අපේ Harvard-Bio කියල තිබුන නිසා trekmentor.com අඩවියට ගිහින් පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශනාවක් විචාරය කරලා තිබුන එකක් කියෙව්වා.
දහම් ලිපිය - මෙන්න ලොව සුන්දරම වචන පෙළ - http://www.divaina.com/2011/12/18/feature08.html
Kamal Wickramanayake මහතාගේ විචාරය - හිස් වචන: ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි - http://www.trekmentor.com/si/content/book/45
කමල් වික්‍රමනායක මහතාගේ විචාරයට ලක් වෙන්නේ මුළු දහම් ලිපියෙන්ම පොඩි කොටසක් පමණයි. එයාට අල්ලගන්න පුළුවන් ඒ ටික විතරක් නිසා වෙන්න ඇති. මේ තියෙන්නේ ඒ ටික.
විචාරය
සබ්බ සූත්‍රය
1. "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද?
මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහෙණනි, මේ සියල්ල යි කියනු ලැබේ.
ඒ කියන්නේ අපි තෘෂ්ණාවෙන් අල්ලාගන්න හැම දෙයක්ම
2. ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "අතහරින්න" යනු කුමක්ද?
කලින් සඳහන් කළ සියල්ල අල්ලාගෙන ඉන්න තෘෂ්ණාව අත හැරීම.
3. "එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද?
ලබාගත හැකි සියලුම සැප හෙවත් නිවන් සැප
4. "එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "ලැබේවි" යන්න කුමක්ද?
නිවන් අවබෝධය ලැබේවි
5. සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්ද?
තෘෂ්ණාවෙන් අල්ලාගෙන ඉන්න සියල්ල අතහැරියම ලබා ගත හැකි සියලුම සැප ඇතුලත් නිවන් අවබෝධය ලැබෙනවා කියන එක.
බුදුරජාණන් වහන්සේ වත්, ධර්මයේ වත්, ශ්‍රාවක සංඝ රත්නය වත් වචන වල තේරුම අල්ලාගෙන අන්තවාදීව කිසිම දෙයක් දේශනා කළේ නැහැ.
මේ උදාහරණ බලන්න.
මේ පළමු සංවාදය බුදුරජාණන් වහන්සේ සිදු කරන විට කමල් වික්‍රමනායක මහතා සිටියානම් ඔහු කුමන අවබෝධයක් ගනීවිද? ත්‍රිපිටකය පෙරලන්න විදිහකුත් නැහැ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදීම, ඒකාලේ ඩික්ෂනරි හොයාගන්නත් අමාරුයි වචන වල තේරුම අල්ලාගෙන මොකක් හරි කියවන්න වත්.
කලින් සංවාද වල තේරුමත් පහලින් දාන්නම්
“යමකුට යමක් තේරුම් ගැනීමට නුවණැස නැත්නම් මසැස තිබුණේද ඔහු දෑස් නැති අන්ධයකු වැනිය. යමකුට පැණැස තිබුණේ නම් ඔහු නියම ඇස් ඇති අයෙකි.”

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය"
විචාරය
1. "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද?
2. "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "අතහරින්න" යනු කුමක්ද?
3. "එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද?
4. "එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "ලැබේවි" යන්න කුමක්ද?
5. සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්ද?
මෙහෙම අහලා සියල්ල කියන එකට සබ්බ සූත්‍රයේ ලින්ක් එකක් දාල එකේ තියෙන අර්ථ දැක්වීමයි, "ඔබ සියල්ල අතහරින්න"
කියන තැන සියල්ල කියන එකයි සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක් බව ඇඟවෙන විදිහට අදාළ නැති වචන ගොඩක් මගින් තමන්ගේ ද්වේශය, මානය ප්‍රදර්ශනය කරනවා.
සබ්බ සූත්‍රය
23. සැවැත්නුවර -
මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහෙණනි, මේ සියල්ල යි කියනු ලැබේ.
මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.
http://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1535
1. "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද?
මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහෙණනි, මේ සියල්ල යි කියනු ලැබේ.
ඒ කියන්නේ අපි තෘෂ්ණාවෙන් අල්ලාගන්න හැම දෙයක්ම
2. ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "අතහරින්න" යනු කුමක්ද?
කලින් සඳහන් කළ සියල්ල අල්ලාගෙන ඉන්න තෘෂ්ණාව අත හැරීම.
3. "එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද?
ලබාගත හැකි සියලුම සැප හෙවත් නිවන් සැප
4. "එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "ලැබේවි" යන්න කුමක්ද?
නිවන් අවබෝධය ලැබේවි
5. සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්ද?
තෘෂ්ණාවෙන් අල්ලාගෙන ඉන්න සියල්ල අතහැරියම ලබා ගත හැකි සියලුම සැප ඇතුලත් නිවන් අවබෝධය ලැබෙනවා කියන එක.
බුදුරජාණන් වහන්සේ වත්, ධර්මයේ වත්, ශ්‍රාවක සංඝ රත්නය වත් වචන වල තේරුම අල්ලාගෙන අන්තවාදීව කිසිම දෙයක් දේශනා කළේ නැහැ.
මේ උදාහරණ බලන්න.
"අන්ධභූතෝ අයං ලෝකෝ..." ගාථාවේ නිධාන කතාව
බුදුරජාණන් වහන්සේ - ළමයා කොහිසිට ආයේද?
දැරිය - ස්වාමීනී, මා කොහිසිට ආයේදැයි නොදනිමි.
බුදුරජාණන් වහන්සේ - දැන් ඔබ කොතනට යන්නේද?
දැරිය – එයද නොදනිමි ස්වාමිනී.
බුදුරජාණන් වහන්සේ - නොදන්නේද?
දැරිය – දනිමි ස්වාමිනි,
බුදුරජාණන් වහන්සේ - දන්නේද?
දැරිය - නොදනිමි ස්වාමීනි,
http://www.lakehouse.lk/budusarana/2015/02/18/tmp.asp?ID=vision01
සාමණේර පඤ්හො (සාමණේර ප්‍රශ්නය)
01. ඒක නාම කිං?
එක නම් කිම?
02. ද්වෙනාම කිං?
දෙක නම් කිම?
03. තීණි නාම කිං?
තුන නම් කිම?
04. චත්තාරි නාම කිං?
සතර නම් කිම?
05. පඤ්ච නාම කිං?
පහ නම් කිම?
06. ජ නාම කිං?
සය නම් කිම?
07. සත්ත නම කිං?
සත නම් කිම?
08. අට්ඨ නාම කිං?
අට නම් කිම?
09. නව නාම කිං?
නවය නම් කිම?
10. දස නාම කිං?
දහය නම් කිම?
http://pariththan.blogspot.com/p/01.html
විශාඛාවට ලැබුණු උපදෙස්
1. ඇතුළත වූ ගිනි කිසිදාකවත් පිටතට නො දිය යුතු ය.
2. පිටත ගිනි ඇතුළට නො ගතයුතු ය.
3. දෙන්නන්ට දිය යුතු ය.
4. නො දෙන්නන්ට නො දිය යුතු ය.
5. දෙන්නන්ටත් නො දෙන්නන්ටත් දිය යුතු ය.
6. සුවසේ හිඳිය යුතු ය.
7. සුවසේ අනුභව කළ යුතු ය.
8. සුවසේ නිදිය යුතු ය.
9. ගිනි පිදිය යුතු ය.
10. ඇතුළත දෙවියන් පිදිය යුතු ය.
http://archives.dinamina.lk/2012/05/23/_art.asp?fn=a1205234&p=1
මේ පළමු සංවාදය බුදුරජාණන් වහන්සේ සිදු කරන විට කමල් වික්‍රමනායක මහතා සිටියානම් ඔහු කුමන අවබෝධයක් ගනීවිද? ත්‍රිපිටකය පෙරලන්න විදිහකුත් නැහැ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදීම, ඒකාලේ ඩික්ෂනරි හොයාගන්නත් අමාරුයි වචන වල තේරුම අල්ලාගෙන මොකක් හරි කියවන්න වත්.
කලින් සංවාද වල තේරුමත් පහලින් දාන්නම්
"අන්ධභූතෝ අයං ලෝකෝ..." ගාථාවේ නිධාන කතාව
නැවත බුදුරජාණන් වහන්සේ දැරිය අමතා, “ඔබ කොහිසිට ආයේ දැයි මා ඇසූ විට නොදනිමි කීවේ කුමක් නිසාද?”
“ස්වාමිනී, මා පෙහෙකම් ගෙදර සිට මෙහි ආ බව ඔබවහන්සේ දන්නේ ය. එහෙත් ඔබවහන්සේ මාවෙතින් විචාලේ කොතැනින් චුතව මෙහි උපන්නේදැයි මාගෙන්ම දැනගනු සඳහා ය. මා කොතැනින් චුතව මෙහි උපන්නේදැයි නොදන්නා නිසා නොදනිමි යයි පැවසිමී” පෙහෙකම් දැරිය පැවසුවාය.
“ඔබ නියම පිළිතුර සැපයූවා” යනුවෙන් පැවසූ බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.
“ඔබ කොතනක යන්නේදැයි ඇසුවීට නොදනිමි යයි පැවසුවේ මක්නිසාද? බුදුරජාණන් වහන්සේ අසා වදාළ සේක.”
“මා පෙහෙකම්හලට යන බව ඔබවහන්සේ දන්නේ ය. එහෙත් ඔබ වහන්සේ මගෙන් විචාලේ මේ භවයෙන් පසු නැවත කොතනක උපදනේද? යන්නයි. එය මා නොදන්නා බැවින් නොදනිමි ස්වාමීනි, යයි පැවසීමි” දැරිය පිළිතුරු දුන්නාය.
බුදුරජාණන් වහන්සේ එවරද සාධුකාර දුන් සේක. “මා තෙවන වර නොදන්නේදැයි ඇසූ විට “දනිමි”යයි පැවසුවේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ අසා වදාළ සේක. “මා මැරෙන බව දන්නා නිසා” දනිමි” යයි පැවසීමි” දැරිය පිළිතුරු දුන්නාය.
“මා සිව්වනවරට දන්නේදැයි ඇසූවිට නොදනිමි යයි පැවසුවේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ අසා වදාළ සේක. මා මැරෙන බව දන්නාමුත් කුමන දවසක කුමන මොහොතක මැරෙන්නේ දැයි නොදන්නා නිසා නොදනිමි යයි පැවසීමි”යි පෙහෙකම් දැරිය පැවසුවාය. එවරද බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.
රැස්ව සිටි පිරිස ඇමතූ බුදුරජාණන් වහන්සේ “යමකුට යමක් තේරුම් ගැනීමට නුවණැස නැත්නම් මසැස තිබුණේද ඔහු දෑස් නැති අන්ධයකු වැනිය. යමකුට පැණැස තිබුණේ නම් ඔහු නියම ඇස් ඇති අයෙකි.” යනුවෙන් අනියතය පාදකකොට ධර්ම දේශනා කළ සේක. මෙම දහම් ඇසූ පෙහෙකම් දැරිය සෝවාන් ඵලයට පත් වූවා ය.
http://www.lakehouse.lk/budusarana/2015/02/18/tmp.asp?ID=vision01
සාමණේර පඤ්හො (සාමණේර ප්‍රශ්නය)
01. ඒක නාම කිං? සබ්බෙ සත්තා ආහාරඨිතිකා.
එක නම් කිම? සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත්වන්නෝය.
02. ද්වෙනාම කිං? නාමඤ්ච රූපඤ්ව.
දෙක නම් කිම? නාම රූප දෙකය.
03. තීණි නාම කිං? තිස්සෝ වේදනා.
තුන නම් කිම? සුඛ, දුක්ඛ, උපේක්ෂා යන තුන් වේදනාවෝය.
04. චත්තාරි නාම කිං? චත්තාරි අරියසච්චානි.
සතර නම් කිම? දුක්ඛ, සමුදය, නිරෝධ, මර්ග යන සතර ආර්ය සත්‍යයෝය.
05. පඤ්ච නාම කිං? පඤ්චුපාදානක්ඛන්ධා.
පහ නම් කිම? රූප, වේදනා, සංඥා, සංඛර, විඥාන යන උපාදානස්කන්ධ පහය.
06. ජ නාම කිං? ජ අජ්ඣත්තිකානි ආයතනානි.
සය නම් කිම? ඇස, කන, නාසය, දිව, කය, මනස යන පංච කාමයන් කෙරෙහි වු ආයතන සයය.
07. සත්ත නම කිං? සත්ත බොජ්ඣංගා.
සත නම් කිම? සති, ධම්ම විචය, ප්‍රීති, වීරිය, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන බොධ්‍යංග සතය.
08. අට්ඨ නාම කිං? අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ.
අට නම් කිම? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයි,
09. නව නාම කිං? නව සත්තාවාසා.
නවය නම් කිම? නානත්තකායා, නානත්ත සඤ්ඤිය, නානත්තකායා ඒකත්ත කායානානත්ත සඤ්ඤිය, අසඤ්ඤිය, ආකාසානඤ්චායතනුපයය, විඤ්ඤානඤ්චායතනුපගය, ආකිඤ්ඤාණුයතනුපගය, නෙව විඤ්ඤානාසඤ්ඤායතනුපගය යන සත්වා වාස නවයය.
10. දස නාම කිං? දසභංගේහි සමන්නාගතෝ අරහති වුච්චතීති.
දහය නම් කිම? අසෙඛ සම්මා දිට්ඨි, අසෙඛ සම්මා සංකප්ප, අසෙඛ සම්මා වාචා, අසෙඛ සම්මා කම්මන්ත, අසෙඛ සම්මා ආජීව, අසෙඛ සම්මා වායම, අසෙඛ සම්මා සති, අසෙඛ සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළු අසෙඛ සම්මා ඥානය, අසෙඛ සම්මා විමුක්තිය යන අංග දහයෙන් යුත් වූයේ රහත් තෙමේ යයි කියනු ලැබේ.
විශාඛාවට ලැබුණු උපදෙස්
පතිකුලයට යන විශාඛාවට ධනංජය සිටුතුමා දුන් උපදෙස්
http://www.lakehouse.lk/budusarana/2014/04/07/PrintPage.asp?REF=vision02
“යමකුට යමක් තේරුම් ගැනීමට නුවණැස නැත්නම් මසැස තිබුණේද ඔහු දෑස් නැති අන්ධයකු වැනිය. යමකුට පැණැස තිබුණේ නම් ඔහු නියම ඇස් ඇති අයෙකි.”

I couldn't agree with you more