රශ්න
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,468
    16,257
    113
    rep දෙන්නේ මොකෙන්ද බන්. රෙපක් දෙන්න button එක කොහෙද බන් තියෙන්නේ? torch එක ගැහුවත් හොයාගන්න බෑ
    :nerd: මාත් විනාඩි ගානක් හෙව්වා. :lol:
    20r33o5.png